13/10/2025
Windows 10 සඳහා ලබන 14 වෙනිදා සිට Update, Bug fix සහ Security Update නවත්වනවා කියල නිල වශයෙන් නිවේදනය කරල තියෙනවා කියල ඔයාල දන්නවා ඇති. නමුත් කොන්දේසි කිහිපයක් යටතේ තවත් අවුරුද්දක් සඳහා ඔයාලට නොමිලේ Critical සහ Important Security Updates විතරක් ලබාගන්න හැකියාව තියෙනවා.
යුරෝපා රටවල් වලට නම් කිසිම කොන්දේසියක් නැතුව තවත් වසරක් නොමිලේ security Updates ලබාගන්න පුළුවන්. නමුත් ලංකාවට ඒක නොමිලේ ලබාගන්න නම් කොන්දේසි කිහිපයක් තියෙනවා.
1. පලවෙනියටම Windows 10 latest Update එක වන 22H2 version එකට සහ ඒකේ latest ම Update එක Install කරල තියෙන්න ඕනි.
2. දෙවැනියට ඔයාගේ PC එක හෝ Laptop එක Microsoft Account එකක් හරහා Onedrive Cloud එකට Backup කරන්න ඕනි. මේකෙදි ඔයාගේ Settings ටික තමයි Backup කරන්න ඕනි. ඔයාට නොමිලේ 5GB Onedrive Storage එකක් ලැබෙනවා. නමුත් කුමක් හෝ වෙලා ඔයාට 5GB Storage එක මදි වුණොත් සල්ලි ගෙවල Storage එක වැඩි කරගන්න වෙනවා.
3. තුන්වෙනියට Settings > Update & Security වලට ගියාම ඔයාට පෙන්වයි Enroll Now කියල Button එකක්. ඒක පෙන්වන්නේ නැත්තම් ආපහු Update තියෙනවද කියල චෙක් කරන්න. ඒත් පෙන්වන්නේ නැත්තම් ඔයාගේ PC එක හෝ Laptop එකට මේක Support කරන්නේ නැති වෙන්න පුළුවන්.
4. Enroll වුනාට පස්සේ ඔයාට දැකගන්න පුළුවන් වෙයි You're Enrolled in Extended Security Updates through October 13, 2026 කියල screen එකක්. මෙතනිනුත් ඔයාට අවශ්‍ය නම් PC එක Backup කරන්න පුළුවන්. (කලින් කරේ නැත්තම්)
ඔයාට මේ නොමිලේ Enroll වීමේ අවස්ථාව හිමිවෙන්නේ අද සහ හෙට විතරයි. 14 වෙනිදායින් පස්සේ Enroll වෙන්න නම් ඔයාට මුදල් ගෙවන්න වෙනවා. දැනට නිවේදනය කරල තියෙන විදිහට නම් මේක $30ක් වෙනවා. (රු.9000) ක් වගේ වෙන්න පුළුවන්. ඉතිං තාමත් ඔයා windows 11 ට Switch නොවී Windows 10 වලම ඉන්න නම් බලාපොරොත්තු වෙන්නේ අද හෝ හෙටම මේ නොමිලේ Enroll වීමේ වාසිය ලබාගන්න.
සැ.යු. - සමහර PC හෝ Laptop සඳහා Enroll එක පෙන්වන්නේ නැති වෙන්න පුළුවන්. Crack OS එකක් නම් තියෙන්නේ මේ ප්‍රශ්නය එන්න පුළුවන්. ඒකට නම් හොඳම විසදුම තමයි Windows 11 දාගන්න එක. Windows 11 Support නැත්තම් හොඳ Virus Guard එකක් සල්ලි දීල අරගෙන දාගන්න වෙනව.