Amazing World Daily

Amazing World Daily Daily drops of amazement from every corner of the world 🌍✔️
🟢 Facts • Nature • Wonders • Mystery • Life 🟢 "එන්න, සැරිසරන්න"

Discover unbelievable facts, rare knowledge, hidden places, and mind-blowing stories from around the globe — updated daily.

පරිස්සමෙන් ඉන්න හැමෝම 🙏
27/11/2025

පරිස්සමෙන් ඉන්න හැමෝම 🙏

ආසියාවේ ශක්තිමත්ම බලවතෙකු ලෙස හඳුන්වන අසල්වැසි ඉන්දියාවේ සැඟවුන යුධ ශක්තිය ඔබ හිතනවාටත් වඩා ගොඩක් ඉහලයි.අපි බලමු අපේ අසල...
27/11/2025

ආසියාවේ ශක්තිමත්ම බලවතෙකු ලෙස හඳුන්වන අසල්වැසි ඉන්දියාවේ සැඟවුන යුධ ශක්තිය ඔබ හිතනවාටත් වඩා ගොඩක් ඉහලයි.අපි බලමු අපේ අසල්වැසියාගේ යුධමය ශක්තිය ගැන කෙටියෙන්

☑️ ලෝකෙන්ම 4

ඉන්දියාව Global fire power 2025 දර්ශකයේ ලෝකෙන්ම 4 වෙනි ස්ථානයේ රැඳී සිටිනවා.
සක්‍රීය යුධ හමුදා සාමාජිකයන් මිලියන 1.45කට හා හදිසි කැඳවීම් ලඳ අවස්තාවකදී එක් වීමට ලක්ශ 960 000 කට වැඩි සූදානම් කරන ලද පිරිස් බලයකින් බලසම්පන්නයි.
ඒ වගේම චීනයට පසු මුලු ආසියාවේම යුධ වලවතා වන්නේද ඉන්දියාවයි.
25-26 අවුරුදු වල ඉන්දියාවේ යුධ අයවැය වෙන් කිරීම ඩොලර් බිලියන 78.8 ක තරම් ඉහල අගයක් ගන්නවා.එය ශ්‍රී ලංකා රජයේ මුලු අයවැයටත් වඩා ඉතා ඉහල අගයක්.

☑️ පාබළ යුධ ශක්තිය

ඉන්දියාවේ ප්‍රධාන යුද ටැංකිය වන්නේ T-90 Bhishma ටැංකියයි.ඒ හා ඉන්දියාවේ නිශ්පාදිත Arjun MBT ටැංකියද ඇතුළුව 4000කට වැඩි යුධ ටැංකි බලයකින් ඉන්දියාව බලවත් වෙනවා.ඉන්දියාවේ නිශ්පාදිත Pinaka Multi-Barrel Rocket System වැනි රොකට් ෆයර් පවර් එකක් හා Howitzers (155mm) වැනි 3000කට වැඩි කාලතුවක්කු බලයකින් හෙබියි.

ලොව විශාලතම කඳුකර යුධ බළකාය මෙන්ම PARA Special force ,Ghatak ,MARCOS වැනි බළකායන් අධි අවදානම් පාබළ මෙහෙයුම් ක්‍රියාත්මක කරයි.

එමෙන්ම BrahMos cruise missile (supersonic, extremely accurate) , Pralay tactical missile , Agni series වැනි මිසයිල ප්‍රහාරක පද්ධතියකින් මෙන්ම Indigenous Ballistic Missile Defence (BMD) System (long range ballestic + short to medium range) ,රුසියාවේ නිෂ්පාදිත S-400 (longrange shield) , Barak-8 (medium-range shield), Akash (short-range shield) වැනි මිසයිල ආරක්ශක පද්ධති කිහිපයකින් ඉන්දියානු ගුවන් තලය හා භූමියේ ආරක්ශාව සහතික කිරීමට සමත් වෙනවා.

☑️ නාවික යුධ බලය

INS Vikramaditya,INS Vikrant (Made in India) යන සුවිසල් ගුවන් යානා ප්‍රවාහක නැව් දෙකකින් සමන්විතයි.
INS Arihant (SSBN) , INS Arighat (SSBN) යන Submarine Launched Ballistic Missiles ගෙනයන න්‍යෂ්ටික සබ්මැරීන හා තවත් සබ්මැරීන 17කින් සමන්විතයි

එමෙන්ම බලවත් Guided Missile Destroyer නැව් 13ක් හා Frigates වර්ගයේ යුධ නැව් 18, Corvettes වර්ගයේ යුධ නැව් 24ක් ,මිසයිල බෝට්ටු 10ක් , Amphibious Warfare යාත්‍රා 10ක් , අමතර යාත්‍රා 60කට අධික හා 250කට වැඩි නාවික ගුවන් යානා බලඝනයකින් සමන්විතයි.

☑️ ගුවන් හමුදා යුධ බලය

2229කට අදික ගුවන් යානා ප්‍රමාණයක් ඉන්දියාව සතුයි.ඒවා දළ වශයෙන්

✳️Combat aircraft (fighters/strike) - 643

✳️Special-mission aircraft - 74

✳️Tankers - 6

✳️Transport aircraft - 270

✳️Combat helicopters - 885

✳️Training aircraft / helicopters - 351

මීට අමතරව Tactical Surveillance Drones , ගුවන් ගත වී radar පහසුකම් ලබා දෙන AEW&C අති විශේෂ ගුවන් රේඩාර් යානාව , ගොඩබිම රේඩාර් මධ්‍යස්ථාන වැනි ඉහල ක්‍රියාකාරී පහසුකම් නිසා ගුවන් තලයේ ආරක්ශාවද ඉහළින්ම පවතිනවා.

☢️ න්‍යෂ්ටික බලය

අන්තර් මහද්වීපික බැලිස්ටික් මිසයිලද ඇතුලුව න්‍යෂ්ටික යුධ හිස් (neuclear warhead)
180කට ආසන්න අගයක් මේ වන විට ඉන්දියාව සතුව පවතී.
(මෙම බොහෝ අගයන් අන්තර්ජාලයෙන් ලබා ගත හැකි ආසන්න අගයන් වේ)

තවත් මේ වගේ දේවල් කියවන්න ආසයි නම් follow කරන්න අපිව.තව කෙනෙක්ට කියවන්න share කරන්න.

⭕ Follow us - Amazing World Daily ⭕
.

හීන..අපි හැමෝම හීන දකිනවානේ.මහ භයානක හීන වගේම ඉඳල හිටලා ආස හිතෙන 😋 හීනත් පේනවා නේද?බලන්න ඔයා හීන ගැන මේ දේවල් දැනන් හිටි...
24/11/2025

හීන..අපි හැමෝම හීන දකිනවානේ.මහ භයානක හීන වගේම ඉඳල හිටලා ආස හිතෙන 😋 හීනත් පේනවා නේද?

බලන්න ඔයා හීන ගැන මේ දේවල් දැනන් හිටියද කියලා.

💥 කොහොමද අපිට හීන පේන්නේ.? අපේ නින්ද කොටස් කිහිපයකින් සමන්විත වෙනවා.අපේ මොළය ඉතා ගැඹුරු නින්දට පත් උනාම ඒකට REM (Rapid Eye Movement) කියලා කියනවා.මොළය අධි ක්‍රියාකාරී වෙලා ශරීරය paralyze වෙනවා.ඊට පස්සේ අපේ සිතීමේ හැකියාව ඉතා ඉහල ගිහිල්ලා අපේ මතකයන් ,හැඟීම් එක්ක මිශ්‍ර වෙනවා.මේ වෙලාවට තමා අපිට හීන පේන්න ගන්නේ.
මේ වෙලාවට මාංශ පේශී අක්‍රීය වෙන්නේ ශරීරය ආරක්ෂා කරගැනීමේ උපක්‍රමයක් ලෙස.

✅ ඔබේ තාර්කික මොළය ක්‍රියා විරහිත වෙනවා.
යථාර්ථය පරීක්ශා කරන කොටස switch off වෙනවා මේ වෙලාවට..ඒකයි මැරිච්ච මිනිසුන්,කතා කරන සතුන්,අපි පියාඹනවා වැනි සැබෑ විය නොහැකි හීන අපිට සැබෑ ලෙසම දැනෙන්නේ.
සමහර හීන තප්පර දෙකක් වගේ තමා අපිට ඇත්තටම පේන්නේ.ඒත් ෆිල්ම් එකක් බැලුවා වගේ දිගට අපිට දැනෙනවා

✅ ඔබේ මොලයේ මතක කොටස REM නින්දේදී අක්‍රීය වෙන නිසා හීනය ඇත්තක්ම වගේ දැනුනත් ඇහැරුනාට පස්සේ පැහැදිලි මතකයක් ඉතිරි වෙන්නේ නෑ.

✅ ඒ වගේම ඔයාගේ මොලේට හීනෙන් අලුත් මිනිස්සු ගැන සිහින පෙන්වන්න බෑ.ඔයා ජීවිතේ එක තප්පරයකදි කොහේ හරි දැකපු කෙනෙක්ගේ මූනක් විතරයි හීනෙකදි පේන්නේ.ඒ වගේම ඔයාගෙ යටි සිත REM නින්දේදී සක්‍රීය වෙලා ඔයාගේ ආශාවන්,කියාගන්න බැරි උන හැඟීම්/සිතුවිලි,වැඩිපුරම බය වෙන දේවල් ගැන හීන පේන්න ගන්නවා.නමුත් හැම හීනෙකටම තේරුමක් නෑ... සමහර ඒවා අහඹු සිහින.

✅ 70%ක්ම හීන වල තියෙන්නේ ඔයා අකමැති ,රිනාත්මක දේවල්.ඒකට හේතුව සිහින මගින් ඔයාගෙ මොලය ආතතිය නැත්තන් stress එක පිට කර ගැනීමයි.

✅ ඒ වගේම මහන මැශිම ,අපි කවුරුත් දන්න google එක ,ආවර්තිතා වගුව වගේ දේවල් දැකපු රාත්‍රී සිහින වලින් ලැබුණු අදහස් නිසා ලෝකෙට ලැබුණු දේවල්.

✅ ඔයාට රෑට එකපාරටම උඩකින් පහලට වැටෙනවා වගේ දැනෙන්නේ ඇයි..නින්දට යන විට ඔබේ ශරීරයේ ඇති මාංශ පේශී ලිහිල් වෙනවා.හදවත ගැහෙන වේගය අඩු වෙනවා. කොටින්ම ශරීරය ශට් ඩවුන් වෙනවා. ඔබේ මොලේ හිතනවා ඔබ මිය යනවා කියලා.ඒ නිසා ක්ශණිකවම සංඥාවක් නිකුත් කරලා බලනවා ශරීරය ක්‍රියාකාරීද කියලා.ඒ වෙලාවට තමා ඔබට වැටෙනවා වගේ දැනෙන්නේ.

✅ හරි අපි බලමු උදේට හීනෙන් කතා කරන්නේ ඇයි කියලා.උදේට ඔබේ මොලය ගැඹුරු නින්දෙන් සෙමින් ඉවත් වෙමින් ඉන්නේ.
කටේ මාංශ පේශී ලිහිල් වෙමින් තියෙන්නේ.ඔබගේ යටි හිතේ හිතෙන අහඹු සිතුවිලි වචන ලෙස පිටවෙනවා.බොහෝ විට මේ වෙලාවට සිහින පෙනෙන්නේ නෑ.වචන පිටවෙනවා විතරයි.මේක සාමාන්‍ය තත්වයක්.

😉 ඇයි අපිට හීන පේන්නේ එතකොට ?
අපේ මොලය පිරිසිදු වෙන්නේ හීන දකින එකෙන්.මනසින් අනවශ්‍ය සිතුවිලි ඉවත් කරන්න ,මතකයන් පිළිවෙළකට ගබඩා කරන්න,හැඟීම් පාලනය කරගන්න,වගේම මොළය ක්‍රියාශීලීව හා නීරෝගීව තියාගන්න හීන උපකාරී වෙනවා.
ඉතින් හීන කියන්නේ අපේ මොලයේ “maintenance mode" එක වගේම Cleaning system එකද වෙනවා.

තවත් මේ වගේ දේවල් කියවන්න ආසයි නම් follow කරන්න අපිව.තව කෙනෙක්ට කියවන්න share කරන්න.

⭕ Follow us - Amazing World Daily ⭕

24/11/2025

ඔබ අපේ ඉර ගැන මේ දේවල් දැනන් හිටියද? කියවන්න 👇☀️ 1.ඉර ඇත්තටම සුදුයි.කහ පාට නෙවෙයිපෘථිවි වායුගෝලයේදී ආලෝකය විසිරී ගොස් කහ...
23/11/2025

ඔබ අපේ ඉර ගැන මේ දේවල් දැනන් හිටියද? කියවන්න 👇☀️

1.ඉර ඇත්තටම සුදුයි.කහ පාට නෙවෙයි

පෘථිවි වායුගෝලයේදී ආලෝකය විසිරී ගොස් කහ ආලෝකය පමණක් අපේ ඇසට ළඟා වෙනවා.අභ්‍යවකාශයේදී ඉර සුදු පාටින් පෙනේ.

2.සූර්යා දොරක ප්‍රමාණයට හැකිළී ගියහොත් පෘථිවිය කුඩා වැලි කැටයක් වනු ඇති

අප සාපේක්ෂව එතරම් කුඩායි.

3.සූර්යයා හදවතක් මෙන් "ස්පන්දනය" වේ

එය සෑම මිනිත්තු 5 කට වරක් ප්‍රසාරණය වී හැකිලෙයි.

4.සූර්ය සුළං උණ්ඩවලට වඩා වේගයෙන් ගමන් කරයි එය තත්පරයට කිලෝමීටර 250–750ක් පමන වේ.

ඒවාට චන්ද්‍රිකා සහ විදුලිබල ජාල විනාශ කිරීමට හැකියාව පවතිනවා.

5.සූර්යයාගේ ආලෝකය දැනටමත් මිනිත්තු 8 ක් පැරණියි

සූර්යාගේ සිට පෘථිවියට ඇති දුර නිසා ආලෝකය අප වෙත ලඟා වීමට මිනිත්තු 8ක් ගතවේ .ඔබ හිරු එළිය දෙස බලන විට, ඔබ මිනිත්තු 8කට කලින් සිටි සූර්යයා දෙස බලයි.

6. තනි සූර්ය දැල්ලකින් පරමාණු බෝම්බ බිලියන 10 ක ශක්තියක් නිකුත් වේ.

නමුත් අපගේ පෘථිවියේ චුම්භක ක්ෂේත්‍රයට ස්තූතිවන්ත වන්නට එයින් වැඩි ප්‍රමාණයක් කිසි විටෙකත් පෘථිවියට ළඟා නොවේ.

7.සූර්යයාගේ හරයේ උෂ්ණත්ව සෙල්සියස් අංශක මිලියන 15කි.

නමුත් එහි මතුපිට උශ්ණත්වය සෙල්සියස් අංශක 5,500 ක් පමණි
එහි පිටත වායුගෝලය එහි මතුපිටට වඩා අභිරහස් ලෙස උණුසුම් වේ. විද්‍යාඥයින් තවමත් එයට හේතුව සම්පූර්ණයෙන්ම සොයාගෙන නැත.

අපූරු ලෝකයේ සැරිසරන්න - එන්න අපිත් එක්ක follow කරලා එකතු වෙන්න.🌟

⭕ Follow us - Amazing World Daily ⭕

22/11/2025

 #අපායට බහින ගිනි දොරටුව - ටර්ක්මෙනිස්තානයේ ගිනි ගන්නා "දර්වාසා ආවාටය"1971 දී සෝවියට් භූ විද්‍යාඥයින් ටර්ක්මෙනිස්තානයේ ක...
21/11/2025

#අපායට බහින ගිනි දොරටුව - ටර්ක්මෙනිස්තානයේ ගිනි ගන්නා "දර්වාසා ආවාටය"

1971 දී සෝවියට් භූ විද්‍යාඥයින් ටර්ක්මෙනිස්තානයේ කරකුම් කාන්තාරයේ ස්වභාවික වායුව සොයමින් කැණීම් කටයුතු සිදු කරමින් උන්නා.
නමුත් කැණීම් කරන අතරතුර කැණීම් ස්ථානය හදිසියේම කඩා වැටී ඔවුන්ගේ උපකරණද සම්පූර්ණයෙන්ම ගිල ගනිමින් මීතේන් වායුවෙන් පිරුණු දැවැන්ත භූගත ගුහාවක් අනාවරණය උනා.

විෂ වායුව පැතිරීම වැළැක්වීම සඳහා, විද්‍යාඥයින් නිර්භීත තීරණයක් ගත්තා.ඔවුන් ආවාටයට ගිනි තැබුවා.
එය දින කිහිපයකින් දැවී අවසන් වී යනු ඇතැයි ඔවුන් විශ්වාස කලා.

නමුත් මෙය සිදුවී අවුරුදු 53ක් ඉකුත් වන අද දිනටත් ආවාටය ගිනි ගනිමින් පවතිනවා.භූගත වායූන් තවමත් සෙමින් පිටතට කාන්දු වීම මෙයට හේතුවයි.

මේ නිසා ප්‍රදේශවාසීන් මෙය "අපායේ දොරටුව" ලෙස හඳුන්වනවා
ආවාටය තුල තාපය කොතරම් ඉහලද කියනවා නම් ගිනි ගන්නා ටොනේඩෝවක් මෙන් දැවැන්ත ගිනි ජාලා ආවාටය වටා කැරකෙමින් ඉහල නගින අතර යෝධ උඳුනක් සේ කාන්තාරය උණුසුම් කරනවා.

දහස් ගනන් සංචාරකයින් මෙය නැරඹීමට පැමිණෙන අතර එහි සීමාවෙ රැඳී සිටින විට පෘථිවිය ගිනි පිට කරන්නාක් වැනි දසුනක් නැරඹිය හැකියි.

කෙසේ නමුත් ටර්ක්මෙනිස්තානුවන් මෙය කිහිප විටක්ම වසා දැමීමට උත්සාහ කලත් අධික ගිනි දැල් හා ,ඉහල ගෑස් පීඩනය නිසා එය ව්‍යර්ථ උනා.

අපූරු ලෝකයේ සැරිසරන්න - එන්න අපිත් එක්ක follow කරලා එකතු වෙන්න.🌟

⭕ Follow us - Amazing World Daily ⭕

21/11/2025

සතුන් ගල් පිළිම කරන සොබා දහමේ විශ්මිත රහස - රක්ත විල හෙවත් ලේක් නේට්‍රෝන් ☠️උතුරු ටැන්සානියාවේ රට තුලට වන්නට පිහිටි "ලේක...
20/11/2025

සතුන් ගල් පිළිම කරන සොබා දහමේ විශ්මිත රහස - රක්ත විල හෙවත් ලේක් නේට්‍රෝන් ☠️

උතුරු ටැන්සානියාවේ රට තුලට වන්නට පිහිටි "ලේක් නේට්‍රොන්" පෘථිවියේ තවත් විශ්මය දනවන නිර්මාණයක්.දිගින් 57km ක් හා පළලින් 22km ආසන්න මෙය මීටර් 3ක් වැනි නොගැඹුරු වැවක්.

එය කෙතරම් ක්ෂාරීය (10.5pH වැනි ඉහල pH අගයකින් යුතු,සබන් වැනි) ,ලුණු සහිත හා ඉහල උණුසුමකින් යුතුද කිවහොත් 60°Cක් දක්වා ජල තලය උණුසුම්ව පවතින වැවක්.

ජලය ස්වල්පයක් සමේ ගෑවුනොත් සම ඇසිල්ලකින් පුලුස්සා දැමීමට මෙම වැවේ කටුක ජලයට හැකියාව පවතිනවා.

මෙම ඉහල ක්ෂාරීය බව හා සෝඩියම් කාබනේට් වැනි ඉහල ඛනිජ ලවණ මට්ටමත් , දැඩි උණුසුමත් නිසා රක්ත පැහැයෙන් දිස් වන නේට්‍රොන් වැව එයට බිලි වන ඔනෑම සතෙක් ඉතා ඉක්මනින් ගල් පිළිම බවට පත් වී ශරීරයන් සංරක්ෂණය වෙනවා. මෙම ලවණයන් ඊජිප්තු මමීකරනයේදී පවා යොදා ගත් බව කියවෙනවා.

මෙවන් අබිරහස් ලක්ශණයන් නේට්‍රෝන් වැවට ලැබීමට හේතුව අසල "දෙවියන්ගේ කන්ද" නැමැති කන්දේ පිහිටි Ol Doinyo Lengai නැමැති බිහිසුණු සක්‍රීය ගිනි කන්දෙන් වැව පෝෂණය වීමයි.

විශ්මය දනවන කරුණ නම් මෙම මාරාන්තික විල ෆ්ලෙමින්ගෝ පක්ෂීන් මිලියන ගනනකගේ නිවහන හා ආරක්ෂිත පැටවුන් බිහිකරන භූමියක්ව පැවතීමයි.ඔවුන් එම කටුක පරිසරයට අනුවර්තනය වීම හා වෙනත් බාධාවන්ගෙන් තොරව පැටවුන් බිහි කිරීමට හැකිවීම මෙයට හේතු වෙනවා.

ඉතින් ලේක් නේට්‍රෝන්

මරා දමන,ගල් පිළිම කරවන,ආරක්ෂා කරන,නව පරම්පරාවකට ජීවය ලබා දෙන සොබා දහමේ අපූරු නිර්මාණයක් 🌿🌍

අපූරු ලෝකයේ සැරිසරන්න - එන්න අපිත් එක්ක follow කරලා එකතු වෙන්න.🌟

⭕ Follow us - Amazing World Daily ⭕

ආයුබෝවන් !! 🙏✨ Welcome to Amazing World Daily! 🌟Your new home for the most fascinating facts, breathtaking places, unbel...
19/11/2025

ආයුබෝවන් !! 🙏

✨ Welcome to Amazing World Daily! 🌟
Your new home for the most fascinating facts, breathtaking places, unbelievable stories, and wonders from every corner of our world.

From oceans to galaxies…
From ancient history to modern mysteries…
From wildlife to world wonders…
—we bring you something amazing every day. 🚀

Stay with us, explore with us,
and discover how incredible our world truly is. 🌈🌎

👉 Follow us for daily posts that AMAZE you!

Address

Ratnapura

Telephone

0721185555

Website

Alerts

Be the first to know and let us send you an email when Amazing World Daily posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share