Dews-Tronic

Dews-Tronic We are a Simple Elctronic component store with online purchasing facility and we are specialists for DIY electro mechanical components. Have a visit.... !

Product Update  #4MPU-6050 Accelerometerමෙය අක්ෂ 3ක(Pithch / Yaw  / Roll ) gyroscope මොඩියුලයකින් සහ අක්ෂ 3ක acceleromet...
07/07/2020

Product Update #4
MPU-6050 Accelerometer

මෙය අක්ෂ 3ක(Pithch / Yaw / Roll ) gyroscope මොඩියුලයකින් සහ අක්ෂ 3ක accelerometer මොඩියුලයකින් සමන්විත වේ. මෙය original නිෂ්පාදනය වන අතර SMD ආකාරයෙන් පමණක් ලබා ගත හැක.
මීට අමතරව digital motion processor එකකින් සමන්විත වන අතර drone වැනි අතිශයින්ම සංවේදී උපකරණවල balance පවත්වාගෙන යාම වැනි සංවෙදී කටයුතු සඳහා සාර්ථකව භාවිතාවේ. එයට ප්‍රධානම හේතුව වන්නේ මෙම sensor මොඩියුලය සතු අක්ෂ 6ක ක්‍රියාකාරිත්වය සහ අතිශය කුඩා සැහැල්ලු නිෂ්පාදන ක්‍රියාවලියයි. 3.3v වලින් ක්‍රියාත්මක වේ. deep sleep අවස්ථාවේදී මයික්‍රෝ ප්‍රමාණයේ ධාරාවන් ලබා ගන්න නිසා බැටරි මගින් ක්‍රියාත්මක වන උපකරණ සඳහා අතිශයින්ම ගැලපේ.
Arduino සමග පහසුවෙන් ක්‍රියාත්මක කල හැක.🙂

වැඩි දුර තොරතුරු සඳහා අපගේ වෙබ් අඩවියට මෙතනින් පිවිසෙන්න.
https://dewstronic.com

Product Update  #3Arduino Uno මේ බෝඩ් එක ගැන මම අමුතුවෙන් කියන්න ඕනි නැහැනේ. දැනට මේ Covid තත්වයත් එක්ක හොයාගන්න ටිකක් අ...
22/06/2020

Product Update #3
Arduino Uno
මේ බෝඩ් එක ගැන මම අමුතුවෙන් කියන්න ඕනි නැහැනේ. දැනට මේ Covid තත්වයත් එක්ක හොයාගන්න ටිකක් අමාරුයි. අපි ලඟත් ගොඩක් නැහැ. ස්ටොක් එකේ ටිකක් තියෙනව. මේක රුපියල් 1200 ක මිලකට දෙන්න පුළුවන්...🙂

වැඩි දුර තොරතුරු සඳහා අපගේ වෙබ් අඩවියට මෙතනින් පිවිසෙන්න.
https://dewstronic.com

Product update  #2Dot Boards.....ඉලෙක්ට්‍රොනික් වැඩ කටයුතු කරන හැමෝටම ඕනි වෙන දෙයක් ....  විවිධ ප්‍රමාණ වලින් ගන්න පුළුව...
22/06/2020

Product update #2
Dot Boards.....
ඉලෙක්ට්‍රොනික් වැඩ කටයුතු කරන හැමෝටම ඕනි වෙන දෙයක් .... විවිධ ප්‍රමාණ වලින් ගන්න පුළුවන්

වැඩි දුර තොරතුරු සඳහා අපගේ වෙබ් අඩවියට මෙතනින් පිවිසෙන්න.
https://dewstronic.com

Product Update  #1Products ගැන හඳුන්වා දෙන post series එකේ පලවෙනි post එක. මුලින්ම කතා කරන්න හිතුවේ කවුරුවත් වැඩිය කතා ක...
19/06/2020

Product Update #1

Products ගැන හඳුන්වා දෙන post series එකේ පලවෙනි post එක. මුලින්ම කතා කරන්න හිතුවේ කවුරුවත් වැඩිය කතා කරන්නේ නැති ඒත් උවමනා වෙන එක පොඩි simple unit එකක් ගැන. මේ USB to Serial converter එකක්. හරියටම කියනවනම් FTDI (Future Technology Device International ) කියන සමාගමෙන් හදුන්වාදුන්න FTDI 232 කියන චිප් එක යොදාගෙන හදපු FT232 USB to UART module එක ගැන තමයි මේ විස්තරේ.

Arduino වගේ open source platform එකක් use කරන අයට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි Arduino බෝර්ඩ් එකේ size එක. මොකද එක ටිකක් ප්‍රමාණයෙන් විශාල වගේම හැසිරවීමත් අමාරු වැඩක්. කවදාවත් හිතිලා තියෙනවද මේකේ තියෙන මේ microcontroller එක බෝර්ඩ් එකෙන් ගලවල වෙනම use කරන්න ? ඔන්න එහෙම හිතපු කවුරු හරි ඉන්නවනම් එයාලට ඕනිම කරන component එක තමයි මේ.

මේකෙන් මොකද්ද කරන්න පුළුවන් ?
මේක හරහා තමයි ඔයාලට microcontroller එක සහ Arduino software (IDE) එක අතර සම්බන්ධතාවය ඇති කරන්න පුළුවන් වෙන්නේ. මොකද Arduino data transfer කරන්නේ serial විදිහට. එයාට බැහැ IDE එකෙන් හදන virtual USB Serial පොර්ට් එකත් එක්ක කතා කරන්න. මොකද PC එක පැත්ත USB නිසා. ඉතින් මේ විදිහට වෙනස් data interface දෙකක් අතර connection එක හදන එක තමයි මේ unit එකෙන් කරන්නේ.

මේ තියෙන්නේ මේකට අදාළ data sheet එක. component එකක් ගනිද්දී හැම වෙලේම ඒකට අදාල data sheet එක refer කරන්නත් පුරුදු වෙන්න. එතකොට ඒ component එකෙන් ඇතිවෙන ප්‍රශ්න ගොඩක් ලේසියෙන්ම විසඳ ගන්න පුළුවන්.

https://www.ftdichip.com/Support/Documents/DataSheets/ICs/DS_FT232R.pdf

මේක කොහොමද use කරන්නේ සහ Arduino එකේ තියෙන microcontroller එක (Atmega 328P ) බෝඩ් එකෙන් එලියට අරන් තවත් compnent ඉතා සීමිත ගානක් සහිතව වැඩ කරන හැටි ගැන මම ඉස්සරහදි කරන්න ඉන්න How To පොස්ට් series එකෙන් කතා කරන්නම්.

සතුටින් දැනුම් දෙන්නේ මේ product එක අපි ලග තියෙනවා. මේක රුපියල් 590ක් වගේ මිලකට ඔබට අපෙන් ලබාගන්න පුළුවන්. වැඩි දුර තොරතුරු සඳහා අපගේ වෙබ් අඩවියට මෙතනින් පිවිසෙන්න.
https://dewstronic.com

එහෙනම් තවත් product post එකකින් ආයේ හමුවෙමු.

Happy Inventing .....🙂

19/06/2020

ආයුබෝවන් !
අපි Dews -Tronic. කොටින්ම කිවුවොත් ඉලෙක්ට්‍රොනික කොටස් අලෙවි කරන ආයතනයක්. විශාල පරාසයක විවිධ වර්ගයේ ඉලෙක්ට්‍රොනික කොටස් අපි සතුව තියෙනවා. අපි ලග තිබෙන කොටස් සම්බන්දයෙන් අපි ඉදිරි post වලින් ඔබව දැනුවත් කරන්නම්. අනිත් දේ තමයි අපි මේ කොටස් පිළිබඳව ඔබට අවශ්‍ය තොරතුරු අපේ මේ page එක හරහා මෙන්ම අදාළ පොස්ට් එකෙනුත් ලබාදෙන්න සුදානම්. විශේෂයෙන්ම Arduino වගේ open platform පාවිච්චි කරන ගොඩක් අයට ඕනි කරන ගොඩක් දේවල් අපි ළඟ තියෙනව.

ඒ වගේම අපි ගම්පහ අවට බෙදාහැරීම් කටයුතු සහ විශේෂයෙන්ම ඔබ ගම්පහ අවට 5km වගේ දුරින් නම් ඉන්නේ බොහෝවිට ඔබට free delivery ලබා ගැනීමේ පහසුකම් තියෙනවා කියලත් කියන්නේ බොහොම සතුටින්.

ඉතින් ඔබට අවශ්‍ය දේවල් සාධාරණ මිලකට ගෙදරටම ගෙන්න ගන්න, එකතු වෙන්න අපිත් එක්ක. පොස්ට් එකක් හරහා හෝ message එකකින් ඔබට අවශ්‍ය components විමසීමක් කරන්න.🙂

Address

Bandarawaththa
Gampaha
11000

Website

Alerts

Be the first to know and let us send you an email when Dews-Tronic posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share