02/12/2025
ගංවතුරින් හානියට පත්වූ උපාංග වල දත්ත (DATA) ආරක්ෂා කර ගන්නේ කෙසේද?
1. ඔබගේ දත්ත අඩංගු පරිගණකයේ කැමරාවේ හෝ ජංගම දුරකතනයේ ජලය ඇති බවට ඔබ සැක කරන්නේ නම් හෝ ජලය ඇති බවට තහවුරු වේ නම් එය විදුලියට සම්බන්ධ කිරීමෙන් හෝ ක්‍රියාත්මක් කිරීමෙන් වළකින්න.
2. පළමුව ඒවා තුළ ඇති දත්ත ගබඩා කළ SD/MicroSD/Hard disk පරිස්සමින් ඉවත් කරන්න. Hard disk ආදී ඉවත් කිරීමේදී කාර්මික ශිල්පියෙකුගේ සහය අවශ්‍ය නම් එය ලබා ගන්න.
3. සමහර ලැප්ටොප් හෝ පරිගණක තුළ BitLocker ආරක්ෂිත ක්‍රමවේදය යොදා ඇත. එසේ යෙදූ පරිගණක තුලින් Hard disk ඉවත්කිරීමේදී, ඒ සඳහා දැනුමක් ඇති අයෙකුගේ උපදෙස් හෝ උදව් ලබාගන්න.
------ ඔබ සතුව ඇති දත්ත වැදගත් නම් පහත උපදෙස් පිලිපදින්න -----
1. Micro SD / SD card (Monolith type - සියලුම උපාංග තනි චිපයක් තුළ අන්තර්ගත කර ඇති)
මෙම වර්ගයට ජලයට ඔරොත්තු දීමේ හැකියාවක් ඇත. ජලය අභ්‍යන්තර පරිපථ වලට ගමන් නොකරන බැවින් හානියක් සිදු නොවන තරම් ය.
පළමුව පිරිසුදු ජලයෙන් සෝදා වියළුණු පසු Isopropyl alcohol ස්වල්පයක් ගෙන පිස දමා හොඳින් වියලුනු පසු පරිගණකයට සම්බන්ධ කර - ලැබෙන මුල් අවස්ථාවේම DATA වෙනත් තැනක ගබඩා කරන්න.
සම්බන්ධවන pin දුර්වර්ණ වී ඇත්නම් rubber eraser එකක් ආධාරයෙන් එය පිරිසිදු කරන්න.
සම්බන්ධවන pin දිරා යාමක් හෝ කැඩී ඇත්නම්/ ක්‍රියාකාරී තත්වයේ නැත්නම්, ඒ සඳහා සුදුසුකම් ඇති සේවා ස්ථානයක සේවාව ලබා ගන්න.
2. CF / M.2 / SSD /MAG / SD card (SMT)
මෙම උපාංගවලට ජලයට ඔරොත්තු දීමේ යම් හැකියාවක් තිබුණත් හානි වීමේ ඉඩකඩ වැඩිය. එබැවින් මෙවැනි උපාංගයක් සම්බන්ද කිරීමට පෙර අභ්‍යන්තරයේ ඇති component පරීක්ෂා කළ යුතු බැවින් ඒ සඳහා පහසුකම් ඇති සේවා ස්ථානයක සේවාව ලබා ගැනීම යෝග්‍ය වේ.
මේවායේ ඇති model, part number ආදිය සඳහන් label ආරක්ෂාකර ගැනීම හෝ ඡායාරූපයක් ළඟ තබා ගැනීම වැදගත්ය.
එම උපාංග වල ඇත්තේ අත්‍යවශ්‍යම නොවන යම් අඩු වටිනාකමක් ඇති දත්ත නම් අංක 1 හි දක්වා ඇති ආකාරයට පිරිසුදුකර පරිගණකයට සම්බන්ධ කරන්න. ලැබෙන මුල්ම අවස්ථාවේ දත්ත වෙනත් device එකකට copy කරන්න. සමහර විට දෙවන අවස්ථාවක් නැති වෙන්න පුළුවන්.
3. Rotational Hard drive / Rotational Mobile Hard drive
මේවායේ දත්ත ගබඩා වන්නේ අභ්‍යන්තරයේ ඇති ඉතා සංවේදී තැටි (platters) මතය. එම කොටස සම්පූර්ණ සම්පූර්ණයෙන්ම seal කර ඇති අතර HEPA filter සහිත breath hole බාහිර ලෝකයේ වාතය හා සම්බන්ධ වේ.
එහා මෙහා ගමන් කරන්නා වූ Read /Write Heads ආධාරයෙන්, platters වල ඇති දත්ත කියවනු ලැබේ.(Magnet reading system) මෙම platters හා Read/Write heads කිසි ලෙසකින්වත් එකිනෙකට touch නොවන්නේ බාහිරින් ගන්නා වාතයේ පීඩනය මගිනි. යම් අයුරකින් එසේ touch වුවහොත්, එක මොහොතකින් platters වල ඇති දත්ත විනාශ වේ.
යම් අයුරකින් මෙම breath hole තුල ඇති Filters අවහිර වන ලෙස ජලය හෝ මඩ ආදිය තැන්පත් වුවහොත්, ඇතුලෙ අවශ්‍ය පීඩනය නොමැතිව Heads/platters හානිවීමට ඉඩ ඇත.
එමෙන්ම යම් කෙටි කාලයක් අභ්‍යන්තරයට වතුර නොයා රඳවාගැනීමට මෙම seal වලට හැකි වුවත් ජලයේ පීඩනය අඩු වැඩි වීම මත එම කාලය රඳා පවතී.
සමහර විට breath hole තුළින් දිගු වේලාවකට පසුව මඩ මිශ්‍ර ජලය ඇතුළට ගමන් කළ හැකිය. එමෙන්ම ජලයෙහි දවසක් දෙකක් පැවතීමෙන් platters සහ read/write heads මත ජල වාෂ්ප තැන්පත් විය හැකිය. එබැවින් මේවායේ ඇති දත්ත වැදගත් නම් කිසි ලෙසකවත් එයට විදුලි බලය ලබා දෙන්න එපා.
ඒ වගේම ඇතුළට වතුර ගිහිල්ලද කියලා පරීක්ෂා කරන්න platters ඇති Chamber කොටස විවෘත නොකරන්න. එම කොටස විවෘත කළ හැක්කේ විශේෂිත වූ (class 100 cleanroom) පසුබිමක් තුළ පමණි. එමෙන්ම පියන ගැලවීමේදී ඒ ආසන්නයේ ඇති කුඩා දූවිලි අංශු මගින් platters වලට හානි සිදුවිය හැකිය.
ඇතුලෙහි කුමන ආකාරයක හෝ මඩ හෝ ජලය රැඳී තිබුණත්, ඔබ ඉහත උපදෙස් අනුගමනය කළොත්, තාමත් ඒවායේ දත්ත ලබාගැනීමට අවස්ථාව ඇත. ඒ සඳහා සුදුසු ආයතනයක සේවාව ලබා ගන්න.
එමෙන්ම එහි original Mother board කොටස කුමණ ආකාරයෙන් හානි වී තිබුණත් එය Data Recovery සඳහා ඉතා වැදගත්ය. එමෙන්ම එහි ඇති Label ඉතා වැදගත්ය. එමෙන්ම කල් යාමේදී platters මත පුස් හෝ දිලීර වර්ධනය විය හැකි එබැවින් ඒ සඳහා ඉක්මන් විසඳුමක් ලබාගන්න.
ඉතා වැදගත් දත්ත ඒ තුළ නොමැති නම් යම් දළ වටිනාකමක් ඇති දත්ත ඇත්නම්, ඇතුලෙහි ජලය නැති බව ඔබ සිතන්නේ නම් , අංක 1 එකෙහි සඳහන් කළ ආකාරයට, PCB හොඳින් පිරිසිදු කර පරිගණකයට සම්බන්ධ කරන්න. එමෙන්ම ලැබෙන මුල් අවස්ථාවේම වෙනත් Device එකකට Data copy කරගන්න.
ඉතා වැදගත් - යම් අයුරකින් පිරිසිදු කිරීමෙන් අනතුරුව ඉහත උපාංග ක්‍රියාකාරී මට්ටමකට පැමිණියත්, පසුව දත්ත ගබඩා කිරීම සම්බන්ධව ඔබ දෙවරක් සිතිය යුතුය.
මේ සම්බන්ධව යම් උපදේශයක් අවශ්‍යයි නම් පහත සඳහන් කර ඇති වට්ස්ඇප් අංකයට පණිවිඩයක් තබන්න.
077 305 44 99
Dananjaya Gamlath
(Visual Image Data Recovery Lab)