Green Tech Computer Solutions

Green Tech Computer  Solutions We also offer repair services, hardware component installations, system diagnosis and software installations.

Please don't hesitate to contact us at any time for more information.

Assassin's Creed: Black Flag Resyncedv1.0.2 + Bonus OST HYPERVISOR BYPASSMinimum requirements:Operating System: Windows ...
19/07/2026

Assassin's Creed: Black Flag Resynced
v1.0.2 + Bonus OST HYPERVISOR BYPASS

Minimum requirements:
Operating System: Windows 10 (64 bit only), Windows 11
Processor: Intel Core i7-8700K 3.7 GHz, AMD Ryzen 5 3600 3.6 GHz
RAM: 16 GB
Video Card: NVIDIA GeForce GTX 1660 (6GB), AMD Radeon RX5500XT (8GB) or Intel ARC A580 (8GB)
DirectX: 12
HDD Space: up to 66 GB

08/07/2026

ඇමරිකාවේ තියෙන එකම වර්​ගේ McDonald's බර්ගර් එකකුයි, යුරෝපයේ තියෙන එකම ව​ර්​ගේ McDonald's බර්ගර් එකකුයි අතර ලොකු වෙනසක් තියෙනවා කියලා ඔයා දන්නවද?. 🍔 එංගලන්තයේ මේ බර්ගර් එකක් හදන්න පාවිච්චි කරන්නේ අමුද්‍රව්‍ය 12ක් විතරයි. හැබැයි ඇමරිකාවේ ඒ බනිස් එකම හදන්න අමුද්‍රව්‍ය 25කට වඩා පාවිච්චි කරනවා!

එතනත් වැඩියෙන්​ම භයානකම දේ තමයි, 2016 වෙනකම්ම මේ ඇමරිකානු බනිස් එකේ යෝගා මැට් සහ සපත්තු අඩි හදන්න ගන්න රසායනික ද්‍රව්‍යයකුත් තිබුණා! මෑතකදී McDonald's එකේ CEO කැමරාවක් ඉස්සරහට ඇවිත් බර්ගර් එකක් කන ගමන් මේකට කීප සැරයක්ම "The Product" (නිෂ්පාදනය) කියලා කිව්වා. ඇත්තටම අද ඇමරිකානු කෑම වලට කියන්න පුළුවන් හොඳම වචනය ඒක තමයි. මොකද අද ඇමරිකාවේ කෑම වල අඩංගු වෙන රසායනික ද්‍රව්‍ය 3,000 කට වඩා යුරෝපයේ සහ අනිත් දියුණු රටවල සම්පූර්ණයෙන්ම තහනම් කරලයි තියෙන්නේ. 🚫

ඇයි මේ කෑම හදන සමාගම් යුරෝපයට හොඳ, පිරිසිදු කෑම හදලා ඇමරිකාවට සහ අපේ වගේ රටවල් වල​ට විතරක් මේ වස කවන්නේ? මේක පිටිපස්සේ තියෙන්නේ 1958 ඉඳන් අද වෙනකම් වහගන්න බැරි වු​න ලොකු නීති හිඩැසක් සහ බිලියන ගාන​ක මාෆියාවක්! අපි ඒ ගැන සම්පූර්ණයෙන්ම කතා කරමු.

හිතන්න මොකක්හරි සමාගමක් "Compound X" කියලා අලුත්ම රසායනික ද්‍රව්‍යයක් හොයාගන්නවා කියලා. එයාලට ඕනේ මේක ලබන මාසේ ඉඳන් කඩේ තියෙන Cereal පෙට්ටියකට දාන්න. ඇමරිකාවේ නීතියට අනුව මේකට FDA (Food and Drug Administration) එකේ අනුමැතිය ගන්න ඕනේ. හැබැයි මේ සමාගම ඒක කරන්නේ නෑ. 🧪

ඒ වෙනුවට ඔවුන් කරන්නේ තමන්ගේම සල්ලි දීලා විද්‍යාඥයින් කණ්ඩායමක් පත් කරනවා මේක ආරක්ෂිතද කියලා බලන්න. මේ විද්‍යාඥයෝ හැමදාම කියන්නේ "ඔව්, මේක ආරක්ෂිතයි" කියලා. මේකට කියන්නේ GRAS (Generally Recognized as Safe) කියලා.

මේ GRAS කියන ලේබලය හරියට "Golden ticket" එකක් වගේ. යම්කිසි අමුද්‍රව්‍යයක් GRAS කියලා ඒ සමාගමම සහතික කළාට පස්සේ, ඒකට FDA එකෙන් කිසිම පරීක්ෂණයක් කරන්නේ නෑ! 🎟️

මේ GRAS නීතිය 1958 දී හැදුවේ ලුණු, විනාකිරි, බේකින් සෝඩා වගේ අවුරුදු සිය ගාණක් තිස්සේ මිනිස්සු කාලා පුරුදු, අමුතුවෙන් ටෙස්ට් කරන්න දෙයක් නැති දේවල් වලට. හැබැයි 1990 ගණන් වෙද්දී කෑම කර්මාන්තය ගොඩක් කාර්මීකරණය වුණා. සමාගම් සිය ගාණක් අලුත් රසායනික ද්‍රව්‍ය වලට මේ ටිකට් එක ඉල්ලන්න ගත්තා. FDA එකට සල්ලි සහ සේවකයින් නැති නිසා මේවා ඔක්කොම පරීක්ෂා කරන්න බැරි වුණා.

ඉතින් 1997 දී ඔවුන් ලොකුම වැරැද්දක් කළා. ඒ තමයි සමාගම් වලට මේ GRAS දත්ත FDA එකට දෙන එක "ස්වේච්ඡාවෙන්" කරන්න පුළුවන් කියලා නීතිය වෙනස් කරපු එක! 😱 ඒ කියන්නේ සමාගමකට අලුත් රසායනිකයක් කෑමකට දාද්දී FDA එකට ඒක කියන්නවත් ඕනේ නෑ. මේක හරියට ළමයෙක් තමන්ගේම විභාග කොළේ ලකුණු දාගෙන, "මම පාස්" කියලා ටීචර්ට කියනවා වගේ වැඩක්!

2000 අවුරුද්දේ ඉඳන් කෑම වලට එකතු වු​න අලුත් රසායනික ද්‍රව්‍ය වලින් 99% ක්ම ඇවිත් තියෙන්නේ මේ ක්‍රමයට. 2013 වාර්තා වලට අනුව FDA එක පවා නොදන්න රසායනික ද්‍රව්‍ය 1000 කට වඩා ඇමරිකානුවන්ගේ කෑම වල තියෙනවා!

මේ නීතිමය හිඩැස හින්දා තමයි එකම කෑම ජාතිය රටවල් දෙකකදී වෙනස් වෙන්නේ. 🇺🇸🇬🇧

උදාහරණයක් විදිහට Kraft Mac and Cheese එක ගමු. ඇමරිකාවේ මේකට කහ පාට දෙන්න පාවිච්චි කරන්නේ ඛනිජ තෙල් වලින් හදන Yellow 5 සහ Yellow 6 කියන කෘතිම වර්ණක දෙක. හැබැයි මේ කෑමම එංගලන්තයේ හදන්නේ කැරට් වලින් ගන්න ස්වභාවික බීටා කැරොටින් (Beta carotene) සහ පැප්‍රිකා (paprika) වලින්. 🥕

ඇයි මේ සමාගම ඇමරිකාවට විතරක් වස දෙන්නේ? හේතුව තමයි යුරෝපයේ නීතියට අනුව අර Yellow 5, Yellow 6 දැම්මොත් ඒ පෙට්ටියේ ගහන්න ඕනේ "මේකෙන් ළමයින්ගේ ක්‍රියාකාරීත්වයට සහ අවධානයට හානි වෙන්න පුළුවන්" (may have an adverse effect on activity and attention in children) කියලා ලොකු Warning එකක්! ඉතින් ඒකෙන් බේරෙන්න යුරෝපයට හොඳ එක හදනවා. ඇමරිකාවේ එහෙම නීතියක් නැති නිසා, ලාභයට හදාගන්න පුළුවන් කෘතිම වර්ණක දාලා විකුණනවා. මට ඉතිං ලංකාවේ තියන අති විශිෂ්ටයි සර් කියලා කෑමකුත් මේ එක්කම මතක් වෙනවා. (මේ විතරක් නෙවෙයි තව තියනවා..)

ඒ වගේම Mountain Dew බීම එකේ ඇමරිකාවේ තියෙන්නේ හදවතට ගොඩක් නරක Brominated vegetable oil කියන තෙල් වර්ගය. යුරෝපයේ සහ ජපානයේ මේක සම්පූර්ණයෙන්ම තහනම්. ඇමරිකාවේ පාන් වල Potassium bromate කියන පිළිකා හදන රසායනිකය තාමත් තියෙනවා. කැනඩාව, යුරෝපය, චීනය, සහ බ්‍රසීලයේ පවා මේක තහනම්! 🍞☣️

ඇමරිකාවේ නීතිය වැඩ කරන්නේ "වරදක් ඔප්පු වෙනකම් නිවැරදියි (innocent until proven guilty)" කියන පදනම මත. ඒ කියන්නේ අවුරුදු ගාණක් ගිහින් මිනිස්සුන්ට ලෙඩ හැදිලා ඒක ඔප්පු වෙනකම් ඕනෑම කෑමක් විකුණන්න පුළුවන්. හැබැයි යුරෝපය වැඩ කරන්නේ ඊට අනිත් පැත්තට (precautionary principle). යම්කිසි අලුත් ද්‍රව්‍යයක් කෑමට දාන්න කලින්, ඒකෙන් හානියක් නෑ කියලා විද්‍යාත්මකව ඔප්පු කරන්නම ඕනේ!

ඔයා​ගේ කුස්සියේ තියෙන ඕනම පැකට් කරපු කෑමක් (Biscuits, Coca-Cola, Yogurt) අරන් ඒකේ පිටිපස්සේ තියෙන අමුද්‍රව්‍ය ලිස්ට් එක බලන්න. ඒකේ අනිවාර්යයෙන්ම "Natural Flavors" (ස්වභාවික රසකාරක) කියලා වචනයක් ඇති. මේ වචන දෙක පිටිපස්සේ ලොකු බොරුවක් හැංගිලා තියෙනවා! 🕵️‍♂️🍓

මේ රසකාරක හදන්නේ අර කෑම පැකට් එකේ ගහලා තියෙන සමාගමෙන් නෙවෙයි. මේවා හදන්න ලෝකේ ප්‍රධාන සමාගම් 3ක් ඉන්නවා: Givaudan (ස්විට්සර්ලන්තය), IFF (ඇමරිකාව) සහ Firmenich (ස්විට්සර්ලන්තය). මේ තුන්දෙනා ලෝකයේ රසකාරක මාකට් එකෙන් 55% ක්ම පාලනය කරනවා. මේක ඩොලර් බිලියන 40 ක මාකට් එකක්.

උදාහරණයක් විදිහට Givaudan සමාගම ළඟ විතරක් ස්ට්‍රෝබෙරි රසවල් 2,200 කට වඩා තියෙනවා! එක එක රටවල් වලට, එක එක කෑම ජාති වලට ගැලපෙන්න මේවා වෙනස් කරනවා. 🍓

වැදගත්ම දේ තමයි මේ Natural flavors හදන්නේ කොහොමද කියන එක වෙළඳ රහසක් විදිහට නීතියෙන් ආරක්ෂා කරලා තියෙන්නේ. ඒ කියන්නේ මේක ඇතුළේ මොනවා තියෙනවද කියලා කවුරුත් දන්නේ නෑ. රසායනික ද්‍රව්‍ය 50ක් විතර එකතු කරලා හැදුවත්, පැකට් එකේ ගහන්නේ "Natural Flavors" කියලා විතරයි.

ඇයි මේ සමාගම් මේ රසකාරක රහසක් විදිහට තියාගන්නේ? මේක කෑම රස කරන්න විතරක් කරන දෙයක් නෙවෙයි. මේවා හදලා තියෙන්නේ ඔබට "තව තවත් කන්න හිතෙන විදිහට"! 🧠

ආහාර සම්බන්​ධ විද්‍යාඥයින් මේකට කියන්නේ "The Bliss Point" කියලා. ඒ කියන්නේ සීනි, ලුණු සහ මේදය (Sugar, Salt, Fat) එකතු කරලා හදන උපරිම රසවත්ම ලක්ෂ්‍යය. මේකෙන් වෙන්නේ ඔබේ මොළයට "දැන් බඩ පිරිලා, කෑවා ඇති" කියලා දෙන පණිවිඩය සම්පූර්ණයෙන්ම බ්ලොක් කරන එක. අම්මා හදපු බත් එකක් කෑවම බඩ පිරුණා කියලා දැනුණත්, අලපෙති, බිස්කට්, පිටිපිට් පැකට් එකක් සම්පූර්ණයෙන්ම කෑවත් බඩ පිරුණා කියලා දැනෙන්නේ නැත්තේ අන්න ඒ නිසයි! 🤤🍟

මේක හරිම සියුම් ගණනය කිරීමක්. සීනි ටිකක් හරි වැඩි වුණොත් මිනිස්සු කන එක නවත්වනවා, ඒ නිසා හරියටම ඒ සීමාවට යටින් තියෙන ගාණට තමයි මේ රසකාරක හදන්නේ. අද ඇමරිකානුවන්ගේ කෑම වලින් 60% ක්ම මේ වගේ අතිශය සැකසූ ආහාර. මේවා නිසා තමයි අද ලෝකේ තරබාරුකම, දියවැඩියාව සහ හෘද රෝග මෙච්චර වැඩි වෙලා තියෙන්නේ.

අපි මේකෙන් බේරෙන්නේ කොහොමද? මේ නීති වෙනස් කරන්න ගොඩක් කල් යනවා වගේම කෑම සමාගම් මේවා වෙනස් කරනවට කැමතිත් නෑ. ඉතින් අපි කොහොමද අපේ සෞඛ්‍යය බේරගන්නේ? සුපර්මාකට් එකට ගියහම මේ දේවල් මතක තියාගන්න. 🛡️

අමුද්‍රව්‍ය ගණන් කරන්න: කෑම පැකට් එකක් පිටිපස්සේ අමුද්‍රව්‍ය 5කට වඩා තියෙනවා නම්, ඒ වගේම ඔබට කියවගන්න බැරි රසායනික නම් තියෙනවා නම් ඒක ආයේ රාක්කයෙන්ම තියන්න.

"Natural Flavors" ගැන පරිස්සම් වෙන්න: මුල් අමුද්‍රව්‍ය 5 ඇතුළේ Natural flavors තියෙනවා නම්, ඒක ඇතුළේ ගොඩක් රසායනික ද්‍රව්‍ය හැංගිලා තියෙන්න පුළුවන්.

යුරෝපීය ලේබලය බලන්න: ඔබ ගන්න කෑම ජාතියම යුරෝපයේ විකුණනවාද බලන්න. ඒ ලේබල් එකේ අමුද්‍රව්‍ය අඩුයි නම්, අනිවාර්යයෙන්ම ඔබ කන එකේ වස තියෙනවා! 🛑

මේ ලිපියේ ඇමරිකාව ගැන කතා කලාට අපේ රටටත් මේක 100%ක් අදාළයි කියලත් මතක තියාගන්න.

ලෝකේ කෑම කර්මාන්තය සල්ලි හොයන්න අපේ ශරීරයත් එක්ක කරන මේ සෙල්ලම ගැන ඔබට මොකද හිතෙන්නේ? අනිවාර්යයෙන්ම ඔබේ අදහස පහළින් Comment කරන්න. මේ ලිපිය වටිනවා කියලා හිතෙනවා නම් ඔබේ යාළුවන්ටත් දැනගන්න Share කරන්න, ලිපියට Like එකක් දාන්නත් අමතක කරන්න එපා! 👇💬🔄

'Platoon' චිත්‍රපටයට වඩා හොඳයි කියලා නිර්දේශ කරන යුද චිත්‍රපට 9 මෙන්න:  1. Paths of Glory (1957) – ප්‍රසිද්ධ අධ්‍යක්ෂක ස...
05/07/2026

'Platoon' චිත්‍රපටයට වඩා හොඳයි කියලා නිර්දේශ කරන යුද චිත්‍රපට 9 මෙන්න:

1. Paths of Glory (1957)
– ප්‍රසිද්ධ අධ්‍යක්ෂක ස්ටැන්ලි කුබ්‍රික්ගේ (Stanley Kubrick) විශිෂ්ටතම පැරණි යුද චිත්‍රපටයක්.

2. Saving Private Ryan (1998)
– ස්ටීවන් ස්පිල්බර්ග් අධ්‍යක්ෂණය කළ, ලෝක ප්‍රසිද්ධ දෙවන ලෝක යුද්ධය තේමා කරගත් චිත්‍රපටය.

3. Casualties of War (1989)
– වියට්නාම් යුද්ධයේදී සිදුවූ සත්‍ය සිදුවීමක් ඇසුරින් නිර්මාණය වූවක්.

4. Hacksaw Ridge (2016)
– ආයුධයක්වත් අතට නොගෙන, දෙවන ලෝක යුද්ධයේදී සෙබළුන් 75 දෙනෙකුගේ ජීවිත බේරාගත් ඩෙස්මන්ඩ් ඩොස්ගේ සත්‍ය කතාව.

5. Letters from Iwo Jima (2006)
– ක්ලින්ට් ඊස්ට්වුඩ් අධ්‍යක්ෂණය කළ, දෙවන ලෝක යුද්ධය ජපන් සෙබළුන්ගේ පැත්තෙන් පෙන්වන හැඟීම්බර චිත්‍රපටයක්.

6. The Deer Hunter (1978)
– වියට්නාම් යුද්ධය නිසා තාරුණ්‍යයට සහ මිත්‍රත්වයට සිදුවන මානසික බලපෑම (PTSD) ඉතා දරුණුවට පෙන්වන සම්මානනීය නිර්මාණයක්.

7. Black Hawk Down (2001)
– සෝමාලියාවේ සිදුවූ සත්‍ය හමුදා මෙහෙයුමක් ඇසුරින් රිඩ්ලි ස්කොට් අධ්‍යක්ෂණය කළ, නොනවත්වා ක්‍රියාදාම (Action) ගලාගෙන යන චිත්‍රපටයක්.

8. Come and See (1985)
– සෝවියට් දේශය (රුසියාව) විසින් නිපදවන ලද, යුද්ධයේ තියෙන බියකරු සහ අමානුෂික බව උපරිමයෙන්ම පෙන්වන සිනමා පටයක්.

9. Black Book (2006)
– පෝල් වර්හවන් (Paul Verhoeven) අධ්‍යක්ෂණය කළ, දෙවන ලෝක යුද්ධය සමයේ ලන්දේසි ප්‍රතිරෝධය (Dutch resistance) ගැන කියවෙන අපූරු චිත්‍රපටයක්.

ඔබ මේවායින් නරඹලා තියෙන හෝ බලන්න කැමැත්තෙන් ඉන්න චිත්‍රපට තියෙනවාද?
එහෙනම් පහලින් comment එකක් දාගෙන යන්න...

04/07/2026

🛡️ No Reinstalling, No Formatting! Get a Faster, Secure PC!

💡ඔයාගේ වටිනා Data එකක්වත් නැති කරගන්නේ නැතුව, වෛරස් නිසා ලෙඩ වෙච්ච පරිගණකය ආපහු තිබ්බා වගේ Speed කරගන්න.💡

🚨Windows 7 / 10 / 11 ඕනෑම පද්ධතියක වෛරස් ඉවත් කිරීම.

✅සැඟවුණු (Hidden) සහ Shortcut වුණු Files යථා තත්ත්වයට පත් කිරීම.

✅Background Junk Files ඉවත් කර PC එක වේගවත් කිරීම.

🛠️ විශ්වාසනීය සහ කාර්යක්ෂම සේවාවක් සඳහා පිවිසෙන්න:

GreenTech Computer Solutions, නො. 14, ප්‍රධාන වීදිය, කොටියාකුඹුර.

📱 WhatsApp: 0702663897
📞 Calls: 0772710331

30/06/2026
"Recover • Repair • Restore • Optimize"Services Included:✓ Virus & Malware Removal✓ Remove Ransomware Infections✓ Window...
10/06/2026

"Recover • Repair • Restore • Optimize"

Services Included:

✓ Virus & Malware Removal
✓ Remove Ransomware Infections
✓ Windows Password Reset
✓ Data Recovery from HDD & SSD
✓ Deleted File Recovery
✓ Backup & Restore Operations
✓ Hard Disk Health Check
✓ SSD Health Diagnostics
✓ Partition Creation & Management
✓ Disk Cloning & Migration
✓ MBR / Boot Repair
✓ BCD Repair & Rebuild
✓ Windows Startup Repair
✓ Blue Screen (BSOD) Troubleshooting
✓ Driver Backup & Restore
✓ RAM Testing & Diagnostics
✓ CPU Stress Testing
✓ Hardware Diagnostics
✓ Windows Registry Repair
✓ File System Repair
✓ Bad Sector Detection
✓ Secure Data Wipe
✓ BIOS Information & Hardware Analysis
✓ Network Troubleshooting
✓ Windows Recovery Environment Tools
✓ Offline Antivirus Scanning
✓ Software Uninstallation & Cleanup
✓ System Performance Optimization
✓ Recover Unbootable Windows Systems
✓ Clone Windows to SSD Without Reinstallation

Supported Systems:

Windows 7
Windows 8 / 8.1
Windows 10
Windows 11

🛠 Professional PC Repair Solutions

📞 Call: 077 271 0331
💬 WhatsApp: 070 266 3897

Address

Kotiyakumbura
Kotiyakumbura
71370

Opening Hours

Monday 09:00 - 20:00
Tuesday 09:00 - 20:00
Wednesday 09:00 - 20:00
Thursday 09:00 - 20:00
Friday 09:00 - 20:00
Saturday 09:00 - 20:00
Sunday 09:00 - 20:00

Telephone

+94762090331

Website

Alerts

Be the first to know and let us send you an email when Green Tech Computer Solutions posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Green Tech Computer Solutions:

Shortcuts

Share