𝑨𝒚𝒐

𝑨𝒚𝒐 ❤ ..ҽѵҽɾվԵհíղց վօմ cαղ íตαցíղҽ ís ɾҽαl.. ❤

ජීවිතේ හැමෝටම එක කාලයක් එනවා,අනේ අම්මේ ගෙදර එන්න තිබ්බා නම් කියලා හිතෙන, අම්මා උයන රසම රස කෑම කාලා,හවසට හැමෝම එක්ක පොඩි ...
23/07/2026

ජීවිතේ හැමෝටම එක කාලයක් එනවා,
අනේ අම්මේ ගෙදර එන්න තිබ්බා නම් කියලා හිතෙන,
අම්මා උයන රසම රස කෑම කාලා,
හවසට හැමෝම එක්ක පොඩි කයියක් දාලා,
ඉස්සර වගේ හිනාවෙලා සතුටින් ඉන්න.

ඉතිං,
මං දැන් ඉන්නේ එහෙම කාලෙක 🥺❤️

මේ කොළඹ අහස යට
ජීවිතේ හරි බරයි අම්මේ...... 😪

අයෝ... ✨️✒️📍

මේක හරි අමුතු Nostalgic Memory එකක් 🥹✨️දුර ඇතින් පේන ලස්සනම ලස්සන කදු පන්තියයි, සීතලම සීතල සුළං පොදයි, සැරම සැර ලුණු මිර...
20/04/2026

මේක හරි අමුතු Nostalgic Memory එකක් 🥹✨️

දුර ඇතින් පේන ලස්සනම ලස්සන කදු පන්තියයි, සීතලම සීතල සුළං පොදයි, සැරම සැර ලුණු මිරිසුයි, උණුම උණු රෝටී එක්ක තේ කෝප්පයක් කියන්නේ 🥰 ඒක වචන කරන්න බැරි හරි අමුතු හැගීමක්... මට මතක ඇති කාලේ ඉදන් අපි අවුරැදු නිවාඩුවට නුවරඑළියේ යනවා. මොකද ඒකට ලොකුම හේතුව අප්පච්චීගේ නංගී ඉන්නේ වැලිමඩ. නුවරඑළියේ ඉදනුත් ටිකක් දුර යන්ඩ ඕනේ.. 😎 මේ ගමනේ දී අප්පච්චී අපිට මග නතර කරලා රොටී, තේ අරං දෙනවා. පුංචිම කාලේ මේ වගේ තේරැමක් නැති වුනත් අපි හරි ආසාවෙන් ඒක රස වින්දා. ඒ මතක දැන් මතක් කරද්දී හරි සුන්දරයි.. අපි සතුටින් ඒ දවස් ගත කරපු හැටි.. මේ Photo එක ගැහුවෙත් මේ පාර අවුරැද්දට ගියාම. 😊 දැන් ඉස්සර වගේ පුංචි ලස්සන ලී වලින් වටකරපු කඩ නෑ.. බොහොම අතළොස්සක් තමා තියෙන්නේ.. ඒවත් දැන් දියුණු වෙලා.. ඒත් කොහොමහරි අප්පච්චී දැන් එහෙම ලොකුවට Focus කරන්නේ නෑ මේ දේට. ඒවුනාට මම ඒක අමතක කරන්න කැමති නෑ.. බලෙන් හරි ඉල්ල ගන්නවා.. මම කියන්න හැදුවේ අපි කාලෙත් එක්ක ටික ටික ලොකු වුනාට මේ සමහර හැගීම් කවදාවත් අපේ ජීවිත වලින් අමතක වෙන්නේ නෑ.. ඒත් අප්පච්චී ඔයා අපිට හැම පාරම නුවරඑළියේ යදිදී සැරම සැර ලුණු මිරිස් එක්ක සූස් සූස් ගාල කන්න රොටී අරං දීලා තේ එකක් බීලා ලග තියෙන කන්දකට ගිහින් Photo එකක් ගහලා යනවා නම් අදටත් අපි හරි ආසයි... මේක ඉතින් එයා දකින්නේ නෑ කොහොමත්, මොකද එයා Facebook නෑ නේ.. ඒත් ආදරෙයි මහ ගොඩාක් ❤️ මේ වගේ සුන්දර මතක ගොඩාක් අපිට එකතු කරලා දුන්නට... 😘🥹🌍

අයෝ ✨️✒️📍

16/04/2026

2026.04.16

For Memory 🥺📝

ජීවිතේ අපි හිතන දේ වෙන්නේ නෑ වෙන දේ හිතාගන්න බෑ...
අද අපේ ගමනාන්තය වුනේ හෝටන්තැන්න... මේ අවුරැදු Vacation එකේ තුන්වෙනි දවස. උදේම නැගිටලා හරි ආසවෙන් අපි යන්න ලෑස්ති වුනේ හෝටන්තැන්න බලන්න.. අම්මා, අප්පච්චී, මමයි මල්ලී. නැන්දා හදලා තිබුන රසම රස කෑම ටිකත් කලා අපි කට්ටිය යන්න ලෑස්ති වුනා, හැමවෙලේම ඉස්සර යන අප්පච්චීවත් කාර් එකේ පිටිපස්සට දාලා හරිබරි ගැහිලා ඉස්සරහ සීට් එකේ මම වාඩි වුනේ ගමන විනෝද වෙන්ඩ කියලා, බොරලන්ද නැන්දලාගේ ගෙදර ඉදන් ටවුන් එකට ඇවිල්ලා ටවුන් එකේදී බැංකුවෙන් සල්ලිත් අරන් අපි ඔහිය පාර දිගේ ඉස්සරහට ගියා. පාර දෙපැත්තේ මහ විශාල රෑස්ස ගස්. හරිම සුන්දර පරිසරයක්, අපි කෙමෙන් කෙමෙන් ඉස්සරහට ගියා, යනමග ලස්සන තැන්වල වාහනේ නතර කරලා පෝටෝස් ගත්තා. ඇත්තටම හරි ලස්සනට අපි විනෝද වෙවී ඉදිරියට ගියා.. ඇත්තටම මම පෝටෝ ගහන්න ආස වුනත් පොටෝ වලට හරි ලස්සනට ඉන්න දන්න කෙනෙක් නෙවේ.. ඉඩ තියෙන තැන්වල නතර කරලා මායි මල්ලී හරි ආසවෙන් පොටෝ ගැහුවා.. ඇත්තටම හරි ලස්සන පාරක්. හරිම ලස්සනයි. දිව්‍ය ලෝකෙකට යන පාරක් වගේ. 🥹🍃 හරිත වර්ණ වටපිටාව, ටික දුරක් ඉස්සරහට යනකොට ඔහිය, ඔහිය Railway Station එක අපිට හම්බ වුනා, අපි එතනට යනකොට train එකක් එන්න වාහන නතර කරලා තිබුනේ. අපි ඒ train එකෙත් videos අරගෙන පාරේ ඉස්සරහටම ගියා.. ටික දුරක් යද්දී හෝටන්තැන්නේ Entrance එකත් හම්බ වුනා. අප්පච්චී ගිහින් ටිකට් එකත් අරගෙන අපි හරි ආසවෙන් ඇත්තටම ගියේ ඒත් අපි ලොකු දුරක් පයින් යන්න කැමත්තක් තිබ්බේ නෑ. පොඩි දුරක් හෝ ගිහින් බලන අධිෂ්ඨානය ඇතිව ඉස්සරහට ගියා.. අපි ටික ටික තැනට කිට්ටු වුනා, ඒත් අපිට වාහනේ Park කරන්න තරම් ඉඩක් හොයාගන්න බැරි වුනා. Vacation නිසා සෙනග.. පාර දිගේ ඉස්සරහටම නුවරඑළිය පැත්තට ටික දුරක් අපි ගිහින් තවත් යන්න බෑ කියා ආපසු හරවගෙන ආව. ඒත් අපිට තිබුන ආසාව, කුතුහලය එක විනාඩියකින් සුනුවිසුනු වෙලා ගියා. අනේ අපි ආයේම වාහන පෝලිමේ හෝටන්තැන්න පැත්තට එනවිට වාහන ගිහින් පාර බ්ලොක් වෙලා වාහන පස්සට ගන්න වුනා, ටික ටික වාහන පස්සට ගන්නකොට අපිට හිතාගන්නවත් බැරි විදිහට අපේ Car eke ඉදිරියේ තිබුන වාහනය ඇවිල්ලා හැප්පුවා, හැමතැනම ඉන්නවා නේ බූරුවෝ, ඒ වගේ අමු ගවයෙක් ඉදලා තමා මේ සිදුවීම උනේ.. හරි ලොකුවට පාරට බැහැල වාහන පාලනය කරන්ඩ යනවා.. 🐕 හප්පපු මනුස්සයගේ පුදුම නොසැලකිලිමත් රිය ධාවනය නිසා අපේ Car එක නිකරැනේ Damage වුනා. අපි ඔක්කොම කෑගැහුවා. හයිපයි කියා ගත්ත වාහන උන්ට කිසිම හානියක් නෑ අපි වගේ පොඩි මිනිස්සුන්ට තමා කොතනත් හානිය. හරිම කේන්ති ගෙදර හැමෝම කෑ ගැහුවා.. පොලීසියේ uncle කෙනෙකුටත් කිව්වා, අපේ ආරක්ෂාවට. එයා ඇත්තටම උදව් කරා.. නැත්නම් අර මනුස්සයොන්ට හප්පලා මගැරලා යන්න තිබුනා. කොහොමහරි ඉතින් අපේ දවසම ඉවරයි, අපේ ගමනත් ඉවරයි, එතනින් පස්සේ. කිසිම ආසවක් තිබුනේ නෑ ආයේ අපිට විනෝද වෙන්න. අපි ප්‍රශ්නේ විසදගෙන ආපහු නැන්දාලාගේ ගෙදර එන්න පිටත් වුනා. 🥺 හරිම දුකයි, ආසවෙන් ගිය ගමනක්. ජීවිතේ අපි කවදාවත් හිතාගෙන ඉන්න දේම වෙන්නේ නෑ නේ. ඒත් අපිට මුණදෙන්න වෙන්නේ කිසිම විදිහකින් හිතන්නේ නැති දේකට. 🥺✨️📍

අයෝ ✨️✒️📍

අපිට අපි වගේ හිතන මිනිස්සු මුණගැහෙන්නේ හරිම කලාතුරකින්...🫂✨️
04/04/2026

අපිට අපි වගේ හිතන මිනිස්සු මුණගැහෙන්නේ හරිම කලාතුරකින්...🫂✨️

ස්තූතිවන්ත වන්න, නුඹ නුඹවම දරාගෙන යන ගමනට...🫂✨️
04/04/2026

ස්තූතිවන්ත වන්න,
නුඹ නුඹවම දරාගෙන යන ගමනට...🫂✨️

ජීවිතේ මොනදේ වුණත් සතුටින් ඉන්න,මොකද සතුට කියන්නේ තේරීමක්...🫂✨
04/04/2026

ජීවිතේ මොනදේ වුණත් සතුටින් ඉන්න,
මොකද සතුට කියන්නේ තේරීමක්...🫂✨

විශ්වාස කරන්න,ජීවිතේ ලස්සනම දවස් එන්නේ ඉස්සරහට.... 🫂✨️
04/04/2026

විශ්වාස කරන්න,
ජීවිතේ ලස්සනම දවස් එන්නේ ඉස්සරහට.... 🫂✨️

"ආසම දේත් අනුන්ට දීලා බලන් ඉන්නවනම්, එතනම උබ දිනලා ඉවරයි...!" 🫂❤️‍🩹
02/04/2026

"ආසම දේත් අනුන්ට දීලා බලන් ඉන්නවනම්,
එතනම උබ දිනලා ඉවරයි...!" 🫂❤️‍🩹

Address

Colombo
Kekirawa

Website

Alerts

Be the first to know and let us send you an email when 𝑨𝒚𝒐 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share