16/09/2021
පහුගිය සති කීපය ඇතුලත ලෝකෙ නම ගිය සුපිරිම චිත්‍රපට අධ්‍යක්ෂණය කරපු සම්මානලාභී අධ්‍යක්ෂකවරු කීපයක් Marvel සිනමාවට කනේ පාරවල් ගහන්න පටන් ගත්තා😅.
අපි හිතුවෙ මේක එකකින් දෙකකින් නතර වෙයි කියලා. ඒත් අපි වැරදියි වගේ. මේක එක දිගටම ඇදිලා ගියා.ඒක නිසා අපිට හිතුනා ඔයාලට ඒක ගැන පොඩි Update එකක් දෙන්න.
# Martin scorsese
මේක පටන් ගත්තෙ Martin scorsese ගෙන්. මාටින් කියන්නෙ Taxi Driver , The wolf of wall street , Shutter Island , Godfellas වගේ සම්මානලාභී චිත්‍රපට අධ්‍යක්ෂණය කරපු කෙනෙක්.
"Marvel Movies කියන්නෙ සිනමාව නෙමෙයි. ඒවා හරියට තීම් පාක් වගේ. සිනමාවේ නියම රසය වෙන භවාත්මක ගතිය එ් මනෝමය ගතිය පුද්ගලන්ට සම්ප්‍රේෂණය කරන්න Marvel අසමත්. ඒක නිසා Marvel කියන්නෙ සිනමාව නෙමෙයි"
Scorsese ගෙ මේ කමෙන්ට් එක ලෝකප්‍ර්‍රසිද්ධ වෙලා දවස් කීපයකට පස්සෙ ඔහු ආයෙත් මෙහෙම කියනවා ,
"මම කලින් කියපු විදියටම ඒවා සිනමාව නෙමෙයි , ඒක වෙනමම දෙයක්. Marvel සිනමාව මිනිස්සු ආකර්ෂණය කර ගන්න තරම් වටින්නෙ නැති දෙයක්."
# Francis Ford Coppola
මෙයා තමයි දෙවනියා. දන්වනෙ ඉතින් Godfather ත්‍රිලොජිය. ඒකෙ Director තමයි මේ. මෙතුමා Martin ගෙ කමෙන්ට් එක තවත් දික් කරලා මෙහෙම කිව්වා
"Martin කියලා තිබුනා marvel කියන්නෙ සිනමාව නෙමෙයි කියලා. ඔහු හරි. මිනිස්සු චිත්‍රපටයකින් යම් දෙයක් බලාපොරොත්තු වෙනවා. අපි අනුප්‍රාණයක් බලාපොරොත්තු වෙනවා , අපි යම්කිසි දැනුමක් බලාපොරොත්තු වෙනවා , යම් අවබෝධයක් බලාපොරොත්තු වෙනවා. Marvel කියන්නෙ සිනමාව නෙමෙයි කියන්න තරම් Martin කරුණාවන්ත උනා. මම නම් කියන්නෙ Marvel සිනමාව නින්දිතයි"
# Denis Villeneuve
"There are too many Marvel movies that are nothing more than a cut and paste of others"
" ගොඩක් Marvel Movies වල ඇති දෙයක් නෑ ඒවා හදලා තියෙන්නේ වෙන Movies වල කෑලී කපලා අරගෙන අලවලා "
Arrival,Blade Runner 2049, Prisoners, Sicario, Enemy, Incendies, PolyTechnique වගේ අති සාර්ථක Movies හදපු ලෝක ප්‍රසිද්ධ, වගේම අති දක්ශ චිත්‍රපට අධ්‍යක්ෂකවරයා වන Denis Villeneuve මහත්තයා තමා ඔහොම කියන්නේ
# Ken Loach
I,daniel Blake , kes , Land and Freedom වගේ චිත්‍රපට අද්‍යක්ෂණය කරපු සම්මානලාභී බ්‍රිතානය අද්‍යක්කයෙක් තමයි Ken Loach. එයා මෙහෙම කිව්වා,
"ඒවා කම්මැලියි. ඒ චිත්‍රපට හරියට වෙළඳ භාන්ඩ වගේ , ඒ චිත්‍රපට සමාජය එක්ක සන්නිවේදනය කිරීමක් නෙමෙයි , ඒවා අපේ පරිකල්පනය සන්නිවේදනය කිරීම නෙමෙයි. Marvel චිත්‍රපට කියන්නෙ හරියට ලාබ ලබන්න පුලුවන් මොකක්හරි බඩුවක් හදලා ඒක විකුණනවා වගේ වැඩක්. සිනමාවේ සැබෑ කලාව කියන දේ ගෑවිලාවත් නෑ"
# Robert De Niro
Taxi Driver , Godfather 2 , king of comedy , Joker වගේ ෆිල්ම් වලට රංගන දායකත්වය ලබා දුන්නු සම්මානලාභී නළුවෙක් තමයි Robert De Niro. එයා Marvel ඇතුලු Comic Book Movies සිනමාව නෙමෙයි ඒවා vfx කාටූන් කියලා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරලා තිබුනා...
මේ යන තත්වෙ හැටියට ඉස්සරහටත් තව කමෙන්ට්ස් ඒවි. ඒ ගැන ආයෙත් පරක්කු නොකර දැනුම් දෙන්නම්කො අපි😅.