24/04/2026
මීට වසර විස්සකට පෙර, මෝටරෝලා (Motorola) සමාගමේ මූලස්ථානයට ඔබ ඇතුලු උණා නම් ටෙක්සාස් විශ්වවිද්‍යාලයෙන් උපාධිය ලැබූ, අතිදක්ෂ තරුණ ඉංජිනේරුවෙකු ඔබට මුණගැසෙනු ඇත. ඔහු නමින් තික් ටුයි නින් (Thich Tue Nhan) ය. ඉහළ වැටුපක්, සුඛෝපභෝගී නිවසක් සහ ලෝකය සාර්ථකත්වය ලෙස හඳුන්වන සියලු දේ ඔහු සතු විය. එහෙත්, යන්ත්‍ර සූත්‍රවල ගැටලු විසඳූ ඔහුට, තමන්ගේම හදවත තුළ තිබූ නොසන්සුන්තාවයට තාක්ෂණයෙන් විසඳුම් සෙවිය නොහැකි බව වැටහුණි. ඒ අවබෝධයත් සමඟ ඔහු ලෞකික සැප සම්පත් අතහැර පන්නාකර (Venerable Pannakara) හිමියන් ලෙස පැවිදි දිවියට ඇතුළත් විය.
රැකියා ජීවිත ඉණිමඟේ ඉහළටම යෑම වෙනුවට උන්වහන්සේ තෝරාගත්තේ ශීලයට අනුකූලව අතිශය දුෂ්කර තපස් දිවියකි. මියන්මාරයේ ඉතා දැඩි පුහුණුවක් ලැබූ උන්වහන්සේ, අද මුළු ලෝකයේම අවධානය දිනාගෙන සිටින්නේ ටෙක්සාස් ප්‍රාන්තයේ සිට වොෂින්ටන් ඩී.සී. දක්වා සැතපුම් 2,300ක දැවැන්ත පාගමනක් ආරම්භ කර ලෝකයේම දැඩි අවධානය දිනාගෙන හදවත් ලක්ෂ ගණනක් සුවපත් කිරීමෙනි. එය කිසිදු සටන් පාඨයක් හෝ උද්ඝෝෂණයක් නැති, සාමය වෙනුවෙන් කෙරෙන නිහඬ ආධ්‍යාත්මික සටනක් විය.
මෙම අසිරිමත් ගමන පිරී පැවතියේ අසීමිත කැපවීමෙනි. දිනකට එක් වේලක් පමණක් වළඳමින්, කුඩා කූඩාරමක රාත්‍රිය ගත කරමින්, දැවෙන හිරු රශ්මියටත්, දැඩි සීතලටත් මුහුණ දෙමින් උන්වහන්සේ මේ ගමන වැඩියේ කිසිදු පැමිණිල්ලක් නොමැතිවය. උන්වහන්සේගේ තනි නොතනියට තවත් අපූරු සහකරුවෙක් සිටියා. ඒ ආලෝක (Aloka) නම් සුරතලායි. ඉන්දියාවේ සහ නේපාලයේ සංචාරය කරන අතරතුර මරණාසන්නව සිටි මේ සතා දුටු බොහෝ දෙනා මඟහැර ගියද, මේ හිමියන් ආදරයෙන් සලකා ඔහුව සුවපත් කලා.ආලෝක, මෛත්‍රියේ ජීවමාන සංකේතයක් ලෙස ඇමරිකාවේ මහා මාර්ග ඔස්සේ හිමියන් සමඟ පියවර මැන්නා.
අද උන්වහන්සේ ඇතුළු මහා සංඝරත්නය හා ආලෝකා සමස්ත ලෝකයේම සාමය හා අධ්‍යාත්මික සුවය පිණිස ශ්‍රී ලංකාව තුළ සාමයේ පා ගමන ගමන් කරමින් ඇත.ලෝකයම ඔවුන් ගැන.අවධානයෙන් ඇත.
පන්නාකර හිමියන්ගේ කතාව අපට කියා දෙන්නේ සැබෑ සතුට පවතින්නේ බැංකු ගිණුමක නොව, හික්මුණු සිතක බවයි. වේදනාව අනිවාර්යයි, නමුත් දුක් විඳීම ඔබේ තේරීමක් යන උතුම් පාඩම උන්වහන්සේ ලෝකයට කියා දෙයි. නිමක් නැති හඹායාමක නිරත වී සිටින අපට, මොහොතකට නැවතී තමන්ගේම හදවතට සවන් දීමටත්, සැබෑ සාමය තමන් තුළින්ම සොයා ගැනීමටත් උන්වහන්සේ ජීවමාන ආදර්ශයක් සපයයි.