04/02/2026
ෆෝන් ගෙවන්න ගන්න කලින් මේක බලන්න.. ඊට පස්සෙ ගන්න.
ගොඩක් ශොප්ස් වල දැන් රැල්ලට ෆෝන් ගෙවන්න දෙනවා. ඔයා ෆෝන් එකක් ගෙවන්න ගන්නකොට ඔයා නොදැනිම ඔයාට ලොකු වැරදි ගොඩාක් ඔයාටම කරගන්නව. අපි බලමු ඒ වැරදි එකින් එක
(මම ගෙවන්න ෆෝන් දෙන්නේ නැහැ. ගන්න ඉල්ලලා මැරෙන්න හදන අයට දැම්මේ කියවා බලන්න.. ඔස්තාර්ලා ටිපර් වීම අවශ්‍ය නොවේ)
ෆෝන් එකක් ගෙවන්න අරන් ගෙවා ඉවර වෙද්දි ගෙවපු සම්පූර්ණ ගාණ = ඔයා ෆෝන් එකක් ගෙවන්න ගන්නකොට රු.30,000 දෙනවා මූලික ගෙවීම. ඊට පස්සෙ වාරික වශයෙන් ගෙවනවා. නිකමට ඔයා ගණන් හදල බලන්න 30,000 යි වාරික ටික එකතුවයි ඔක්කොම කීයක් ගෙවලද කියලා. ඉතිං මේකත් ඔයා ඔයාටම කරගන්න ලොකු පාඩුවක්
ගෙවන්න ගත්තට පස්සෙ ෆෝන් එක පට්ට ස්ලො වෙනවා. ඒත් ඔයා ගත්ත මොඩල් එකම වෙන එකෙක් කෑශ් එකවර දීල ගත්තම ඒ ෆෝන් එක ස්පීඩ්. එතකොට ඔයා නිකමට හිතුවද කොහොමද ඔයාගෙ ෆෝන් එක ස්ලො වෙන්නෙ කියල..?
හේතුව තමා ගෙවන්න ගන්න ෆෝන් වලට සොෆ්ට්වෙයා එකක් දාලා දෙන්නෙ. මේ සොෆ්ට්වෙයා එකෙන් වෙන්නෙ ඔයා ගෙවන වාරිකයක් දවසක් ප්‍රමාද උන ගමන් ලොක් කරල දානව. මෙහෙම ලොක්වෙන්නෙ කොහොමද කියල නිකමට ඔයා කල්පනා කරාද? 🤔🤔
ඔයා ගෙවන්නකොට ඔයාගෙ ෆෝන් එක ගෙවල ඉවර වෙනකන් ඔයාට අයිතියක් නැහැ. ගෙවල ඉවර වෙද්දි ෆෝන් එකෙන් ඇති වැඩකුත් නෑ 😁 මේකත් ඔයා ඔයාට කරගන්න ලොකු වරදක්
ගෙවන්න අරන් ෆෝන් එකක් ඔයා දවසක් පරක්කු උනත් ඔයාව ක්‍රිබ් එකට වැටෙනවා. හේතුව ෆයිනැන්ස් එකක් හරහා ඔයා ගන්න නිසා. අද ගැන හිතලා ෆොන් ගෙවන්න ගන්න එකෙන් ඔයා ඔයාගෙ වල කපාගන්නවා ක්‍රිබ් එකට වට්ටගෙන
කලින් කිව්ව වගෙ ෆොන් එකට වාරිකෙ ගෙවන්න පරක්කු වෙලා ෆොන් එක ලොක්වෙනවනෙ. නිකමට හිතුවද ෆොන් එකක් ලොක් වෙනව නම් ඒකෙ භයානකම පැත්ත. ඔයාල නොදන්නව උනාට ඔයාල මොක කලත් අර ෆිනැන්ස් කාරයට ඔයාගෙ ෆෝන් එක ට්‍රැක් වෙනවා උන්ගෙ රහසිගත සොෆ්ට්වෙයා එකෙන්.
ප්‍රශ්නෙ කියන්නේ උන් ගෙවන්න දුන්නම දාල දෙන රහසිගත සොෆ්ට්වෙයා එක නිසා ෆෝන් එක Factory Reset කරන්න බැහැ. VPN යුස් කරන්න බැහැ.
ඒ කියන්නෙ ඔයාගෙ ෆොන් එක ඔයාගෙ අතේ ඔයාවත් හිර කාරයෙක් කරලා ඉවරයි...😁
Cell FiX Mobile