KNest Digital

KNest Digital KNest Digital provides creative and data-driven solutions including logo design, social media ads, banners, resumes, and complete digital branding.
(4)

We also offer professional data cleaning, analysis, visualization, report design tailored to your needs.

24/06/2026
23/06/2026

බඩගින්නේ වේදනාව දන්නේ බඩගින්නේ සිටින්නෝය...

ඊයේ උදෑසන සිට ඇදහැලුණු වර්ෂාවට තෙමී තෙමී, ගසක් අසල ගුලි වී සිටි මෙම බල්ලා මගේ නෙත ගැටුණි. ඒ මොහොතේ පාර පිරිසිදු කරමින් සිටි කරුණාවන්ත මිනිසෙකු තම කාර්යය මඳකට නවතා, අසල තිබූ බෑගයෙන් ආහාර කිහිපයක් ගෙන බල්ලාට ළඟට කතා කර කෑමට දුන්නේය.

එම ආහාරය බල්ලාට දිව්‍යමය ඔසුවක් සේ වූ බව, ඌ ආහාරය අනුභව කළ ආකාරයත් මුහුණේ දිස්වූ සැනසිල්ලත් බලා සිටි මට පැහැදිලි විය.

ඉන් අනතුරුව ඒ අසලට පැමිණි කපුටන්ටත්, පූසෙකුටත් ඔහු ආහාර බෙදා දුන්නේය. මනුෂ්‍යත්වය තවමත් මේ ලෝකයෙන් අතුරුදන් වී නැති බව මතක් කර දුන්, හදවත උණුසුම් කළ කුඩා සිදුවීමක් විය.

- - - - - - - - () ()

Only those who have gone hungry truly understand the pain of hunger...

Since yesterday morning, heavy rain had been pouring down, and this dog was curled up beside a tree, soaked and shivering. As I watched, a kind-hearted man who was cleaning the roadside paused his work for a moment, took some food from a bag he had with him, and called the dog over to feed it.

From the way the dog eagerly ate and the relief that appeared on its face, it was clear to me that the food was like a heavenly remedy to its hunger.

Afterward, the man also shared the food with a few crows and a cat that had come nearby. It was a simple yet heartwarming moment that reminded me that kindness and humanity still exist in this world.

අද ජූනි 20 වන දින ලෝක සරණාගත දිනයයි.අද වන විට ලොව පුරා මිලියන 123කට අධික ජනතාවක් යුද්ධ, ගැටුම් සහ හිංසන හේතුවෙන් තම නිවෙ...
20/06/2026

අද ජූනි 20 වන දින ලෝක සරණාගත දිනයයි.

අද වන විට ලොව පුරා මිලියන 123කට අධික ජනතාවක් යුද්ධ, ගැටුම් සහ හිංසන හේතුවෙන් තම නිවෙස් අත්හැර යාමට බල කෙරී ඇත. ඔවුන්ගෙන් මිලියන 43කට පමණ තම උපන් රට පවා හැර දමා වෙනත් රටවල ආරක්ෂාව සොයා යාමට සිදුව තිබේ. මෙම සරණාගත ජනගහනයේ විශාල කොටසක් සුඩානය, සිරියාව, ඇෆ්ගනිස්ථානය සහ යුක්රේනය වැනි ගැටුම්වලින් පීඩාවට පත් රටවල ජනතාවයි.

මෙහි ඇති වඩාත් කණගාටුදායක කරුණ වන්නේ සරණාගතයන් අතරින් මිලියන 45ක් පමණ දරුවන් වීමයි. කිහිප දෙනෙකුගේ බල තණ්හාව සහ දේශපාලන අරමුණු හේතුවෙන් ඔවුන්ගේ ළමා කාලය, අධ්‍යාපනය සහ අනාගතය අහිමි වී තිබේ.

තවත් කණගාටුදායක කරුණක් වන්නේ ලොව සරණාගතයන්ගෙන් 73%ක්ම ජීවත් වන්නේ අඩු හෝ මධ්‍යම ආදායම් ලබන රටවල වීමයි. සීමිත සම්පත් සහිත මෙම රටවල්, තමන්ගේම අභියෝග මධ්‍යයේ වුවද, සරණාගත ජනතාවට රැකවරණය ලබා දීමට කටයුතු කරමින් සිටිති.

දශක තුනකට අධික කාලයක් පැවති ශ්‍රී ලංකාවේ යුද්ධය හේතුවෙන් ඉන්දියාවට පලා ගිය ශ්‍රී ලාංකිකයන්ගෙන් බොහෝ දෙනෙක් අදටත් එරටේ සරණාගතයන් ලෙස ජීවත් වෙති.

සරණාගතයන් සඳහා වූ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් කාර්යාලයේ (UNHCR) ශ්‍රී ලංකා කාර්යාලය 2024 වසරේදී වසා දැමුවද, වෙනත් රටවලින් පැමිණ මෙරට ලියාපදිංචි වී සිටින සරණාගතයන් තවමත් ශ්‍රී ලංකාවේ රැඳී සිටිති.

සරණාගතයන් වන්නේද අප වැනිම මිනිසුන්ය. ආරක්ෂාව, ගෞරවය සහ යහපත් අනාගතයක් ඔවුන්ගේද අයිතියකි. එබැවින් ඔවුන්ට රැකවරණය, සහයෝගය සහ මානුෂීය සැලකිල්ල ලබා දීම අප සැමගේ වගකීමකි.
----------() ()

Today, June 20, is World Refugee Day.

As of today, more than 123 million people around the world have been forcibly displaced due to war, conflict, and violence. Among them, approximately 43 million have been compelled to leave their countries of birth and seek safety in foreign lands. A large proportion of these refugees come from conflict-affected countries such as Sudan, Syria, Afghanistan, and Ukraine.

One of the most heartbreaking aspects of this crisis is that nearly 45 million of the world's displaced people are children. The pursuit of power and political ambitions by a few has robbed them of their childhood, education, and future opportunities.

Another troubling reality is that 73% of the world's refugees are hosted by low- and middle-income countries. Despite facing their own economic and social challenges, these nations continue to provide protection and shelter to those fleeing conflict and persecution.

The civil conflict that lasted for more than three decades in Sri Lanka forced many Sri Lankans to seek refuge in India. Even today, a number of them continue to live there as refugees.

Although the Sri Lanka office of the United Nations High Commissioner for Refugees (UNHCR) closed in 2024, refugees from other countries who have been registered in Sri Lanka continue to reside in the country.

Refugees are human beings just like us. They deserve safety, dignity, and the opportunity to build a better future. Providing them with protection, support, and compassion is not only a humanitarian responsibility but also a reflection of our shared humanity.

රට හරි track එකේ යනවා කියලා පේන කොට දැනෙන්නේ මාරම ආඩම්බරයක්...
18/06/2026

රට හරි track එකේ යනවා කියලා පේන කොට දැනෙන්නේ මාරම ආඩම්බරයක්...

17/06/2026

සැහැල්ලු ජීවිතය....

Vozinha (real name:Josimar Diaz)දක්ෂතාවයට වාසනාව එකතු වුණාම නවතින තැන හිතාගන්න බෑ. Cape Verde කියලා රටක් ලෝකයේ තියෙනවා ක...
17/06/2026

Vozinha (real name:Josimar Diaz)

දක්ෂතාවයට වාසනාව එකතු වුණාම නවතින තැන හිතාගන්න බෑ. Cape Verde කියලා රටක් ලෝකයේ තියෙනවා කියලා ගොඩක් මිනිස්සු දැනගත්තේ ස්පාඤ්ඤය එක්ක තරගයේදී Vozinha එක රැයකින් තරුවක් වුණාට පස්සේ. Cape Verde කියන්නේ අත්ලාන්තික් සාගරේ තිබෙන කුඩා දූපත් වලින් සෑදුණු සක්‍රීය ගිනි කඳු සහිත කුඩා රටක්.

තරගයට පෙර ඔහුට සිටි පනස්දාහක් 50000 පමණ වන instergram followers ලා තරගයෙන් පසු මිලියන 11 දක්වා වැඩි වෙලා තියෙනවා. වැඩේ කියන්නේ Cape Verde රටේම ජනගහනය ලක්ෂ හයක් විතරක් වෙනකොට, ඉතිරි මිලියන දහයකටත් වැඩිය ඔහු වීරයෙක් වන්නේ ලෝකයේ අනිත් රටවල් වල රසිකයන්ට.

--------() ()

Vozinha (real name: Josimar Dias)

When talent meets opportunity and a bit of luck, there is no telling how far someone can go. Many people around the world only learned that a country called Cape Verde exists after Vozinha became an overnight star following the match against Spain. Cape Verde is a small island nation in the Atlantic Ocean, made up of volcanic islands and known for its active volcanic landscapes.

Before the match, Vozinha had around 50,000 Instagram followers. After his heroic performance, that number reportedly soared to 11 million. What's even more remarkable is that Cape Verde's entire population is only about 600,000 people, meaning that more than 10 million of his followers come from the rest of the world. In a single night, he became a hero not only to his fellow Cape Verdeans but also to football fans across the globe. ⚽🌍

🩸 June 14 : ජාත්‍යන්තර ලේ දන් දීමේ දිනය – ජීවිතයක් බේරාගැනීමට ඔබටත් පුළුවන්අද (ජූනි 14) ජාත්‍යන්තර ලේ දන් දීමේ දිනයයි. ර...
14/06/2026

🩸 June 14 : ජාත්‍යන්තර ලේ දන් දීමේ දිනය – ජීවිතයක් බේරාගැනීමට ඔබටත් පුළුවන්

අද (ජූනි 14) ජාත්‍යන්තර ලේ දන් දීමේ දිනයයි. රෝගීන්, හදිසි අනතුරුවලට ලක්වූවන්, ශල්‍යකර්මවලට භාජනය වන පුද්ගලයන් සහ රුධිර රෝගවලින් පෙළෙන දරුවන් ඇතුළු දහස් ගණනක් දෙනාගේ ජීවිත රඳා පවතින්නේ ලේ දායකයන්ගේ මානුෂීය පරිත්‍යාගය මතය. ලේ කෘතිමව නිෂ්පාදනය කළ නොහැකි බැවින්, අවශ්‍ය ලේ සැපයුම ලබාගත හැක්කේ ස්වේච්ඡා ලේ දන් දීමෙන් පමණි.

එක් ලේ පරිත්‍යාගයකින් රතු රුධිරාණු, ප්ලාස්මා සහ රුධිර පට්ටිකා ලෙස කොටස් වෙන්කර රෝගීන් කිහිප දෙනෙකුටම උපකාර කළ හැකි බව ඔබ දැන සිටියාද? ඒ අනුව එක් ලේ දායකයෙකුගේ පරිත්‍යාගය මගින් ජීවිත තුනක් දක්වා සුරැකීමට හැකියාව තිබේ. ලෝකය පුරා සෑම තත්පර කිහිපයකට වරක්ම කෙනෙකුට ලේ අවශ්‍ය වන අතර, ආරක්ෂිත ලේ සැපයුම සෑම රටකම සෞඛ්‍ය සේවාවේ අත්‍යවශ්‍ය අංගයකි.

ලේ දන් දීම යනු මුදලින් මිල කළ නොහැකි ත්‍යාගයක්. ඔබ නිරෝගී පුද්ගලයෙකු නම්, ලේ දන් දීමට සුදුසුකම් තිබේදැයි සොයා බලා නිතර ලේ දායකයෙකු වීමට සිතන්න. ඔබගේ විනාඩි කිහිපයක කාලය, තවත් කෙනෙකුගේ සම්පූර්ණ ජීවිතයක් බවට පත්විය හැකිය. ❤️🩸

----------- () ()

🩸 World Blood Donor Day – You Can Help Save a Life

Today (June 14) marks World Blood Donor Day, a day dedicated to recognizing the invaluable contribution of voluntary blood donors. Thousands of patients, including accident victims, surgical patients, and children suffering from blood disorders, depend on donated blood for survival. Since blood cannot be manufactured artificially, a safe and adequate blood supply can only be maintained through regular voluntary donations.

Did you know that a single blood donation can be separated into red blood cells, plasma, and platelets, potentially helping up to three different patients? Every few seconds, someone somewhere in the world needs blood, making blood donors an essential part of every healthcare system. Their generosity gives hope and a second chance at life to countless individuals and families.

World Blood Donor Day reminds us that donating blood is one of the simplest yet most powerful acts of kindness. If you are healthy and eligible, consider becoming a regular blood donor. Just a few minutes of your time can make a lifelong difference to someone in need. ❤️🩸

12/06/2026

හීන ලොකු වෙලා,
ලොකු වැඩි වෙලා,
මහන්සිය වැඩිවෙලා
දැන් ඉන්නේ...

අලුතින් මිලදී ගත් කාර් රථයක windscreen එකේ ලියා ඇති අංක සහ සලකුණු (chassis number reference, stock number, shipping mark...
09/06/2026

අලුතින් මිලදී ගත් කාර් රථයක windscreen එකේ ලියා ඇති අංක සහ සලකුණු (chassis number reference, stock number, shipping marks, dealer markings) මකා දැමීම එතරම්ම අපහසු දෙයක්ද?

මා දන්නා තරමින් ඒවා පහසුවෙන්ම ඉවත් කළ හැකියි. එහෙත් බොහෝ දෙනෙක් තවදුරටත් ඒවා තබාගෙන, අංක අස්සෙන් අපහසුවෙන් ඉදිරිය බලමින් රිය පදවනවා දැක තිබෙනවා.

ඒ වගේම කාර් රථයේ සීට්වල දමා ඇති පොලිතින් ආවරණ ඉවත් කිරීමටත් සමහරුන්ට මාස ගණන්, සමහර විට අවුරුදු ගණන් ගත වෙනවා. ඒ මත වාඩිවී සිටින විට දහදිය දමනවා, අපහසුතාවයක් දැනෙනවා. නමුත් ඒ සියල්ල ඉවසාගෙන සිටිනවා.

ඇයි ඒ?

සමහරවිට එය භාණ්ඩය ආරක්ෂා කර ගැනීමට වඩා,
"මේක අලුත් කාර් එකක්"
යන්න ලෝකයට තව ටික කලක් පෙන්වා දීමට ඇති ආශාව විය හැකියි.

අපි බොහෝ දෙනෙක් ජීවිතයේත් මෙහෙමයි.

සැබෑ සතුටට වඩා,
අනුන්ට පෙනෙන තත්ත්වය රැක ගැනීමට
තමන්ගේ පහසුව, නිදහස සහ සතුට පවා කැප කරනවා.

අවසානයේ අපි භාණ්ඩ භාවිතා කරනවාද...
නැත්නම් භාණ්ඩ මගින් අපිව භාවිතා කරනවාද...
යන්න ගැනත් සිතා බැලිය යුතු නැද්ද?

---------------()


Is it really that difficult to remove the numbers and markings written on the windscreen of a newly purchased car?

As far as I know, they can be removed quite easily. Yet many people continue driving with them for months, sometimes even years, peering through those markings as they drive.

The same can be said about the plastic covers on car seats. Some owners keep them on for months or years. Sitting on plastic is uncomfortable, it causes sweating and irritation, yet they tolerate it.

Why?

Perhaps it is not so much about protecting the car as it is about letting the world know for a little longer:

"This is a brand-new car."

In many ways, we live our lives like that too.

Rather than enjoying comfort, freedom, and happiness, we sometimes sacrifice them to maintain an image or status that others can see.

In the end, it is worth asking ourselves:

Are we using our possessions...

or are our possessions using us?

Address

Homagama
10230

Opening Hours

Monday 08:00 - 15:00
Tuesday 08:00 - 15:00
Wednesday 08:00 - 15:30
Thursday 08:00 - 15:00
Friday 08:00 - 15:00

Website

Alerts

Be the first to know and let us send you an email when KNest Digital posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share