Excellent choice

Excellent choice Mobile Repair service

🎤 Beheth Concert සාදරයෙන් ඉදිරිපත් කරන🔥 The Cure Freestyle Rap Battle 🔥ඔයත් රැප් වදන් ගලපන්න පුළුවන් සුපිරි වැඩ්ඩෙක් ද? ...
08/10/2025

🎤 Beheth Concert සාදරයෙන් ඉදිරිපත් කරන

🔥 The Cure Freestyle Rap Battle 🔥

ඔයත් රැප් වදන් ගලපන්න පුළුවන් සුපිරි වැඩ්ඩෙක් ද? 💥
එහෙනම් ඒක ඔප්පු කරලා පෙන්නන්න මෙන්න නියම චාන්ස් එක! 📸

🎧 මේ පහළ Link එකේ තියෙන Beat එකට Selfie Rap එකක් කරන්න. 👇

Click the link 👇

https://docs.google.com/forms/d/e/1FAIpQLSeJ0O6O9Wgz2OFJG8dC11Yusc4w7bDozhSqqPrgkiNFt1urqQ/viewform?pli=1

🎯 තරඟයට එකතු වෙන්නේ මෙහෙමයි:

1️⃣ ෆලෝ කරන්න.
2️⃣ ඔයාගේ වීඩියෝ එක 🎥 Instagram, TikTok, Facebook කියන තුනේම ඔයාගේ Grid එකේ සහ Stories වල පෝස්ට් කරන්න.
3️⃣ සහ ව mention කරන්න.
4️⃣ Caption එකට ✍️ හෑෂ්ටැග් එක දාන්න.

🏆 දිනන කෙනාට BEHETH Concert එක බලන්න VIP පාස් 🎫 5ක් සහ Taizy On da Track Produce කරපු මේ Beat එක ලැබෙනවා!

🎙️ ජයග්‍රාහකයා විනිශ්චය කරන්නේ:
01 Punchi Malith, Costa සහ Big Doggy 👩🏼‍⚖️

📅 තරගය පැවැත්වෙන්නේ ඔක්තෝබර් 6 ඉඳන් 15 වෙනකම් විතරයි!

💯🔥

27/08/2025

27/08/2025

https://youtu.be/2yCGcJ2jM7U?si=rTlHeKmGdt4ya5bBJeewitha Pituwa outnow Lit 💆‍♂️❤️‍🔥 Liyan Nishan Lahiru Maduwantha හරි ය...
23/07/2025

https://youtu.be/2yCGcJ2jM7U?si=rTlHeKmGdt4ya5bB

Jeewitha Pituwa outnow

Lit 💆‍♂️❤️‍🔥 Liyan Nishan Lahiru Maduwantha
හරි යතුර නැතිවෙලා මම මලකඩ කාපු ඉබ්බා

Liyan X ⁨⁩ - Jeewitha Pituwa | Official Music VideoSentinel Island Album Out Now 👉https://ffm.to/d5vga1n​♪ Written And Performed: Liyan & Kee...

16/06/2025

හීනත් දැන් මිල වැඩී අපේ හීනත් අලු වෙන්නේ දවසින් දවස
නැති තැන කැපිලි නෑ යාළු එකයි උඹේ මගෙයි ලොකුම වෙනස
අතේමිටේ සල්ලි නැතත් මගේ හදවතින් ගොඩක් උසස් මේ මනස
කරන්ඩෝන හැමදේම කරල sorry කිව්ව ගමන් ඔක්කම හරිද

හිතින් මං තැව්නා ජීවිතේ ගොඩක් දේවල් තේරුම් ගද්දි පමා වුනා
ආසාවෙන් නැහිලා මම දැන් නිදහසේ පා වෙන වලාකුලක්
පාලුවක් දැනුනා පාලුව නැති වෙන්ඩ තනිකම යාලුවුනා
වැස්සටත් තෙමුනා පැවිල්ලත් ඇල්ලුවා ඉතින් මම ඉඩෝරෙටත් හුරු වුනා

ජීවත් වෙන්න කාලේ කෙටී ඉතින් හිනා වෙලා සමු දෙන්න කාට වුනත්
නැති වුන ගමන් නිවෙයි තෙල් නැත්තං පත්තු වෙන්නෙ නෑ පහනක් වුනත්
සමුගන්න හිතේයි නමුත් සමුගැන්ම සැනසීමක් නෙමෙයි
හසී කිව්ව වගේ විඳපං ඉන්න කාලේ ජීවිතේ නැත්තං වැඩක් වෙන්නෑ පිනට පහල වුනත්

අඟේ ඉඳං කන කාලා අතගාලා ටොකු දීලා යන්නෙ කාරකාර
හදවතේ එකා රැඳෙයි පන දෙන කතන්දර නෑ ඌ ගාව
වාසනාව නෙමෙයි කැරකුනේ මට තිබ්බෙ ගොඩක් මිස් වුන වාර
හිනා වෙලා ඉන්න තැන නැති තැන මොකක්ද යාලු ඒ පෙන්නපු පාර

පෑරුනා තැව්නා හිස්වුන සාක්කුව ගොඩක් පාඩම් ඉගැන්නුවා
රූපයක් මැව්නා ආදරෙ කලා ඇය නමින් අම්ම වුනා
කාලයක් ගෙව්නා කාලයත් එක්ක බැඳීම් ගොඩක් දුරස් වුනා
ගේමක් ගැහුවා ලොවෙත් ⁣කිට්ටු වෙන්න බැරි තරම් උඩින් නම තියලා නැවතුනා

Hook

ආස කර දේවල් නැති වෙයි කෙටි කාලෙන්
එලි බලන්න හිතන්නෑ පිට පානෙං
Eei සුභ වේවි අවසානේ
දන්නෑ වගේ බලන් ඉන්නෙ අවදානෙන් //

2nd vers

අඳුරු ආකාසෙ දැක්ක දැක්ක තරු රෑන එකිනෙක තිබ්බෙ යාවෙලා
මේ පවිටු මිතුරු සුමිතුරුකම දැල්ලට ඈතට පාවෙලා
අපි දකිද්දි තිබුණු මූණු නෙමේ මේ දත් ටික කුඩට කහ වෙලා
පතන්නෙ අම්මට දුක දීපු සක්කිලි පුත්තු යන්න ලෝකෙන් මකබෑවිලා සුපිරියට යනවා

හීන මරමතින් බර වෙලා ලස්සන මූණු කැතවෙලා
අපාගත වුන තිරිසනෙක් වගේ කපා ගත අත කුඩ්ඩ මතක්වෙලා
හදවතින් අම්ම තැවෙයි කෙසේ දරන්නද පුතු මතින් යැපෙයි
සීලෙ රැක්ක උපාසකවරු තමයි මාළුකන්දි කිව්වෙ බලං කට හැපෙයි

දුක ගැන දෙවියන්ට කිව්වා මං මොන දෙවියවත් පිහිටක් පතන්නෙ නෑ
පෙනහල්ලක් කතා කරයි කරයි කරයි නමුත් දුමෙන් වින්ද දුක ලෝකෙට කියන්නේ නෑ
මිනිහෙක්ට වරදින්න ගියොත් එපා ළඟ ඉඳන් අහක බලන්න
දන්න දෙයක් කවදාවත් හිතේ තියන්න එපා තවකෙක්ගෙ මරන්න

වලකුලක් ඔව් මම තනිවලාකුලක් කිව්ව නදි
හදවඩා ගන්න බැරි හිත හීන නිසා සිතුවිලි වලින් තදින් බැඳී
අහස පොළව යාවුනත් නොවෙනස් වෙන කාරණාව අම්මයි මනබැඳී
ආදරේ අර්ථය වචනෙන් නෙමෙයි කියා මියැදුනා කන්තකත් ලය පැලී

පාරෙ ඇවිදිද්දි මදාවියෝ ගමේ අපි ගැන කතා විය
දුක තියන් හදවතේ කාටත් නොතේරෙන ලෙස මතුපිටින් සිනා විය
මතින් තමයි හිත පිනා ගියේ තිබ්බ සිතුවිල්ලත් සුනාමියේ
අතපය හතර කැපුවත් ප්‍රශ්නෙකින් නෑඩෝ මම කවදාවත් පලා ගියේ

Hook

ආස කර දේවල් නැති වෙයි කෙටි කාලෙන්
එලි බලන්න හිතන්නෑ පිට පානෙං
Eei සුභ වේවි අවසානේ
දන්නෑ වගේ බලන් ඉන්නෙ අවදානෙන් //

Address

221/1 Liynagemulla, Seeeuwa
Raddoluwa

Telephone

+94770470142

Website

Alerts

Be the first to know and let us send you an email when Excellent choice posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Excellent choice:

Share