03/02/2026
ඉනෝකා සත්‍යාංගනී කීර්තිනන්දජාත්‍යන්තර සම්මානලාභී සිනමා අධ්‍යක්ෂිකා සහ නිෂ්පාදකඉනෝකා සත්‍යාංගනී මහත්මිය ශ්‍රී ලංකාවේ සිටින අති දක්ෂ මෙන්ම සාර්ථකම කාන්තා සිනමා අධ්‍යක්ෂවරියකි. ඇය ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ හිටපු සභාපතිනිය ලෙසද කටයුතු කර ඇත. ඇය වඩාත් ප්‍රසිද්ධියට පත්වූයේ 2002 වසරේදී ඇය අධ්‍යක්ෂණය කළ "සුළං කිරිල්ලී" චිත්‍රපටය හරහාය. මෙය ශ්‍රී ලංකාවේ සිනමා ඉතිහාසයේ තනි චිත්‍රපටයක් ලබාගත් වැඩිම සම්මාන සංඛ්‍යාව දිනාගත් නිර්මාණය ලෙස සැලකේ.
අධ්‍යාපනය
ප්‍රාථමික අධ්‍යාපනය: කොළඹ සුජාතා විද්‍යාලය.
ද්විතීයික අධ්‍යාපනය: කොළඹ විශාඛා විද්‍යාලය.
චිත්‍රපට නිර්මාණ
(Filmography)සුළං කිරිල්ලී
(The Wind Bird) - 2003
සින්ඩරෙල්ලා (Cinderella)
- 2016"සුළං කිරිල්ලී" වෙනුවෙන් ලැබූ ජාත්‍යන්තර සම්මාන
- ඇයගේ කුලුඳුල් සිනමා නිර්මාණය වන "සුළං කිරිල්ලී" වෙනුවෙන් ලැබුණු සම්මාන රාශියකි:
වසරහොඳම චිත්‍රපටය (Grand Prix)8 වන ඩකා ජාත්‍යන්තර සිනමා උළෙල,
බංග්ලාදේශය2004අන්තර්ජාතික විචාරක සම්මානය (FIPRESCI)8 වන ඩකා ජාත්‍යන්තර සිනමා උළෙල,
බංග්ලාදේශය2004හොඳම නිළිය සම්මානය8 වන ඩකා ජාත්‍යන්තර සිනමා උළෙල
, බංග්ලාදේශය2004හොඳම චිත්‍රපටය (OCIC සම්මානය)21 වන Cinematica Del Uruguaya,
ලතින් ඇමරිකාව2003හොඳම නවක අධ්‍යක්ෂ සම්මානය21 වන Cinematica Del Uruguaya,
ලතින් ඇමරිකාව2003හොඳම වෘත්තාන්ත චිත්‍රපටය (Silver Dhow)සැන්සිබාර් ජාත්‍යන්තර සිනමා උළෙල,
ටැන්සානියාව2003Silver Certificate of Merit12 වන Prix Leonardo ජාත්‍යන්තර සිනමා උළෙල-හොඳම අධ්‍යක්ෂ සම්මානය1 වන තමිල්නාඩු (චෙන්නායි) ජාත්‍යන්තර සිනමා උළෙල,
ඉන්දියාව2004හොඳම නිළිය සම්මානය1 වන තමිල්නාඩු ජාත්‍යන්තර සිනමා උළෙල, ඉන්දියාව2004හොඳම කැමරාකරණය (ජාත්‍යන්තර අංශය)නිව්යෝර්ක් ස්වාධීන සිනමා සහ වීඩියෝ උළෙල,
ඇමරිකාව2005
ඇය දැනට "Colombo Independents Cinema Forum" හි ක්‍රියාකාරී සාමාජිකාවක ලෙස ශ්‍රී ලාංකීය සිනමාවේ අභිවෘද්ධිය වෙනුවෙන් විශාල සේවයක් ඉටු කරයි.ශ්‍රී ලාංකීය සිනමාවේ විප්ලවීය සහ අභියෝගාත්මක සිනමා නිර්මාණ බිහි කල ප්‍රමුඛතම සිනමා අධ්‍යක්ෂවරියක් වන ඉනෝකා සත්‍යාංගනී මිය Academy For Professionals ආයතනයේ සිනමා අධ්‍යක්ශන ඩිප්ලෝමා පාටමාලාවේ සම්පත් දායකයෙකු ලෙස නව පරපුරට තමන්ගේ අත්දැකීම් බෙදා ගැනීමට අප හා එක්ව සිටීම අපට මහත් ගෞරවයෙකි.
-
-
-
-
゚viralシfypシ゚
゚