RV Tech Fix

RV Tech Fix Introducing new invention, Any electronic & electrical repairing, Motor controlling panel,
Arduino programing

ෆැලෑෂර් කොටයක් ස්ටැන්ඩ්ඩඩ් විදියට හදමු🔧 **කැරකෙන කූඩුවකට ෆැලෑෂර් කොටයක් (Rotating Basket / Revolving Platform) විදුලිය ල...
30/05/2026

ෆැලෑෂර් කොටයක් ස්ටැන්ඩ්ඩඩ් විදියට හදමු

🔧 **කැරකෙන කූඩුවකට ෆැලෑෂර් කොටයක් (Rotating Basket / Revolving Platform) විදුලිය ලබාදෙන Slip Ring Assembly එකක් නිවැරදිව හදන්නේ කොහොමද?

කැරකෙන යන්ත්‍රයකට, කැරකෙන කූඩුවකට හෝ Revolving Platform එකකට නිරන්තරයෙන් විදුලිය ලබාදීමට සාමාන්‍ය වයර් භාවිතා කළහොත් වයර් ඇඹරී කැඩී යාම සිදුවේ. ඒ සඳහා භාවිතා කරන ප්‍රධාන විසඳුම තමයි Slip Ring Assembly එක.

📸 මේ පින්තූර වල දැක්වෙන්නේ කාර්මික මට්ටමේ නිෂ්පාදනයක් වන Standard Slip Ring Assembly එකකි.

⚙️ අපි හදන Slip Ring Assembly එකේ මූලික ක්‍රමය

✅ කැරකෙන කොටසට සම්බන්ධ තඹ (Copper) Ring කිහිපයක් සකස් කිරීම.

✅ එක් එක් Ring අතර හොඳ පරිවරණයක් (Insulation) ලබාදීම.

✅ ස්ථාවර කොටසේ Carbon Brush හෝ Copper Graphite Brush සවි කිරීම.

✅ Brush එක Ring මත මෘදු පීඩනයකින් ස්පර්ශ වන ලෙස සකස් කිරීම.

✅ අවශ්‍ය Phase, Neutral, Earth සහ Control Signal සඳහා වෙන වෙනම Ring භාවිතා කිරීම.

මෙම ක්‍රමයෙන් කූඩුව අඛණ්ඩව කැරකුණත් විදුලි සැපයුම බිඳ වැටීමකින් තොරව ලබා ගත හැක.

🔍 Standard Design එකක් භාවිතා කිරීමේ වැදගත්කම

✔️ Contact Resistance අඩුවීම

✔️ Spark වීම සහ Carbon Deposit අඩුවීම

✔️ උෂ්ණත්වය අඩුවීම

✔️ Brush Wear අඩුවීම

✔️ වැඩි ධාරා (Current) ආරක්ෂිතව ගෙන යා හැකි වීම

✔️ Maintenance අවශ්‍යතාවය අඩුවීම

✔️ Signal හා Power දෙකම ස්ථාවරව ලබාදිය හැකි වීම

✔️ යන්ත්‍රයේ විශ්වාසනීයත්වය සහ ආයු කාලය වැඩි වීම

⚠️ බොහෝ දෙනා Slip Ring එකක් සරලව Copper Ring සහ Brush එකකින් හදාගත්තත්, කාර්මික භාවිතයට යොදන විට Ring Alignment, Brush Pressure, Insulation Distance සහ Heat Dissipation වැනි කරුණු නිවැරදිව සැලකිල්ලට ගත යුතුය.

🛠️ RV Tech Fix තුළින් අපි මෙවැනි ඉලෙක්ට්‍රොනික, විදුලි හා කාර්මික තාක්ෂණික විසඳුම් පිළිබඳ දැනුම ඔබ වෙත ගෙන එන්නෙමු.

🔧⚡

12/05/2026

⚡ DIY විද්‍යුත් ක්‍රමයට ස්ථීර චුම්බකයක් සෑදීම 📘 8 ශ්‍රේණිය – 6.11 ක්‍රියාකාරකම

මෙම ක්‍රියාකාරකමේදී විදුලි ධාරාවක් භාවිතයෙන් සාමාන්‍ය යකඩ ඇණයක් චුම්බක ගුණ ඇති ද්‍රව්‍යයක් බවට පත් කරන ආකාරය ඉගෙන ගනිමු. මෙය “විද්‍යුත් චුම්බකත්වය” (Electromagnetism) කියන වැදගත් විද්‍යාත්මක සංකල්පයට අදාළ පරීක්ෂණයකි.

🛠️ අවශ්‍ය ද්‍රව්‍ය
▪️ පොඩි ප්ලාස්ටික් බට කෑල්ලක් (බොබිනය සඳහා)
▪️ SWG 30 තඹ කොයිල් කම්බි
▪️ සම්බන්ධක වයර් 2ක්
▪️ බැටරියක් (1.5V – 3.7V වගේ)
▪️ ටිකක් ලොකු යකඩ ඇණයක්
▪️ කුඩා ඇණ කීපයක් (පරීක්ෂා කිරීමට)
▪️ හීට් ස්ලීව් / ටේප්

🔧 සෑදූ ආකාරය

මුලින්ම ප්ලාස්ටික් බට කෑල්ලක් ගෙන එය බොබිනයක් ලෙස සකස් කරගත්තා. ඉන්පසු SWG 30 තඹ කොයිල් කම්බියෙන් වට 200ක් පමණ එක දිශාවකට පිළිවෙළට ඔතා ගත්තා.
ඊට පසු කොයිලයේ දෙකෙළවරට වයර් දෙකක් පාස්සලා හීට් ස්ලීව් දමා සම්බන්ධතා ආරක්ෂිතව සකස් කළා.

🧪 පරීක්ෂා කිරීම මුලින්ම ලොකු යකඩ ඇණය කුඩා ඇණ වලට ළං කර බැලූ විට චුම්බක ගතියක් නොපෙන්වයි.
ඉන්පසු එම යකඩ ඇණය බොබිනය තුළට දමා, කොයිලයේ වයර් දෙක බැටරියට සම්බන්ධ කළා. (-) වයරය ස්ථිරව තබාගෙන (+) වයරය කඩින් කඩ බැටරියේ + අග්‍රයට ස්පර්ශ කළා.

⚠️ වයරය දිගු වේලාවක් සම්බන්ධ කර තබන්න එපා. කොයිලය රත් විය හැක.
ඉන්පසු යකඩ ඇණය ගෙන කුඩා ඇණ වලට ළං කර බැලූ විට, දැන් එය චුම්බකයක් මෙන් කුඩා ඇණ ඇද ගන්නා බව පෙනේවි.

🔬 මෙය සිදුවන්නේ ඇයි?

විදුලි ධාරාව කොයිලය තුළින් ගමන් කරන විට කොයිලය වටා චුම්බක ක්ෂේත්‍රයක් ඇතිවේ. එම චුම්බක ක්ෂේත්‍රය නිසා බොබිනය තුළ ඇති යකඩ ඇණයේ අභ්‍යන්තර කුඩා චුම්බක කලාප (magnetic domains) එකම දිශාවකට සකස් වීමෙන් ඇණය චුම්බක ගුණ ලබා ගනී.

🧠 වැදගත් තාක්ෂණික කරුණු

✅ වට ගණන වැඩි වන තරමට චුම්බක බලය වැඩිවේ
✅ යකඩ (Iron) භාවිතා කළහොත් ප්‍රතිඵල හොඳයි

✅ Steel භාවිතා කළහොත් චුම්බක ගතිය වැඩි වේලාවක් රඳා පවතින්න පුළුවන්

✅ බැටරියේ වෝල්ටීයතාව වැඩි නම් කොයිලය ඉක්මනින් රත් විය හැක

✅ එක දිශාවකට පමණක් winding කිරීම වැදගත්

📚 මෙය භාවිතා වන ස්ථාන
🔹 Electric Bell
🔹 Relay
🔹 Speaker
🔹 Motor
🔹 Scrap lifting electromagnets

💡 විද්‍යාව කියන්නේ පොතේ තියෙන දෙයක් විතරක් නෙවෙයි… අත්හදා බැලීමෙන් තේරුම් ගන්න පුළුවන් ලස්සන ලෝකයක් ❤️

10/05/2026

⚡ DIY විදුලි චුම්බකයක් සරලව නිර්මාණය කරමු! 🔩🧲

විස්තරය පළමු කමෙන්ට් එකේ....👇

⚡ DIY විදුලි චුම්බකයක් සරලව නිර්මාණය කරමු! 🔩🧲පාසැල් ඉගෙනුම් ක්‍රියාකාරකමක් සඳහා මා විසින් සකස් කළ සරල විදුලි චුම්බක නිර්...
10/05/2026

⚡ DIY විදුලි චුම්බකයක් සරලව නිර්මාණය කරමු! 🔩🧲

පාසැල් ඉගෙනුම් ක්‍රියාකාරකමක් සඳහා මා විසින් සකස් කළ සරල විදුලි චුම්බක නිර්මාණයක් මෙන්න.

3.6V battery එකක් භාවිතා කර ON/OFF switch එකක් සමඟ ක්‍රියාකරන ආකාරයට මෙය සකස් කර ඇත. මෙය පාසල් project, science activity සහ basic electronics ඉගෙනීමට ඉතා හොඳ නිර්මාණයක් 💡

📌 භාවිතා කළ ද්‍රව්‍ය
━━━━━━━━━━━━━━━
🔸 SWG 25 තඹ කොයිල් කම්බි 🔸 3.6V Battery
🔸 Push Button Switch
🔸 Angle 3/4 Iron Flat එකක් (අඟල් 4.5 පමණ)
🔸 Foam Board
🔸 Insulation Tape
🔸 Wire Connectors / Wires

🛠️ නිර්මාණය කළ ආකාරය ━━━━━━━━━━━━━━━
1️⃣ පළමුව Angle Iron කැබැල්ල හොඳින් පිරිසිදු කර insulation tape එකකින් ආවරණය කරන ලදී.

2️⃣ ඉන්පසු SWG 25 කොයිල් කම්බිය භාවිතා කර වට 150ක් පමණ සමීපව ඔතා ගන්නා ලදී.

3️⃣ Coil එක ලිහිල් නොවන ලෙස tape භාවිතා කර තදින් fix කරන ලදී.

4️⃣ Foam Board භාවිතා කර coil එක රඳවා තැබීමට සරල stand එකක් නිර්මාණය කරන ලදී.

5️⃣ Battery එක හා Push Button Switch එක series ආකාරයට සම්බන්ධ කරන ලදී.

6️⃣ Switch එක press කරන විට coil එක හරහා විදුලිය ගමන් කර යකඩ කැබැල්ල චුම්බකයක් බවට පත්වේ 🧲

7️⃣ Switch එක අතහැරීමත් සමඟ චුම්බක ගුණය නැතිවේ.

⚙️ මෙය ක්‍රියාකරන්නේ කෙසේද? ━━━━━━━━━━━━━━━
තඹ කම්බිය හරහා විදුලි ධාරාව ගමන් කරන විට coil එක වටා චුම්බක ක්ෂේත්‍රයක් ඇතිවේ. ඒ නිසා යකඩ කැබැල්ල තාවකාලික චුම්බකයක් බවට පත්වෙයි. මෙවැනි චුම්බක “විදුලි චුම්බක” (Electromagnet) ලෙස හැඳින්වේ.

📚 මෙම නිර්මාණයෙන් ඉගෙන ගත හැක්කේ:
━━━━━━━━━━━━━━━
✅ විදුලිය හා චුම්බකත්වය අතර සම්බන්ධය
✅ Coil winding ක්‍රමය
✅ Simple DC circuit
✅ Electromagnet ක්‍රියාකාරීත්වය
✅ DIY electronics practical knowledge

⚠️ සැලකිලිමත් වන්න ━━━━━━━━━━━━━━━
🔹 Battery එක දිගු වේලාවක් සම්බන්ධ කර තබන්න එපා
🔹 Coil එක උණු විය හැක
🔹 Short circuit නොවන ලෙස සම්බන්ධ කරන්න

💬 ඔබත් මේ වගේ science projects හදනවා නම් comment එකක් දාන්න 😊

#විදුලි_චුම්බක

🚗🎮 Logitech G29 Steering Wheel Repair – Successful Fix!අද repair එකක් ආවෙ Logitech G29 Driving Force Racing Wheel එකක් 🔧...
06/05/2026

🚗🎮 Logitech G29 Steering Wheel Repair – Successful Fix!

අද repair එකක් ආවෙ Logitech G29 Driving Force Racing Wheel එකක් 🔧

❗ ප්‍රශ්නය:
Game එකේ steering control නැති වීම
Wheel එකේ lights වැඩ නොකිරීම
Steering එක over-rotate වෙනවා (normal limit එකට වඩා)

🔍 Diagnosis: Power දුන්නම calibration (auto center rotation) හරිට වෙනවා, ඒත් ගේම් එකේදී control එක නෑ . Manual check කරද්දී මට තේරුණා steering එක excessive rotation වෙන බව.

🔧 පරිස්සමට කවර ටික ගලවලා ගැටලුව හොයන්න ගත්තා Issue එක: Steering mechanism එකේ Left/Right stopper system failure
👉 ඒ නිසා wheel එක limit එක ඉක්මවා කැරකී
👉 Internal wires twist වෙලා cut වෙලා තිබුණා

🛠️ Repair Process:
✔ Damaged wires remove කරලා
✔ New wires replace කරලා (direct connector soldering)
✔ Ferrite ring එක original position එකටම fit කරලා
✔ Rotation limit plastic stopper repair කලා (spring alignment fix)

⚠️ Important Tips:

✔ වැදගත්ම දේ තමයි පිළිවෙළට ඇතුළත කොටස් වලට හානියක් නොවන සේ ගලවා ගැනීම.

✔ මතක තබා ගත යුතුයි කනෙක්ටර් එකේ වයර් 07ක් තියනවා හරි පිළිවෙළට පාස්සා ගත යුතුයි.

✔ Ferrite ring position වැදගත් ප්‍රධාන පරිපථය ඇති දිශාවට කනෙක්ටර් එක සම්බන්ධ කිරීමට පෙර ferrite ring එක සවි කල යුතුයි ⚡

✅ Final Result:
Steering control fully restored
Calibration OK
Smooth rotation with correct limits
100% working condition 🔥

📍 Done by: RV Tech Fix
🔌 Electronics | Repairs | DIY Solutions

04/05/2026

🔧 Desoldering Pump එකට Long-Lasting Smart Hack එකක්! 🔥ඔයා Electronics repair කරනව නම්👉 desoldering pump එකේ rubber tip ...
03/05/2026

🔧 Desoldering Pump එකට Long-Lasting Smart Hack එකක්! 🔥

ඔයා Electronics repair කරනව නම් 👉 desoldering pump එකේ rubber tip (sucker) නිතර නිතර උණුවෙලා sucker එක කෙටි කාලයකින් මාරු කරන්න වෙලා තියෙනවද? 😕

👉 මෙන්න simple + effective solution එකක් 👇

💡 මේ Hack එක මොකද්ද?

👉 CRT TV එකක 👉 final anode cap එකට attach වෙලා තියෙන small tube (බට කෑල්ල)

👉 ඒක cut කරලා 👉 desoldering pump nozzle එකට fit කරාම

➡️ rubber sleeve එකක් වගේ work කරනවා 🔥

🔥 වාසි (Advantages)

✔ 🔧 Sucker එක නිතර මාරු කරන්න ඕන නෑ
✔ 🔥 Heat resistant (පිච්චෙන්නේ නෑ) ✔ 💪 Tight fit → suction power වැඩි
✔ 🧰 Small solder points clean වෙන්න easy
✔ ⏳ Long-term use කරන්න පුළුවන්

⚠️ සැලකිය යුතුයි..

❗ Size match වෙන්න ඕන (හැම pump එකකටම fit වෙන්නෙ නෑ ගැලපෙන එකක් හොයාගන්න ඕන)

❗ CRT parts හොයාගන්න අමාරු වෙන්න පුළුවන්

❗ වැරදිව fix කරාම suction leak වෙන්න පුළුවන්

⚡ IMPORTANT SAFETY

❗ CRT anode parts handle කරනකොට 👉 high voltage charge තියෙන්න පුළුවන් ⚡

✔ discharge කරලාම use කරන්න

✔ bare hand වලින් touch කරන්න එපා

🧠 Special Note

👉 අදකාලේ ගොඩක් අය CRT TV parts ගැන දන්නේ නෑ 😅 👉 ඒත් මේ වගේ old parts වලින් ➡️ modern tools improve කරගන්න පුළුවන් 🔥

💬 ඔයාලා කවුරුහරි මේ hack එක try කරලා තියෙනවද? 👉 Comment එකක දාන්න 👇

📌 තව මෙවැනි practical electronics tricks වලට 👉 Follow කරන්න RV Tech Fix 🔧

🔧ඔබගේ නිවසේ ඇති Fan slow වෙනවාද? හේතු සහ විසඳුම මෙන්න! 😳සාමාන්‍යයෙන් අලුතෙන් ගත්ත Ceiling fan, Table fan, Stand fan එකක්...
02/05/2026

🔧ඔබගේ නිවසේ ඇති Fan slow වෙනවාද? හේතු සහ විසඳුම මෙන්න! 😳

සාමාන්‍යයෙන් අලුතෙන් ගත්ත Ceiling fan, Table fan, Stand fan එකක් කාලයක් යද්දි slow වෙන්න පටන් ගන්නවා. ඒකට හේතු කිහිපයක් තියෙනවා 👇

⚠️ Fan slow වෙන්න හේතු

👉 1. Capacitor එක weak වීම (Common reason)
කාලයත් එක්ක capacitance value එක අඩු වෙනවා
Motor එකට full power එක ලැබෙන්නේ නැහැ

👉 2. Bearing tight / dry වීම
Oil නැතිව friction වැඩි වෙනවා

👉 3. Dust & dirt build-up
Blade වල බර වෙනස් වෙලා speed අඩු වෙනවා

👉 4. Voltage drop
Line voltage අඩු නම් fan speed එකත් අඩු වෙනවා

🔧 Solution (කොහොමද මේක අපි හදන්නේ...)

👉 ✔ Step 1: Fan එක OFF කරලා power disconnect කරන්න

👉 ✔ Step 2: Capacitor එක locate කරන්න

👉 ✔ Step 3: Same value එකෙන් replace කරන්න

💡 Capacitor values (සාමාන්‍ය)
2.5µF
3µF

👉 ✔ Step 4: Bearing check කරලා oil දාන්න

👉 ✔ Step 5: Fan clean කරන්න

⚡ Capacitor wiring (Simple diagram එක මම පින්තූරයක් විදියට මේ සමග දාලා තියනවා)

👉 Capacitor එක motor winding එකට parallel support එකක් දෙනවා

👉 ඒක weak උනොත් torque අඩු වෙනවා → speed drop

⚠️ Safety First සැලකිය යුතුයි..! (ඉතා වැදගත්)

❗ Power OFF කරලාම වැඩ කරන්න

❗ Wet hands වලින් touch කරන්න එපා

❗ Proper tools use කරන්න

❗ Unsure නම් technician කෙනෙක් ගෙන් help ගන්න

🧠 Quick Tip

👉 Fan එක push කරලා (තල්ලුවක් දැම්මම) වැඩ නම්
👉 Almost sure
👉 capacitor issue එකක්

💬 ඔයාටත් මේ problem එක වෙලා තියෙනවද? Comment එකක දාන්න 👇

📌 තව මෙවැනි useful tips වලට
👉 Follow කරන්න RV Tech Fix 🔧

විදුලි පංකාවක (Fan) ආරක්‍ෂකයා - තර්මල් ෆියුස් (Thermal Fuse) ගැන දැනගමු! 🛠️🌬️ඔබේ නිවසේ පාවිච්චි කරන පංකාව (Fan) හදිසියේම...
01/05/2026

විදුලි පංකාවක (Fan) ආරක්‍ෂකයා - තර්මල් ෆියුස් (Thermal Fuse) ගැන දැනගමු! 🛠️🌬️

ඔබේ නිවසේ පාවිච්චි කරන පංකාව (Fan) හදිසියේම වැඩ කරන්නේ නැති වුණොත්, ගොඩක් වෙලාවට ඒකට හේතුව මෝටරය පිච්චීම නොවෙයි, ඒ ඇතුළේ තියෙන මේ පුංචි තර්මල් ෆියුස් (Thermal Fuse) එක කැඩී යාමයි.

🔌 මොකක්ද මේ තර්මල් ෆියුස් එක?

මෙය මෝටරයේ කොයිල් එක (Winding) සමඟ සීරියස් ලෙස (Series) සම්බන්ධ කර ඇති කුඩා ආරක්ෂිත උපාංගයකි. මේ මම පරීක්ෂා කල රූපයේ පෙනෙන පරිදි මෙය බොහෝ විට 130°C වැනි නිශ්චිත උෂ්ණත්වයකට ඔරොත්තු දෙන ලෙස නිපදවා ඇත.

✨ මෙහි වැදගත්කම සහ වාසි:
ගින්නෙන් ආරක්ෂා කිරීම: මෝටරය අධික ලෙස රත් වූ විට (Overheat), මෝටරය ගිනි ගැනීම වැළැක්වීමට මෙම ෆියුස් එක ස්වයංක්‍රීයව ක්‍රියා විරහිත වී විදුලිය විසන්ධ කරයි.

මෝටරයේ ආයු කාලය වැඩි කිරීම: අධික රත් වීම නිසා කොයිල් එකේ ඇති වන හානිය වළක්වයි.

අඩු පිරිවැය: මෝටරයක් අලුතින් දැමීමට වඩා ඉතා අඩු මුදලකට මෙම ෆියුස් එක මාරු කර පංකාව නැවත යථා තත්ත්වයට පත් කළ හැකිය.

📍 සවි කර ඇති ස්ථානය:
මෙය සාමාන්‍යයෙන් සවි කර ඇත්තේ මෝටරයේ තඹ කම්බි (Winding) වලට ඉතා සමීපව, තාපය හොඳින් දැනෙන ස්ථානයකයි. බොහෝ විට ආරක්‍ෂිත ආවරණයක් (Sleeving) ඇතුළේ මෙය තැන්පත් කර ඇත.

🔎 දෝෂයක් ඇති දැයි හඳුනා ගන්නා ආකාරය:

ෆියුසය පරීක්ෂා කිරීම (Multimeter Test):

මල්ටිමීටරයක් ඕම් ස්කේල් එකට හෝ බසරය ක්‍රිරියාත්මක වන පරාසයට ගෙන ප්‍රොබ් දෙක ෆියුසයේ පින් දෙකට තබා ෆියුස් එකේ දෙපස පරීක්ෂා කරන්න. ශබ්දයක් (Beep) නොඇසේ නම් ෆියුස් එක පිච්චී ඇත.

බාහිර පෙනුම: සමහර අවස්ථාවල අධික තාපය නිසා ෆියුස් එක කළු වීම හෝ පිපිරීම් දැකිය හැකිය.

පංකාව සම්පූර්ණයෙන්ම ක්‍රියා විරහිත වීම: ස්විචය දැමූ පසු කිසිදු ශබ්දයක් හෝ කැරකීමක් නොමැති නම් මුලින්ම මෙය පරීක්ෂා කළ යුතුය.

⚙️ තාක්ෂණික තොරතුරු:
උෂ්ණත්ව සීමාව: සාමාන්‍ය පංකා වල 115°C සිට 150°C දක්වා ෆියුස් භාවිතා වේ.

ධාරිතාව: සාමාන්‍යයෙන් 2A හෝ 5A ධාරාවකට (Amperage) ඔරොත්තු දෙන ලෙස නිපදවා ඇත.

එක් වරක් පමණක් භාවිත කළ හැක: මෙය පිච්චුණු පසු නැවත සකස් කළ නොහැක (Non-resettable), අලුතින් එකක්ම දැමිය යුතුය.

විශේෂ උපදෙස්: ඔබ මෙය මාරු කරනවා නම්, කිසිම විටක ෆියුස් එකක් නොමැතිව වයර් දෙක ඍජුව සම්බන්ධ (Direct) කරන්න එපා. එයින් මෝටරය ගිනි ගැනීමේ අවදානමක් පවතී!

Address

189/A, Narangasthanna, Kapuliyadda
Kandy
20206

Website

Alerts

Be the first to know and let us send you an email when RV Tech Fix posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category