Glow Tech

Glow Tech “Illuminate Your World.”

16/01/2026

😫 හැදුනම මැරෙන්න හිතෙන හිසේරදය – හැමෝම කියන මිග්‍රේන් (Migraine)!

කවදාවත් මිග්‍රේන් හැදිලා නැති කෙනෙක්ට මේ වේදනාව විස්තර කරන්න අමාරුයි. ඒක හරියට...😓
* මිනිසෙක් පිහියකින් ඔළුවට අනිනවා වගේ!
* කවුරු හරි පොල්ලකින් ඔළුවට ගහනවා වගේ!
💁‍♂️මේ වේදනාව විඳින කෙනා තමයි දන්නේ මේකේ තරම. ඒ වගේ අත්දැකීම් ඔබටත් තිබේද?

🤯 මිග්‍රේන් කියන්නේ මොකක්ද?
මේක ටිකක් සුලබ හිසරදයක්. නමුත් මේ හිසරදය නිකන්ම එන්නේ නැහැ. එය සමඟ බොහෝ විට මේ ලක්ෂණත් එකතු වෙනවා:

👉 ඔක්කාරය සහ වමනය
👉 ආලෝකය දෙස බැනීම අපහසු වීම (Photosensitivity)
මේ සියල්ල එකතු වුණාම සාමාන්‍ය ජීවිතේ අවුල් වෙලා යනවා.

🕵️මොනවද මේකට හේතු?
මිග්‍රේන් ඇතිවීමට ප්‍රධානම හේතුවක් ලෙස සැලකෙන්නේ මොළයේ ඇති Cerebral artery (ධමනි) විස්තාරණය වීමත් හැකිලීමත් නිසා ඇතිවිය හැකි තත්ත්වයයි.
වෙනත් හේතු සහ අවදානම්:
👉 ලිංගික වෙනස: ගොඩක්ම හැදෙන්නේ ස්ත්‍රී පාර්ශවයටයි. 👩
👉 පරම්පරාව: සමහර අයට පරම්පරාවෙන් එන්නත් පුළුවන්.
👉 පරිසර සාධක: සමහර සුවඳවල්, ගඳවල්, අධික ශබ්ද, වැඩි ආලෝකය සහ දුම් බීම මේකට හේතු වෙනවා.

🚨 ඔබේ වේදනාව දරුණු කරන දේවල්
මෙම සාධක නිසා මිග්‍රේන් හිසරදය තවත් දරුණු වෙන්න පුළුවන්. හැකිනම් මේ දේවල් වලින් ඈත් වෙන්න!

ආහාර සහ පුරුදු:
* කැෆේන් අඩංගු ආහාර (සමහරුන්ට)
* හෝමෝන වෙනස් වීම් (විශේෂයෙන් කාන්තාවන්ගේ ඔසප් චක්‍රය නිසා)
* නින්ද යාමේ වෙනස් වීම් (අඩු හෝ වැඩි වීම)
* ව්‍යායාම (සමහරුන්ට)
* ආහාර වේල් අතපසු වීම්
* දුම් බීම හෝ දුම ආශ්වාස කිරීම
වළක්වා ගත යුතු ආහාර (Triggers):
සමහර අයට පහත සඳහන් ආහාර හිසරදය තවත් වැඩිකරන්න හේතු වෙනවා:
* සකසන ලද ආහාර, අච්චාරු, පැසීමට බඳුන් කළ ආහාර (MSG වැනි රසකාරක යෙදූ ආහාර)
* චොකලට්, රටකජු, කජු, බටර් වැනි කිරි නිෂ්පාදන
* රතු වයින්, චීස්, දුම් ගසන ලද මාළු, කුකුල් මස් පීකුදු
* පළතුරු (අලිපේර, කෙසෙල්, පැඟිරි කුලයේ පළතුරු)
* නයුට්‍රේට් අඩංගු මස් වර්ග (බේකන්, හොට් ඩෝග්ස්, සලාමි)

👁️ රෝග ලක්ෂණ (සමහර වෙලාවට අනතුරු ඇඟවීමක්!)

මිග්‍රේන් ඇතිවීමට පෙර හෝ ඒ සමඟම පහත ලක්ෂණ ඇති වෙන්න පුළුවන්:

* පෙනීමට බාධා ඇති වීම (මෙය මිග්‍රේන් වල පූර්ව අනතුරු ඇඟවීමක් – Aura ලෙස හඳුන්වනවා)
* පොඩි තිත් වැනි දෙයක් ඇස මත ඇති සේ දැනීම, බොඳ වී පෙනීම
* තරුකා වැනි හෝ සිග්සැග් ආකාරයේ ඉරි පෙනීම
* ඇස් වල වේදනාව සහ කලුවර වීම
වේදනාව පැය 6-48 ක් අතර කාලයක් පැවතිය හැකියි.
අනෙකුත් ලක්ෂණ:
* සීතල, අධික ලෙස දහඩිය දැමීම
* අලස බව, ආහාර අරුචිය
* ඔක්කාරය සමඟ වමනය
* හිරිවැටීම හෝ දුර්වලබව
* ආලෝකයට හෝ ශබ්දයට සංවේදී වීම

⚕️ මතක තියාගන්න!

ඔබට හෝ ඔබේ හිතවතෙකුට ඉහත ලක්ෂණ ඇත්නම්, විශේෂයෙන්ම නිතර නිතර මේ තත්ත්වය ඇතිවෙනවා නම්, ඉක්මනින් වෛද්‍යවරයකු හමුවීම අත්‍යවශ්‍යයි.

ඒ වගේම මේ පෝස්ට් එක මිග්‍රේන් වලින් පීඩා විඳින අයට බලන්න share කරන්න අමතක කරන්න එපා. එය ඔවුන්ට ලොකු සහනයක් වේවි!

Copied
-හෙදියකගේ දිනපොත-

#හිසේරදය #දැනුවත්_වීම #සෞඛ්‍යය #වේදනාව

Address

Kurunegala

Telephone

+94711476931

Website

Alerts

Be the first to know and let us send you an email when Glow Tech posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share