24/10/2022
නැවත උපදින IGI.☺️(IGI Origins)...
IGI කියන්නේ අපි හැමෝම පොඩි කාලේ ගොඩක් ආසාවෙන් ගහපු ගේම් එකක්.ඒ වගේම ගොඩාක් Gamersලගේ මුල්ම ගේම් එක වුනෙත් IGI තමයි.ඉතින් අපි හැමෝම දන්න විදිහට Eidos Interactive විසින් නිකුත් කළේ IGI 1 හා 2 විතරයි. ඒ මොකද කිව්වොත් සමාගමට ලොකු මුදල් ගැටළුවක් කිබුණා. ඉතින් අවසානයේ දී අපි හැමෝම ආසාවෙන් ගහපු IGI ගේම් එකේ නිෂ්පාදනය නැවතුණා.ඒ 2003 පෙබරවාරී 21, IGI 2 Covert Strike නිකුත් කිරීමෙන් පස්සේ.ඉතින් අවසාන IGI ගේම් එක නිකුත් කරලා අවුරුදු 19කට පස්සේ 2022 දී නැවත IGI නිකුත් කිරීමක් ගැන තොරතුරු වාර්ථා වෙනවා.
අපේ පරණ මතක මේ විදිහට ආයිත් අළුත් කරන්න හදන්නේ Antimatter Games සමාගමයි. IGI Origins කියන අළුත්ම ගේම් එක තමයි Antimatter Games සමාගමෙන් මේවන විට නිර්මාණය කරගෙන යන්නේ.මේ වෙද්දී ගේම් එකේ Game Play විඩියෝ එකකුත් Antimatterලා නිකුත් කරලා තියෙනවා.ඒ විඩියෝ එක Antimatter Games කියන YouTube Channel එකෙන් බලන්න පුළුවන්.ඒ වගේම UNREAL Engine 5 ගේම් එංජින් එකෙන් තමයි මේ ගේම් එක නිර්මාණය වෙන්නේ.
ඒ වගේම IGI Origins ගෙම් එක තුළ පරණ IGI ගේම්වල තිබ්බ ගොඩක් දේවල් අන්තර්ගත වෙනවා. Mp5, Dragunov වගේ තුවක්කු පවා අඩංගු වෙනවා. 2023 දී මේ ගේම් එක නිකුත් කරනවා කියලා තමයි Antimatter Games කියන්නේ.
අපේ ළමා කාලයේ ලස්සන මතකයක් වෙච්ච IGI ගේම් එකේ නැවත ඉපදීම ගැන ඉදිරියටත් අළුත්ම තොරතුරු ගේන්න මම බලාපොරොත්තු වෙනවා ඒක නිසා Mrtechbus Lk Page එක ලයික් කරන්න අමතක කරන්න එපා.