Hiru Electronics

Hiru Electronics electical & electronics

සුභ නව වසරක් වේවා😍😍              හිරු🌞           ♡ ㅤ      ❍ㅤ        ⎙ㅤ    ⌲         ˡᶦᵏᵉ     ᶜᵒᵐᵐᵉⁿᵗ     ˢᵃᵛᵉ     ˢʰᵃʳᵉT...
01/01/2024

සුභ නව වසරක් වේවා😍😍
හිරු🌞

♡ ㅤ ❍ㅤ ⎙ㅤ ⌲
ˡᶦᵏᵉ ᶜᵒᵐᵐᵉⁿᵗ ˢᵃᵛᵉ ˢʰᵃʳᵉ
Traveling Hiru
Everyone
#

සීතල         නත්තලේබෙත්ලෙහෙම් සිරි තාරුකාවේ එළිය කිතු උපත සැලදේව මන්දිරෙන් එන ගීතිකාසාමයේ පණිවිඩය ගලා යයිලොව         දරා...
25/12/2023

සීතල
නත්තලේ
බෙත්ලෙහෙම් සිරි තාරුකාවේ එළිය කිතු උපත සැල
දේව මන්දිරෙන් එන ගීතිකා
සාමයේ පණිවිඩය ගලා යයි
ලොව
දරා
පිරිවරා
පුරා

සුභ නත්තලක් 🧑‍🎄🧑‍🎄🧑‍🎄🧑‍🎄🎅🎅
හිරු🌞
♡ ㅤ ❍ㅤ ⎙ㅤ ⌲
ˡᶦᵏᵉ ᶜᵒᵐᵐᵉⁿᵗ ˢᵃᵛᵉ ˢʰᵃʳᵉ

😮🛰️📡📲💻අපි හැමෝම හිතන් හිටියේ චන්ද්‍රිකා වලින් කියලනේ.. එහෙම නෙමෙයි මෙන්න මෙහෙමයි එන්නේ.. ⚡Submarine Cables - මුහුද දිගේ ...
01/07/2023

😮🛰️📡📲💻
අපි හැමෝම හිතන් හිටියේ චන්ද්‍රිකා වලින් කියලනේ.. එහෙම නෙමෙයි මෙන්න මෙහෙමයි එන්නේ..

⚡Submarine Cables - මුහුද දිගේ අන්තර්ජාලය එන හැටි

ලංකාවට ඉන්ටර්නෙට් එන්නෙ කොහොමද කියල දන්නවද? චන්ද්‍රිකා වලින් නම් නෙමෙයි. මුහුදු පතුල දිගේ ඇදපු කේබල් කිහිපයක් මගින් තමයි දූපතක් වෙච්ච ලංකාව ලෝකෙත් එක්ක සම්බන්ධ වෙන්නෙ. මේවට කියන්නෙ Submarine cables (සබ්මැරින් කේබල්) කියලා. මේ කියන්න යන්නෙ ඒ ගැන..

SEA-ME-WE කේබල් පද්ධතිය..

ලංකාවට එන submarine කේබල් අතරින් ප්‍රධානම කේබල් පද්ධතිය තමයි SEA-ME-WE (සීමීවී) කියන්නෙ. SEA-ME-WE කියන අකුරු ටිකෙන් කියවෙන්නෙ South East Asia - Middle East - West Europe කියන එක. මේ කේබල් පද්ධතිය ප්‍රංශයේ ඉඳලා සිංගප්පූරුව දක්වාම දිවෙනවා. ඔය අතරෙ තියෙන හැම රටකම වගේ නියෝජිත ආයතනයක් (ලංකාවෙ නම් SLT) මේ කේබල් වෙනුවෙන් මුදල් ආයෝජනය කරනවා. මේ කරපු ආයෝජනයේ ප්‍රමාණයට අනුව තමයි කේබල් පද්ධතියෙන් තමන්ට ලැබෙන ධාරිතාවය තීරණය වෙන්නෙ.. දැනට SEA-ME-WE 1 සිට 5 දක්වා කේබල් පද්ධති මුහුදෙ තියෙනවා.

Copper Cables - තඹ රැහැන්..

ගොඩක් ඉස්සර මේ සබ්මැරින් කේබල් හදල තිබුණෙ තඹ වලින්. විෂ්කම්භය අඩියකට ටිකක් අඩුයි. ලංකාවට මුලින්ම ආවෙ SEA-ME-WE 1 කියන කේබල් එක. තනිකර තඹ. මේක සම්බන්ධ වුණේ කොළඹ ගෝල්ෆේස් පිටිය අසලට. ලංකාවෙන් මේකෙ අයිතිය තිබුණෙ SLT ආයතනයට.
ටික කාලයකින් මේකෙ ධාරිතාවය මදිවුණා. ඒක නිසා අර රටවල් ටික එකතු වෙලා හැදුවා SEA-ME-WE 2 පද්ධතිය. මේකත් තඹ. වෙනසකට තිබුණෙ මේකෙ කේබල් 2ක් තිබුණා. එහෙම බෙදුවෙ සංඛ්‍යාතය දෙකට බෙදලා. මේකත් සම්බන්ධ වෙන්නෙ ගෝල්ෆේස් පිටිය අසලටමයි. අධික වියදම, අනාගතයේදී වේගය ප්‍රමාණවත් නොවීම හා ප්‍රකාශ තන්තු වල ආගමනය නිසා SEA-ME-WE 1 සහ SEAMEWE 2 වගේ තඹ රැහැන් සියල්ලම වගේ අභාවයට ගියා.

Fiber Optics..

ඊට පස්සෙ ආපු submarine cables ඔක්කොම ප්‍රකාශ තන්තු (fiber optics). මුලින් fiber optics (ප්‍රකාශ තන්තු) කියන්නෙ මොන වගේ දෙයක්ද කියලා කෙටියෙන් පැහැදිලි කරන්නම්.

මුලින්ම කියන්න ඕන fiber optics ඇතුලෙ කිසිම කම්බියක් නෑ. තියෙන්නෙ ඇහැට නොපෙනෙන තරම් සිහින් වීදුරු කෙන්දක්. එතකොට කොහොමද මේක දිගේ දත්ත හුවමාරු කරන්නෙ?

හරිම සරලයි. ඕනම දත්තයක් ද්වීමය (binary) සංඛ්‍යාවකින් නිරූපනය කරන්න පුළුවන්නෙ.. 0110101001 වගේ. චිත්‍රපට වල එහෙම දැකලත් ඇති. එක සහ බිංදුව විතරක් උපයෝගී කරගෙන දත්ත සම්ප්‍රේෂණය කරන්න පුළුවන්. මෙහෙම හිතන්නකො. ඔයා ගඟේ එක ඉවුරක ඉන්නවා. ඔයාගෙ යාළුවෙක් එහා ඉවුරෙ ඉන්නවා. ඔයාට ඕන එයාට 0111010 කියන පණිවිඩය යවන්න. ඔයා කරන්නෙ විදුලි පන්දමක් පාවිච්චි කරන එක. ටෝච් එක නිවිලා නම් 0. පත්තු වෙලා නම් 1. ඔයා නිශ්චිත කාලයක් තුල ටෝච් එක
Off (0) On (1) On (1) On (1) Off (0) On (1) Off (0) හැටියට 0111010 කියන පණිවිඩය එහා ඉවුරෙ ඉන්න යාළුවට යවනවා. දැන් එයාට තියෙන්නෙ ඔය ද්වීමය සංඛ්‍යාව decode කරලා ඔයා එව්වෙ මොකක්ද කියන එක හොයාගන්නයි.

ඔය ක්‍රමයම තමයි optical fiber වලත් තියෙන්නෙ. වීදුරු කෙන්ද දිගේ යවනවා අධි බ්ලැති ලේසර් කදම්බයක්. මේක on off වෙන හැටියට තමයි එහා පැත්තෙන් 1ද 0ද කියන එක අඳුරගන්නෙ. එහෙම බැලුවම මේක ආලෝකයේ වේගයෙන් දත්ත සම්ප්‍රේෂණ කිරීමක්. තඹ කම්බි වලට මේ වේගයත් එක්ක හැරෙන්න වත් බැහැ. ඉතින් කාලයත් එක්ක submarine cable ඔක්කොම fiber වලට මාරුවුණා. පරණ copper cable එහෙමම මුහුද මැද අතඇරල දැමුණා.

වර්තමානයේ අපිට එන submarine cables..

දැන් ලංකාවට එන සබ්මැරින් කේබල් කිහිපයක් තියෙනවා. මේ ඔක්කොම fiber.

1) SEA-ME-WE 3 - මේකෙ landing station එක තියෙන්නෙ ගල්කිස්සෙ. පරණ නිසා ලඟදිම මේකෙ ඔපරේෂන්ස් නවතියි. මේකෙ ලංකාවෙ අයිතිය තියෙන්නෙ SLT එකට

2) SEA-ME-WE 4 - මේක තමයි අර ගෝල්ෆේස් එකේ මුහුද දිගේ කලු පාට බට වගේ යන්නෙ. ගෝල්ෆේස් එකට ගියොත් මේක වගේම SEA-ME-WE 1 සහ 2ත් බලන්න අමතක කරන්න එපා. මේකත් ලංකාවෙ අයිතිය තියෙන්නෙ SLT එකට. ලංකව වැඩිපුරම වැඩ ගත්තෙ මේකෙන්.

3) SEA-ME-WE 5 - මේක තමයි අලුත්ම සහ වේගවත්ම එක. එක තරංග ආයාමයක් සඳහා වේගය 100Gbps. ඒ වගේ තරංග ආයාම 80ක් යවන්න පුළුවන්. එතකොට සම්පූර්ණ වේගය 8 Tbps විතර වෙනවා. හැබැයි ලංකාවෙ නම් තව අවුරුදු 10කට වත් තරංග ආයාම 80ක් පාවිච්චි වෙන්නෙ නෑ. ඒ නිසා දැනට උපරිම වේගය 600 Mbps වගේ තමයි යන්නෙ. landing station එක මාතර. මේකෙත් ලංකාවෙ අයිතිය SLT එකට

4) Dhiraagu - මේක නම් ලෝකෙ වටේ යන එකක් නෙමෙයි. මේක Point to point කනෙක්ෂන් එකක්. මේකෙන් තමයි ලංකාවයි මාලදිවයිනයි connect වෙන්නෙ. ලංකාවෙ අයිතිය SLT

5) Bharat Lanka - මේකත් point to point. මේක ලංකාවයි ඉන්දියාවෙ tuticorin (තූත්තුකුඩිය) අතර. ලංකාවෙ අයිතිය SLT.
SEA-ME-WE 5 එන්න කලින් තිබ්බ 3 සහ 4 වල දෝෂයක් ආවොත් මේ Bharat Lanka එක මගින් ඉන්දියාව හරහා තමයි අපි ලෝකෙට සම්බන්ධ වුණේ.

6) Bay of Bengal Gateway (BBG) - මේක UAE ඉඳල සිංගප්පූරුවට යන්නෙ. මේකෙ ලංකාවෙ අයිතිය Dialog එකට. උපරිම වේගය 6.4 Tbps ක් කියල තමයි කියන්නෙ. Landing station එක තියෙන්නෙ ගල්කිස්සෙ.

දැනට ලංකාව සම්බන්ධ වෙන්නෙ ඔය සබ්මැරින් කේබල් පද්ධති 6ට විතරයි. ඒකෙන් 5ක අයිතිය SLT එකටත් 1ක අයිතිය Dialog එකටත් හැටියටත් තමයි තියෙන්නෙ.

මේ සබ්මැරින් කේබල් වල මුහුද දිගේ ගමන මොන වගේ ඇතිද?

මේ සිතියම් [4වන සහ 5වන රූප] වල තියෙන්නෙ ඔය සබ්මැරින් කේබල් පද්ධති කිහිපයක ගමන් මාර්ගය.

මේවා සාමාන්‍යයෙන් යන්නෙ මුහුදු පතුලෙන්. මේ කේබල් ස්ථාපනය කරන්න, නඩත්තු කටයුතු කරන්න ඉන්නවා නැව්, කිමිදුම්කරුවො පවා සහිත වෙනම ජාත්‍යන්තර ආයතන. එයාලා තමයි සබ්මැරින් කේබල් සම්බන්ධව මුහුදෙ අණසක පතුරවාගෙන ඉන්නෙ.

ලේසර් එළියක් ඔය තරම් දුරට යනවද?

අපි ටෝච් එකක් ගැහුවම ඒ ටෝච් එලිය විහිදෙන උපරිම දුරක් තියෙනවනෙ. ඊට වඩා දුරින් ඉන්න කෙනෙකුට මේ ටෝච් එලිය පේන්නෙ නැහැනෙ. Fiber optics දිගේ යන ලේසර් එලියත් ඒ වගේමයි (එලියක් කිව්වට මේක එලියක්ම නෙමෙයි. තේරුම්ගැනීමේ පහසුවට එලියක් කියල හිතාගන්නකො). මේ ලේසර් ආලෝකයටත් යන්න පුළුවන් උපරිම දුරක් තියෙනවා. එතනින් එහාට එළිය යන්නෙ නෑ. එතකොට මොකද කරන්නෙ?

එතකොට තමයි රිපීටර්ස් (repeaters) අපේ පිහිටට එන්නෙ.
[6වන රූපය]

මේ රිපීටර්ස් මුහුදෙ තැනින් තැන හයිකරල තියෙනවා. මේවා වලට පැවරෙන රාජකාරිය තමයි තමන්ට ලැබෙන දුර්වල ලේසර් කදම්බයේ ශක්තිය වැඩි කරලා නැවතත් කේබල් එක දිගේ ඊළඟ නැවතුම වෙත යවන එක. ඒකට පාවිච්චි කරන්නෙ රිපීටර් එකේ තියෙන optical amplifiers.

Submarine cables වලට සිදුවන හානි..

1) කලාතුරකින් මුහුදෙ නැව් එහෙට මෙහෙට යනවා නැංගුරමත් මුහුදට දාගෙනම. ඔය නැංගුරමක් අපේ submarine cable එකේ පැටලුනාම කේබල් එක එතනින් කැඩිලා යනවා

2) සාමාන්‍ය fiber එකක් සිහින් කෙන්දක් හැටියට තිබුණට සබ්මැරින් කේබල් නම් එහෙම හීනි නෑ. ඒකට හේතුව තමයි fiber එකේ ආරක්ෂාවට ඒක වටේට තියෙන ආවරණ. මේ හරස්කඩ දිහා බැලුවම පේනවනෙ හීනි fiber එක වටේට කොච්චර ආරක්ෂක ආවරණ තියෙනවද කියලා..

ඔය එක ආවරණ වර්ගයකට තමයි armour එක කියන්නෙ. මේක ලෝහමය ආවරණයක්. මේ ලෝහ armour එක දිගේ තමයි repeaters වලට අවශ්‍ය විදුලිය සම්ප්‍රේෂණය කරන්නෙ. සන්නායකයක් දිගේ විද්‍යුතය ගමන්කරනකොට ඒ වටා චුම්භක ක්ෂේත්‍රයක් ඇතිවෙනවනෙ. මේකෙත් එහෙම තමයි. ඔන්න ඔය චුම්භක ක්ෂේත්‍රය කට්ටියක් වරදවා වටහගන්නවා. ඒ තමයි මෝරු. එයාලා මේක ගොදුරක් කියල හිතලා cable එක හපල හපලා කඩල දානවා.

ඔය 2 තමයි ප්‍රධාන වශයෙන් සබ්මැරින් කේබල් වලට සිදුවන අලාභහානි. ඉතින් ඔය එක කේබල් එකකට අනතුරක් වුණත් අපිට තව කේබල් ඕන තරම් තියෙන නිසා ලංකාවට ඉන්ටර්නෙට් නැතිවෙයි කියල අනවශ්‍ය බයක් ඇතිකරගන්න නම් කිසිම හේතුවක් නෑ..

Microsoft සහ Google ආයතන විසින් නොමිලේ ලබාදෙන පාඨමාලා පහත අන්තර්ජාල දිගු වලින් ගොස් ලබාගත හැක.FREE courses from Microsof...
11/06/2023

Microsoft සහ Google ආයතන විසින් නොමිලේ ලබාදෙන පාඨමාලා පහත අන්තර්ජාල දිගු වලින් ගොස් ලබාගත හැක.

FREE courses from Microsoft and Google you should try in 2023

1. Al for beginners
Check this out
https://lnkd.in/dgfaEFxr

2. IOT
Check this out
https://lnkd.in/dSQECutx

3. Machine Learning
Check this out
https://lnkd.in/dJQvX5ZQ

4. Data Science
Check this out
https://lnkd.in/dZaYHE5n

5. Python Basics for Data Analysis
Check this out
https://lnkd.in/dNYQX_xg

6. Data Science Foundations
Check this out
https://lnkd.in/dNYQX_xg

7. Data Science with Python
Check this out
https://lnkd.in/dNYQX_xg

8. Machine Learning Crash Course
Check this out
https://lnkd.in/dbkXEGSY

9. Tensorflow for Deep Learning
Check this out
https://lnkd.in/dbkXEGSY

තොරතුරු තාක්ෂණය පිළිබඳ උනන්දුවක් දක්වන යහළුවන් අතර බෙදාගන්න 👊 ( තොරතුරු LinkedIn ඇසුරිනි)

New price list
02/06/2023

New price list

Samsung gelaxcy F 54 5g 8/128Mrp =146,999/=
02/06/2023

Samsung gelaxcy

F 54 5g 8/128

Mrp =146,999/=

❤වැදගත් වෙයි ❤ජංගම දුරකථන චාර්ජ් කිරීමේදී අප සිදු කරන සුලභ වැරදි..වර්තමානයේදී ඉතාම නවීන ඉලෙක්ට්‍රොනික උපාංග බොහෝමයක් තිබ...
09/05/2023

❤වැදගත් වෙයි ❤

ජංගම දුරකථන චාර්ජ් කිරීමේදී අප සිදු කරන සුලභ වැරදි..

වර්තමානයේදී ඉතාම නවීන ඉලෙක්ට්‍රොනික උපාංග බොහෝමයක් තිබුනත් ඒවායේ කල් පැවැත්ම සඳහා බලපාන්නේ අප ඒවා පරිහරණය කරන ආකාරය මිස ඒවායේ ඇති දියුණු තාක්ෂණය නොවේ. කෙතරම් ගුණාත්මක භාවයෙන් වැඩි, දියුණු තාක්ෂණයෙන් යුත් උපකරණයක් පවා අපි නිසිලෙස භාවිතා කළේ නැත්නම් ඒවායේ කල් පැවැත්ම අඩුවී ඉක්මනින් කැඩී බිඳී යන්න පුළුවන්. ඉතින් මේ ආකාරයට අප විසින්ම ආයු කාලය තීරණය කළ හැකි සුලභ උපකරණයක් තමයි ජංගම දුරකතනය. අපි ජංගම දුරකතනය ආරෝපණය කරන, එහෙමත් නැත්නම් චාර්ජ් කරන ආකාරය, අපගේ ආරක්ෂාවට වගේම දුරකතනයේ බැටරි ආයු කාලයටත්, නිවසේ විදුලි බිලටත් බලපානවා. ඒ නිසා අපි අද මේ ලිපියෙන් බොහෝ දෙනා ජංගම දුරකථන චාර්ජ් කිරීමේ දී කරන සුලබ වැරදි දහයක් ගැන දැනුවත් කරන්න සිතුවා.

01. ජංගම දුරකථන චාජරය සොකට් එකෙන් නොගැලවීම.

බොහෝ දෙනෙක් ජංගම දුරකථනය භාවිතා නොකරන අවස්ථාවලදී පවා දුරකථනයෙහි චාජරය සොකට් එකේ තිබෙන්නට හරිනවා. මෙය ඉතාම නුසුදුසු දෙයක්. මොකද දුරකථනය සම්බන්ධ කර නොමැති අවස්ථාවකදී වුණත් චාජරය මගින් විදුලිය දිගටම එලියට අදින නිසා එය ඔබගේ විදුලි බිලට නම් එතරම් හිතකර වන්නේ නැහැ. ඒ වගේම බොහෝ වේලාවක් එසේ තිබීමේදී එහි උෂ්ණත්වය වැඩි වන නිසා අසල යමකට ගිනි ඇවිලීමට හෝ කාමරයේ ආර්ද්‍රතාවය වැඩිනම් එය ළුහුවත් වීමට(ෂෝර්ට් වීම) පවා හැකියි. මේ නිසා ඔබ භාවිතා නොකරන සෑම අවස්ථාවකදීම චාජරය සොකට් එකෙන් ගලවා තබන්න.

02. බැටරිය 100%ක්ම ආරෝපණය කිරීම.

බොහෝ දෙනෙක් තමන්ට හැකි සෑම අවස්ථාවකදීම බැටරිය උපරිම ධාරිතාවට ආරෝපණය කිරීමට උත්සාහ කළත්, මෙමඟින් බැටරියේ ආයුකාලය ඉක්මනින්ම අඩුවෙන්න පුලුවන්. එයට හේතුව සාමාන්‍යයෙන් ඕනෑම බැටරියක ආරෝපණය කළ හැකි නිශ්චිත වට ගණනක් තිබෙන නිසා ඔබ එය නිතර නිතර උපරිම ප්‍රමාණයට ආරෝපණය කිරීමෙන් එම වට ගණන ඉක්මණින් අවසන් වී යාමයි. මේ නිසා සෑම අවස්ථාවකම බැටරිය 100% ආරෝපණය කිරීම අවශ්‍ය නැහැ. 100%ක් ආරෝපණය කිරීම මසකට වරක් පමණ සිදු කරමින්, සාමාන්‍යයෙන් බැටරි ධාරිතාව 20% – 80% අතර තබා ගැනීමට උත්සාහ කරන්න.

03. බැටරිය ආරෝපණය කිරීමට එහි ධාරිතාව 0%ක්‌ වනතෙක් සිටීම.

බොහෝ දෙනෙක් බැටරිය චාර්ජ් කිරීමට උත්සහ කරන්නේ එහි ධාරිතාවය බින්දුවටම බැස්සායින් පසුවයි. මෙය ඉතාම අහිතකරයි. අපි කලින් කියූ පරිදි වර්තමානයේ නිපදවෙන ලිතියම් මූලික කරගත් ජංගම දුරකථන බැටරි ක්‍රියාකරන්නේ නිශ්චිත වට ගණනකට අනුවයි. ඉතින් ඔබ එහි ධාරිතාවය බින්දුවටම බසින තෙක් තැබීමෙන් එහි සම්පූර්ණ වටය බැගින් අවසන් වන නිසා පියවරෙන් පියවර බැටරියේ ආයු කාලය අඩුවීම සිදුවෙනවා.

04. මුළු රාත්‍රිය පුරාම ජංගම දුරකතනය ආරෝපණය වීමට ඉඩ හැරීම.

බොහෝ දෙනෙක් පසුදින උදෑසන භාවිතා කළ හැකි වන පරිදි, රාත්‍රියේදී තමන්ගේ ජංගම දුරකතනය ආරෝපණය වීමට ඉඩහැර නින්දට යනවා. මේ නිසා සාමාන්‍යයෙන් ජංගම දුරකථනයක් සම්පූර්ණයෙන් ආරෝපණය වීමට ගතවන පැය ගණනට වඩා, පැය 4, 5ක්ම වැඩිපුර ආරෝපණය වීම සිදුවෙනවා. මේ නිසා බැටරියේ ආරෝපණ වට ගණන මෙන්ම විදුලියත් අපතේ යනවා. ඒ වගේම අවශ්‍ය ප්‍රමාණයට වඩා ආරෝපණය වීම නිසා ජංගම දුරකථනය අධික ලෙස රත් වීමත් එයට ඉතා අහිතකර ලෙස බලපානවා.

05. ජංගම දුරකථනය චාර්ජ් වන අතරතුර එය භාවිතා කිරීම.

ජංගම දුරකතනය ආරෝපණය වෙමින් පවතින අතරතුර එය භාවිතා කිරීම නිසා බැටරියට එකම අවස්ථාවේදී විදුලිය ලබා දීමත් එයින් ඉවත් කිරීමත් සිදුවෙනවා. එකවර ක්‍රියාවන් දෙකක නිරත වීමට සිදුවීම නිසා එය බැටරියට පීඩාකාරී ලෙස බලපානවා. එය බැටරියේ ආයු කාලය අඩු වීමට ප්‍රධාන හේතුවක්. ඔබට හදිසි දුරකතන සංවාදයක යෙදීමට අවශ්‍ය නම් ඒ මොහොතට දුරකථනය චාජරයෙන් ගලවා, සංවාදය අවසන් කර, නැවත චාර්ජ් වීමට ඉඩහරින්න. දුරකථනයට විදුලිය සැපයෙන අතරතුර එය කනේ තබා ගැනීම හෝ වෙනත් ක්‍රියාවක නිරත වීම ඔබ‍ට ඉතා ආරක්ෂාකාරී වෙන්නෙත් නැහැ.

06. අනවශ්‍ය ලෙස ජංගම දුරකතනය ආරෝපණය කිරීම.

බොහෝ දෙනෙක් ජංගම දුරකථනයේ ධාරිතාවය 20%ක්‌, 50%ක් හෝ 70%ක්‌ තිබුණත් එය චාර්ජ් කිරීමට උත්සාහ කරන අවස්ථා තිබෙනවා. නිතර නිතර අනවශ්‍ය ලෙස ජංගම දුරකතනය ආරෝපණය කිරීම බැටරියේ ආයු කාලය විශාල වශයෙන් අඩු කිරීමට හේතුවක්. මේ නිසා අවශ්‍යම වූ විට පමණක් එය ආරෝපණය කිරීමට වගබලාගන්න. එයින් අදහස් වන්නේ බැටරි ධාරිතාව 5%ට වැඩියෙන් සහ 20%ට අඩුවෙන් තිබියදී පමණක් එය ආරෝපණය කරන්න.

07. ජංගම දුරකතනය ආරෝපණය කරන විට එහි පිටුපස කවරය(Back cover) තිබියදීම ආරෝපණය කිරීම.

ජංගම දුරකථන බැටරියක ආයු කාලයට ඇති ලොකුම සතුරා වන්නේ අධික උෂ්ණත්වයයි. මේ නිසා එහි පිටුපස කවරය තිබියදී චාර්ජ් වීමට ඉඩ හැරීමෙන් එහි නිපදවන උෂ්ණත්වය ඒ තුළම සිරකර තබා ගැනෙනවා. එය බැටරියට පමණක් නොවෙයි ජංගම දුරකථනයේ ඇතුලත ඇති අනෙකුත් උපාංග වලට පවා අහිතකර ලෙස බලපානවා. මේ නිසා එය ආරෝපණය කරන විට අනිවාර්යෙන්ම පිටිපස කවරය ගලවා විදුලියට සම්බන්ධ කරන්න.

08. වෙනත් චාර්ජර් භාවිතා කිරීම.

සෑම ජංගම දුරකථනයකටම ඒ හා සමඟ හිමිවන නිශ්චිත චාජරයක් තිබෙන අතර ඒ වෙනුවට වෙනත් වෙළඳ නාමයක චාජරයක් හෝ එකම වෙළඳ නාමයේ එහෙත් වෙනත් මොඩලයක් සඳහා නිපදවූ චාර්ජරයක් භාවිතා කිරීම මගින් බැටරියට උවමනා විද්‍යුත් ප්‍රමාණයට වඩා අඩුවෙන් හෝ වැඩියෙන් සැපයෙන අවස්ථා තිබෙනවා. මේ නිසා ජංගම දුරකථනය ඉතා සෙමෙන් ආරෝපණය වීම හෝ අධිකව රත් වීමට හැකියි. මේ නිසා ඔබගේ ජංගම දුරකථනයට වඩාත්ම සුදුසු චාජරය වන්නේ ඔබ එය මිලදී ගන්නා විට හිමිවු චාජරය පමණයි. ඔබ අතින් එය කැඩුණොත් හෝ නැති වුනොත්, ඒ මොඩලයටම අයත් චාජරයක් මිළදී ගැනීම සිදුකළ යුතුයි.

09. නොදන්නා යෙදවුම් (Applications/Apps) භාවිතය.

නොමිලේ බාගත හැකි බැටරි ධාරිතාවය ආරක්ෂා කරන සහ බැටරි වැඩිදියුණු කරන විවිධ යෙදවුම් ( Battery saver/booster apps) මගින් ඔබගේ ජංගම දුරකතන බැටරියේ ක්‍රියාකාරීත්වය බලාගත හැකි වුවත් ඔබ භාවිතා කරන්නේ කුමක් දැයි හරියටම දැන සිටිය යුතුයි. නොදන්නා මූලාශ්‍රවලින් වැඩිදියුණු කරන ලද යෙදවුම් භාවිතා කිරීම මගින් ජංගම දුරකථනයට හානි වනවා වගේම අනවශ්‍ය ලෙසින් වෙළඳ දැන්වීම්ද ඒ සමග ජංගම දුරකතනයට ඇතුලත් වෙනවා. මේ නිසා ප්‍රසිද්ධ සහ විශ්වාසවන්ත නිර්මාණකරුවන් පමණක් නිපදවන යෙදවුම් භාවිතා කිරීම සිදු කළ යුතුයි.

10. ලැප්ටොප් එකට සම්බන්ධ කර ආරෝපණ කිරීම.

ඔබ වැඩක යෙදෙන විට ජංගම දුරකතනය ආරෝපණය කිරීමට බොහෝ විට ලැප්ටොප් එක යොදාගන්නවා ඇති. නමුත් එමගින් සාමාන්‍ය ප්‍රමාණයට වඩා වැඩි වේලාවක් ජංගම දුරකතනය ආරෝපණය කිරීමට සිදුවෙන අතර බැටරියට එතරම් හිතකර වන්නෙත් නැහැ. මේ නිසා වඩාත් සුදුසු වන්නේ බිත්තියට සම්බන්ධ සොකට් එකක් හරහා ඔබගේ චාජරය භාවිතයෙන් දුරකතනය ආරෝපණය කිරීමයි.
Tp

*Oppo f9 pro*6/128GBPhone only 45,000/-
18/04/2023

*Oppo f9 pro*
6/128GB
Phone only
45,000/-

15/04/2023
https://linguagpt.com/en/Log InLinguaGPT | ඉංග්‍රීසි ඕනෙම නැහැ,  හදපු App එකට ඕනෑම භාෂාවකින්
12/04/2023

https://linguagpt.com/en/

Log In
LinguaGPT | ඉංග්‍රීසි ඕනෙම නැහැ, හදපු App එකට ඕනෑම භාෂාවකින්

Talk to linguaGPT in any language. We removed the language barrier for the first time in the AI Space. LinguaGPT enables you to communicate with AI in more than over 100 languages. You can talk to a complex language model to get the answers to the hardest questions. Have a nice chat!

Address

Embilipitiya

Telephone

+94716940821

Website

Alerts

Be the first to know and let us send you an email when Hiru Electronics posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category