Anura Premakumara

Anura Premakumara I am Anura Premakumara

Work in V FM. vnews.lk web site as a Web News Editor.

මේක තමයි මගේ විදිහ
30/04/2026

මේක තමයි මගේ විදිහ

කවදාවත් එපා...
30/04/2026

කවදාවත් එපා...

අද පැය 12ක ජල කප්පාදුවක්හෝමාගම ප්‍රදේශයට අද උදෑසන 08.00 සිට රාත්‍රී 8.00 දක්වා පැය 12ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාත...
05/04/2026

අද පැය 12ක ජල කප්පාදුවක්

හෝමාගම ප්‍රදේශයට අද උදෑසන 08.00 සිට රාත්‍රී 8.00 දක්වා පැය 12ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන මණ්ඩලය තීරණය කර තිබේ.
වියළි කාලගුණයත් සමග ජල සැපයුම අත්හිටුවීමට ජල සම්පාදන මණ්ඩලය තීරණය කළ අතර ඒ අනුව පැය 24ක කාලයක් ජල සැපයුම අත්හිටුවීමට තීරණය කර තිබුණද එම කාලය පැය 18ක් දක්වාත් පසුව 12තෙක් අඩු කිරීමටද එම මණ්ඩලය තීරණය කළේය.
මේ අතර කොළඹ දිස්ත්‍රික්කයේ ජල සැපයුමට තවදුරටත් බාධා එල්ල වුවහොත් බවුසර් මගින් ජලය සැපයීම සඳහාද විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරමින් පවතින බවද ජාතික ජල සම්පාදන මණ්ඩලය සඳහන් කළේය.
ඒ අනුව සෙසු දිස්ත්‍රික්කවල එම මණ්ඩලය යටතේ පවතින බවුසර් රථ කොළඹට රැගෙන ඒමට මේ වන විටත් පියවර ගෙන ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපති ඉංජිනේරු චන්දන බණ්ඩාර මහතා සඳහන් කළේය.
ජල සැපයුමට බාධා එල්ලවීමත් සමග මේ වන විට ජල සම්බන්ධතා 20,000කට පමණ බලපෑම් එල්ල වී ඇති බව ද ඉංජිනේරු චන්දන බණ්ඩාර මහතා වැඩිදුරටත් පැවසීය.

2005 සැප්තැම්බර් 05 සිට 2025 සැප්තැම්බර් 05අවුරුදු 20ක් මාධ්‍ය ආයතන 5ක (ලක්බිම්/නෙත් FM/සියදෙස/සිත FM/ වී FM)ලේසි නෑ ඉති...
10/01/2026

2005 සැප්තැම්බර් 05 සිට 2025 සැප්තැම්බර් 05
අවුරුදු 20ක් මාධ්‍ය ආයතන 5ක
(ලක්බිම්/නෙත් FM/සියදෙස/සිත FM/ වී FM)
ලේසි නෑ ඉතින්..

02/01/2026
අද දවසේ කාලගුණ තත්ත්වයදිවයිනේ බොහෝ ප්‍රදේශවලට පස්වරු 1න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්...
09/11/2025

අද දවසේ කාලගුණ තත්ත්වය

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පස්වරු 1න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ඌව, දකුණු, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් අම්පාර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවද නිවේදනයේ සඳහන්.
බස්නාහිර සහ දකුණු පළාත්වලත් පුත්තලම දිස්ත්‍රික්කයේත් උදෑසන කාලයේදීත් වැසි ඇති විය හැකි බවයි එහි දැක්වෙන්නේ.
ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අනුගමනය කරන ලෙසද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙනවා.
මේ අතර දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සඳහා වන කාලගුණ නිවේදනයද නිකුත් කර තිබෙනවා.
වැසි තත්ත්වය
පුත්තලම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
සෙසු මුහුදු ප්‍රදේශවල ස්ථාන ස්වල්පයක සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.
සුළඟ
සුළං වයඹ දෙසින් හමා එන අතර සුළඟේ වේගය පැයට කිලෝමීටර් 20ක් 30ක් පමණ වේ.
මුහුදේ ස්වභාවය
දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සාමාන්‍ය ස්වභාවයේ පවතී.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට මුහුදු ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැක.

නීති විරෝධීව ගෙන්වූ ජීප් රථයක් අත්අඩංගුවට===================================තීරු බදු නොගෙවා නීත්‍යානුකූල නොවන ආකාරයෙන් ම...
25/10/2025

නීති විරෝධීව ගෙන්වූ ජීප් රථයක් අත්අඩංගුවට
===================================

තීරු බදු නොගෙවා නීත්‍යානුකූල නොවන ආකාරයෙන් මෙරටට ගෙන එන ලද ජීප් රථයක් මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ එම අංශයේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරක් මත සිදු කරන ලද විමර්ශනයකින් අනතුරුවයි.
තීරු බදු රහිතව නීත්‍යානුකූල නොවන ආකාරයෙන් මෙරටට රැගෙනවිත් ව්‍යාජ ලේස ලේඛන සකස් කළ ජීප් රථයක් මිරිහාන ප්‍රදේශයේ වර්තමාන හිමිකරුගේ නිවසේ තිබියදී මෙලෙස ඊයේ(24) අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය කියා සිටියේ.
සිදු කරන ලද වැඩිදුර විමර්ශනයේදී නීති විරෝධී ලෙස ගෙන්වන ලද ජීප් රථය හා එම රථයේ දත්ත මෝටර් රථ වාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කරන ලද වෙනත් ජීප් රථයක දත්තවලට ව්‍යාජව ඇතුළත් කර ලියාපදිංචි කර ඇති බවට අනාවරණ වී තිබෙනවා.
සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශය මගින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

WEATHER FORECAST FOR 25 OCTOBER 2025Issued at 05.30 a.m. on 25 October 2025Showers or thundershowers will occur at times...
25/10/2025

WEATHER FORECAST FOR 25 OCTOBER 2025
Issued at 05.30 a.m. on 25 October 2025

Showers or thundershowers will occur at times in Western, Sabaragamuwa, Central and North-
western, Northern and North Central provinces and in Galle, Matara and Trincomalee districts.

Fairly heavy falls above 75 mm are likely at some places in these areas.
Showers or thundershowers will occur elsewhere of the island after 1.00 p.m.
Strong winds of about (40-50) kmph can be expected at times over Western slopes of the central
hills and in Western, Northern, North-central, North-western and Southern provinces and in
Trincomalee district.
The general public is kindly requested to take adequate precautions to minimize damages caused by
temporary localized strong winds and lightning during thundershowers.

WEATHER FORECAST FOR SEA AREAS AROUND THE ISLAND DURING NEXT 24 HOURS

Issued at 05.30 a.m. on 25 October 2025

The low-pressure area located over the southeast Bay of Bengal to the northeast of Sri Lanka is
expected to intensify further and move west-northwestward. This low-pressure area located
about 850 km northeast of Batticaloa at 5.00 a.m. on October 25, 2025. This low-pressure
system is likely to develop into a depression over the southeast and adjoining central Bay of
Bengal during today (25th). This system is expected to further intensify into a deep depression
by the 26th of October and into a cyclonic storm by the 27th of October. Naval and fishing
communities, engaging activities over the shallow sea areas off the coast extending from
Kankasanthurai to Batticaloa via Trincomalee and from Galle to Pottuvil via Hambantota are
requested to be vigilant in this regard.
Condition of Rain:
Showers or thundershowers will occur at times in the sea areas off the coast extending from
Trincomalee to Hambanthota via Kankasanthurai, Mannar, Colombo and Galle. Showers or
thundershowers will occur at a few places in other sea areas around the island during the afternoon
or night.
Winds:
Winds will be south-westerly or westerly and speed will be (30-40) kmph. Wind speed can increase
up to (50-60) kmph at times in the sea areas around the island.
State of Sea:
The sea areas around the island will be fairly rough and, rough at times.
Temporarily strong gusty winds and very rough seas can be expected during thundershowers.

11/10/2025

අද දවසේ කාලගුණ තත්ත්වය - 2025-10-11

නැගෙනහිර, ඌව, මධ්‍යම පළාත්වලත් පොළොන්නරුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් පස්වරු 1න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ඌව පළාතේ ඇතැම් ස්ථානවල මිලිමීටර් 50ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවද සඳහන්.
දිවයිනේ සෙසු ප්‍රදේශවල පස්වරු 1න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.
බස්නාහිර සහ දකුණු පළාත්වල උදෑසන කාලයේදී වැසි ඇති විය හැක.
සබරගමුව මධ්‍යම සහ ඌව පලාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවැතිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.
ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි අකුණු අනතුරු සහ තාවකාලික තද සුළං මගින් සිදුවිය හැකි අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවට දැනුම් දෙන්නේ.
මේ අතර ඉදිරි පැය 24ට දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සඳහා වන කාලගුණ අනාවැකියද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.

වැසි තත්ත්වය

කොළඹ සිට ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.
සෙසු මුහුදු ප්‍රදේශවල ස්ථාන ස්වල්පයක සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

සුළඟ

සුළං නිරිත දෙසින් හෝ නිශ්චිත දිශාවකින් තොරව හමා එන අතර සුළඟේ වේගය පැයට කිලෝමීටර් 25ක් 45ක් පමණ වේ.
මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 45ක් පමණ දක්වා ඉහළ යා හැක.

මුහුදේ ස්වභාවය

මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට මද වශයෙන් රළු වේ.
දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශ සාමාන්‍ය ස්වභාවයේ පවතී.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැක.

පියුමි හංසමාලිගේ පුත් කාවිංග අත්අඩංගුවට --------------------------------------------------නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලි...
13/07/2025

පියුමි හංසමාලිගේ පුත් කාවිංග අත්අඩංගුවට
--------------------------------------------------
නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලිගේ පුත් කාවිංග වැලිකඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ රාජගිරිය කලපලුවාව ප්‍රදේශයේදී පුද්ගලයෙකුට පහරදීමක් සම්බන්ධයෙනි.
ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ රිය අනතුරකින් පසුව තවත් පිරිසක් සමග එක්ව සිදු කළ බව කියන පහරදීමක් සම්බන්ධයෙන් බවයි පොලිසිය කියා සිටියේ.
වැලිකඩ පොලිසිය කියා සිටියේ සැකකාර කාවිංග අද(13) පෙරවරුවේ අත්අඩංගුවට ගැනුණ ුබවයි.
අත්අඩංගුවට ගැනුණු සැකකරු මේ වන විට අධිකරණය වෙත ඉදිරිපත් කිරීම සඳහා අලුත්කඩේ අංක 4 මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන ගොස් ඇති බවද පොලිසිය පවසනවා.
පියුමි හංසමාලිගේ පුතාගෙන් පහරකෑමට ලක්වූ පුද්ගලයා මේ වන විට රෝහල්ගත කර ඇති අතර පහර කෑමට ලක්වූ පුද්ගලයාගේ බිරිඳ මාධ්‍ය වෙත අදහස් දක්වමින් මෙලෙස කියා සිටියා.
“මගේ මහත්තයා නෙළුම් පෙදෙසට දාද්දි ඒ ගොල්ලෝහ ිතලා තියෙන්නේ මගේ මහත්තයා තමයි එයාලාගේ කෙනා හප්පලා තියෙන්නේ කියලා.
මගේ මහත්තයා මොකුත් කරලා නෑ.
එයා ඒක බලන්න ගියාම හේතුවක් නැතුව එයාට ගහලා.
හෙල්මට්වලින් 10ක් විතර පිටටයි ඔළුවටයි අතටයි වැදිලා තියෙනවා.
ගහලා තියෙන්නේ පියුමිගේ පුතා කාවිංග.
තව එයා එක්ක විස්සක් දහ අටක් විතර එතැන හිටියා කියලා තමයි මහත්තයා කිව්වේ.”

Address

99, Gangeyaya
Embilipitiya
70195

Alerts

Be the first to know and let us send you an email when Anura Premakumara posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Anura Premakumara:

Share