SF Ventures Lanka

SF Ventures Lanka 🚀 Innovating Traditions.
(20)

Shaping Futures.
🇱🇰 තාක්ෂණය, AI, Software Engineering, ව්‍යාපාරික නවෝත්පාදන සහ ඩිජිටල් විසඳුම් පිළිබඳ විශ්වාසදායක දැනුම බෙදාදෙන වේදිකාව.
💡 Learn • Build • Innovate • Impact
🌐 Future Technologies | AI | Engineering | Business

11/10/2026

⚡ කකුල් තුනේ ‘දොරටු පාලයා' -

0යි 1යි නීතිය දාපු එකාව හොයාගෙන යනකොට...

ඔන්න අද අපිට හම්බ වුණේ
කකුල් තුනේ දොරටු පාලයෙක් !

😳

දැන් කියපන් බලන්න...

ඌ අපිට දොර ඇරියද?
වැහුවද? 🤣

සමහරක් එවුනුත් ඉන්නවනෙ
නහරක් වැඩි එවුන්...

ඒ වගේ මුගෙත් කකුලක් වැඩි නිසාද
අපිට දොර වහයිද? 🤣

මූ වැඩි කකුලෙන්
අපිට පාට් දාන්න ආවොත්...

කකුලක් කඩලා බලමුද
මොකද වෙන්නෙ කියලා? 🤣

ඒත් ඉතිං...

මූට වැඩිපුර කකුලක් දීලා
වහලෙක් කරගත්තාද?

නැත්නම්...

වැඩිපුර කකුල එක්කම
ඉලෙක්ට්‍රොනික ලෝකයේ
‘වැඩ්ඩා’ කියන සම්මානෙත් දුන්නාද?

🤔

හරි...

කකුල් තුනම එක වගේ...

කොයි කකුලද වැඩි එක?

ඒක හොයාගන්න නම්
මුන් තුන්දෙනාව අඳුරගන්න වෙනවා.

හරි... දැන් එකා එකා...
වරෙව් ! කොයි එකාද වැඩි එකා බලන්න. 🤣

ඔහේ හිටු දොරටු පාලයගෙ අණ්ඩපාලයො ටික !

මෙතන 0යි 1යි ඉස්සර කරගෙන
වැඩ දාන්න ලෑස්ති වෙන්න එපා...

අඹරනවා අණ්ඩ.

ඔහේ හිටු !

හරි, අහුවුණා....

කවුද උඹ?
මොකද කරන්නෙ?

ම... ම... ම...

මම Collector !

ආ.. ආ.. උඹද කලෙක්ටරයා?

කියපන් මොකද කරන්නෙ?

ම... ම... ම... මම
ආරෝපණ එකතු කරගන්නවා.

ආහ් !

එහෙනම් උඹ තමයි
ආරෝපණ එකතු කරගන්න එකා !

හරි... ඊළඟට උඹ.

කවුද උඹ?

ම... මම Emitter !

ආ.. ආ.. උඹද එමිටරයා?

කියපන් බලන්න...
උඹ මොකද කරන්නෙ?

මම... ආරෝපණ වාහක පිට කරනවා !

ආහ් !

එමිටරයා පිට කරනවා.
කලෙක්ටරයා එකතු කරගන්නවා.

හරි.

එතකොට උඹලා දෙන්නා වැඩක් කරනවනෙ.

එහෙනම්....

වැඩකට නැතුව ඉන්නගමන්..
පාට් එක දාගෙන ඉන්නෙ
අනිත් එකා වෙන්න ඇති !

මෙහෙ වර නිකමා...

කියපන් බලන්න දැන්...
උඹ මොකද කරන්නෙ?

ම... මම... මමම...

මම මම

පප පප

නෙමෙයි....

කියපිය මොකද කරන්නෙ කියලා !

ම... මම Base !

මම තමයි මේ දෙන්නා අතර
ගලායන ධාරාව පාලනය කරන්න
උදව් වෙන්නේ !

ආ.. හා..

එහෙමද කියන්නෙ?

එහෙනම් උඹ නිකමෙක්ම නෙමෙයි...

දෙන්නගෙන් ගාණට වැඩේ කරවගන්න හින්දා
ලොකු සීන් එකේ ඉන්නවා ඇත්තෙ, නේද?

😏

මාර වැඩ්ඩෙක්නෙ බං !

එකෙක් ආරෝපණ වාහක පිට කරනවා.
අනිකා ඒවා එකතු කරගන්නවා.

උඹ ඉතිං මැද්දට වෙලා
දෙන්නගෙම වැඩේ පාලනය කරනවා !

ඒ මදිවට...

මෙච්චර වෙලා නිකමෙක් වගේ
බබා පාට් එකත් දැම්මා !

🤣

I can't see you ! 🤣

අඹරන්න හිතෙන්නෙ අණ්ඩ.

දැනගනින් දොරටු පාලයෝ...

ගලවලා දෙනවා කකුලක් අතට,
බල බලා ඉන්න !

😤

හැබැයි...

පොඩ්ඩක් ඉන්න.

කකුලක් ගැලෙව්වොත්
මොකද වෙන්නෙ?

එමිටරයා වැඩ කරන්නෙ කොහොමද?
කලෙක්ටරයා වැඩ කරන්නෙ කොහොමද?

උඹ නැතුව
ඒ දෙන්නගෙ වැඩේ
හරියට කරගෙන යන්න පුළුවන්ද?

🤔

ආයිෂ් අම්මා...

ඒකනෙ වැඩේ !

උඹේ කකුලක් ගලවලා දැම්මොත්
මුළු වැඩේම අවුල් වෙන්න පුළුවන් !

මොකද...

එමිටරයා ආරෝපණ වාහක පිට කරනවා.
කලෙක්ටරයා ඒවා එකතු කරගන්නවා.

ඒත් ඒ දෙන්නා අතර
ගලායන ධාරාව පාලනය කරන්න
බේසාගෙ සහයත් ඕන !

බේසාට දෙන කුඩා පාලන ධාරාවෙන්
Collector–Emitter අතර
ගලායන ධාරාව පාලනය කරන්න පුළුවන්.

ඒ කියන්නෙ...

මේ කකුල් තුනම
වැඩේට ඕන !

එකක් නැති වුණොත්
වැඩේ හරියට කරගන්න බැරි වෙන්න පුළුවන්.

එහෙනම්...

අදට උඹේ කකුල බේරුණා !

හැබැයි ඒ...
උඹට තියෙන ආදරේකට නෙමෙයි හොඳේ...

🤣

මෙතනින් එහාට යන්න බැරිවෙන හින්දා
බේරුණා කියලා හිතාගනින් !

හරි දොරටු පාලයෝ...

අදට උඹේ කකුල් තුනම
උඹටම තියාගනින් ! 🤣

හැබැයි...

උඹට පුළුවන් නම්
මේ 0යි 1යි දෙන්නා
එකතු වෙලා වැඩ කරන හැටිත්
අපිට පෙන්නපන් බලන්න !

මොකද...

උඹ තනියම දොර ඇරියට
උඹේ පිටිපස්සෙ තව කට්ටියක්
වැඩ කරනවා වගේ පේනවා ! 🤔

ඒ කවුද බං ඒ?

දොරටු පාලයා හිනාවුණා...

😏

ඒක දැනගන්න නම්... ඉතිං
ඊළඟ දොරටුවත් පහුකරගෙන
ඇතුළටම යන්න වෙනවා !

😳

හරි එහෙනම්...

ඊළඟ දොරටුව ළඟදී හමුවෙමු ! ⚡🚪

---

© 2026 SF Ventures Lanka™ | Knowledge Engine™
Original Knowledge Expedition • All Rights Reserved.

අද බොහෝ POS සහ Billing පද්ධතිවල Barcode එකක් Scan කර භාණ්ඩයක් හඳුනාගෙන බිල්පත් සකස් කිරීමේදී, එම භාණ්ඩය පිළිබඳ තොරතුරු ප...
02/10/2026

අද බොහෝ POS සහ Billing පද්ධතිවල Barcode එකක් Scan කර භාණ්ඩයක් හඳුනාගෙන බිල්පත් සකස් කිරීමේදී, එම භාණ්ඩය පිළිබඳ තොරතුරු පද්ධතියේ Inventory එකක්/තොග ගබඩා ලේඛනයක් තුළ කලින් පවත්වාගෙන යාම අත්‍යවශ්‍ය වන අතර, එය සාමාන්‍ය ක්‍රමවේදයකි.එය කුඩා ව්‍යාපාරිකයන්ට ප්‍රායෝගික නොවේ.
එහෙත්, Barcode එක මගින් භාණ්ඩය නිවැරදිව හඳුනාගැනීම සඳහා Inventory එකක් පවත්වාගෙන යාම අනිවාර්ය නොවන වඩාත් පහසු සහ වේගවත් Barcode Billing හැකියාවක් ගොඩනැගීම අපගේ ප්‍රධාන අරමුණයි.

ඒ සඳහා අවශ්‍ය මූලික පදනම වන්නේ නිවැරදි Barcode සහ නිෂ්පාදන දත්තයන් වේ.

ඒ වෙනුවෙන් SF Ventures Lanka™ මූලිකත්වයෙන් ගොඩනැගෙමින් පවතින Public Barcode Contribution System වෙත, ඔබගේ ආයතනය විසින් නිෂ්පාදනය කරනු ලබන හෝ බෙදාහරිනු ලබන Barcode සහිත පාරිභෝගික භාණ්ඩ පිළිබඳ පහත තොරතුරු ලබාදෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු:
* Barcode අංකය
* වෙළඳ නාමය (Brand)
* නිෂ්පාදන නාමය
* ප්‍රමාණය / බර / Size
* වෙනත් අදාළ නිෂ්පාදන තොරතුරු — තිබේ නම්.

🔐 දත්ත ආරක්ෂාව සහ ප්‍රවේශ පාලනය
ඔබ විසින් ලබාදෙන තොරතුරු Public Barcode Contribution System තුළ සීමිත ප්‍රවේශ පාලනයක් යටතේ පවත්වාගෙන යනු ලැබේ.
මෙම දත්ත පද්ධතියට ප්‍රධාන සංවර්ධකගේ අවසරයකින් තොරව බාහිර පුද්ගලයන්ට සෘජු ප්‍රවේශය ලබා නොදීම අපගේ දත්ත ආරක්ෂණ ප්‍රතිපත්තියේ මූලික කොටසකි.
එම දත්ත පරිශීලනය කිරීමට හෝ පද්ධති මට්ටමින් භාවිතා කිරීමට අවසර ලබාදෙනු ලබන්නේ, ප්‍රධාන සංවර්ධක විසින් විශේෂයෙන් අවසර ලබා දී ඇති ඩිජිටල් පද්ධති සඳහා පමණි.💪

ඔබගේ ආයතනය වෙනුවෙන් ලබාදෙන මෙම නිවැරදි දත්ත, Inventory එකක් මත පමණක් රඳා නොසිට Barcode මගින් නිෂ්පාදන හඳුනාගෙන බිල්පත් සකස් කළ හැකි වඩාත් විවෘත Barcode Billing පරිසරයක් ගොඩනැගීමට උපකාරී වේ.
එමගින්, ඔබගේ ආයතනික නිෂ්පාදන මිලදී ගන්නා පාරිභෝගිකයන් හට වඩාත් පහසු, වේගවත් සහ උසස් තත්ත්වයේ පාරිභෝගික සේවාවක් ලබාදීමට ඔබටත් ඔබගේ ආයතනයටත් වක්‍රාකාරව දායක විය හැක.

🌱 ඔබ ලබාදෙන එක් නිවැරදි Barcode තොරතුරක් — Inventory සීමාවෙන් ඔබ්බට පියවරක් තබන අනාගත Barcode Billing පහසුකමකට දායකත්වයක් විය හැකියි.👍

ඔබගේ අගනා තොරතුරු/දත්ත ඍජුවම මෙම සබැඳිය වෙත යොමු කළ හැක.
👉 billpotha.app/barcode
එසේ නොමැතිනම්,
👉 [email protected]
විද්‍යුත් ලිපිනය වෙත යොමු කිරීමටද ඔබට හැකිය.
ඔබගේ වටිනා සහයෝගය ගෞරවයෙන් අපේක්ෂා කරමු.
ස්තුතියි. ❤️

මෙයට -
Barcode Contribution System - ප්‍රධාන සංවර්ධක
SF Ventures Lanka™

📢 ඔබට හෝ ඔබගේ ආයතනයට තාක්ෂණික ඉදිරි පිම්මකට දායක වෙන්න පුළුවන්නම් 🤔කොහොමද ඒක?එසේ නම්, ඒ අගනා අවස්ථාව දැන් ඔබටත්, ඔබගේ ආය...
26/09/2026

📢 ඔබට හෝ ඔබගේ ආයතනයට තාක්ෂණික ඉදිරි පිම්මකට දායක වෙන්න පුළුවන්නම් 🤔

කොහොමද ඒක?

එසේ නම්, ඒ අගනා අවස්ථාව දැන් ඔබටත්, ඔබගේ ආයතනයටත් ලැබී ඇත ! 😎

Inventory මත පවතින සීමා බිඳ දමමින්, Barcode භාවිතා කර වඩාත් පහසුවෙන් සහ වේගවත්ව බිල්පත් සකස් කිරීමේ තාක්ෂණික පිම්ම සඳහා ඔබත් දායක වන්න. ඔබගේ ආයතනයේ දායකත්වයත් ලබාදෙන්න.

ඔබගේ ආයතනය විසින් නිෂ්පාදනය කරනු ලබන හෝ බෙදාහරිනු ලබන, Barcode තොරතුරු/දත්ත සහිත පාරිභෝගික භාණ්ඩ පිළිබඳ නිවැරදි තොරතුරු අප වෙත ලබාදීමෙන්, මෙම විවෘත Barcode දත්ත පදනම සංවර්ධනය කිරීම සඳහා ඔබටත්, ඔබගේ ආයතනයටත් අගනා දායකත්වයක් ලබාදීමට අවස්ථාව ලැබී ඇත.

ඔබ ලබාදෙන සෑම නිවැරදි Barcode තොරතුරක්ම, ඉදිරියේදී එම නිෂ්පාදන Digital මාධ්‍ය හරහා පහසුවෙන් හඳුනාගැනීමටත්, Barcode භාවිතයෙන් වේගවත් බිල්කරණයටත් උපකාරී වේ.

එමගින්, ඔබගේ නිෂ්පාදන මිලදී ගන්නා පාරිභෝගිකයන් හට වඩාත් පහසු, වේගවත් සහ උසස් තත්ත්වයේ පාරිභෝගික සේවාවක් ලබාදීම සඳහා ඔබටත් වක්‍රාකාරව දායක විය හැක.

🌱 ඔබගේ එක් Barcode තොරතුරක් — අනාගතයේ බොහෝ දෙනෙකුට ප්‍රයෝජනවත් විය හැකියි.
ඔබගේ Barcode තොරතුරු ලබාදෙන්න.

🚀 Barcode එකෙන් Bill එකක් හදන්න Inventory එකක් අනිවාර්යමද?සාමාන්‍යයෙන් POS System එකක් එක්ක වැඩ කරන ඔබට, Invoice App එකක...
24/09/2026

🚀 Barcode එකෙන් Bill එකක් හදන්න Inventory එකක් අනිවාර්යමද?

සාමාන්‍යයෙන් POS System එකක් එක්ක වැඩ කරන ඔබට, Invoice App එකක් භාවිතා කරන ඔබට මේ අත්දැකීම හුරු ඇති.
Barcode එක Scan කළාම භාණ්ඩය හඳුනාගෙන Bill එක හදන්න නම්, Inventory එකක් තිබිය යුතුයි.
ඒත්… 🤔

Inventory එකක් නැතිවම Barcode එකෙන් Bill එකක් හදන්න පුළුවන් නම්,
කොහොමද ඒක?
සුපිරියක් නේද? 😎

📦 Inventory ON
Scan → Product → Bill → Stock Deduction
===================
🧾 Inventory OFF
Scan → Product → Bill

ඒ කියන්නේ, Bill Potha™ සමඟ Barcode Billing භාවිතා කිරීමට Merchant කෙනෙකුට Inventory System එකක් maintain කිරීම අනිවාර්ය නොවේ.

👨‍💻 මේක Developers ලාටත් වැදගත් ආරංචියක් !
මේ පහසුකම POS Systems සහ Invoice Apps භාවිතා කරන අයට පමණක් නොවෙයි.

ඔබ Invoice App එකක් හෝ Billing Solution එකක් සංවර්ධනය කරන Developer කෙනෙක් නම්, ඉදිරියේදී ඔබගේ App එකේ පරිශීලකයන්ටත් මේ ආකාරයේ Barcode Billing පහසුකම ලබාදීමට Bill Potha™ සමඟ සම්බන්ධ විය හැකි අවස්ථාවක් අපි සූදානම් කරමින් සිටිනවා.

ඉතා සුළු මෙහෙයුම් ගාස්තුවක් මත, ඔබගේ App එකේ පරිශීලකයන්ටත් මේ පහසුකම ලබාදීම අපගේ ඉදිරි අරමුණක්.

⏳ තව ටික කාලයක් දෙන්න…
දැනට මෙම පහසුකම Bill Potha™ පරිශීලකයන් සඳහා පමණක් ලබාදෙන පහසුකමක්.
ඉදිරියේදී මෙය තවත් පිරිසකට ලබාගත හැකි ආකාරයට පුළුල් කිරීමට අපි කටයුතු කරමින් සිටිනවා.

ඒ සඳහා ඔබගේ සහයෝගය අත්‍යවශ්‍යයි ! ❤️

විශේෂයෙන්ම Barcode සහිත නිෂ්පාදන නිෂ්පාදනය කරන, අලෙවි කරන හෝ සතුව ඇති ආයතනවල සහයෝගය මෙහිදී ඉතා වැදගත්.

එමගින්, ඔබගේ නිෂ්පාදන මිලදී ගන්නා පාරිභෝගිකයාට වඩාත් පහසු, වේගවත් සහ උසස් තත්ත්වයේ පාරිභෝගික සේවාවක් ලබාදීම සඳහා ඔබටත් වක්‍රාකාරව දායක විය හැක.

🌱 ඉතින්, ඔබ සතුව හෝ ඔබේ ආයතනය සතුව Barcode සහිත නිෂ්පාදන තිබේ නම්,
එම නිෂ්පාදනවල Barcode තොරතුරු අප වෙත ලබාදෙන්න.

ඔබ ලබාදෙන සෑම Barcode තොරතුරක්ම,
ශ්‍රී ලංකාවේ විවෘත Barcode දත්ත පදනමක් සංවර්ධනය කිරීමට දායක වේ ! 👍

අද ඔබ ලබාදෙන එක් Barcode එකක්…
හෙට තවත් කෙනෙකුගේ Billing අත්දැකීම පහසු කරන්නට පුළුවන් ! ❤️

ඔබ සතු Barcode තොරතුරු ලබාදෙන්න.
👉 https://billpotha.app/barcode

14/09/2026

🔢 255ට නීති සම්පාදක -

අපි අන්තිමට නතර වුණේ...

255 ළඟ.

255...

උඹ ඇයි 255ක් වුණේ?

256 වෙන්න බැරිද?

1000 වෙන්න බැරිද?

කවුද උඹට
මේ සීමාව දැම්මේ?
..

පොඩ්ඩක් ඉන්න.

255 කියන්නේ
අංකයක් විතරයි නේද?

එහෙනම්...

මේ අංකෙට
මෙච්චර ලොකු නීතියක්
කොහෙන්ද ආවේ?

හරි...

255ට කලින්
මොනවද තියෙන්නේ?

254...
253...
252...

ආපස්සට යමු.

100...
99...
98...

තව ආපස්සට...

10...
9...
8...
7...
6...
5...
4...
3...
2...
1...
0.

හ්ම්...

එතකොට...

0 ඉඳලා
255 වෙනකම්
ඔක්කොම අංක ටික
ගණන් කරලා බැලුවොත්?

එකක්...
දෙකක්...
තුනක්...
..

මේක ටිකක්
අමුතු ගණනක් නේද? 🤔

0ත් තියෙනවා.

255ත් තියෙනවා.

ඒ දෙක අතර
තියෙන අංක ටිකත් තියෙනවා.

එතකොට
මුළු ගණන...

256 !

හෝව්...

255 කියන්නේ
උපරිම අගය.

හැබැයි...

0 ඉඳලා පටන් ගත්තොත්
අගයන් තියෙන්නේ
256ක්.

ඒ කියන්නේ...

255 කියන්නේ
ගණන නෙමෙයි.

සීමාව.

😳

හැබැයි...

ඇයි 256?

257 නෙමෙයි.

300 නෙමෙයි.

1000 නෙමෙයි.

256...

මේක ඇතුළේ
මොකක්හරි කෙළියක් තියෙනවා. 🤔

අපි 256
වෙන විදිහකට ලියලා බලමු.

256...

2 × 2 × 2 × 2 × 2 × 2 × 2 × 2

හ්ම්...

දෙක...
දෙක...
දෙක...
දෙක...
දෙක...
දෙක...
දෙක...
දෙක...

දෙක අට පාරක්.

2⁸

😳

හෝව්...

256 කියන්නේ
2⁸ නේද?

එතකොට...

අර අපි මෙච්චර වෙලා
හොය හොයා ආපු
255 කියන සීමාව...

ඒකත් මේ
2⁸ කතාවට සම්බන්ධද?

2⁸...

දෙකේ බලයක්.

හැබැයි...

මේ 8 කියන්නේ
මොකක්ද?

අටක් කියලා
නිකම්ම නිකං අටක් නෙමෙයි.

අපි මේ අටමගල මෙහෙම ලියාගමු.

0යි 1යි
තෝර තෝර
මේ අටමගල පුරෝගන්නවා.

00000000 විදිහට.

නැත්නම්...

11111111 විදිහට.

හැබැයි...

මේ දෙක විතරක් නෙමෙයිනේ. 🤔

00000001...

00000010...

00000011...

එක තැනක 1.

තව තැනක 1.

තවත් තැනක 1.

0යි 1යි
තැන් තැන්වල මාරු වෙවී...

එක එක රටා හැදෙනවා.
..

එතකොට...

මේ අට තැන්වල
0යි 1යි දාලා
හදන්න පුළුවන්
රටා කීයක් තියෙනවද? 🤔

එක තැනකට දෙකයි.

තැන් දෙකකට හතරයි.

තැන් තුනකට අටයි.

හ්ම්...

තැන් හතරකට...

16යි.

තැන් පහකට...

32යි.

තැන් හයකට...

64යි.

තැන් හතකට...

128යි.

එතකොට...

තැන් අටකට...?

256යි. 😳

හෝව්...

එහෙනම් මේක නිකම්ම
256ක් නෙමෙයි.

අපි කලින් දැකපු
2⁸ ම ආයෙත්
මෙතනට ඇවිත්!

හැබැයි...

තවමත් එක ප්‍රශ්නයක් තියෙනවා.

255 කොහෙන්ද ආවේ? 🤔

හරි...

ආයෙත් අර
අට තැන් ටික දිහා බලමු.

00000000

මේකෙන් පටන් ගමු.

0.

ඊළඟට...

00000001

1.

තව එකක්...

00000010

2.

එතකොට...

00000011

3.

හ්ම්...

0 ඉඳලා
එක එක රටා මාරු වෙවී
අංකත් ඉස්සරහට යනවා.
..

ඉතිං ඔහොම යද්දී...

එක එක තැන
0 වෙලා තියෙයි.

තව තැනක
1 වෙයි.

ආයෙත් රටාව වෙනස් වෙයි.

අංකයත් වෙනස් වෙයි.
..

අන්තිමට...

තවත් වෙනස් වෙන්න
තැනක් නැති වෙනකම්.

හැම තැනක්ම...

1

11111111

මේක තමයි...

255.

😳

හෝව් ✋

එතකොට 255ට

තව 1ක් එකතු කළොත්?..

මේ අටමගලේ

තවත් ඉස්සරහට යන්න

තැනක් නැති නිසා...

00000000

ආයෙත් මුලටම.

255 ඉඳලා...

0 ට.

😳

එහෙනම්...

මේ අටමගල ඇතුළේ
රටා 256ක් තියෙනවා.

හැබැයි අගයන්...

0 ඉඳලා 255 වෙනකම්.

හ්ම්...

දැන් තමයි
255 ඇයි මෙච්චර වැදගත් කියන එක
ටික ටික පැහැදිලි වෙන්නෙ...

හැබැයි...

තව පොඩි කෙළියක් තියෙනවා.

මේ 0යි 1යි
අට තැන්වල දාලා
රටා හදනවා කිව්වට...

එක එක තැන
එක එක බලයක් තියෙනවා වගේ නේද? 🤔

දකුණු පැත්තේ ඉඳන්...

1...

ඊළඟට...

2...

ඊළඟට...

4...

ඊළඟට...

8...

ඔහොම දෙගුණ වෙවී...

16...
32...
64...
128...

හ්ම්...

එහෙනම්...

මේ අට තැන්වල
0යි 1යි තියෙන එක විතරක් නෙමෙයි...

එක එක තැනට
තමන්ගේම බලයකුත් තියෙනවා.

හැබැයි...

මේ එක එක තැනට
හඳුන්වන පොදු නමක් තියෙනවා.

ඒක තමයි...

Bit කියන්නෙ.

😳

0
නැත්නම්
1

තමයි
එක bit එකක් වෙන්නෙ.

එතකොට...

අපි මෙච්චර වෙලා
කියපු අටමගල...

bit අටක්ද?

ඔව් !

bit...
bit...
bit...
bit...
bit...
bit...
bit...
bit...

bit අටක්.

එහෙනම්...

bit අටකටත්
නමක් ඇති නේද? 🤔

ඔව් !

Bit අටක්...

එකට එකතු වූණාමත්
පොදු නමක් තියෙනවා.

Byte.

😳

bit අටක් එකට ගත්තම
අපි ඒකට කියනවා...

Byte.

එතකොට...

අපි අටමගල කිව්වෙත්
මෙන්න මේ Byte එකට !

හුටා..

මේ බිටා නේද
බයිට් කියලත්
වෙස් මාරු කරගෙන
රඟන්නෙ? 🤣

කොහෙන් කොහොමහරි...

ඔන්න ඔහොමයි ඉතිං වුණා කියන්නෙ.

නීති සම්පාදකයෙක් හොයාගෙන ආපු මේ ගමනේ...
එහෙම එකෙක් ගැන තවම ඉඟියක්වත්
හොයාගන්න බැරි වුණා.

අන්තිමට...

අපි Byte එකක් ඇතුළේ
බයිට් වුණාවත්ද? 🤔
..

ඇත්තටම...

255ට නීති රෙගුලාසි පාට් දාන
මේ නීති සම්පාදක කවුද? 👀

© 2026 SF Ventures Lanka™ | Knowledge Engine™
Original Knowledge Expedition • All Rights Reserved.

06/09/2026

🎨 පාට කෙළිය -

අපි එදා කතාකරපු පික්සලයන්ගේ අංක ටික...
නිකම්ම ගොඩගහලා තිබුණොත්?

Photo එකක් හැදෙයිද? 😐

නෑ..

Photo එකක් ලොවෙත් නෑ !

--------

පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. 🤔

ඔය එක පික්සලයෙක්ද?

නෑ..

එකෙක් නෙමෙයි...

ඌත් එක්ක තවත් එකෙක්.

ඌත් එක්කත් තවත් එකෙක්.

ඒ විතරද?

නෑ..

තවත් පික්සලයෙක් එක්ක තවත් එකෙක්.

ඌ විතරකුත්ද?

ඒත් නෑ..

තව තව - තව තව පික්සලයෝ..

දැන් ඔහොම ඔහොම - ඔහොම ඔහොම

පික්සලයෝ කැලතක්.

එතකොට...

මේ කැලතම

තම තමන්ගේ පාට අරගෙන
තම තමන්ගේ තැන් තැන්වලම
ඔහේ හිටියොත්?

එතන එකෙක්...

මෙතන එකෙක්...

තව තැනක තවත් එකෙක්...

හැබැයි...

මෙතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා.

මේ පික්සලයන්ට
ගන්න පාට කියලා තියෙන්නේ...
රතුයි, කොලයි, නිලුයි විතරමයි.

ඒත් අපි Photo එකක් බලද්දි
ඔය පාට තුන විතරමද තියෙන්නේ?

නෑනේ...

කහ තියෙනවා.
තැඹිලි තියෙනවා.
දම් තියෙනවා.

තව කොච්චරනම් පාට තියෙනවාද?

එහෙනම්...

රතු, කොළ, නිල්.

මේ තුනෙන්
මේ හැම පාටක්ම එන්නේ කොහොමද?

මෙතන තමයි...

අපිට හම්බවෙන්නේ....
අර අමුතු අකුරු තුන.

RGB.

Red-Green-Blue.

හැබැයි RGB කියන්නේ
පාට තුනක නමක් විතරක් නෙමෙයි.

එක පික්සලයෙක් ළඟ
අංක තුනක් තියෙනවා.

රතු අගය කොච්චරද?

කොළ අගය කොච්චරද?

නිල් අගය කොච්චරද?

ඒ අංක තුනේ
ප්‍රමාණය වෙනස් වෙනකොට...

ඒ ඒ පික්සලයාගේ පාටත්
වෙනස් වෙනවා.

උදාහරණ අරන් බලමු...

රතු අගය 255යි.

කොළ අගය 0යි.

නිල් අගය 0යි.

255, 0, 0 = රතු.

හැබැයි...

රතුයි

කොළයි

දෙකම එක පාර උපරිමයට
වැඩි කළොත්?

රතු අගය 255යි.

කොළ අගය 255යි.

නිල් අගය 0යි.

255, 255, 0 = කහ.

--------

රතුයි - කොලයි - නිලුයි
3ම එක පාර උපරිමයට
වැඩි කළොත්?

රතු අගය 255යි.

කොළ අගය 255යි.

නිල් අගය 255යි.

255, 255, 255 = සුදු.

--------

රතුයි - කොලයි - නිලුයි
3ම එක පාර අවම කළොත්?

රතු අගය 0යි.

කොළ අගය 0යි.

නිල් අගය 0යි.

0, 0, 0 = කලු.

--------

හෝව් ! හෝව් !!

පොඩ්ඩක් ඉන්න. ✋

කහ

සුදු

කලු

කොහෙන්ද ආවේ?

කහ, සුදු, කලු කියලා

වෙන වෙනම අංකයක් දුන්නෙත් නෑ...

වෙන වෙනම පික්සලයෙක් ආවෙත් නෑ...

රතුයි, කොළයි, නිලුයි

එක එක විදියට
ඇවිත් නෑවිත්

කෙල නොවී....

කහ වෙලා..
සුදු වෙලා
කලු වුණා.

--------

දැන් එතකොට තේරෙනවා...

රතු - කොළ - නිල්

පාට තුනේ ප්‍රමාණය වෙනස් කර කර...

අලුත් අලුත් පාට මවන්න

අලුත්ම අලුත් පාට මතුකරන්න පුළුවන්.

අන්න ඒක තමයි...

මේ... 🤌ක !

ඕක ?

අහවල් මේකද? 🤔

මේක තමයි...

පාට කෙළිය ! 🤣

--------

හරි, දැන් ආපහු
අපි පික්සලයෝ කැලත ළඟට ගියොත්...

එක පික්සලයෙක් ළඟ
තමන්ගෙම අංක තුනක්.

තව එකෙක් ළඟ
තමන්ගේ අංක තුනක්.

තවත් එකෙක් ළඟ
තමන්ගේ අංක තුනක්.

කෙනෙක් ළඟ
රතු වැඩියි.

තව කෙනෙක් ළඟ
කොළ වැඩියි.

තව කෙනෙක් ළඟ
නිල් වැඩියි.

තවත් කෙනෙක් ළඟ
රතුයි කොළයි නිලුයි
එකට එකතු වෙලා.

එක එකාට
තම තමන්ගේම පාට.

හැබැයි...

තවමත් මේක
තනිකරම කැලතක් විතරයි.

ඔහේ තැන් තැන්වල.

එකෙක් මෙතන.

තව එකෙක් එතන.

තවත් එකෙක්
වෙන තැනක.

පාට හරි.

අංක හරි.

පික්සලයෝ ඉන්නවා.

ඒත්...

මූණක් තියා...
මයිල් ගහක්වත් නෑ.

ඇයි ඉතිං එහෙම?

හරි, දැන් මෙහෙම හිතන්නකෝ...

එක පික්සලයෙක්
තමන්ගේ පාටත් අරගෙන
මෙතනට ආවා.

තව එකෙක්...
වෙන තැනකට ගියා.

තවත් එකෙක්...
තව තැනකට ගියා.

එක එකා
එක එක තැන්වල.

අන්තිමට, ඔයින් මෙයින්...

ඇහැ තියෙන්න ඕනි තැන
කන තිබුණොත්...

කන තියෙන්න ඕනි තැන
කට තිබුණොත්...

කොහොමද අයියෝ...
රට ලෝකෙට මූණ දෙන්නෙ? 🤣

අන්න එතකොට තේරෙනවා...

පාටත් හරි.

අංකත් හරි.

හැබැයි තැන වැරදියි.

පෙනුම...

අංඤ කොරොස් නේද? 😐

එහෙනම්...

පාට තිබුණා කියලා
විතරක් මදි.

පික්සලයන්ට
තම තමන්ට නියමිත තැනකුත්
හොයාගන්න වෙනවා.

අන්න එහෙම...

එක පික්සලයෙක්...

තමන්ගේ ඉලක්කම් ටික අරගෙන
තමන්ට නියමිත තැනට ගියා.

එහෙම්මම තව එකෙක්...

ඌ වගේම තවත් එකෙක්...

ඔහොම ඔහොම
කැලතම.

එකෙක් මෙතන.

තව එකෙක් එතන.

තවත් එකෙක් ඊට පස්සේ...

හෙමින් හෙමින්...

තැන් තැන්වල විසිරිලා තිබුණු
පාට ටික
එකිනෙකා ළංවෙන්න පටන් ගත්තා.

අඳුරු පාටක්...

තවත් අඳුරු පාටක් ළඟට.

දීප්තිමත් පාටක්...

ඒකටම අදාළ තැනකට.

සමට ලා පාටක්...

කෙස්වල අඳුරට වෙනම පාටක්.

ඇස් ළඟ
තවත් අඳුරක්.

ඔන්න ඕක
ටිකක් ඈත් කරලා බලපුවාම....

තිත් තිත් - තිත් තිත් - තිත් තිත්
තියෙනවා...

ඒ තිත් තිත් ගොඩ ඇරෙන්න
වෙන කිසිදෙයක් නෑ.

එතකොට මූණක්..... ?

නෑ.

තවම නෑ.

අපි ටිකක්
පස්සට යමු.

තව ටිකක්...

තවත් ටිකක්...

තවමත්
පැහැදිලි මූණක් නෑ.

තව පික්සලයෙක්...

තවත් එකෙක්...

තවත් එකෙක්...

එකිනෙකාව හොයාගෙන,

තම තමන්ට නියමිත තැන්වල

හරිම පිළිවෙළකට ඉන්නවා.

අපි තවත්
පස්සට ගිහින් බලමු.

-------

😳

ආයිෂ් අම්මා..

මූණත් තහඩුව !

--------

අන්න එතැනයි...

අපිහොයා හොයා ආපු
අර පුදුමකාර රහස
එළියට එන්නේ.

නිකම්ම නිකම්
අංක ගොඩක් වෙච්ච
අර බිංදු ටිකයි
එකේ ටිකයි

මුහුදු පතුල යට ඉඳලා..

වීදුරු තන්තු දිගේ
එළි වෙලා ඇවිත්...

අන්තිමට මෙන්න මේ විදිහට
එකිනෙකා අඳුනගෙන,

එකිනෙකා වැළඳගෙන,

එක මිටට - එක පෙළට

තම තමන්ට නියමිත තැන්වල
පැලපදියම් වුණාම...

අපි දකිනවා

අපි අතින්ම යැවුණු,

අපි හිතුවටත් වඩා
ජීවමාන අර ලස්සනම ලස්සන
ඩිජිටල් රූපය.

ස්වභාවධර්මයේ නෙමෙයි...

ගණිතයේ සහ
ආලෝකයේ
අරුමයෙන් මැවුණු

💡 පික්සල මූණත් තහඩුව.
..

හැබැයි ඉතින්...

මෙතනින් මේ කතාව
ඉවරයි කියලා හිතුවානම්..

ඔයා වැරදියි. 😌

අපි හැම තැනකම දැක්කේ
අර 255 කියන සීමාව.

රතු 255යි.

කොළ 0යි.

නිල් 0යි.
..

256 ත් නොවී...

1000 ත් නොවී...

255 ම වුණේ ඇයි?

අපිට ඕන ඕන විදිහටහරි...

පික්සලයන්ට ඕන විදිහටහරි...

වෙන කාට කාටහරි
ඕන විදිහටහරි...

ඒක වෙනස් කරන්න බැරි ඇයි?

කවුද මේ අංකෙට
මෙච්චර තදින්
සීමාවක් දාලා තියෙන්නේ?

--------

පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. 🤔

සමහරවිට ඒක..
අනාගතේ එක එකාගේ
පාට උලපු
බොරුවලට, කෙබරවලට,
පචවලට අහුවෙලා පච නොවී ඉන්නත්
ලොකූ උදව්වක් වේවි ! 😌

ඒ කොහොම වුණත්...

අපිටනම් ඉතිං නීති දාන්නේ
225 දෙනෙක්නෙ නේද?

එතකොට මේ...
255 ට නීති දාන්නෙ කවුද?

කවුද ඒ නීති සම්පාදක?

ඒ නීති වලංගු 255ට විතරමද? 🤔

© 2026 SF Ventures Lanka™ | Knowledge Engine™
Original Knowledge Expedition • All Rights Reserved.

16/08/2026

🎨 පාට උඩ යන විදිහ -

එදා අන්තිමට...

අපිට පොඩි සැකයක් ආවනේ.

ඕක ඇතුළට රිංගපු

අපේ මූණත් තහඩුත්—

නිකම්ම නිකං අංකයක්

වෙන්න බැරිද?

😐..

හරි.

එහෙනම් මගේ මූණ

අංකයක් කියමුකෝ.

ඒ අංකේ මොකක්ද?

අපි ලියන විදිහට—

27 ද?

846 ද?

109234 ද?..

නැත්නම්...

අර කළු කෑල්ලේ විදිහට—

1 ද?

10 ද?

101101 ද?

😐..

පොඩ්ඩක් ඉන්න.

මොන විදිහට ලිව්වත්...

මූණකට එක අංකයක් හොයන එකේම

මොකක්හරි අවුලක් නැද්ද?..

අනික...

මගේ මූණට එක අංකයක් තියෙනවා නම්—

උඹේ මූණටත්

වෙන අංකයක් තියෙන්න එපැයි.

එහෙනම් Photo එකේ

මිනිස්සු දහ දෙනෙක් හිටියොත්—

අංක දහයක්ද?

😐..

නෑ...

කොහේ හරි

අපිට වැරදිලා වගේ. 😌

මූණම අංකයක් වෙනවා නෙමෙයි නම්...

මූණ හදන මොනවා හරි

අංක වෙලාද?

🤔..

හරි.

එහෙනම් මූණ ටිකකට අමතක කරලා...

Photo එකේ

කොනක් අල්ලගමු...

මෙන්න මෙතන.

මේ රතු පාට.

🔴..

හැබැයි...

එදා මම කිව්වනේ—

ඇඹිටිල්ලන් රතු පාට

දන්නේ නෑ කියලා.

😐..

එතකොට...

රතු පාට

අංකයකින් කියන්නේ කොහොමද?

😐..

හරි.

රතු කිව්වට...

එකම රතු පාටක්ද තියෙන්නේ?

මේකත් රතු.

🔴

මේකට වඩා ටිකක් අඩු රතු.

තව එකක් ඊටත් අඩුයි.

තව එකක් තදයි...

එහෙනම්...

“රතුද?”

කියලා අහන එකට වඩා—

“රතු කොච්චරද?”

කියලා අහන්න බැරිද?

😐..

රතු අඩු නම්—

අංකෙත් අඩු කරමු.

රතු වැඩි නම්—

අංකෙත් වැඩි කරමු.
..

රතු ටිකක් වැඩි කළා...

අංකෙත් උඩට.

තව ටිකක් වැඩි කළා...

අංකෙත් තව උඩට.

😐..

පොඩ්ඩක් ඉන්න...

එහෙම බලපුවාම

පාට උඩ යන එකම

නෙමෙයිද වෙන්නෙ?

🤣..

හරි හරි... 😌

කොහොමහරි...

දැන් අපිට

රතු පාට ගැන—

“කොච්චරද?”

කියලා අහන්න පුළුවන්.

😐..

හැබැයි...

Photo එකේ තියෙන්නේ

රතු විතරක් නෙමෙයිනේ.

😐

කොළත් තියෙනවා.

නිලුත් තියෙනවා...

එහෙනම් මේ තුන—

Red.

Green.

Blue.

කෙටියෙන්—

RGB.

😐..

එතකොට—

රතු කොච්චරද?

කොළ කොච්චරද?

නිල් කොච්චරද?..

ඒ ප්‍රමාණ

මනින්නේ කොහොමද?

🤔..

හරි.

උදාහරණයකට—

0 ඉඳන් 255 වෙනකන්

අගයන් පාවිච්චි කරලා

පාට ගැන අංකවලින් කියන

විදිහක් ගමු.

0...

ටිකක්...

තව ටිකක්...

තව වැඩියෙන්...
..

එහෙනම්—

රතු පැත්තට 255.

කොළ පැත්තට 0.

නිල් පැත්තට 0.

255, 0, 0..

අපේ ඇහැට?

🔴

රතු.

😐..

පොඩ්ඩක් ඉන්න.

එහෙනම්...

පාට ඕක ඇතුළට ගියේ

පාට විදිහටම නෙමෙයි.

ඒ පාට ගැන තොරතුරු—

අංකවලින් කියලා තියෙනවා...

හරි.

දැන් අපි අල්ලගත්ත

Photo එකේ කොනට ආපහු යමු.

තව ටිකක් ළඟට කරලා බලමු...

තව ළඟට...

තව ළඟට...

තව ළඟට...

😐..

අම්මට සිරි...

මේකත් තනි එකක් නෙමෙයිනේ.

පුංචි පුංචි කොටු ගොඩක්...

හරි.

එක කොටුවක් ගමු.

මේ පුංචි එකාට

මුළු Photo එකේම විස්තර

දැනගන්න ඕනද?..

නෑ.

ඌට ඌ ඉන්න තැනට අදාළ

පාට ගැන විස්තරේ තිබුණාම

හොඳටෝම ඇති.

😌..

එක කොටුවක්.

තව එකක්.

තව එකක්.

තව එකක්...
..

එක එක තැන.

එක එක පාට.

මේ වගේ පුංචි කොටු—

එකක් දෙකක් නෙමෙයි.

දහස් ගාණක්...

ලක්ෂ ගාණක්...

මිලියන ගාණක්.

😐..

ඔන්න දැන් තමයි

මේ පුංචි එකාගේ නම හම්බවෙන්නේ.

Pixel.

😐..

එහෙමනම්...

අපි Phone එකක් ගන්නකොට

බලන—

“Megapixel” කියන්නෙත්...

මේ Pixel මද?

😐..

ඔව්.

හැබැයි...

එකක් දෙකක් නෙමෙයි.

මිලියනයක්.

Pixel මිලියනයක්—

Megapixel එකක්.

😐..

එහෙමනම්...

12 Megapixel කියන්නේ—

මේ පුංචි කොටු

මිලියන 12ක් විතරද?

😐..

දළ වශයෙන්—

ඔව්. 😐..

දැන් ටිකක්

ආපහු ඈතට යමු.

එක Pixel එකක්.

ඊළඟ එක.

තව එක

තව එක.....

පේළියක්.

තව පේළියක්.

තව එකක්.....

පුංචි කොටු

මිලියන ගාණක්.

එක එක තැන්වල—

එක එක පාට ගැන

අංකවලින් කියපු තොරතුරු.

ඒවා නිකම්ම

ගොඩගහලා නෙමෙයි.

පිළිවෙළකට.

පේළි.

තීරු...

😐

පොඩ්ඩක් ඉන්න.

එහෙනම්...

අපි එදා අන්තිමට හිතපු විදිහට—

අපේ මූණත් තහඩුව

එක අංකයක් වෙලා නෙමෙයි.

අපේ Photo එකේ

පෙනුම ගැන තොරතුරු—

අංක මහ ගොඩක් ඇතුළේ

හැංගිලා තියෙනවා.
..

එහෙනම්...

අපි Photo එක ඇතුළට ගිහින්—

පාට පස්සේ ගියා.

පාට අංකවලින් කියන හැටි බැලුවා.

අන්තිමට...

පුංචි පුංචි Pixel

මිලියන ගාණක් හම්බවුණා.

😐
..

හරි.

Photo එකක් ඇතුළේ

අපිට පේන දේවල්—

ඇතුළේ තියෙන්න

කොහොමද කියලා

දැන් ටිකක් පේනවා.

😐
..

ඒත්...

ඔය අංක ගොඩෙන්—

අපේ මූණ

ආපහු එළියට ගන්නේ කොහොමද?
🤔..
🎨⚡⬛
© 2026 SF Ventures Lanka™ | Knowledge Engine™
Original Knowledge Expedition • All Rights Reserved.

14/08/2026

ඇඹිටිල්ලන් විදුලි වහල්ලු -

එදා...

අන්තිමට අපිට හම්බවුණේ—

ඇහැටවත් පේන්නෙ නැති තරම්
ඇබීත්තං කෑලි බෑලි ගොඩක්.

ඒවා Photo දන්නෙත් නෑ.

Video දන්නෙත් නෑ.

අපේ මූණ දන්නෙත් නෑ.

සිංහල දන්නෙත් නෑ.

English දන්නෙත් නෑ.

AI දන්නෙත් නෑ.
..

එහෙනම්...

එක කෑල්ලක් අල්ලගෙන අහමු.

උඹට මොනවද කරන්න පුළුවන්? 😐
..

උත්තරේ ඇහුවම නම්—

මේකටද අපි මෙච්චර දුරක්
ඇවිත් තියෙන්නෙ කියලා හිතෙයි. 😌

මොකද...

අපි ඒකෙන් බලාපොරොත්තු වුණේ—

ගණන් මිනුම් හදාගෙන...

දේවල් සංසන්දනය කරගෙන...

රටා හොයාගෙන...

රටා හදාගෙන...

මතක තියාගෙන...

අන්තිමට—

AI එකක් දක්වාම මෙහෙයවන...

සුපිරි වැඩ කෑල්ලක් !

😐
..

ඒත් මේ ඇබීත්තං කෑල්ලට
කරන්න පුළුවන් වැඩේ?

විදුලියට යන්න දෙන්න.

නැත්නම් නවත්තන්න.
..

එච්චරයි. 😐

මොකක්?

මෙච්චර වෙලා අපි හොයාගෙන ආපු
විශ්වකර්ම වැඩේට...

මේක කරන්නේ—

විදුලියට යන්න දෙන එකයි,
නැත්නම් නවත්තන එකයි ද? 😐
..

හරි.

එකක් විතරක් දිහා බැලුවම නම්...

මහා ලොකු රාජකාරියක් නෙමෙයි තමයි.

යන්න දෙනවා.

නවත්තනවා.

යන්න දෙනවා.

නවත්තනවා.
..

ඔච්චරයි. 😌

හැබැයි...

අර කළු කෑල්ල ඇතුළේ තියෙන්නේ
මේ වගේ එකක් දෙකක් නෙමෙයි.

මේ වගේ ඇබීත්තං ඇබීත්තං
ඇඹිටිල්ලන් බිලියන ගාණක්. 😐
..

දැන් හිතන්න.

මේ ඇඹිටිල්ලන් එකෙක්

විදුලියට යන්න දෙනවා.

තව එකෙක් නවත්තනවා.

තව එකෙක් යන්න දෙනවා.

තව එකෙක් නවත්තනවා.
..

බිලියන ගාණක්.

එක එක විදියට.

එක එක වෙලාවට.
..

හරි.

දැන් අපිට වෙන්කරගන්න තියෙන්නේ—

තත්ත්ව දෙකක්.

යන්න දෙනවා.

නවත්තනවා.

මේ දෙක හැම තිස්සෙම
කිය කිය ඉන්නත් බෑ. 😌

එහෙනම්...

මේ තත්ත්ව දෙකට
ලකුණු දෙකක් දාගමු.

එකකට—

1

අනිකට—

0
..

හරි.

දැන් වැඩේ ලේසියි.

1 0 1 1 0 0 1 0...

😐
..

ලේසියි කිව්වට...

මට නම් මෙලෝ දෙයක් තේරෙන්නේ නෑ. 😌

Photo එක කොහෙද?

මූණ කොහෙද?

පාට කොහෙද?

සිංහල කොහෙද?

AI එක කොහෙද?

තියෙන්නේ—

0යි 1යි.
..

පොඩ්ඩක් ඉන්න.

එහෙනම් මේ 0යි 1යි කියන්නේ
මේ අහවල් කෑලි බෑලි කතා කරන භාෂාවද?
..

නෑ. 😌

ඒවා 0 දන්නෙත් නෑ.

1 දන්නෙත් නෑ.

0යි 1යි කියලා
ලකුණු දෙකක් දාගත්තේ—

අපි.

අර තත්ත්ව දෙක
වෙන්කරලා හඳුනාගන්න ලේසි වෙන්න.
..

එතකොට...

Photo දන්නෙත් නෑ.

Video දන්නෙත් නෑ.

සිංහල දන්නෙත් නෑ.

English දන්නෙත් නෑ.

AI දන්නෙත් නෑ.

0යි 1යි දන්නෙත් නෑ. 😐
..

හරි.

දැන් නම් වැඩේ තවත් අවුල්.

කිසි දෙයක් දන්නෙත් නැත්නම්...

මෙච්චර වැඩ කරන්නේ කොහොමද?
..

පොඩ්ඩක් ඉන්න.

සමහරවිට අපි අහන්නේ
වැරදි ප්‍රශ්නයක්.

“මේවා දන්නේ මොනවද?”

කියලා නෙමෙයි...

“මේවාට කරන්න පුළුවන් මොනවද?”

කියලා බලමු.
..

ඒක නම් අපි දැන් දන්නවනේ.

විදුලියට යන්න දෙන්න.

නැත්නම් නවත්තන්න.
..

හැබැයි...

එක ඇඹිටිල්ලෙකුට තනියම
ඕක කර කර ඉන්න දුන්නොත්—

අපිට Photo එකක්
ලොවෙත් හම්බවෙන්නේ නෑ. 😌

එහෙනම්...

ඇඹිටිල්ලන් දෙතුන් දෙනෙක්
එකට ගළපලා බලමු.
..

මේ දෙන්නා මෙහෙම සම්බන්ධ කරමු.

මේ පැත්තෙන් මේ දෙකෙන්ම
විදුලිය ආවොත් විතරක්—

එහා පැත්තට යන්න දෙන්න.

එකකින්වත් ආවේ නැත්නම්?

නවත්තන්න.

දෙකෙන් එකකින් විතරක් ආවොත්?

ඒත් නවත්තන්න.

දෙකෙන්ම ආවොත්?

යන්න දෙන්න.
..

පොඩ්ඩක් ඉන්න.

අපි මේ ඇඹිටිල්ලන් ටික
සම්බන්ධ කරපු විදිහෙන්ම...

නීතියක් වගේ එකක්
හැදිලා නේද? 😐
..

අමුතුවෙන් හිතලා
තීරණයක් ගත්තෙත් නෑ.

ඒත් සම්බන්ධ කරලා තියෙන විදිහ නිසා—

මේක වුණොත්...

මේක වෙනවා.

නැත්නම්...

වෙන්නේ නෑ.
..

පොඩ්ඩක් ඉන්න.

මේක ටිකක් හුරුයි වගේ නැද්ද? 😐

අපිත් දවස පුරා
කරන්නේ මේ වගේ වැඩනේ.

වැස්ස නම්—

කුඩේ ගන්නවා.

කොළ පාට ලයිට් එක නම්—

යනවා.

රතු නම්—

නවතිනවා.
..

හැබැයි අර අහවල් ඇඹිටිල්ලන් ටික...

වැස්ස දන්නෙත් නෑ.

කුඩේ දන්නෙත් නෑ.

කොළ පාට, රතු පාට දන්නෙත් නෑ.

නීතියක් ගැන දන්නෙත් නෑ.

😐
..

එවුන් කරන්නේ—

විදුලියට යන්න දෙන එක.

නැත්නම් නවත්තන එකම විතරයි.
..

නැවත නැවත.

නැවත නැවත.

එකම රාජකාරිය.

තමන් කරන්නේ මොකක්ද කියලා
දන්නෙත් නෑ.

ඒකෙන් අන්තිමට වෙන්නෙ මොකක්ද කියලා
දන්නෙත් නෑ.

කියන වැඩේ කරනවා.

එච්චරයි.

😐
..

හැබැයි...

මේ වගේ එවුන් බිලියන ගාණක්
එකට වැඩ කරනකොට—

“දන්නවා” වගේ වැඩක්
මතුවෙන්නේ කොහොමද?

🤔
..

හරි.

ඒක හොයාගන්න කලින්...

අපිට පුළුවන් පොඩි වැඩක්
කරලා බලමු.

අර පොඩි නීති ටික
එකට ගළපලා—

ගණනක් හදමු.
..

1යි 1යි එකතු කරලා බලමු.

ඉස්කෝලේ කළු ලෑල්ලේ නම්—

උත්තරේ 2යි.
..

හැබැයි...

අපේ කළු කෑල්ලේ
2ක් කොහේද? 😐

අපිට තිබුණේ...

0යි.

1යි.
..

එහෙනම්...

1යි 1යි එකතු කරලා—

2ක් නැතුව
උත්තරේ කියන්නේ කොහොමද?

🤔
..

පොඩ්ඩක් අපේ ගණන් පැත්තට
හැරිලා බලමු.

අපිටත් මේ වගේ වැඩක් වෙනවා.

9ට පස්සේ මොකක්ද?

10.
..

ඒත් පොඩ්ඩක් බලන්න.

10 කියලා අලුත් ඉලක්කමක්
අපි හදාගත්තද?

නෑ.

අපි කරපු දේ—

තියෙන ඉලක්කම් දෙකක්
වෙනස් තැන් දෙකක තියපු එක.

1

0

එකට—

10

😐
..

පොඩ්ඩක් ඉන්න.

එහෙනම්...

අපේ ගණන්වල ඉලක්කම් දහයක් තියෙන නිසා
9 ඉවර වුණාම—

තව තැනක් ඕන වෙනවා.
..

අර කළු කෑල්ලගෙ ලෝකෙ?

තියෙන්නේ ලකුණු දෙකයි.

0

1

එහෙනම් 1 ඉවර වුණාම?
..

එතනත් තව තැනක් ඕන වෙනවා. 😐

ඒ කියන්නේ—

1 + 1 = 10
..

😐

මොකක්?

එකයි එකයි එකතු කළාම දහයද?
..

නෑ. 😌

ඔන්න ආයෙත් අපිම අහුවුණා.

ඒක මෙතන—

“දහය” නෙමෙයි.

“එක-බිංදුව.”

අපේ ගණන් ලියන ක්‍රමයේ
10 කියන්නේ දහය.

හැබැයි...

ලකුණු දෙකෙන් විතරක්
ගණන් කරන මේ ක්‍රමයේ—

10 කියන්නේ
අපි “2” කියන වටිනාකම.
..

එහෙනම්...

2 නැතිවෙලා නෑ. 😐

2 වෙස් මාරු කරලා.

අපිට පේන්නේ—

10
..

හරි.

දැන් එක ගණනක් හදාගත්තා.

ඒත් මේකෙන්
අපේ Photo එකට මොකද වුණේ?

තාම Photo එකක් නෑ. 😌
..

තියෙන්නේ—

0යි 1යි.

ඒ ඉලක්කම්වලින් ගොඩනැගුණු
තවත් අංක.
..

හැබැයි...

පොඩ්ඩක් හිතන්න.

ඉලක්කමකට පුළුවන් නම්...

පාටක් කියන්න?

අකුරක් ලියන්න?

ශබ්දයක් නගන්න?

😐
..

එහෙනම්...

අපි Photo එකක් කියලා බලන දේත්—

ඕක ඇතුළට ගිහින්...

ඉලක්කමක් වගේ හරි
අංකයක් වගේ හරි
වෙස් මාරු කරනවද?

🤔
..

එහෙම බලපුවාම නම් ඉතිං...

ඕක ඇතුළට රිංගපු
අපේ මූණත් තහඩුත්—

නිකම්ම නිකං අංකයක්
වෙන්න බැරිද? 😐
..

⚡⬛

© 2026 SF Ventures Lanka™ | Knowledge Engine™
Original Knowledge Expedition • All Rights Reserved.

📦 බඩු ඉවරයි කියලාදන්නෙ Customer ඉල්ලුවාට පස්සෙද? 🤔ව්‍යාපාරයක Stock එක කියන්නේ බඩු ටිකක් විතරක් නෙවෙයි.📦 Inventory එකේ ති...
13/08/2026

📦 බඩු ඉවරයි කියලා
දන්නෙ Customer ඉල්ලුවාට පස්සෙද? 🤔

ව්‍යාපාරයක Stock එක කියන්නේ බඩු ටිකක් විතරක් නෙවෙයි.

📦 Inventory එකේ තියෙන්නේ මොනවාද?
⚠️ අඩුවෙමින් තියෙන බඩු මොනවාද?
💰 Stock එකේ වටිනාකම කීයද?
🏷️ Barcode එක්ක products manage කරන්නේ කොහොමද?

මේ හැම දෙයක්ම එකම තැනකින් බලන්න පුළුවන් නම්?

Bill Potha™ Product Inventory Manager සමඟ ඔබගේ ව්‍යාපාරයේ Stock එක පහසුවෙන් සංවිධානය කරගෙන, Low Stock Alerts හරහා අඩුවෙන බඩු කලින්ම හඳුනාගන්න.

📦 Inventory
⚠️ Low Stock Alerts
💰 Stock Value
🏷️ Barcode Support

🚧 දැනට පරීක්ෂණ අදියරේ.
🚀 ළඟදීම ඔබේ ව්‍යාපාරයට.

© 2026 SF Ventures Lanka™
Business Promotion™

12/08/2026

බිල සූත්‍රය -

මතකද අන්තිමට Photo එක අපි අතට දුන්න...

⚡ විදුලි බිල?
..

හරි.

අද photo එක පැත්තකින් තියලා...

විදුලි බිල අතට ගමු. 😌

පොඩ්ඩක් බලමු.

අපි තියාගන්න ගියේ Photo එකක්.

අන්තිමට අතට ආවේ විදුලි බිලක්.
..

කොහොමහරි...

ඔන්න දැන් ඒ Photo එකේ වටිනාකම
බිල බැලුවම බලාගන්න පුළුවන් වෙයි. 😌
..

හැබැයි මේ බිල හැදුණේ කොහොමද?

මුලින්ම පේන ටික ලේසියි.

Photo එක තියාගන්න ඉඩ ඕනේ.

ඒකට යන්ත්‍ර ඕනේ.

යන්ත්‍රවලට විදුලිය ඕනේ.

ඒවා වැඩ කරනකොට රත් වෙනවා.

රස්නය පාලනය කරන්නත් විදුලිය ඕනේ.

හරි.

ඒ ටික බිලට දාමු. ⚡
..

දැන් හරිද?

නෑනේ.

මොකද මේ යන්ත්‍රවල වැඩේ...

අපේ දේවල් අරගෙන නිකන්ම තියාගෙන ඉන්න එක විතරක් නෙමෙයි.

Photo එකක් ආපහු ඕන වුණාම—

හොයලා දෙන්න ඕනේ.

Video එකක් ඉල්ලුවාම—

ගෙනත් දෙන්න ඕනේ.

Search එකක් කළාම—

ගැළපෙන දේ හොයන්න ඕනේ.

Message එකක් යැව්වාම—

යන්න ඕන තැනට යවන්න ඕනේ.
..

හැබැයි...

මේ හැමදේම වෙන්නේ
ඔයා වෙනුවෙන්ම විතරක් නෙමෙයිනේ.

මේ මොහොතේම—

කෙනෙක් photo එකක් upload කරනවා.

තව කෙනෙක් video එකක් බලනවා.

තව කෙනෙක් game එකක් play කරනවා.

තව කෙනෙක් map එකෙන් පාරක් හොයනවා.

තව කෙනෙක් AI එකකින් ප්‍රශ්නයක් අහනවා.

තව කෙනෙක්...

මේ හෑල්ල කියවනවා. 😌

ලක්ෂ ගණනක්.

මිලියන ගණනක්.

එකවර.
..

හරි.

ඒ ටිකත් බිලට දාමු. ⚡

දැන් නම් ගණන ටිකක් තේරෙනවා.

හැබැයි...

මට දැන් බිලට වඩා වෙන ප්‍රශ්නයක් තියෙනවා.

මේ යන්ත්‍ර—

දේවල් හොයනවා.

ගෙනෙනවා.

යවනවා.

වෙන් කරනවා.

සසඳනවා.

ගණන් කරනවා.

උපදෙස් අනුව වැඩ කරනවා.

සමහර වෙලාවට...

ලැබෙන දේවල් අතර රටා පවා හොයනවා.
..

මේ වැඩ ඔක්කොම ඇත්තටම වෙන්නේ කොහොමද?

ගොඩනැගිල්ල දිහා බලලා නම් ඒක කීයටවත් හොයාගන්න බෑ.

ඒක ලොකු වැඩියි.

එහෙනම්...

ඇතුළේ තියෙන එක යන්ත්‍රයක් අරගෙන—

ඇරලා බලමු. 😌
..

ඇතුළේ...

වයර්.

Fan.

පුවරු.

එක එක හැඩයේ...

කෑලි බෑලි ගොඩාක්. 😄

හරි.

කෑලි බෑලි නම් තියෙනවා.

ඒත් අපිට ඕනේ ඒවා ගණන් කරන්න නෙමෙයිනේ.

අපිට ඕනේ—

මේ කෑලි බෑලි අතරින් වැඩේ වෙන්නේ කොහොමද කියලා හොයාගන්න.
..

Fan එකද?

නෑ.

ඒක කැරකෙනවා.

වයර් එකද?

නෑ.

ඒක සම්බන්ධ කරනවා.

Power එක දෙන කෑල්ලද?

ඒකත් නෙමෙයි.

එහෙනම්...

අපේ Photo එක තියාගන්නෙ කවුද?

ගණන් හදන්නේ කොහොමද?

දේවල් සසඳන්නේ කොහොමද?

අපි දෙන උපදෙස්...

නිශ්චිත ක්‍රියාවක් බවට පත්වෙන්නෙ කොහොමද?
..

ඔන්න දැන් කෑලි බෑලි ටික අතරින්—

එකක් දිහා ඇහැ යනවා.

⬛

අරක.
..

ඒ මොකක්ද?

කළුයි.

හතරැස්.

නිශ්ශබ්දයි.

බැලූ බැල්මට නම්—

කලු ගල් කෑල්ලක් වගේ.

😐

මේකද?
..

පොඩ්ඩක් ඉන්න.

අපි මෙච්චර වෙලා හොයාගෙන ආවේ...

මහා ලොකු දෙයක්.

ලෝකය පුරා දත්ත.

තත්පරෙන් තත්පරේ සිද්ධ වෙන ගණන් මිනුම්.

අපි කරන දේවල්.

අපි බලන දේවල්.

අපි කැමති දේවල්.

අපි අකමැති දේවල්.

ඒවා අතර තියෙන රටා.

අපි ඊළඟට මොනවා කරයිද කියලා කරන අනුමාන.

ඒ ඔක්කොම අතරේ...

නවතින්නේ නැතුව ගලාගෙන යන විදුලිය. ⚡

මේ තරම් ලොකු වැඩක් හොයාගෙන ආපු අපිට...

අන්තිමට හම්බවුණේ—

⬛ කලු ගල් කෑල්ලක් වගේ සුළු දෙයක් !
..

මේකද?

මේක ඇතුළෙද වැඩේ වෙන්නේ?

😐
..

පොඩ්ඩක් ඉන්න.

අන්තිමට අපි මේ තරම් වෙලා හොයපු ගණන් මිනුම් ටික...

අපි කරපු කියපු දේවල් ගැන දත්ත...

අපේ පුරුදු අතර රටා...

අපි ඊළඟට මොනවා කරයිද කියලා කරන අනුමාන...

සමහරවිට—

අනාගතයේදී අපි ගන්න තීරණවලටත් බලපෑම් කරන්න පුළුවන් තරම් බලවත් පද්ධති...

මේ වගේ කාල වර්ණ පුංචි කැබලි මත වැඩ කරනවද?
..

හරි.

දැන් මේක එහෙමම තියලා යන්නත් බෑනේ. 😌

මේකත් ඇරලා බලමු.
..

හැබැයි...

ඇතුළේ තවත් පුංචි computer එකක් තියෙනවා කියලා නම් හිතන්න එපා. 😌

දැන් මේ කළු කෑල්ල ඇතුළට බැහැලා බැලුවම—

දේවල් තව තව පුංචි වෙනවා.

අන්තිමට—

අපේ ඇහැට තනි තනිව පේන්නෙත් නැති තරමට.
..

අර යන්ත්‍රය ඇරපු වෙලාවේ නම්...

හම්බවුණේ—

කෑලි බෑලි ගොඩක්. 😄

ඒත් මෙතන—

කෑලි බෑලි ! 😐

හැබැයි...

මේවා අර කලින් දැකපු ඒවා වගේ නෙමෙයි.

ඇහැටවත් පේන්නෙ නැති තරම් ඇබීත්තං කෑලි බෑලි.
..

ඒ ඇබීත්තං කෑලි බෑලි—

Photo එකක් කියන්නේ මොකක්ද කියලා දන්නේ නෑ.

Video එකක් දන්නේ නෑ.

අපේ මූණ දන්නේ නෑ.

සිංහල දන්නේ නෑ.

English දන්නේ නෑ.

AI කියන්නේ මොකක්ද කියලවත් දන්නේ නෑ.

😐
..

එහෙනම්...

මේ ඇහැටවත් පේන්නෙ නැති ඇබීත්තං කෑලි බෑලි ගොඩක්...

ඒ විශ්වකර්ම වැඩේට අංශුවෙන් අංශුව
කොහොම ගළපනවද මන්දා? 🤔
..

ඔන්න දැන්—

විදුලි බිලේ වටිනාකමට වඩා...

බිලේ සූත්‍රය අමුතු වෙන්න පටන් අරගෙන. 😌

⚡⬛

© 2026 SF Ventures Lanka™ | Knowledge Engine™
Original Knowledge Expedition • All Rights Reserved.

Address

Ekneligoda North
Kuruwita
70500

Website

Alerts

Be the first to know and let us send you an email when SF Ventures Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to SF Ventures Lanka:

Shortcuts

Share