30/05/2023
📣 ඔයාගේ යල් පැනපු Restaurant System එක iRest එක්ක Upgrade කරගන්න! 🚀
පරණ system එකක් එක්ක ඔයා තවමත් ඔයාගේ Restaurant එකේ වැඩ ටික කරගන්න පොර බදනවද? මේ නිසා ඔයා එදිනෙදා මුහුණ දෙන අපහසුතා අපට වටහාගන්න පුළුවන්. ඒකට Solution එකක් විදියට තමයි අපි iRest හඳුන්වා දෙන්නෙ 💪
⚠️ දැනට තියෙන System එක ඔයාගේ ඒ කාලේ අවශ්‍යතා ටික සම්පූර්ණ කළා කියලා අපි දන්නවා. ඒත් ඒ කතාව තවමත් වලංගුද? දැන් ඔයාගේ Restaurant එකට දවසකට Customers ලා ගොඩක් එනවා. Sales ගොඩක් සිද්ද වෙනවා. ඔයාගේ Restaurant එක Expand වෙලා. සමහර විට ඔයාගේ Restaurant එකේ Branches කීපයක් ඇති.
ඒත් ඒ විදියට Restaurant එක Upgrade වුණත් තවම System එක Upgrade වෙලා නැති නිසා ඔයාට මේ කියන ප්‍රශ්නවලට මුහුණ දෙන්න වෙලා නේද?
🔹 අවිධිමත්, අකාර්‍යක්ෂම සහ මන්දගාමී සේවය: ඔයාගේ පරණ POS system එකෙන් කාර්‍යබහුල වෙලාවට ඉක්මනින් වැඩ ටික කරගන්න බැරි වෙලා. Items ටික load වෙන්න, සල්ලි අරන් බිල දාගන්න ගොඩක් වෙලා යනවා. සමහර විට ඔයා use කරන්නෙ online POS එකක් නම් internet නැති වෙලාවට වැඩ කරගන්නත් බැරි වෙලා.
🔹 සේවය ගැන customersලා අතෘප්තිමත් වීම: යල් පැන ගියපු තාක්ෂණය නිසා හරියට වැඩ ටික වේගයෙන් කරගන්න බැරි වෙලා customersලා පෝලිමේ. මේ කාලේ පෝලිම්වල ඉන්න කවුද කැමති? Restaurant එක ගැන customerගේ හිතේ තියෙන්නෙ හොඳ හැඟීමක් නෙමේ.
🔹 KOT, BOT පහසුකම නැති වීම: මේ නිසා kitchen එකට order එක යවන්නෙ කොළේක ලියලා. තව අමතර වෙලාවක්... ඒ මදිවට වැරදි orders වැටිලා.
🔹 Stock එක හරියට manage කරගත නොහැකි වීම: පරණ system එකෙන් stock එක හරියට කළමණාකරණය කරගන්න එක නරක හීනයක් වගේ. Stock තියෙන ඒවා නෑ කියලා පෙන්නනවා. නැති ඒවා තියෙනවා කියලා පෙන්නනවා. Stock Issue (අනිත් branches or departments වලට), Stock Returns, Stock Waste නෑ. හරියට මොකද වුණේ බලාගන්න reports නෑ. GRN, Purchase Orders, Request Notes දාගන්න එකත් අවුල්. Recipes ටික, Productions ටික manage කරගන්න විදියක් නෑ. ඒ අතරතුර තමන් යටතේ වැඩ කරන අය stock එකෙන් බඩු ගන්නවද කියලත් සැකයි. බොරු සැක පිට අහන්නත් බෑ. ලොකු අවුලක හිර වෙලා.
🔹 සීමිත Reports සහ Insights: ඔයාගේ අලුත් අවශ්‍යතා එක්ක, update නොවුණ පරණ reports ටික නිසා restaurant එක ගැන, restaurant එකේ අනාගතය ගැන තීරණ ගන්න අමාරුයි. Sales reports, Stock reports, User activity log වගේ reports, up-to-date data නැතුව restaurant එක ඊළඟ level එකට ගෙනියන්නෙ කොහොමද වගේ ප්‍රශ්න ඔයාට දැනටමත් තියෙනවා.
🔹 Manual workload: ඔයා system එකේ data, excel sheet එකකට අරන් ඔයාට ඕනේ reports ටික හදාගන්න අමතර කාලයක්, ශ්‍රමයක් වෙන් කරන්න වෙලා. සමහර වෙලාවට අගයන් වරදිනවා. මාසෙට වෙනම දවසක් වෙන් කරගෙන reports හදලා accounting එහෙම කරන්න වෙලා. Stock අඩු වැඩි වෙන ඒවා, issue, return, waste වගේ ඒවා, recipes හදනකොට, production කරනකොට stock එක වෙනස් වෙන ඒවා එහෙම අතින්ම කරන්න වෙලා.
🔹 නිතර වෙනස් වෙන menu එක: මේ දවස්වල රටේ තත්ත්වයත් එක්ක ඔයාගේ menu items සහ prices නිතර නිතර වෙනස් වෙනවා. ඒ වෙනස් වෙන හැම වතාවකම menu එක update කරන එක, ආයේ ආයේ print කරන එක හරිම කරදරයක්. කාලය සහ මුදල් ගොඩක් නාස්ති වෙනවා.
🔹 Restaurant එකේ අවශ්‍යතා අනුව system එක update නොවීම: Restaurant එක අලුත් වෙන්න අලුත් වෙන්න system එකත් අලුත් වෙන්න ඕනෙ. නැතිනම් පරණ විදියටම දුවන්න ගියපුවම කාලය සහ ශ්‍රමය දෙකම අපතේ යන්න පුළුවන්. Business එකකදි කාලය කියන්නෙම සල්ලි.
🔹 අලුත් system එකකට මාරු වෙද්දි පරණ data නැති වීම: අලුත් system එකක් දාගත්තොත් මගේ පරණ data වලට මොකද වෙන්නෙ? මේක ඔයාට තියෙන ලොකුම ප්‍රශ්නයක් නේද? ඒ data නැති වෙයි කියලා ඔයාගේ හිතේ බයක් තියෙනවා. ඉතින් ඔයා වෙන system එකකට යන්න ඕනෙ වුණත් දෙපාරක් හිතනවා.
🔹 System develop කරපු අයගේ අසතුටුදායක සේවය: ඔයාගේ දැන් තියෙන system එක දුන්නු අය (developersලා) කාලයක් යනකොට calls answer කරන්නෙ නෑ. ඔයාට ඕනේ පොඩි change එකක්වත් කරලා දෙන්නෙ නෑ. අවශ්‍ය විදියට reports හදලා දෙන්නෙ නෑ. Errors, bugs ආවම හදලා දෙන්නෙ නෑ. වැඩක් කරගන්න වැඳ වැටෙන්න ඕනෙ.
✅ ඒත් දැන් ඔබේ මේ සියලුම ප්‍රශ්න වලට විසඳුම් iRest මඟින් අපි ලබා දෙනවා.
🚀 විධිමත්, කාර්‍යක්ෂම සහ වේගවත් සේවය: අපි ලබාදෙන iRest system එක hybrid විදියට තමා වැඩ කරන්නෙ. ඒ කියන්නෙ iRest POS එක desktop version එකක් නිසා internet නැති වුණ වෙලාවක වුණත් උපරිම වේගයෙන් හිර නොවී වැඩ කරනවා. ඒත් එක්කම internet connect වුණ ගමන් data ටික server එකට upload වෙන නිසා කවදාහරි computer එක කැඩුණත් data නැති වෙයි කියලා බය වෙන්න දෙයක් නෑ.
😃 තෘප්තිමත් පාරිභෝගික සේවය: system එක වේගයෙන් වැඩ කරන නිසාත් ඔයාටම ගැලපෙන විදියට ලේසියෙන් භාවිතා කරන්න හදලා තියෙන නිසාත් customersලට වේගයෙන් හොඳම සේවයක් සපයන්න ඔයාට පුළුවන්. හොඳ සේවයක් සපයනවා කියන්නේ loyal customer base එකක් හැදෙනවා කියන එක.
📄 KOT/BOT පහසුකම නිසා order එක දාන වෙලාවෙම ඒ order එකට අදාළ ticket එක kitchen printer එකෙන් print වෙනවා. කොළවල ලියලා kitchen එකට අරන් යන එක සහ orders මාරු වෙන හෝ නැති වෙන එක ගැන worry වෙන්න දෙයක් ඇත්තෙම නෑ. ඒ වගේම table base විදියට orders දාන්න පුළුවන් නිසා ඔයාට අති විශිෂ්ට සේවයක් customersලට දෙන්න පුළුවන්.
📈 විධිමත් විදියට Stock Manage කිරිමට හැකිවීම: නරක හීනවලට සමුදෙන්න. iRest system එකෙන් දෙන stock management පහසුකම නිසා ඔයාට GRN, Purchase Orders, Request Notes, Item issues, returns, waste වගේ හැම දෙයක්ම ලේසියෙන්ම පාලනය කරගන්න පුළුවන්. ඒ වගේම Recipe management සහ Production management කොටසින් ඔයාට පුළුවන් ඔයාගේ restaurant එකේ recipes ටික හදද්දි stock එකෙන් කොච්චර raw items ප්‍රමාණයක් අඩු වෙනවද කියලා හරියටම බලාගන්න. Stock එකෙන් ඔයා නොදැනුවත්ව raw items අඩු වෙනවද කියලා බලාගන්නත් මේකෙන් පුළුවන්. බොරුවට හිතේ අවුල් තියාගෙන වද විඳින්න අවශ්‍ය නෑ.
📊 තීරණ ගතහැකි Reports සහ Insights: up-to-date data ඇතුව ඔයාට ඔයාගේ restaurant එකේ reports බලන්න iRest මඟින් අපි අවස්ථාව සලසලා තියෙනවා. ඕනෙම තැනක ඉඳලා Phone එකෙන් වුණත් ඔයාට reports ලේසියෙන්ම බලන්න පුළුවන්. ඒ වගේම ඔයාට branches හෝ departments ගොඩක් තියෙනවා නම් ඒ හැම එකකම data එකම තැනකින් පහසුවෙන්ම සහ ඉක්මනින්ම බලාගන්න පුළුවන්. Sales Reports, Stock Reports, User Access Log Report වගේ ඔයාට අනාගත තීරණ ගන්න ගොඩක් වැදගත් වෙන reports අපි iRest මඟින් ලබා දීලා තියෙනවා. Customized reports ඕනේ නම් අපිට කියලා ඒ අවශ්‍ය reports හදාගන්නත් ඔයාට අනගි අවස්ථාවක් ලබා දීලා තියෙනවා.
💡 අඩු මහන්සියක් සමඟ වැඩි වැඩ ප්‍රමාණයක්: Manual හදන reports එහෙම auto generate වෙනවා නම් ඔයාට කොච්චර වෙලාවක් ඉතිරි වෙනවද? ඒ වගේම ඔයාට අවශ්‍ය නම් අපේ accounting system එක පාවිච්චි කරලා ඔයාගේ accounting වැඩ ටිකත් ලේසියෙන්ම කරගන්න පුළුවන්.
📱Smart QR menu: අපි ඔයාට iRest system එකේ අමතර feature එකක් විදියට smart QR menu පහසුකම ලබාදෙන්නෙ ඔයාගේ restaurant එකේ menu එක නිතරම update කරන එක ඔයාට කරදරයක් නිසා. දැන් කාලේ හැමෝම ළඟ smart phone එකක් තියෙනවා. ඔයාගේ tables වල තියෙන QR code එකක් scan කරලා customersලගේ phone එකටම menu එක ගන්න පුළුවන් නම් ඒක ඔයාට වගේම customerටත් පහසුවක්. ඔයාට Menu එකේ items, prices update කරන්න වගේම today special, special offers එහෙම පෙන්නන්නත් මේක ගොඩක් පහසු විදියක්. ඒ වගේම දැන් තියෙන තරඟකාරී digital ලෝකයේ ඔයාගේ restaurant එක smart විදියට ඉස්සරහින් තියන්නත් Smart QR menu එක උදව් වෙනවා.
💻 අලුත්ම තාක්ෂණය එක්ක නිතරම update වෙන system එකක් වීම: iRest කියන්නේ ඔයාගේ වැඩ ලේසි කරන්න හදපු system එකක්. මේක නිතර නිතර ඔයාගේ අලුත් අවශ්‍යතා එක්ක update වෙනවා. හැමදාම පරණ system එකක් තියාගෙන ඒකට ඕනෙ විදියට වැඩ නොකර ඔයාගේ restaurant එකේ විදියට update වෙන system එකක් එක්ක restaurant එක ඉහළම තැනකට ගෙනියන්න අපි ඔයාට උදව් කරනවා. මොකද iRest මඟින් ඔයාගේ දියුණුව තමයි අපි බලාපොරොත්තු වෙන්නෙ.
📒 අලුත් system එකටත් පරණ data: ඔයාගේ පරණ data නැති වෙයි කියලා කිසිම බයක් තියාගන්න අවශ්‍ය නෑ. අපි ඔයාගේ පරණ data ඒ විදියටම iRest එකට ඇතුල් කරලා දෙනවා. ඔයාට ඒ පරණ data වලින් reports එහෙමත් බලන්න පුළුවන් iRest එක හරහා.
👨💼 24/7 customer service: iRest කියන්නෙ Introps Technologies අපේ product එකක්. අපි අපේ products, software systems, websites ගැන 100% ක වගකීමක් ගන්නවා. ඔයාට සේවය සපයන්න අපි 24/7 ලෑස්තියි. ලංකාවේ වගේම ලංකාවෙන් පිට clientsලා සිය ගණනකට අපි අපේ සේවය ලබා දෙනවා. iRest එක්ක තමන්ගේ Business එක ඊළඟ level එකට අරන් ගිය Restaurants අතරෙන් The Bake House Kandy, Oneclick café Kandy, Dad’s Holiday Home Matale සහ Pool Eatz Thalawathugoda හොඳම උදාහරණ කිහිපයක්.
ඉතින් ඔයත් ඔයාගේ Restaurant එකේ system change කරලා Restaurant එක Next Level එකට ගෙනියන්න ලෑස්තියිද ?
එහෙම නම් දැන්ම 0711500200 සම්බන්ද කරගෙන iRest එක්ක ඔයාගේ Restaurant එක තවත් දියුණු කරගන්නේ කොහොමද කියලා දැනගන්න.
Call – 071 150 0200
WhatsApp - 0769202667