26/12/2020
◾️අද අපි ඔයාලට කියලා දෙන්න යන්නේ මොනවද මේ ONLINE UPS /OFFLINE UPS සහ ඇයි පරිඝණකයට UPS එකක් අවශ්‍ය කියලා?
◾️අපි හැමෝම බාවිත කරන UPS (Uninterrupted Power Supply) යන නමින් හදුන්වයි. මෙය අපි කෙටි කරලා වචන තුනේ මුල් අකුරු ටිකෙන් UPS නම සම්මත වචනයක් විදිහට භාවිත කරනවා, දැන් කාගෙන් හරි ඇහුවොත් ඇයි අපි UPS එකක් පාවිච්චි කරන්නෙ කියලා, එයා ගත් කටටම කියයි, කරට් එක ගියපු වෙලාවට පරිගණකය අකන්ඩව පවත්වාගන්නට. ඔව් ඇත්ත, මෙහිදී සුදුවන්නේ, අපි පරිගණකය භාවිත කරමින් සිටින අතර තුර, විදුලි ඇනහිටීම් වෙනවා කියන අය කියන්නත් දෙයක් නෙවෙයි. මේ වගේ වෙලාවකදී අපි UPS එකක් භාවිත නොකලොත් අපේ පරිගණකය පෙර දැනුම් දීමකින් තොරව Off වෙනවා, මේ වෙලාවට අපි UPS එකක් භාවිත කලොත් විදුලි ඇනහිටීමකදී අපේ UPS එක විදුලි ප්‍රභවයක් ලෙස ක්‍රියාකරමින් අපගේ පරිගණයේ අපි කරන ක්‍රියාවලිය නොනැසී ඉදිරියටත් පවත්වාගෙන යෑමට උදවු වේවි. ඉතිං අපි මේ භාවිත කරන UPA තාක්ෂණය පැත්තෙන් ගත්තොත්, මේවගෙ වර්ග දෙකක් තියෙනවා, ඒ තමයි
1. On Line UPS (On Line Uninterrupted Power Supply)
2. Off Line UPS (Off Line Uninterrupted Power Supply)
◾️මෙම UPS වර්ග දෙක ප්‍රධාන වශයෙන් එකි නෙක සමග වෙනස් වන්නේ, මෙහි විදුලි ඇනහිටීමකදී පරිගණකය වෙත විදුලිය ලබාදීමට ගන වන කාලය අනුව, මේවායින් Off Line UPS එකක් අපි භාවිත කරන විට යම් මොහොතක විදුලි අනහිටීමක් සිදු උවහොත්, Off Line UPS සිට පරිගණකය වෙත විදුලිය ලබා දීමට තත්තරයෙන් 0.1 (Second) ගතවෙනවා, හ්ම්, මෙහෙම උනාම කවුරුහරි අහයි. එතකොට පරිගණකය ක්‍රියා විරහිත වෙනවනෙ කියලා. නැ එහෙම වෙන්නෙ නැ, එහෙම නොනැසී බාවිත කිරීමට අපේ පරිගනකට සම්බන්ධ කරලා තියෙන Power Supply එකෙහි අඩංගු වන ධාරිත්‍රක දෙකහි එවකට අරෝපිත විදුලි ප්‍රමාණයන උපයෝගී කරගනී. ඒ නිසාවෙන් අකන්ඩව ක්‍රයාවලිය සිදු කරගත හැකියි. ඒ වගේම ඉහතින් සටහන් කල On Line UPS සතු ප්‍රධාන ගුනාංගය වන්නේ, මෙහිදී UPS එකේ සිට පරිගණකය වෙත විදුලිය ලබාදීමට අමතර කාලයක් ගත නොවීමයි. තප්පරයෙන් 0.1ක් වත් ගත වෙන්නෙ නෑ. මෙම UPS වර්ග සාමාන්‍යෙන් අපි ගෙදර දොර භාවිත කිරීමට නොගනී, ඒ මෙහි වටිනාකම ඉහලයි, මෙය මහාපරිමාන සමාගම් වල භාවිත කරයි. අපගේ ගෙදර දොර භාවිතය සදහා අපි යොදාගන්නෙ Off Line UPS එකක්ය. මෙය මිලෙන් අඩු බැවිනි.
◾️ඔබ UPS එකක් බාවිත නොකලොත්, ඔබේ පරිණකයට හානි විය හැකි බවත් ඔබ දන්නවාද? අප රටේ ක්ෂනික විදුලි බිදවැටීම් නරන්තරයෙන් සිදු වෙනවා, එහිදී විදුලිය විසන්දි වූ විගස නැවතත් විදුලිය පැමිනෙන අවස්ථා බහුලයි, මෙවන් අවස්ථාවලදී විදුලි ධාරිථාවය Over Load උවහොත්, එය අපේ පරිගණකයට හානි කරයි. මෙය ප්‍රධානය බලපාන්නේ පරිගණකයේ Hard Disk එක සහ Motherboard එකයට, කනට ගහලා ගියා වගේ තමයි. බොහෝ විට මෙයින් එක් උපාංගයක් බාවිතයෙන් ඉවත් කිරීමට සිදු වෙනවා.
◾️UPS එකකින් ප්‍රධාන වශයෙන් ඉටු කරන ක්‍රියාවලි හතරක් තිබෙනවා, ඒ ගැන ඔබ දැනුවත්ද?
◾️ප්‍රධාන වශයෙන්ම විදුලි ඇනහිටීමකදී විදුලි ප්‍රභවයක් ලෙස ක්‍රියාකරයි.
◾️මේ වගේම වෝල්ටීයතා ස්ථායිකරණයක්ද මෙමගින් සිදු කර දීමට සමත් වේ.
◾️සංඛ්‍යාත ස්ථායිකරණයක්ද ලෙසද ක්‍රියා කරයි.
◾️ විදුලි සැපයුම විසන්දු වූ විට, අපි නිරතව සිටි ක්‍රියාකරකම් Save කිරීමට හැකි වීම සහ Shut down කරගැනීමට හැකි වීම විශේෂයි.
◾️දැන් අපි පහලින් කතා කරමු අපගේ UPS එක වැඩි කාලයක් භාවිත කිරීමට නම් අපි අනුගමණය කල යුතු ක්‍රයාමාර්ග මොනවද කියලා
1. පලමුවෙන්ම කියන්න ඕනෙ මෙන්න මෙන්න මේ දේ, ඔබ ප්‍රථම වතාවට UPS එකක් මිලදී ගත් විට, එක භාවිතයට කලින් පැය 12ක් පමණ ආරෝපණ ගැන්වීම අනිවාර්ය ක්‍රියාවකි.
2. UPS එකෙහි විදුලි සැපයුම් කේබලයෙහි තිබෙන පේනු තුනම විදුලි සැපයුමට සම්බන්ධ වල අයුරික් සකස් කල යුතියි. (Live, Neutrel, Earth (UPS එකක් බාවිත කරන බොහෝ දෙනා, මෙම Earth අග්‍රය ගැන එතරම් සලකිල්ලක් නොදක්වයි. මේ නිසාවෙන් Monitor එක සහ CPU එකද Earth අග්‍රය සම්බන්ධවී නොමැත. මෙවැනි වෙලාවක, SU එක අල්ලන කෙනෙකුට විදුරි සැර වැදීමට පුළුවන, ඒ වගේම පරිගණකයේ RAM සහ CPU එකටද අභ්‍යන්තර වශයෙන් හානි විය හැකියි.
3. පරීගණකය Shut Down කල විගස, USP එකට ලැබෙන විදුලි සැපයුම අත්හිටු නොකරන්න, විදුලි සැපයුම දිගටම ලැබාදෙන්න. එහිදී මෙහි තිබෙන බැටරිය හොදින් ආරෝපනය වනු ඇත.
4. විදුලි විසන්දිවීමකදී ඔබ පරිගණකයේ ක්‍රියාත්මක කර තිබුනොත්, අදාලා ක්‍රියාකරකම් ඉක්මනින් Save කර තබා, පරිගණකය Shut Down කරන්න. ඔබ විදුලිය නොමැති විටත් USP එකෙන් වැඩි භාවිතක් ලබා ගතහොත්, මෙහි තිබෙන විදුලිය නිතර නිතර ශූන්‍ය තත්වයට පැමිනේ. එහිදී මෙහි තිබෙන බැටරිය කෙටි කලකින් සම්පූර්ණයෙක් අක්‍රීය වීමට පුළුවන.
5. ඔබ සතුව ලේසර් ප්‍රින්ටර් එකක් තිබෙනවානම්, කිසිම විටක එයට UPS එක හරහා විදුලිය ලබා නොදෙන්න (Laser Printer එකක් ක්‍රියාත්මක වීමේදී විශාල විදුලි ප්‍රමාණයක් ලබාගැනීම නිසා UPS එක කෙටි කලක් තුල අඩපන විය හැක.
6. UPS එක මොනිටර් එක ආසන්නයේ නොතබන්න, සෑම වෙලාවටම UPS එක පරිගණකයේ මේසයට පහලින් තබා ගන්න, එහෙත් ජයල වැනි දෑ මෙය මත පතිත නොවීමට වග බලාගන්න. ( UPS එක Monitor එක ආසන්නයේ තැබුවහොත්, මෙමගින් ප්‍රේරණය වල චුම්භක ක්ෂේත්‍රයේ බලපෑමික් නිසා පරිගණක තිරයේ දෙදරන ස්වාභාවියක් ඇති විය හැකිය.
⭕️ ගොඩක් දෙනෙක් කරන වැරැද්දක් තමයි වැඩිපුර පවර් එක ඉල්ලන ටිකක් හොද Graphic Card එකක් එක්ක Pc එකක් හදලා 650VA UPS එකක් පාවිච්චි කරන එක. මේකෙන් ඔයාගෙ Pc එකට අවශ්‍ය විදුලි සැපයුම ලැබෙන්නෙ නෑ. ඒ නිසා නිතරම Display Off වෙන ප්‍රශ්න එන්න පුලුවන්. ඒ වගේම ඔයාගෙ Pc එකට බලපෑමක් වෙන්න පුලුවන්. 650VA UPS එකක් බොහෝ දුරට ගැලපෙන්නෙ සාමාන්‍ය වැඩ වලට Use කරන Normal Pc එකකට. ඒ නිසා හොදම දේ තමයි 1200VA Ups එකකට යන එක 😃
ඉහතින් විස්තර කල කරුණු අනුව ඔබ UPS එක භාවිත කලොත්, ඔබට වැඩි කාලයක් USP එක බාවිත කිරීමේ හැකියාවක් තිබෙනවා. ඒ වගේම වැසි වෙලාවට UPS එක On කර නොතබන්න (ඔබේ පරිගනකයත්),
◾️UPS PRICES
◽️OFFLINE UPS
⭕️PROLINK 650VA UPS Rs.5,400✔️
⭕️PROLINK 1200VA UPS Rs.10,500✔️
⭕️PROLINK PRO2000SFC 2KVA UPS Rs.25,500✔️
◽️ONLINE UPS
⭕️PROLINK PRO901WS 1KVA Online UPS Rs.36,500✔️
⭕️PROLINK PRO902WS 2KVA Online UPS Rs.64,000✔️
⭕️PROLINK PRO903WS 3KV Online UPS Rs.75,000✔️
⭕️PROLINK PRO906WS 6KVA Online Rs.168,000✔️
🎖02 YEARS WARRANTY
✅ Delivery Available
✅ 075 2222977
ඉතින් මේවගේ අලුත් දේවල් දැනගැනීමට අපේ Facebook පිටුව like කරන්න.
තව කෙනෙක්ට දැනගැනීමට Share කරන්න
(විස්තර උපුටාගැනීමකි - Chama's)