17/08/2025
දිවුලපිටිය SICTA පරිගණක තාක්ෂණ පුහුණු මධ්‍යස්ථානය විසින් පවත්වනු ලබන මෙම සුවිශේෂී පරිගණක පාඨමාලාව මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දුන් ආදරණීය දුවලා පුතාලා වෙනුවෙන් සම්පූර්ණයෙන්ම නොමිලේ පිරිනමනු ලැබේ.
⭐ ඇතුළත්වීමේ ගාස්තු, මාසික ගාස්තු ආදී කිසිඳු ගාස්තුවක් අය නොකෙරේ!
6 ශ්‍රේණියේ සිට දරුවන්ට ඉගෙන ගැනීමට ඇති තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය (Information and Communication Technology – ICT) විෂය සඳහා දරුවන් පෙරහුරු කරවීමත්, පරිගණකය නිසි ලෙස භාවිතා කිරීමට හුරු කරවීමත් සහ පරිගණක තාක්ෂණය පිළිබඳව මූලික අවබෝධය ලබා දීමත් මෙම පාඨමාලාවේ අරමුණ වේ.
මෙම පාඨමාලාව මඟින් දරුවන්ට,
🖥️ පරිගණක උපාංග හඳුනාගැනීම.
🖥️ පරිගණක මෘදුකාංග භාවිතය.
🖥️ වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය භාවිතය.
🖥️ පරිගණක ආචාර ධර්ම.
🖥️ ඉංග්‍රීසි සහ සිංහල ටයිපින් පුහුණුව.
🖥️ නිවැරදිව අන්තර්ජාලය භාවිතය.
ආදී බොහෝමයක් දැනුම ලබා දේ.
📆 පාඨමාලාව අගෝස්තු 23 සෙනසුරාදා ආරම්භ වේ.
❤️ දෙසැම්බර් මාසය දක්වා පුරා මාස 4ක් සම්පූර්ණයෙන්ම නොමිලේ!!! ❤️
⚠️පාඨමාලාව සඳහා එක් කණ්ඩායමකට දරුවන් 25 බැඟින් කණ්ඩායම් 4 කට දරුවන් 100 දෙනෙකු පමණක් බඳවා ගන්නා බැවින් ඔබගේ දරුවා ඉක්මනින් ලියාපදිංචි කරවා ගන්න. ⚠️
👉 ලියාපදිංචි වීම සඳහා දරුවාගේ නම, පාසල සහ ශිෂ්‍යත්ව විභාග අංකය +94786410256 අංකයට WhatsApp ඔස්සේ එවන්න.