Solar Bright - සුර්ය බලශක්ති

Solar Bright - සුර්ය බලශක්ති සුර්ය ශක්තිය මගින් විදුලි බල උත්පාදන?

02/05/2023
Recommended
21/04/2023

Recommended

ඔයාගේ LED LCD TV එක කැඩිලද ??
හදන්න බෑ කිව්වද??
හදන්න කෑලි නෑ කිව්වද???
තැන තැන අරන් ගිහින් එපා වෙලාද??
රස්තියාදු වෙන්නැතුව අරන් එන්න TVTRONICS එකට
ඕනම කැඩුන බිදුණු LED LCD TV එකක් විශ්වාසවන්තව ඉක්මනින් හදල දෙන්නම් අපි.
ඕනම TV එකකට parts තියෙනවා අපි ළඟ ඔරිජිනල්ම Parts දාලා නියම විදිහට හදාගන්න අරන් එන්න.....

TvTronics-0773964228 /0773274228
තලහේන ලෝලුවාගොඩ

31/03/2023
LCD TV සහ LED TV අතර වෙනස මොකක්ද? "ඇත්තටම මොකක්ද මෙම  LCD සහ LED TV අතර වෙනස" කියන එක තවමත් බොහෝ දෙනා අසන ප්‍රශ්ණයක්. පො...
30/11/2020

LCD TV සහ LED TV අතර වෙනස මොකක්ද?

"ඇත්තටම මොකක්ද මෙම LCD සහ LED TV අතර වෙනස" කියන එක තවමත් බොහෝ දෙනා අසන ප්‍රශ්ණයක්. පොදුවේ සලකා බැලීමේදි අපි මෙය LCD TV එක යනුවෙන් හැදින්වුවහොත්, මේ සඳහා රූප මැවීමට යොදා ගන්නා තිරය LCD Panel එහෙමත් නැතිනම් Liquid Crystal Display Panel යනුවෙන් හඳුන්වයි. මෙම තිරය සාදා ඇත්තේ ධ්‍රැවීකරණ ද්‍රව්‍ය තහඩු දෙකක් අතරට Liquid Crystal හෙවත් ද්‍රව ස්ඵටික යොදාගෙනය. මෙම Liquid Crystal හරහා විද්‍යුත් ධාරවක් පාලනයකින් යුතුව ගමන් කරවන විට මෙම Liquid Crystal නොහොත් ද්‍රව ස්ඵටික පෙලගැස්වීමට ලක් කල හැකි අතර එමගින් ඒ හරහා ආලෝකය ගමන් කිරීමක් හෝ අවහිරකිරීමක් සිදු කල හැක. එය හරියටම ෂටරයක් මෙන් ක්‍රියා කරන අතර ආලෝකය මේ හරහා ගමන් කිරීමක් හෝ එය අවහිර කිරීමක් සිදුවේ. රූපවාහිනීයට නියමිත Video Signal එකක් ඇතුලත් InPut කිරීමෙන් පසු මව් පුවරුව විසින් Display Panel එකෙන් පෙන්වීමට අවශ්‍ය Video Data Signal, Display Panel එකට ලබා දේ. එම අදාල Video Signal එකට අනුරූපව Liquid Crystal ක්‍රියා කරන අතර එමගින් තිරය මත පෙන්වීමට අවශ්‍ය රූප මැවීම Pixel අධාරයෙන් සිදුවේ. මෙම සම්පූර්ණ තිරය අපි Cell එක ලෙස හඳුන්වනු ලැබෙ. මෙම සෑදෙන රූප මිනිස් ඇසට පෙනීම සඳහා ආලෝකයක් අවශ්‍ය වේ. මෙන්න මේ ආලෝකය ලබාදීම සඳහා සෑම LCD TV Cell එකකම පිටුපසින් Light එකක් පිහිටා තිබේ. LCD TV එකක Backlight එක යනුවෙන් අදහහ් කරනුයේ එම කොටසයි. Backlight නිසි ආකාරයෙන් ක්‍රියා නොකරයි නම් TV එකේ Display Panel එකෙහි අදාල රූප මැව්නත් අපිට මිනිස් ඇසට එය නොපෙනෙනු ඇත.

LCD TV - CCFL Backlighting
======================

සාමාන්‍ය ව්‍යවහාරයේ අප සඳහන් කරන LCD TV වලට මෙම Backlight කොටස සඳහා ඇත්තේ සීතල කැතෝඩ ප්‍රතිදීප්ත ලාම්පු හෙවත් CCFL ( Cold Cathode Fluorescent Lamp ) ය. එමගින් සුදු ආලෝකයක් Cell එක පිටුපසින් Backlight ලෙස ලබාදීමෙන්, ඉන් ඉදිරියේ සිටින අපට LCD Panel Cell එකේ මැවෙන පිංතූර දැකගත හැකිවේ. CCFL Backlight තාක්ශණය මේ වනවිට අතහැර දමා ඇති ප්‍රදර්ශන තාක්ශණයකි. මෙම LCD මාදිලි වල කැතොඩ ලාම්පු මාලාවක් (CCFL) එකාකාරිව ආලෝකවත් වේ. එමගින් ඉදිරිපස ඇති LCD Panel Cell එක මත මැවෙන රූපයෙහි සියලුම ප්‍රදේශ එකාකාරි සමාන දීප්තියක් ලබාදේ.මෙය පිංතූරයේ ගුණාත්මක භාවයේ සමහර අංශ කෙරෙහි බලපායි. තවද CCFL ක්‍රියාත්මක වීම සඳහා High Voltage අවශ්‍ය වේ. එමනිසා ඒ සඳහා Voltage Inverter යොදාගැනීම හේතුවෙන් වැඩි බලශක්ති පරිභෝජනයක් ද ( Power Consumption ) ඇතිවේ.

LCD TV - LED Full Array Or Direct Backlight
==================================

සාමාන්‍ය ව්‍යවහාරයේ අප සඳහන් කරන LED TV වලට මෙම Backlight කොටස සඳහා ඇත්තේ LED Bulb වලින් සෑඳු LED Strips හෙවත් LED Bar එහෙමත් නැත්නම් LED පටි වේ.මෙමගින් පෙර CCFL වලින් ලබා දුන් ආලෝකයට වඩා හොඳ දීප්තිමත් ආලොකයක් ලබාදීමට හැකියාව තිබේ. පිටුපසින් ලබාදෙන ආලොකය වඩාත් සුදු පැහැ ආලෝකයක් වීම ඉදිරිපස LCD Panel Cell එකේ ඇතිවන වර්ණ වඩාත් තීව්‍රතාවයකින් යුක්ත වීමට බලපායි. එමගින් පැහැදිලි වර්ණ ලබා ගැනීමේ හැකියාව මෙන්ම වැඩි ගුණාත්මක බවෙන් යුත් පිංතූර රාමු මිනිස් ඇසට ලබාදීමට හැකියාව පවති. එමෙන්ම Local Dimming වැනි තාක්ෂණයන් ක්‍රියාකරවීමේ හැකියාවක් හා CCFL Backlight වලට සාපේක්ෂව ඉතා අඩු බල්ශක්ති පරිභෝජනයක් ( Power Consumption )ඇති බැවින් LED Backlight සහිත LED TV වෙළදපල ආක්‍රමණය කර ඇත.

LCD TV - LED Edge Lightning
=======================

ඉහත LED Backlight තාක්ශණයේ තවත් ආකාරයක් වන්නෙ Edge LED සහිත Display Panel ය. නමට අනුව LCD Panel Cell එක පිටුපස දාරය දිගේ මෙම Edge LED Backlight පිහිටා ඇත. මේවා LCD Panel එකේ ඉහල , පහල මෙන්ම වමේ සහ දකුණේ ද දාර හතරේම තිබෙන අවස්තා දැක ගත හැක. පොදුවේ ගත් කල මෙම Edge Type Backlight LED සහිත රූපවාහිනී වල Backlight පිහිටා ඇති පිලිවෙල අනුව පිංතූරවල යම් යම් ගුණාත්මක භාවයේ වෙනසක් පෙන්විය හැකි වුවද, CCFL වලට වඩා ගුණාත්මක භාවයෙන් යුක්ත වේ. මෙම Edge Backlight සහිත TV ඉතා සිහින් හැඩයක් ගත් වුවද ඉහත සඳහන් කල Full Array or Direct Backlight තාක්ශණය හා සසඳනවිට Edge Type Backlight සහිත TV වල යම් අඩුපාඩු කම් දැකගත හැකිය. ඉහත සඳහන් කල Local Dimming තාක්ශණය මෙම Full Array or Direct LED Backlight සහ Edge LED Backlight සඳහා යොදාගැනීමේදි SONY සහ SAMSUNG සමාගම් ඔවුන්ගේම තාක්ෂණයක් භාවිතා කරයි. SONY ඒ සඳහා Slim "Backlight Master Drive" තාක්ශණයද, SAMSUNG ඒ සඳහා "Infinite Array" QLED TV සදහා භාවිතා කර ඇත. මෙමගින් Local Dimming තාක්ශණයද සහිතව Full Array or Direct LED Backlight වලට සමාන ගුණාත්මක භාවයකින් යුක්ත පිංතුර රාමු ලබා දීමට සමත්ව ඇත.

( Local Dimming ගැන ලිපියක් පසුව පලකරම්.එය වෙනම මාතෘකාවක් බැවින් එය ඉදිරියේදි බලාපොරොත්තු වන්න.)

දැනට වෙලඳපලෙහි මිලදි ගැනීමට ඇති සෑම TV එකක්ම LCD Panel එකක් සහිත TV වන් අතර ( OLED TV හැර) Backlight සඳහා යොදා ගන්නෙ LED Backlight තාක්ෂණය වේ. එම නිසා LCD TV එකයි LED TV එකයි අතර ප්‍රධාන වෙනස ඇත්තේ Backlight තාක්ශණයේ වෙනසයි. මේවා තව තවත් මාතෘකා යටතේ විස්තර කිරීමට හැක...

TFT Panel හා IPS Panel වල වෙනස
QLED සහ OLED අතර වෙනස
Local Dimming - Micro Dimming - Micro Dimming Ultimate අතර වෙනස්කම්

30/11/2020

Cello products have been designed for off-grid remote environments, with high quality build and technical realiability. They have been in use for many years in Rwanda, Zambia, Ivory Coast, Kenya, Tanzania, South Africa, DRC, Nigeria, Senegal and Republic of Congo.

21/10/2020
21/08/2020
24/03/2017

මාසික විදුලි බිල රුපියල් 2,000/-කට වඩා වැඩි නිවාසවල බලශක්ති අවශ්‍යතාව සූර්ය බලශක්තිය මඟින් සපුරාගැනීම දිරිමත් කිරීම සඳහා වන සහන ණය යෝජනා ක්‍රමයක් හඳුන්වා දීමට 2017 අයවැය මඟින් යෝජනා කෙරිණි. එහෙත් මෙරට විදුලි පාරිභෝගිකයින්ගෙන් 40%කගේ පමණ මාසික විදුලි බිල රුපියල් 300/-ට වඩා අඩු බැවින්, එම වැඩසටහන වඩා…

Address

20/3 Thalahena, Loluwagoda
Mirigama
094

Opening Hours

Monday 08:00 - 19:00
Tuesday 08:00 - 19:00
Wednesday 08:00 - 19:00
Thursday 08:00 - 19:00
Friday 08:00 - 19:00
Saturday 08:00 - 19:00
Sunday 08:00 - 22:00

Telephone

0772296218

Website

Alerts

Be the first to know and let us send you an email when Solar Bright - සුර්ය බලශක්ති posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share