25/08/2025
💻 | Microsoft Windows 11 24H2 Update May Cause SSD Failures.
මේව විට නිකුත් වි තිබෙන නවතම Windows 11 Update එක වන KB5063878 බාගත කිරීමෙන් පසු පරිගණක වල SDD/HDD drives හාණි වීම් වාර්තා වී තිබෙන බව බොහෝ තැන්වල සදහන් වෙනවා.
මේ හේතුවෙන් පරිගණක දත්ත විශාල ප්රමාණයක් අහිමි වීමේ අවධානමක් හටගන තිබෙන බවයි සඳහන් වන්නේ. ඒ හේතුවෙන් නවතම Update එක install නොකරන ලෙසටත් එය සිදු කළ පිරිස් පවසා තිබෙනවා. මේ හේතුවෙන් SSD/HDD drives freeze වෙන අවස්ථාද වාර්තා වනවා.
ප්රමාණයෙන් විශාල files කොපි කිරීමේදි මේ ආකාරයට යම් crash වීමක් වාර්තා වි තිබෙන බවටයි දැනට සඳහන් වන්නෙ. ඒ නිසා ඒ ආකාර ක්රියා සිදු කිරීමේදි සැලකිලිමත් වන ලෙස භාවිතා කල පුද්ගයන් දැනුම් දී තිබෙනවා.
Install කරපු පිරිස තමන්ගෙ data backup කර ගැනීම හෝ update එක unstall කිරීම වඩාත් සුදුසුයි.
බොහෝ දුරට මේ සඳහාඉදිරියේදි යම් fix update එකක් windows ආයතනය හරහා ලබා දෙනු ඇති බවට වාර්තා වනවා.
Source | windows latest | tsml