29/09/2019
අන්තර්ජාලය ආශ්රිත සේවා සපයන ආයතනයක් ලෙස අප D.A.I.T SOLUTION ආයතනයට අද ඉතා වැදගත් දවසක්.
කුඩා හා මධ්‍ය පරිමාණ ණය ලබා දෙන ආයතන වලට, ඔවුන්ගේ පරිපාලන කටයුතු, ගිණුම් කටයුතු හා මුදල් එකතු කිරීමේ කටයුතු පද්ධතියක් හරහා සිදුකර ගැනීමේ පහසුකම් සහිත වෙබ් පද්ධතියක්(Web System) හා බ්ලුටුත් ප්‍රින්ටරයක් (Bluetooth Printer) සමග සම්බන්ධ වන මොබයිල් ඇප්(Mobile App) මෘදුකාංගයක් අද දින සත්සවිය ඉන්වෙස්මන්ට් හා එක්ස්පොර්ට් පෞද්ගලික සමාගමට බාරදෙන ලදී.
වෙබ් පද්ධතිය/Web System 🖥️
-------------------------------------------
ගනුදෙනුකරුවන් ලියාපදිංචිය , ලියාපදිංචිය අනුමත කිරීම, ණය ඉල්ලුම් කිරීම, ණය අනුමත කිරීම, දෛනික ගාස්තු වාර්ථා කිරීම, ගිණුම් වාර්ථා පරික්ෂා කිරීම ආදී සේවාවන් රැසක් සැපයේ.
මොබයිල් ඇප් මෘදුකාංගය/ Mobile App📱🖨️
-----------------------------------------------------------------------
මෙහිදීද ගනුදෙනුකරුවන් ලියාපදිංචිය , ලියාපදිංචිය අනුමත කිරීම, ණය ඉල්ලුම් කිරීම, ණය අනුමත කිරීම, දෛනික ගාස්තු වාර්ථා කිරීම, ගිණුම් වාර්ථා පරික්ෂා කිරීම ආදිය සිදු කල හැක.
ප්‍රධාන වශයෙන් දෛනික වාරික එකතු කිරීම මෙමගින් සිදුවන අතර මුදල් ලබාගත් බවට රිසිට්පතක් නිකුත් කරයි(ජංගම ප්‍රින්ටරය මගින්). එවිටම අන්තර්ජාලය හරහා වෙබ් පද්ධතියේ යාවත්කාලීන(Update) වේ. ව්‍යාපාර හිමිකරුවන්ට නිවසේ සිට හෝ කාර්යලයේ සිට හෝ ඔනේම තැනක සිට දෛනික, සති හෝ මාසික ගිණුම් වාර්ථා හා අනෙකුත් තොරතුරු ජංගම දුරකථන ඇප්(Mobile App) මගින් හෝ වෙබ් පද්ධතිය(Web System) මගින් බලා ගත හැක. භාවිතය ඉතා පහසු අතර අප විසින් පුහුණුවක්ද ලබා දේ.
අද දින ඒ සදහා ගිවිසුම් ගත වීම සිදු කරන ලදී.හෙට දින සිට අප ආයතනය ලබාදුන් පද්ධතිය හරහා සත්සවිය ආයතයනේ මෙහෙයුම් කටයුතු ආරම්භ කරනවා ඇත.
මේ සදහා ඒම ආයතනයේ අධ්යක්ෂ මහත්ම,මහත්මීන් සහභාගි විය.
💻www.daitsolution.com