AI Technologies

AI Technologies AI Technologies is an information technology company specializing in building integrated tech soluti

19/02/2024
2022 New 14 inch Windows 10 Portable Laptop Computer for Office & School WiFi Bluetooth Camera USB 3.0 Gaming Netbook La...
14/07/2023

2022 New 14 inch Windows 10 Portable Laptop Computer for Office & School WiFi Bluetooth Camera USB 3.0 Gaming Netbook Laptops

Win 11 Pro Intel Celeron J4125 15.6 Inch Windows11 Pro 1920*1080 Game Office Laptop 12GB RAM 512GB/1TB SSD Windows 10 No...
14/07/2023

Win 11 Pro Intel Celeron J4125 15.6 Inch Windows11 Pro 1920*1080 Game Office Laptop 12GB RAM 512GB/1TB SSD Windows 10 NoteBook

15.6-inch Laptop 16GB RAM 2TB SSD Windows10/11 Gaming Laptop With Fingerprint Backlit BT4.0 Dual WiFi Notebook Portable ...
14/07/2023

15.6-inch Laptop 16GB RAM 2TB SSD Windows10/11 Gaming Laptop With Fingerprint Backlit BT4.0 Dual WiFi Notebook Portable Computer

කතා කරමු intel processor ගැන හැමදේම  Part 2අද අපි කතා කරන්න යන්නෙ processor වල ඇති Clock speed , Over clocking , turbo b...
03/11/2022

කතා කරමු intel processor ගැන හැමදේම

Part 2

අද අපි කතා කරන්න යන්නෙ processor වල ඇති Clock speed , Over clocking , turbo boost ගැන.

01.Clock speed

Clock speed එකක් ලෙස හදුන්වන්නේ processor එකක ඇති වේගයයි. මෙය මනිනු ලබන්නේ GHz වලිනි.

අප කවුරුත් දන්න දෙයක් තමයි processor එකක් වැඩ කරන්නෙ ගණිත හා තාර්කික ක්‍රම වලින්, ඒ කියන්නෙ අපි ප්‍රොසෙසර් එකකට signal එකක් දුන්නම ඒක ප්‍රොසෙසර් එකට තේරුම් ගැනීමට පුලුවන් විදිහට හරවා ගන්නවා මේ ආකාරයෙන් ප්‍රොසෙසර් එකට ලැබෙන උපදෙස් වලට කියන්නෙ Machine instructions කියලයි.

Data ---> Machine instructions

මේ විදහට තත්පරයට ක්‍රියාත්මක කරන්න පුලුවන් machine instructions ප්‍රමාණය අපි හදුන්වනවා Clock speed එක කියල,

ඒ අනුව 1GHz ක වේගයක් ඇති ප්‍රොසෙසර් එකකට තත්පරයට ක්‍රියාත්මක කරන්න පුලුවන් machine instructions ප්‍රමාණය බිලියන 1ක් පමණ වේ.

3.0 GHz ක වේගයක් ඇති ප්‍රොසෙසර් එකකට තත්පරයට ක්‍රියාත්මක කරන්න පුලුවන් machine instructions ප්‍රමාණය බිලියන 3ක් පමණ වේ.

මෙම Clock speed එක එහෙම නැත්නම් ප්‍රොසෙසර් එකක වේගය, ප්‍රොසෙසර් එකෙහි මතුපිට පෘෂ්ඨයේ සදහන් කරල තියෙනවා. ඒ වගේම ප්‍රොසෙසර් එක නිකුත් කල සමාගමේ වෙබ් පිටුව තුලින් ද දැන ගත හැකිය

02. Over clocking

අපි එදිනෙදා ජීවිතයේ පරිගණකක් භාවිතා කරමින් video editing , Graphics design , Gaming වගේ කටයුතු කරද්දී අපිට ප්‍රොසෙසර් එකෙහි වේගය මදි වන අවස්ථාවකට මුහුණ දීමට සිදුවුවහොත් වේගය වැඩි කර ගැනීමේ අවශ්‍යතාවක් මතු වෙනවා, මේ සදහා භාවිතා වන තාක්ෂණික ක්‍රමයක් ලෙස Over Clocking ලෙස හදුන්වන්න පුලුවන්.

සාමාන්‍යයෙන් ප්‍රොසෙසර් එකකට නිශ්චිත වේගයක් ( Clock speed එකක්) තියෙනවා. Processors නිෂ්පාදනය කරන සමාගම් විසින් මේ වේගය ඉක්මවා නොයන සේ ප්‍රොසෙසර් එක ලොක් කරල තමයි අපි අතරට එවන්නෙ, එසේ සිදු කිරීමට හේතුව වන්නෙ ප්‍රොසෙසර් එකෙහි clock speed එක සීමාවක් නොමැති වුවහොත් අධික ලෙස රත් වීමට හා ප්‍රොසෙසර් එකෙහි කල් පැවැත්ම අඩු වීම, ප්‍රොසෙසරය විනාශ වීමට ද ඉඩ ඇති හැකියාව ආදී හේතූන් නිසාය.

නමුත් අපට ප්‍රොසෙසර් එකෙහි clock speed එක වෙනස් කළ හැකි ප්‍රොසෙසර් මාදිලි කිහිපයක් වෙලඳපොලේ දැක ගන්න පුලුවන්, එම ප්‍රොසෙසර් Unlock processors ලෙස හදුන්වන්න පුලුවන් ( K සහ X කාණ්ඩයේ ප්‍රොසෙසර් ), මෙම ප්‍රොසෙසර් සාමාන්‍ය ප්‍රොසෙසර් ආකාරයටම නිශ්චිත Clock speed එකක්‍ යටතේ පැණියත් එම ප්‍රොසෙසර් එකහි උපරිම වේගය දක්වා වේගය වැඩි කිරීමට හැකියාව පවතිනවා.

ප්‍රොසෙසර් එක Over clock කිරීම එහෙමත් නැතිනම් Unlock කිරීම නිසා ප්‍රොසෙසර් එකට ලැබෙන වගකීම නොලැබීමත් , ප්‍රොසෙසරය අධික ලෙස රත් වීමත් ප්‍රොසෙසර් එකෙහි ආයුකාලය අඩුවීමත් පෙන්වා දෙන්න පුලුවන්

03. Turbo boost

සාමාන්‍යයෙන් processor එකක් සදහා ලැබෙන Workload එක වැඩි වූ විට Processor එකෙහි Cores වල ක්‍රියාකාරිත්වය සාමාන්‍ය ප්‍රමාණයට වඩා වැඩි කර ගැනිම Turbo boost ලෙස හදුන්වයි. මේ සිදුකිරීම සදහා ප්‍රොසෙසර් එකෙහි ඇති,

Active cores ගණන
Processor power consumption
Processor current consumption
Processor Temperature
Type of workload
යන කරුණු උපරිම සීමවක ක්‍රියාත්මක වේ නම් අමතර Processing power එකක් අවශ්‍ය වන විට ප්‍රොසෙසර් එකෙහි ස්වයංක්‍රීයව Processing power එක වැඩි කර ගැනිම Turbo boost ලෙස හදුන්වන්න පුලුවන්

කතා කරමු intel processors ගැන හැමදේම Part 01පරිගණකයක වැදගත්ම කොටසක් තමයි processor එක කියන්නෙ, අපි CPU (Central Processi...
03/11/2022

කතා කරමු intel processors ගැන හැමදේම

Part 01

පරිගණකයක වැදගත්ම කොටසක් තමයි processor එක කියන්නෙ, අපි CPU (Central Processing Unit) යන නමින් ද හදුන්වන්නෙත් මේ processor එකම තමයි.

වෙලඳපොලේ ප්‍රධාන වශයෙන් මේ වන විට intel සහ AMD ලෙස processors වර්ග දෙකක් දැක ගැනීමට පුලුවන්.එයින් අපි අද කතා කරන්නෙ intel processors ගැනයි.

Intel සමාගමේ Pentium, Dual core ,
core 2 duo සහ i Series ලෙස ප්‍රොසෙසර් මාදිලි කිහිපයක් නිකුත් වූ බව මා ඔබ කව්රුත් දන්නා දෙයක්.

මින් වඩාත්ම ජනප්‍රිය සහ වර්තමානයේ බහුලව දක්නට ලැබෙන්නේ i series මාදිලියේ processors වේ.

intel core i3
intel core i5
intel core i7
intel core i9
ලෙස කාණ්ඩ හතරකින්‍ යුක්ත වන මේ intel processors වල i අගය වැඩි වීමත් genration එක වැඩි වීමත් සමග (1st, 2nd, 3rd, 4th ආදී ලෙස ) processor එකෙහි power එක වැඩි වේ.

Processor එකක් ගැන කාතා කරද්දී අනිවාර්යයෙන්ම කතා කලයුතු දෙයක් තමයි processor cores ගැන. අතීතයේ අපට හමු වූ ප්‍රොසෙසර් වල Dual core (cores 2ක් සහිත ) , Quad core cores 4ක් සහිත ) ලෙස වර්ග දෙකක් දක්නට පුලුවන්.

Core එකක් කියන්නෙ මොකක්ද කියල සරලව හැදින්වීමක් කලහොත්, Processor එකක් ඇතුලෙ තියෙන තවත් processor එකක් කියල කියන්න පුලුවන්

උදාහරණයක් ලෙස Dual core processor එකක් ගතහොත් ඒකට පුලුවන් ප්‍රොසෙසර් දෙකක් විදියට වැඩ කරන්න

Quad Core processor එකකට පුලුවන් ප්‍රොසෙසර් 4ක් විදියට වැඩ කරන්න.

* මීළගට අපි කතා කරන්නෙ processor වල භාවිතා වන Hyperthreading Technology එක ගැන
මෙම Hyperthreading Technology එක කියන්නේ භෞතික ලෙස ප්‍රොසෙසර් එකක අන්තර්ගතවන දෙයක් නෙමෙයි. මේක Logical උපක්‍රමයක්

තවත් සරලව හැදින්වීමක් කලහොත් ප්‍රොසෙසරයක ඇති එක Physical core එකක් Logical cores 2ක් ලෙස ක්‍රියා කිරීම මෙම Hyperthreading Technology එක යටතේ සිදු වේ.
මෙම Hyperthreading Technology එක නිසා multi threded Aplication( Design සහ සමග පහසුවෙන් වැඩ කටයුතු කිරීමට හැකියාවක් ලැබිලා තියෙනවා

කතා කරමු intel core i5 13600k ගැනIntel 13th gen series එකහි මීළග වැඩකාරයා වුණ core i5 13600k  processor එක cores 14කින් ...
23/10/2022

කතා කරමු intel core i5 13600k ගැන

Intel 13th gen series එකහි මීළග වැඩකාරයා වුණ core i5 13600k processor එක cores 14කින් (Performance-cores 6ක් Efficient-cores 8ක් ) සහ threds 20කින් සමන්විත වෙනවා. මෙහි Max Turbo Frequency එක 5.10 GHz ක් වේ.

* Performance-core Max Turbo Frequency 5.10 GHz

*Efficient-core Max Turbo Frequency 3.90 GHz

*Performance-core Base Frequency3.50 GHz

*Efficient-core Base Frequency2.60 GHz

* මෙහි cashe memory එක 24MB කින් යුක්ත වේ.
* Processor එකෙහි base power එක 125W වන අතර maximum turbo power එක 181W වේ.

* Memory types ලෙස DDR 5 5600 MT/s, DDR 4 3200 MT/s තෙක් සහය දවක්වයි.

* මෙහි 128GB Max Memory Size එකක් දක්වා සහය දක්වයි 😮😮

* Processor Graphics එක Intel UHD graphics 770 වේ.
* intel core i5 13600k processor ය ඇමරිකානු ඩොලර් 319 කට මිලදී ගත හැක.

කතා කරමු intel core i7 13700k ගැනIntel 13th gen series එකහි මීළග පෙරලිකාරයා වුණ core i7 13700k  processor එක cores 16කින...
23/10/2022

කතා කරමු intel core i7 13700k ගැන

Intel 13th gen series එකහි මීළග පෙරලිකාරයා වුණ core i7 13700k processor එක cores 16කින් (Performance-cores 8ක් Efficient-cores 8ක් ) සහ threds 24කින් සමන්විත වෙනවා. මෙහි Max Turbo Frequency එක 5.40 GHz ක් වේ.

* Intel® Turbo Boost Max Technology 3.0 Frequency 5.40 GHz

* Performance-core Max Turbo Frequency
5.30 GHz

* Efficient-core Max Turbo Frequency
4.20 GHz

* Performance-core Base Frequency
3.40 GHz

* Efficient-core Base Frequency
2.50 GHz

* මෙහි cashe memory එක 30MB කින් යුක්ත වේ.
* Processor එකෙහි base power එක 125W වන අතර maximum turbo power එක 253W වේ.

* Memory types ලෙස DDR 5 5600 MT/s, DDR 4 3200 MT/s තෙක් සහය දවක්වයි.

* මෙහි 128GB Max Memory Size එකක් දක්වා සහය දක්වයි 😮😮

* Processor Graphics එක Intel UHD graphics 770 වේ.
* intel core i7 13700k processor ය ඇමරිකානු ඩොලර් 409 කට මිලදී ගත හැක.

කතා කරමු intel core i9 13900k ගැන2022 සැප්තැම්බර් මස නිකුත් වූ intel 13th gen series එකෙහි දැවැන්තයා වුණ core i9 13th ge...
23/10/2022

කතා කරමු intel core i9 13900k ගැන

2022 සැප්තැම්බර් මස නිකුත් වූ intel 13th gen series එකෙහි දැවැන්තයා වුණ core i9 13th gen processor එක cores 24කින් (Performance-cores 8ක් Efficient-cores 16ක් ) සහ threds 32කින් සමන්විත වෙනවා. මෙහි Max Turbo Frequency එක 5.80 GHz ක් වේ.

* Intel® Thermal Velocity Boost Frequency
5.80 GHz

* Intel® Turbo Boost Max Technology 3.0 Frequency 5.70 GHz

* Performance-core Max Turbo Frequency
5.40 GHz

* Efficient-core Max Turbo Frequency
4.30 GHz

* Performance-core Base Frequency
3.00 GHz

* Efficient-core Base Frequency
2.20 GHz

* මෙහි cashe memory එක 32mb කින් යුක්ත වේ.
* Processor එකෙහි base power එක 125W වන අතර maximum turbo power එක 253W වේ.

* Memory types ලෙස DDR 5 5600 MT/s, DDR 4 3200 MT/s තෙක් සහය දවක්වයි.

* මෙහි 128GB Max Memory Size එකක් දක්වා සහය දක්වයි 😮😮

* Processor Graphics එක Intel UHD graphics 770 වේ.
* intel core i9 13900k processor ය ඇමරිකානු ඩොලර් 589 කට මිලදී ගත හැක.

Address

Ratnapura
70000

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00

Telephone

+94765342830

Website

Alerts

Be the first to know and let us send you an email when AI Technologies posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to AI Technologies:

Share