11/07/2025
✅ ඔයත් ඔයාගේ ව්‍යාපාරයේ ROAS එක බලනවාද?
හොදයි.. අපි උදාහරනයක් විදියට ඔයා කුඩා ආපනශාලවක් කරගෙන යනවා කියලා හිතමු.. ඔයා දවසකට බත් පැකට් 20ක් සදහා ඇනවුම් ලබා ගන්නවා ඇයි අපි උපකල්පනය කරමු.. මේ සදහා ඔබ රුපියල් 5,000 ක් දවසකට Facebook ඇඩ් වලට වියදමක් දරනවා විදියට තව උපකල්පනයක් ගමු..බත් පැකට් 20 විකුනලා ඔයාට ලැබෙන මුදල 10,000 යි නම් ඔයාගේ ROAS එක එහෙම නැත්තම් ( Return on Ad Spend) කීයද?
මුලින් බලමු ROAS කියන්නේ මොකක්ද?
ඔබේ දැන්වීම්වලට වැය කරන සෑම රුපියලකටම ආපසු ලැබෙන ආදායමයි.
ඕනෑම ව්‍යාපාරයක් සඳහා මේක අනිවාර්යම බලන්න ඕනේ metric එකක්!
මේ බලන්න...
මුළු විකුණුම්: 10,000
දැන්වීම් වියදම: 5,000
ROAS : 10,000/5,000 =2
මෙතනදී ඔයා රුපියලක් ads වලට වියදම් කරලා Business එකට රුපියල් 2ක් ගෙනල්ලා තියෙනවා.. අපි බලන්න ඔනේ මේ ගානා වැඩි කරගන්න,
අපි ඊලග දවසක බලමු වැඩි කරගන්නේ කොහොමද කියලා...
ඔයාටත් ඔයාගේ Business එකේ ROAS වැඩි කරගන්න ඕනේ නම් අපිට කතාකරන්න...