Kodi's Group of Business

Kodi's Group of Business We make stylish your life...

Buy / Sell / Exchange with 100% Trust
www.kodis.lk Lyric writer, Advertising consultant etc.)

Kodi's Group of Business is a Multiple Business Group, owned & managed by a completely hearing impaired entrepreneur in Sri Lanka, who started the business in 2012. Currently, The Kodi's Group is running their business through following firms & subsidiaries. Kodi's Exchange Bay (Buy, Sell & Exchange Household and Industrial Electrical Appliances)
Kodi's Gems & Jewels (Selling precious Ceylon Gemst

ones and Gem Added Jewelries)
Kodi's Asset Management (Dedicated agent service for buying and selling valuable assets, Financial Advising and Management supporting services)
Chinthaka Kodikara Creations (Owner's personal service as an Artist. Chinthaka Kodikara Education & Life Guidance Center (A guidance & motivation center for school teenagers (O/L, A/L) and other parties who needed a support for a positive change in their life)

හිතවත් පාරිභෝගික භවතුණි,Kodi's Group of Business අප ආයතනයේ ව්‍යාපාර කටයුතු 2025.11.30 දිනෙන් සම්පුර්ණයෙන් ම අවසන් කල පසු...
19/02/2026

හිතවත් පාරිභෝගික භවතුණි,

Kodi's Group of Business අප ආයතනයේ ව්‍යාපාර කටයුතු 2025.11.30 දිනෙන් සම්පුර්ණයෙන් ම අවසන් කල පසුවද, වසර 16ක පමණ කාලයක් පුරා අප සමග ගනුදෙනු කල, අපගේ අතීත පාරිභෝගිකයන් වෙත ඇති කෘතවේදීත්වය වෙනුවෙන්, ඔවුන්ගේ තාක්ෂණික ගැටළු සඳහා සහාය, අලුත්වැඩියා සේවා සහාය මෙන්ම නව භාණ්ඩ සොයා ගැනීමේ සහාය සේවාවන් පෙර පරිදිම පවත්වාගෙන යමින් එම සේවාවන් මේ දක්වා නොමිළයේ පවත්වා ගන්නා ලදී. පසුගිය මාස තුන හමාරක කාලය පුරා මා විසින් එම සේවාවන් කිසිදු ප්‍රතිලාභයකින් තොරව ලබාදෙන ලද්දේ ව්‍යාපාර කටයුතු අවසන් කිරීම නිසා අතීත පාරිභෝගිකයන් අපහසුවට පත්වීම හැකිතරම් දුරකට වලක්වා ගැනීමේ පරමාර්ථය පෙරදැරිව ය.

එම සේවාව තවදුරටත් පවත්වාගෙන යාමේ හැකියාවක් මා වෙත නොමැති බැවින්, 2026.02.16 දින සිට එම සේවාව සම්පුර්ණයෙන්ම අත්හිටුවන ලද බව සියලු පාරිභෝගිකයින් වෙත දන්වා සිටිමි. එබැවින් අපගේ 0702 492 492 පාරිභෝගික ඇමතුම් අංකය තවදුරටත් ක්‍රියාත්මක නොවන බවත්, අපගේ සියලු පාරිභෝගික සේවාවන් මෙතැන් සිට අවසන් කරන බවත්, දන්වා සිටිමි.

පසුගිය දශක එක හමාරක කාලය තුල මා හට එක රුපියලක් හෝ උපයා ගැනීමට දායක වූ සියලු පාරිභෝගිකයින් වෙත මාගේ භක්ත්‍යාදර පුර්වක ස්තුතිය යළිත් පිරිනමමි.!

ස්තුතියි.

චින්තක කොඩිකාර.
2026.02.16

හිතවත් පාරිභෝගිකයිනි,අප ආයතනය, (Kodi's Group of Business) 2025.11.30 දිනෙන් අපගේ ව්‍යාපාර කටයුතු අවසන් කර ඇති බැවින්, අද...
31/12/2025

හිතවත් පාරිභෝගිකයිනි,

අප ආයතනය, (Kodi's Group of Business) 2025.11.30 දිනෙන් අපගේ ව්‍යාපාර කටයුතු අවසන් කර ඇති බැවින්, අද (2025.12.31) දින සිට අපගේ ඉතිරිව පැවති සියළුම භාණ්ඩ SOLD OUT ලෙස සලකුණු කරමින්, මෙතෙක් නොවිකිණී ඉතිරිව තිබූ අයිතම සඳහා ද සියලු ගනුදෙනු මෙයින් අවසන් කරනු ලැබේ.

කෙසේ වුවද අපගෙන් දීර්ඝ කාලයක් පුරා භාණ්ඩ මිලදීගත් පාරිභෝගිකයින් රාශියක් සිටින බැවින්, ඔවුන්ගේ තාක්ෂණික ගැටළු සඳහා සහාය, අලුත්වැඩියා සේවා සහාය මෙන්ම නව භාණ්ඩ සොයා ගැනීමේ සහාය බලාපොරොත්තුවෙන්, පෙර පරිදිම පාරිභෝගික පණිවුඩ තවමත් මා වෙත ලැබෙමින් පවතී. එම දීර්ඝකාලීන පාරිභෝගිකයින් සමග අපට අත්හල නොහැකි බැඳීමක් පවතින බැවින්, ඔවුන් වෙනුවෙන් පවත්වාගෙන ගිය අලෙවියෙන් පසු සහාය සේවාව, මට හැකි පරිදි තවදුරටත් නොමිළයේ පවත්වාගෙන යාමට මම කටයුතු කරමි. ඒ සඳහා අපගේ වට්ස්ඇප් අංකය 0702 492 492 තවදුරටත් ක්‍රියාත්මකව තබනු ඇති අතර, පෙර මෙන් පූර්ණකාලීන ලෙස අලෙවියෙන් පසු සේවාවන් පවත්වාගෙන නොගියද, මට හැකි පමණින් එම සේවාව ඉදිරියටත් නොමිළයේ පවත්වාගෙන යන්නේ, මාගේ අතීත පාරිභෝගිකයින් වෙත ඇති මාගේ කෘතවේදීත්වය වෙනුවෙනි!

ලබන්නා වූ 2026 නව වසර ඔබ සැමට සෞභාග්‍යමත්, නිරෝගී සුවයෙන් පිරුණු නව වසරක් වේවා යි පතමි!

ස්තුතියි!

චින්තක කොඩිකාර.
(Chinthaka Kodikara)

හිතවත් පාරිභෝගිකයිනි, මා විසින් 2025.07.07 දින ප්‍රකාශයට පත් කරන ලද, Kodi's Group of Business ව්‍යාපාර කටයුතු අවසන් කිරී...
25/11/2025

හිතවත් පාරිභෝගිකයිනි,

මා විසින් 2025.07.07 දින ප්‍රකාශයට පත් කරන ලද, Kodi's Group of Business ව්‍යාපාර කටයුතු අවසන් කිරීමේ ක්‍රියාවලියට අනුකුලව, ආයතනයේ ව්‍යාපාරික බැඳීම් හා වගකීම් නිරවුල් කිරීමේ කටයුතු මේ වනවිට අවසන් කර ඇති බැවින්, 2025.11.30 දිනෙන් ව්‍යාපාරය සම්පූර්ණයෙන් ම ඈවර කොට වසා දමනු ලබන බව මෙයින් නිවේදනය කරමි.

ව්‍යාපාර කටයුතු අවසන් කරන බව ප්‍රකාශයට පත් කරන ලද දිනයේ සිට, මේ දක්වා, අප වෙත වාර්තා වූ සියලු ව්‍යාපාරික බැඳීම් හා වගකීම් මේ වනවිටත් නිරවුල් කර ඇති අතර, මේ දක්වා අපවෙත වාර්තා නොවූ කිසියම් හිමිකමක් හෝ බැඳීමක් හෝ වෙනත් කවර ආකාරයේ හෝ මුල්‍ය ඇල්මක් (Financial influence) පවතින යම් පාර්ශවයක් වේ නම්, 2025.11.30 දිනට පෙර ඒවා නිරවුල් කර ගන්නා ලෙස මෙයින් අවසානාත්මක හා විධානාත්මක ලෙස අර්පණය කරමි.

ව්‍යාපාර කටයුතු වලදී අප සමග ගනුදෙණු කරන පාරිභෝගිකයින්ගේ යහපත, ආරක්ෂාව හා ඔවුන්ගේ මුදල් වෙනුවෙන් ඇති වගවීම සහතික කරනු පිණිස, මා විසින් ස්වේච්ඡාවෙන්ම, කොඩීස් පාරිභෝගික ආරක්ෂණ ප්‍රතිපත්ති මාලාව (Kodi's Customer Care Policy) නමින් සම්මුතියක්, 2018 වර්ෂයේ සිට ප්‍රකාශයට පත්කර තිබුණි. ඒ මගින් පාරිභෝගිකයින්ට සිදුවන යම් අතෘප්තිකර තත්වයකදී, එම සම්මුතීන් ට අනුකූලව සහන සැලසීමට පියවර ගැනුණු අතර, පාරිභෝගිකයින්ට ඒ සම්බන්ධව හිමිකමක් ද ලබාදී තිබුණි. ව්‍යාපාර කටයුතු ඈවර කිරීමේ හේතුවෙන්, එකී කොඩීස් පාරිභෝගික ආරක්ෂණ ප්‍රතිපත්ති මාලාව (Kodi's Customer Care Policy) 2025.11.30 දින සිට මෙයින් පරිච්ඡින්න කරමි.

Kodi's Group of Business යනු මෙරට පූර්ණ ශ්‍රවණාබාධිත පුද්ගලයකු විසින්, දුරකථන සංවාද වලින් තොරව, WhatsApp හා FB Messenger වැනි ලිඛිත පාඨ පණිවුඩ (Text Messages) පදනම් කරගෙන ගොඩනගන ලද මෙරට එකම ව්‍යාපාර ආයතනයයි. එය මුලිමනින් ම පාහේ මාගේ පුද්ගල කීර්තිනාමය සමග බැඳෙමින් ඉදිරියට පැමිණි සන්නාමයකි. දශක එක හමාරක් පුරා පැමිණි දුෂ්කර ගමනේදී මා හට සහාය වූ, උපකාර කල එමෙන්ම මා සමග ගනුදෙණු කල සියලු පාර්ශවයන් වෙත මාගේ භක්ත්‍යාදර පූර්වක ස්තූතිය පිරිනමන අතර, ව්‍යාපාර කටයුතු ඈවර කිරීමෙන් අපහසුවට පත්වන යම් පාරිභෝගිකයකු වේ නම්, ඒ පිළිබඳව සමාව යදිමි.!

ස්තුතියි.
Chinthaka Kodikara
CEO (Sole Proprietor)
Kodi's Group of Business.

WhatsApp +94 702 492 492.

අපගේ ව්‍යාපාර කටයුතු අවසන් කිරීමේ ක්‍රියාවලිය මේ වනවිට අවසන් අදියර දක්වා පැමිණ ඇති බැවින්, අපගේ පාරිභෝගිකයින් වෙත පහත තො...
16/10/2025

අපගේ ව්‍යාපාර කටයුතු අවසන් කිරීමේ ක්‍රියාවලිය මේ වනවිට අවසන් අදියර දක්වා පැමිණ ඇති බැවින්, අපගේ පාරිභෝගිකයින් වෙත පහත තොරතුරු නිවේදනය කරනු ලැබේ.

1. අපගේ අලුත්වැඩියා හා සේවා අංශය වෙත විදුලි උපකරණ අලුත්වැඩියාව සඳහා භාරදී, මෙතෙක් ඒවා ආපසු රැගෙන නොගිය පාරිභෝගිකයින්, කරුණාකර 2025.10.31 දිනට පෙර ඒවා රැගෙන යන ලෙස ඉල්ලා සිටිනු ලැබේ. අවසන් දිනට පෙර රැගෙන නොයන භාණ්ඩ, අතහැර දැමූ භාණ්ඩ සේ සලකා, ඒවා විකුණා දැමීමට අපට සිදුවනු ඇත. ඒ සම්බන්ධව පසුව කෙරෙන පැමිණිලි හෝ ඉල්ලීම් භාර නොගැනේ.

2. භාණ්ඩ වෙන්කර ගැනීම සඳහා අප වෙත අත්තිකාරම් මුදල් ගෙවා, පසුව සම්පුර්ණ මුදල නොගෙවා (විශේෂයෙන් ම රජයේ ආනයන තහනම පැවති කාලසීමාව තුල) විකිණුම් ගිවිසුම් කඩ කිරීම හේතුවෙන්, අප විසින් අත්තිකාරම් මුදල් රඳවා ගෙන ඇති පාරිභෝගිකයින් පිරිසක්ද නිරීක්ෂණය වේ. අප විසින් එම අත්තිකාරම් මුදල් නීත්‍යානුකුල ලෙස රඳවා ගෙන ඇතත්, අපගේ ප්‍රතිපත්තිමය හේතු මත, රඳවා ගත් මුදලින් 75%ක්, අපගෙන් වෙනත් භාණ්ඩයක් මිලදී ගැනීමේදී අඩුකර ගැනීමට, එම පාරිභෝගිකයින්ට ඉඩ දෙනු ලැබේ. ඒ සඳහා කරුණාකර 2025.10.31 දිනට පෙර අදාළ ලියකියවිලි ද සමග පැමිණෙන්න. (කිසිදු හේතුවක් මත මුදල් ආපසු ගෙවීම සිදු නොකෙරේ. වෙනත් භාණ්ඩයක් මිලදී ගැනීමේදී, රඳවා ගෙන ඇති මුදලින් 75%ක් පමණක් හිලව් කිරීමට ඉඩදෙනු ලැබේ. නියමිත දිනෙන් පසුව කෙරෙන ඉල්ලීම් සලකා නොබැලේ.)

3. අපගේ භාණ්ඩ සංචිතයෙහි පැවති, සුළු අළුත්වැඩියාවන් අවශ්‍යව තිබූ විදුලි උපකරණ ආදිය ද මේ වනවිට අලුත්වැඩියා කරමින් අළෙවිය සඳහා එක් කරමින් තිබේ. එසේම අපගේ කාර්යාල උපකරණ ආදිය සමහරක් ද විකිණීමට ඇත. එසේ වුවද අපගේ දැන්වීම් ප්‍රචාරණ ක්‍රම බොහොමයක් මේ වනවිට නතරකර ඇති බැවින්, අපගේ දැන්වීම් පල කරනු ලබන්නේ Facebook marketplace තුල පමණි. එබැවින් අපගේ නව දැන්වීම් සඳහා කරුණාකර පහත සබැඳිය ඔස්සේ Facebook marketplace හි අපගේ Kodi's Group නිල පිටුව වෙත පිවිසෙන්න.
https://www.facebook.com/marketplace/profile/100027402036798/?ref=permalink&mibextid=dXMIcH

4. දැනට අපගේ ව්‍යාපාර කටයුතු පූර්ණකාලීනව සිදු නොවන බැවින් සහ මා දැනට රැකියාවක නිරතවන බැවින්, මිලදී ගැනීම් හෝ වෙනත් කටයුතු සඳහා පැමිණෙනවිට, කලින් වෙලාවක් ලබාගෙන පැමිණීමට කාරුණික වන්න. යම් විමසීමක් වේ නම්, කරුණාකර 0702 492 492 අංකය වෙත වට්ස්ඇප් පණිවුඩයක් යොමු කරන්න.

ස්තුතියි!

චින්තක කොඩිකාර.
Kodi's Group of Business

04/09/2025

හිතවත් පාරිභෝගිකයිනි,

අපගේ ව්‍යාපාර කටයුතු අවසන් කිරීමේ ක්‍රියාවලිය යටතේ, 2025.08.31 දින වනවිටත් අප භාරයේ තිබූ වෙනත් සැපයුම්කරුවන්ගේ භාණ්ඩ ඊයේ (2025.09.03) දින ආපසු එම ආයතන වෙත භාර දෙන ලදී. ඒ අනුව එම භාණ්ඩ අපගේ නිල ෆේස්බුක් පිටුවෙහි "Sold Out" සළකුණු කර, ඒ සම්බන්ධ ගණුදෙනු අවසන් කර ඇත .

අපගේ මූල්‍ය තත්වය අයහපත් වෙමින් පැවතීම හේතුවෙන්, බාහිර සැපයුම්කරුවන් සතු භාණ්ඩ, නියෝජිත පදනමින් අපගේ ප්‍රදර්ශනාගාරයෙහි තබා අළෙවි කිරීම අප විසින් ආරම්භ කරන ලද්දේ 2024 අගෝස්තු මාසයේ සිට ය . මේ දක්වා එම ආයතනවලින් ලැබුණු සහයෝගය වෙනුවෙන් එම ආයතනවලට අපගේ ස්තූතිය හිමිවේ.

තවදුරටත් අප සතුව ඉතිරිව ඇති භාණ්ඩ ඉතා සීමිත ප්‍රමාණයක් සඳහා පමණක් අපගේ, kodi's Group of Business නිල ෆේස්බුක් පිටුවෙහි සක්‍රිය දැන්වීම් (On sale now) පවතිනු ඇත එසේ වුවද අපගේ ව්‍යාපාර කටයුතු 2025.07.31 දිනෙන් අවසන් කර ඇති බැවින්, නව සැපයුම් සඳහා (විශේෂයෙන් ම ලොන්ඩරි යන්ත්‍රෝපකරණ සැපයීම සඳහා කරනු ලබන ඉල්ලීම් පිළිබඳව) අප ආයතනය තවදුරටත් කටයුතු නොකරන බව අපගේ පාරිභෝගිකයින් වෙත කාරුණිකව දන්වා සිටිමු.
ස්තුතියි!

Chinthaka Kodikara
2025.09.04

Kodi's Group of Business

පසුගිය ජූලි මාසය ආරම්භයේදී ප්‍රකාශයට පත්කරන ලද අපගේ ව්‍යාපාර කටයුතු අවසන් කිරීමේ ක්‍රියාවලියට අනුකූලව, වසර 10ක් පුරා අඛණ...
19/08/2025

පසුගිය ජූලි මාසය ආරම්භයේදී ප්‍රකාශයට පත්කරන ලද අපගේ ව්‍යාපාර කටයුතු අවසන් කිරීමේ ක්‍රියාවලියට අනුකූලව, වසර 10ක් පුරා අඛණ්ඩව පවත්වාගෙන එනු ලැබූ ikman.lk වෙබ් අවකාශයේ අපගේ ව්‍යාපාරික සාමාජ්ක පිටුව, ඊයේ (2025.08.18) දින සිට වසා දමන ලදී. ඒ අනුව මින් ඉදිරියට ikman වෙබ් අවකාශය තුළ අපගේ දැන්වීම් පල නොවනු ඇති අතර, අප සතුව තවදුරටත් ඉතිරිව ඇති සීමිත භාණ්ඩ ප්‍රමාණයක තොග අවසන් කිරීම වෙනුවෙන්, අපගේ Kodi's Group of Business නිල ෆේස්බුක් පිටුවෙහි පමණක් මින් ඉදිරියට දැන්වීම් පලකෙරෙනු ඇත.

ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම අන්තර්ජාල අළෙවිකරණ වේදිකාව වූ ikman.lk සමග අපගේ ව්‍යාපාරික බැඳීම් ආරම්භ වූයේ 2015 වර්ෂයේදීය. එම වසරේදී එහි දැන්වීම් පලකිරීම ආරම්භ කල අප ආයතනය, 2017 වසරේ සිට අපටම වෙන්වූ ව්‍යාපාරික පිටුවක් සහිතව, සහතික කල සාමාජිකයකු ලෙසින් මේ දක්වාම අපගේ ව්‍යාපාරික බැඳීම අඛණ්ඩව පවත්වාගෙන එන ලදී. එම දීර්ඝ හවුල්කාරීත්වය වෙනුවෙන් එම ආයතනයට මාගේ ස්තුතිය හිමිවේ.

Kodi’s group of business යනු මෙරට පූර්ණ ශ්‍රවණාබාධිත ව්‍යවසායකයකු විසින්, දුරකථන ඇමතුම්වලට පිළිතුරු දීමකින් තොරව, WhatsApp, Viber, fb Messenger වැනි සමාජ ජාල සංවාද (Text messages) මගින් පමණක් පවත්වාගෙන ගිය මෙරට එකම ව්‍යාපාර ආයතනය වූවා සේම, එය විධිමත් පාරිභෝගික ආරක්ෂණ ප්‍රතිපත්තීන් සහ වගවීමේ ක්‍රියාවලියක් සහිතව, ඉතා ආදර්ශ සම්පන්නව ගොඩනැගු ව්‍යාපාර සන්නාමයක් ද විය. මාගේ ජීවිතයේ හුස්ම තරමටම මට වටිනා Kodi’s සන්නාමය ගොඩනැගීම වෙනුවෙන් මම ජීවිතයේ වසර 16ක් ම කැපකර ඇත්තෙමි.

එහෙත් පසුගිය වසර කිහිපය තුළ, පෞද්ගලික ජීවිතයේ මා මුහුණදුන් ඉතා සැලසුම් සහගත සිද්ධි දාමයක් හේතුවෙන්, ව්‍යාපාරහි මූල්‍ය තත්වය දිගින් දිගටම බිඳවැටුණු අතර, එය තවදුරත් රැක ගැනීමට මා ගත් සියලු උත්සාහන් ව්‍යාර්ථ වූ පසුව, මෙලෙස ව්‍යාපාර කටයුතු අවසන් කිරීමේ තීරණය වෙත යාමට මට සිදුවිය. කෙසේ වුවද නීතිකරුක පුරවැසියකු වශයෙන් එම සිද්ධීන් පිළිබඳව, මේ අවස්ථාවේ මා නිහඬව සිටිමි.

ස්තුතියි!
Chinthaka Kodikara
CEO
Kodi's Group of Business.

ව්‍යාපාර කටයුතු අවසන් කිරීමේ නිවේදනය!අපගේ පාලනයෙන් බැහැර වූ, ඉතා අවාසනාවන්ත හා අසාධාරණ තත්වයකට දිගින් දිගටම මුහුණ දීමට ස...
07/07/2025

ව්‍යාපාර කටයුතු අවසන් කිරීමේ නිවේදනය!

අපගේ පාලනයෙන් බැහැර වූ, ඉතා අවාසනාවන්ත හා අසාධාරණ තත්වයකට දිගින් දිගටම මුහුණ දීමට සිදුවීම හේතුවෙන්, 2025 ජුලි මස 31 වැනි දින සිට අපගේ Kodi’s Group of Business සහ එහි සියලු අනුබද්ධ ආයතනවල ව්‍යාපාර කටයුතු අවසන් කරන බව අපගේ ආදරණීය පාරිභෝගිකයින් වෙත මෙයින් දන්වා සිටිනු ලැබේ.

2023 ජුනි මාසයේ සිට අප මුහුණදෙමින් සිටින මෙම අවාසනාවන්ත සහ අසාධාරණ තත්වය හේතුවෙන්, අපගේ මූල්‍ය තත්වය දිගින් දිගටම පිරිහීමට පත්වූ අතර, එම හේතුව නිසා අපට 2024 අහෝස්තු මාසයේ සිට වෙනත් සැපයුම්කාර ආයතන සතු භාණ්ඩ, නියෝජිත පදනමින් අළෙවි කිරීමටත්, 2025 ජනවාරි මාසයේ සිට අළෙවිය සඳහා නව භාණ්ඩ මිලදී ගැනීමෙන් වැලකී සිටීමටත්, අපට සිදුවිය. ඒ අනුව, මේ වනවිට අප සතු භාණ්ඩ තොගය ඉතා සීමිත අයිතම ගණනකට සීමා වී ඇති අතර, එම තත්වය මත සහ 2025.03.31 දින සිට අපගේ ප්‍රදර්ශනාගාරය වසා දැමීමට සිදුවීම නිසා, ව්‍යාපාර කටයුතු අඛණ්ඩව පවත්වාගේ යාමේ හැකියාවක් තවදුරටත් අප ආයතනයට නොමැති බව පෙනී ගිය බැවින්, 2025.06.15 දින සිට අපගේ ව්‍යාපාර කටයුතු “අඛණ්ඩ පැවැත්මෙන් බැහැර” තත්වයක් වාර්තා කිරීමට කටයුතු කරන ලදී.

එබැවින්, ඉහත තත්වය මත අපගේ ව්‍යාපාර කටයුතු 2025.07.31 දිනෙන් අවසන් කිරීමට නියමිත අතර, එම තීරණය හේතුවෙන්, දිගු කලක් අප සමග රැඳි සිටින අපගේ ආදරණීය පාරිභෝගිකයින් අපහසුවට පත්වීම හැකිතරම් දුරට වැලැක්වීම පිණිස, පහත ක්‍රියාමාර්ග අනුගමනය කරන බව, මෙයින් කාරුණිකව නිවේදනය කරමු.

1. අපගෙන් භාණ්ඩ මිලදී ගෙන ඇති පාර්භෝගිකයින් සඳහා වගකීම් කාලය තුල සපයන අළෙවියෙන් පසු සේවාවන්, අප විසින්, වෙනසකින් තොරව, අඛණ්ඩව පවත්වාගෙන යනු ලැබේ.

2. අපගේ ඉතිරිව ඇති භාණ්ඩ අයිතම, තොග අවසන් කිරීම සඳහා, සුවිශේෂී අඩු මිලකට ලබා දීමට කටයුතු කරනු ඇත. එහිදී අපගේ පෙර ගණුදෙනුකරුවන්ට වඩාත් අඩු මිලකට භාණ්ඩ ලබාගත හැකිය.

3. අප විසින් නියෝජිත පදනමින් දැන්වීම් පළකර ඇති භාණ්ඩ, අදාළ ආයතන මගින් ඍජුවම මිලට ගැනීම සඳහා, අපගේ පාරිභෝගිකයින් එම ආයතන වෙත යොමු කරනු ලැබේ. (එම භාණ්ඩ සඳහා පළකර ඇති දැන්වීම්වල ඉහළින් “නියෝජිත දැන්වීමකි” ලෙස සලකුණු කරමින්, අපගේ facebook නිල පිටුවෙහි පළකර ඇති දැන්වීම් සංශෝධනය කෙරෙනු ඇත)

4. අප විසින් 2021 සිට පවත්වාගෙන පැමිණි, KEE (Kodi’s Easy Exchange) භාණ්ඩ සඳහා භාණ්ඩ හුවමාරු පහසුකම සහ 2023 වර්ෂයේදී හඳුන්වා දුන් KEE Gold+ (Kodi’s Easy Exchange Gold Plus) භාණ්ඩ සඳහා ස්වර්ණාභරණ හුවමාරු පහසුකම මේ වනවිට අත්හිටුවා ඇති බව කාරුණිකව දැනුම් දෙමු.

5. 2015 වර්ෂයේ සිට අඛණ්ඩව පවත්වාගෙන ආ අපගේ ikman.lk ව්‍යාපාරික සාමාජික පිටුව, 2025.08.20 දින දක්වා වලංගුව පවතින අතර, එදිනෙන් පසුව එම පිටුව වසා දැමෙන බැවින්, ඉන් පසුව අපගේ facebook නිල පිටුවෙහි පමණක් දැන්වීම් පලකරනු ඇත. අප සතු ඉතිරි භාණ්ඩ විකිණී අවසන් වූ පසුව, අපගේ වර්තමාන ව්‍යාපාර පරිශ්‍රයද වසා දැමෙනු ඇති අතර, ඒ බව අපගේ facebook නිල පිටුවෙහි නිවේදනය කෙරෙනු ඇත.

එකදු දුරකථන ඇමතුමකට හෝ පිළිතුරු දීමට නොහැකි, පූර්ණ ශ්‍රවණාබාධිත පුද්ගලයකු විසින්, WhatsApp Chat පණිවුඩ හරහා පමණක් පවත්වාගෙන ගිය, මෙරට එකම ව්‍යාපාර ජාලය සමග, දශක එක හමාරක කාලයක් පුරා රැදී සිටි, අපගේ ආදරණීය පාරිභෝගිකයින් සියලු දෙනාට අපගේ ගෞරවණීය ස්තුතිය පිරිනමන අතර, මෙම තීරණය හේතුවෙන් ඔබට සිදුවන අපහසුතාවය පිළිබඳව, ඔබ සැමගෙන්, ඉතාමත් යටහත්ව, සමාව ඉල්ලා සිටිමි!

ස්තුතියි!

චින්තක කොඩිකාර.
CEO
Kodi’s Group of Business

10/05/2025

Address

No. 40/D, Hansa Mawatha, Pamunuwila Road, Gonawala.
Kadawata

Opening Hours

Monday 10:00 - 22:00
Tuesday 10:00 - 22:00
Wednesday 10:00 - 22:00
Thursday 10:00 - 22:00
Friday 10:00 - 22:00
Saturday 10:00 - 22:00
Sunday 10:00 - 22:00

Telephone

+94702492492

Alerts

Be the first to know and let us send you an email when Kodi's Group of Business posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Kodi's Group of Business:

Share