05/10/2026
අපේක්ෂා රෝහල උදව් ඉල්ලයි
මහරගම අපේක්ෂා රෝහලේ රෝගී ප්රතිකාර කටයුතු සඳහා අවශ්ය ඖෂධ සහ ශල්ය පරිභෝජන ද්රව්ය කිහිපයක් පරිත්යාග කරන ලෙස රෝහල් බලධාරීන් ඉල්ලීමක් කර තිබේ.
එම ඉල්ලීමට අනුව පරිත්යාග ලෙස අවශ්ය ඖෂධ අතර Tigecycline somg එන්නත්, Methotrexate 500mg එන්නත්, Fluorouracil 1g එන්නත්, Methotrexate 2.5mg පෙති, Voriconazole 200mg පෙති සහ chlorambucil 2mg කැප්සියුල් අවශ්ය වේ.
මීට අමතරව වැඩිහිටි රෝගීන් සඳහා භාවිත කරන Colostomy Bags සහ Plates ද ශල්ය පරිභෝජන ද්රව්ය ලෙස අවශ්යව පවතින බව දැනුම් දී ඇත. ඖෂධ සහ ශල්ය පරිභෝජන පරිත්යාග කිරීමේදී මුල් ඉන්වොයිස් සමග අදාළ පරිත්යාග ලබාදෙන ලෙසත්, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ (NMRA) අනුමත ඖෂධ පමණක් තමන් භාරගනු ලබන බවද රෝහල් බලධාරීහු සඳහන් කරති.
ඖෂධ සහ අනෙකුත් පරිත්යාග භාරගැනීම සතියේ දිනවල පෙ.ව. 8.00 සිට ප.ව. 4.00 දක්වාත්, සෙනසුරාදා පෙ.ව. 8.00 සිට දහවල් 12.00 දක්වාත් සිදු කරනු ලබන බවත්, මේ සම්බන්ධව වැඩිදුර තොරතුරු සඳහා 0777468503, 0112850252 සහ 0112897377 (Extension 1629) යන දුරකථන අංක අමතන ලෙසත් මහරගම අපේක්ෂා රෝහල් බලධාරීහු පරිත්යාගශීලීන්ගෙන් ඉල්ලා සිටිති.
වැඩි විස්තර 👉https://tinyurl.com/3bw783tt
Copied from Divaina