Yumelanka Japan

Yumelanka Japan Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Yumelanka Japan, Gampaha Medagama.

Dreaming of Japan? ✨
We share Student life, Work tips & Travel guides for Japan
📍 From Lanka to Japan | ජපන් ජීවිතේ කතා

🇯🇵 ජපානය ගැන දන්න ඕනේ හැම දෙයක්ම මෙතනින්...🇱🇰

10/08/2026

දවසක හවසක්...

06/08/2026

ජපානයේ උත්සවයක් බලමුද..
මේක පලාතෙන් පලාතට පන්සල් වල තියෙන උත්සවයක්.

දැනගෙන JAPAN  එන්න .. ලංකාවේ ඉඳන් "Japan ලස්සනයි" කියලා හිතාගෙන ආවා.ආවට පස්සේ තේරුණා: ලස්සන + අමාරුව දෙකම තියෙනවා කියලා....
12/07/2026

දැනගෙන JAPAN එන්න ..

ලංකාවේ ඉඳන් "Japan ලස්සනයි" කියලා හිතාගෙන ආවා.
ආවට පස්සේ තේරුණා: ලස්සන + අමාරුව දෙකම තියෙනවා කියලා.

**මගේ එක දවසක්:**
6:00AM - Alarm + Food
7:30AM - Packed train + school
1:00PM - Arubaito
8:00PM - Home
10.00AM - study

හෙම්බත්ද? ඔව්.
අඬන්න හිතෙනවද? සමහර දවස් වලට ඔව්.
Value එකක් තියෙනවද? 1000% ඔව්.

ලංකාවේ ඉන්න ඔයාට මේක scary වෙන්න පුළුවන්.
Japan ඉන්න ඔයාට මේක "අයියෝ මමත් ඔහොමයි" වෙන්න පුළුවන්.

Student life එක easy නෑ. හැබැයි impossibleත් නෑ.
"Gambatte" කියන වචනේ තේරුම මෙහෙ ආවම තේරෙනවා 💪

ඔයාගේ Japan student life එකේ අමාරුම part එක මොකක්ද?
Comment එකෙන් කියන්න. අපි කතා කරමු 👇


ජපන් භාෂා පාසල Nihongo Gakko කියන්නේ මොකක්ද? 🇯🇵🇱🇰ලංකාවේ ඉඳන් Japan Student Visa එකට එන 90% ක් යන්නේ මේ පාසල් වලට තමයි.1....
09/07/2026

ජපන් භාෂා පාසල Nihongo Gakko කියන්නේ මොකක්ද?
🇯🇵🇱🇰

ලංකාවේ ඉඳන් Japan Student Visa එකට එන 90% ක් යන්නේ මේ පාසල් වලට තමයි.

1. ඉස්කෝලේ කාලසටහන මොකක්ද?
දවසට පැය 3 සිට 4 යි.
උදේ Class: 9:00 AM - 12:20 PM වගේ
හවස Class: 1:00 PM - 4:20 PM වගේ
සතියේ දවස් 5 යි. හැබැයි ගෙදර වැඩ, Test තියෙනවා.

2. මොනවද උගන්නන්නේ?
පොත් 3කින්. කතා කරන එක, අහන එක, ලියන එක, කියවන එක.
අරමුණ N5 ඉඳන් N2, N1 level එකට යනකම්.
Class එකේ Teacher ලා කතා කරන්නේ 99% ජපන් වලින් විතරයි. English නෑ.

3. Fees කීයද?
පාසල අනුව වෙනස්. Average එක මේකට Admission Fee + පාඨමාලා ගාස්තු + පොත් සේරම ඇතුලත්.
වසර 1.5 සිට වසර 2 ක Course තියෙනවා.

4. Baito කරන්න පුළුවන්ද?
පුළුවන්. හැබැයි School
සතියට පැය 28 ක සීමාවක් තියෙනවා. Immigration එකෙන් Permission ගන්න ඕනේ.
Konbini, Restaurant, Factory තමයි ගොඩක් අය කරන්නේ.

5. ලංකාවේ ඉන්න අයට වැදගත්ම දේ.
Attendance 80% : මාසෙට දවස් 3කට වඩා Absent වුනොත් Visa renew කරනකොට අවුල්.
Homework: ගෙදර ගිහින් පැය 2ක් විතර පාඩම් කරන්න වෙනවා. Baito විතරක් කරලා බෑ.
N4 Target : Visa ගන්න N5 ඇති. හැබැයි Japan ඇවිත් Survival වෙන්න N4 අනිවාර්යයි.

Nihongo Gakko එක University එකක් නෙවෙයි.
මේක "Japan වල ඉන්න ටිකට් එක" + "ජපන් කතා කරන්න ඉගෙන ගන්න තැන".
Baito කරන ගමන් මේක Serious එකට කරොත් අවුරුදු 2කින් N2 ගහලා University, Senmon යන්න පුළුවන්.

ප්‍රශ්න තියෙනවද? Comment කරන්න පුළුවන් විදියට sup එකක් දෙන්නම්. 🇱🇰🇯🇵

#日本語学校 #留学生 #ජපන්පාසල

Tanabata Festival බම්බු ගස් (Bamboo branches) මත එල්ලන වර්ණවත් කඩදාසි තීරු – මේවා Tanzaku (短冊) කියනවා.මිනිසුන් තමන්ගේ ප්...
06/07/2026

Tanabata Festival

බම්බු ගස් (Bamboo branches) මත එල්ලන වර්ණවත් කඩදාසි තීරු – මේවා Tanzaku (短冊) කියනවා.

මිනිසුන් තමන්ගේ ප්‍රාර්ථනා, සිහින සහ බලාපොරොත්තු මේ කඩදාසිවල ලියා බම්බු ගස්වල එල්ලනවා.

මෙය "තරු උත්සවය" (Star Festival) ලෙස හඳුන්වයි.

ජපානය පුරා බොහෝ නගරවල ජූලි 7 හෝ අගෝස්තු 7 (ප්‍රදේශය අනුව) සමරනවා.

මෙය පැරණි චීන ජනප්‍රවාදයකින් ආව උත්සවයක්.

ආදරවන්තයන් දෙදෙනෙක් වන:

Orihime (වියන්නිය)

Hikoboshi (ගව පාලකයා)

ඔවුන් දෙදෙනා Milky Way (අහසේ දිස්වන තරු මාවත) මගින් වෙන්ව සිටින අතර, වසරකට එක් වරක් පමණක් හමුවීමට අවසර ලැබෙන බව කියන ජනප්‍රවාදය මත මේ උත්සවය පදනම් වෙලා තියෙනවා.

🇯🇵 Konnichiwa from Yume Lanka Japan!"Yume" කියන්නේ ජපන් භාෂාවෙන් "Dream" කියන එක.  මේ page එක හදපු හේතුව: *Sri Lankansලා...
03/07/2026

🇯🇵 Konnichiwa from Yume Lanka Japan!

"Yume" කියන්නේ ජපන් භාෂාවෙන් "Dream" කියන එක.

මේ page එක හදපු හේතුව: *Sri Lankansලාගේ Japan Dream එක real කරන්නයි!*

මේ page එකෙන් ඔයාට ලැබෙන දේවල්:
✨ Japan වල Student life ඇත්ත කතා
💼 Work opportunities & part-time jobs
🗾 Travel tips - Tokyo, Kyoto, Osaka, Mount Fuji
🍜 Japanese food, culture, language basics
💰 Cost of living & money saving hacks

😍 Interesting fact;
ජපානෙේ vending machines ගොඩක් තියෙනවා. Street එකක් දිගේ 10-15ක් හම්බවෙනවා. Hot coffee, Cold drink, Ice cream, උනත් 24/7 ගන්න පුළුවන්!

ඔයා Japan ගැන දැනගන්න කැමති මොකක්ද? Comment එකක් දාන්න!

Next post එකෙන් Student Visa ගැන full guide එකක් එනවා 🔥

Follow කරලා Japan journey එක පටන් ගමු! 🇯🇵🇱🇰

Address

Gampaha Medagama

Telephone

+94712056676

Website

Alerts

Be the first to know and let us send you an email when Yumelanka Japan posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share