NMP Technologies

NMP Technologies Tracking You Can Trust...

23/04/2018
19/04/2018
14/03/2018
27/02/2018

Please Check following Every Month & keep smooth running your vehicle...

27/02/2018

ක්ලච් ලෙඩ – දෙදරීම, සිරවීම, තදවීම

ක්ලච් එක දෙදරීම
ක්ලච් එක වෙනකොට දෙදරීමක් ගැස්සීමක් වගේ එන එක සාමාන්‍යයි. නමුත් අනවශ්‍ය ලෙස දෙදරීමක් හෝ ගැස්සීමක් ඇතිවෙනවා නම් එය සළකා බැලිය යුතුයි. ගොඩක් වෙලාවට ක්ලච් linings වල ග්‍රීස් හෝ ඔයිල් වැටීම එක් හේතුවක් වෙන්න පුලුවන්. ඊට අමතරව පිච්චුනු හෝ හොඳින් මැදුනු linings නිසාත් මේක වෙන්න පුලුවන්.

ඊට අමතරව ඇදගැසුණු පළුදුවුනු ෆ්ලයිවීල්, flywheel dowel pins හැලීම, ගෙවුනු pilot bearing/bushing, ගෙවුනු worn bearing retainer, ගෙවුනු හෝ පළුදුවුනු ක්ලච් ඩිස්ක් හෝ input shaft splines, නැමුනු හෝ කැඩුනු drive straps, නැමුනු හෝ ඇඹුනු ක්ලච් ඩිස්ක්, loose ක්ලච් කවරය වැනි හේතු නිසාද මෙම දෙදරීම සිදුවිය හැක.

ක්ලච් දෙදරීමට බලපාන බාහිර හේතුවන්නේ loose හෝ කැඩුනු එන්ජින් හෝ ට්‍රාන්ස්මිශන් මවුන්ට්, ඇදගැසුනු චැසි හෝ drivetrain කොටස්, ගෙවුනු හෝ හානිවූ U-joints හෝ CV joints, loose transmission crossmember, ගෙවුනු හෝ නැමුනු release fork, loose rear left spring bushings හෝ spring U-bolt nuts.

ක්ලච් හිරවීම
ඔබ ක්ලච් එක පෑගූ පසු එය නැවත උඩට එන්නෙ නැත්ද? ෆ්ලෝබෝඩ් එකේ ඇලවී තිබේද? එහෙමත් නැත්නම් පැඩලය සම්පූර්ණ උඩට එන්නෙ නැත්ද? එහෙනම් ප්‍රශ්ණෙ තියෙන්නෙ ක්ලච් මාස්ටර් සිලින්ඩර් එකේ. ගොඩක් වෙලාවට මාස්ටර් සිලින්ඩර් එක ලෙඩ ඇති, එහෙම වුනොත් අලුත් එකක් දාන්න වෙනවා. එහෙම නැත්නම් clutch slave cylinder එකේ හුළං පිරිලා තියෙන්නත් පුලුවන්. එහෙම වුනොත් හුලං ඉවත් කරල වැඩේ ගොඩදාන්න පුලුවන්. ඒ කිසිම හේතුවක් නෙවෙයි නම් clutch slave cylinder එක හොඳින් පරීක්ෂා කරන්න. ඒකෙ ලීක් එකක් තියෙන්න පුලුවන්.

ක්ලච් release එක නොවීම
ක්ලච් පැඩල් එක සම්පූර්ණයෙන් පාගලත් ක්ලච් එක disengage වෙන්නෙ නැත්නම් හෝ සම්පූර්ණයෙන් disengage වෙන්න නැත්නම් අපිට ගියර් දාගන්න බැරිවෙනවා. අන්න ඒ වෙලාවට තමයි ගියර් ග්‍රයින්ඩින් එහෙම නැත්නම් ගියර් මාරුකරනකොට “ගර්-ගර්” සද්දයක් එන්නෙ. හරියට නිකම් අපි බාගෙට ක්ලච් එක පාගලා ගියර් දානකොට එන සද්දෙ වගේ. මේ හේතුව නිසා වාහනේ ධාවනය සම්පූර්ණ නවත්වන්න යන වෙලාවට එන්ජිම නවතිනවා.

මේකට හේතු ලෙස හරියට එජස්ට් නොවුනු linkage, කැඩුනු හෝ ඇදුනු release cable, ලීක් හෝ දෝෂ සහිත slave or master clutch cylinder, හයිඩ්‍රොලික් ලයින් වල හෝ සිලින්ඩර් වල වාතය සිරවීම හෝ මලකඩ තිබීම, හානිවූ හෝ නිසිලෙස lubricate නොවූ input shaft splines, ගෙවුනු bearing retainer, ගෙවුනු release fork හෝ pivot ball, නැමුනු clutch drive straps, ගෙවුනු pilot
bearing/bushing, නැමුනු හෝ ඇඹුනු ක්ලච් ඩිස්ක්, හරියට සවිනොවූ ක්ලච් ඩිස්ක් හෝ ක්ලච් හෝ අලුතෙන් සවිකරන විට නොගැළපෙන ක්ලච් කොටස් සවිකිරීම වැනි දෑ වෙන්න පුලුවන්. ඊට අමතර බාහිර හේතු ලෙස අධික සීතලට ගියර් ඔයිල් ඝණවීම, ගෙවුනු ක්ලච් පැඩල් බුෂ් හෝ බ්‍රැකට් විය හැක.

තද ක්ලච් එක
ක්ලච් එක පාගන්න තදද? පරීක්ෂා කළ යුත්තේ පැඩල් linkage, කේබල්, cross shaft, fork හෝ pivot ball.ඒ වගේම හයිඩ්‍රොලික් system එකේ අඩංගු සීල් ගෙවීම හෝ සිරවීම නිසාද ක්ලච් එක තදවිය හැක.

ඉතිං ගොඩක් වෙලාවට ක්ලච් එකේ ආයුකාලය රැඳෙන්නෙ පදින කෙනාගෙ වම් කකුල මත. හරියට පාවිච්චි කළොත් ලෙඩ අඩුයි!

Source : turboholics.lk

23/02/2018

009 දී හදුන්වාදුන්න අලුත් රියදුරු බලපත්රගය සැහැල්ලු වාහන සදහාත් වසර 8 න් 8 අලුත් කරන්න වෙන එක ටිකක් විතර කරදර වැඩක්..ඒ...

18/02/2018
14/02/2018

Address

Kottawa

Telephone

0715177528

Website

Alerts

Be the first to know and let us send you an email when NMP Technologies posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to NMP Technologies:

Share