24/07/2020
visual programming වල සම්පූර්ණයෙන්ම තියෙන්නේ block-based interaction එකක්. code එකක් එක දිගට ටයිප් කරනවා වෙනුවට graphics යොදාගෙන යම්කිසි logic එකකට අනුව රූපයක් හදන්න තමයි තියෙන්නේ. එතකොට අවසානයට ලැබෙන්නේ visual code එකක්. සාමාන්‍ය program එකක් ලියනවට වඩා ආස හිතෙන විදියට මේ වැඩේ blocks හරහා කරන්න පුළුවන්.
Visual Programming සහ Magicbit
Computer programming කියලා කියන්නේ IT field එකේ ඉන්න කෙනෙකුට නම් නැතුවම බැරි දෙයක්. ඒව වගේම ගොඩක් ළමයින් දැන් පාසැල් කාලේ ඉඳලම computer programming ඉගෙන ගන්නව. java, c++, c #, python වගේ languages ගොඩක් අය අතර ජනප්‍රියයි. හැබැයි මේකෙම තව පැත්තක් තියනවා. අද භාවිතා වෙන ගොඩක් programming languages වල තියෙන්නෙ text-based interaction එකක්. ඒ කියන්නේ computer program එකක් ලියනවා කියලා අපි කරන්නෙ මොකක් හරි programming language එකකින් කෝඩ් එකක් ටයිප් කරන එක. මේක සමහර අයට විශේෂයෙන්ම ළමයින්ට වගේ නම් ටිකක් කම්මැලි වැඩක්. ඒකට ආපු විසඳුම තමයි visual programming කියන්නේ.
visual programming වල සම්පූර්ණයෙන්ම තියෙන්නේ block-based interaction එකක්. code එකක් එක දිගට ටයිප් කරනවා වෙනුවට graphics යොදාගෙන යම්කිසි logic එකකට අනුව රූපයක් හදන්න තමයි තියෙන්නේ. එතකොට අවසානයට ලැබෙන්නේ visual code එකක්. සාමාන්‍ය program එකක් ලියනවට වඩා ආස හිතෙන විදියට මේ වැඩේ blocks හරහා කරන්න පුළුවන්. visual programming languages වලට උදාහරණක් විදියටට scratch හඳුන්වන්න පුලුවන්. පහල තියෙන්නේ ඒ වගේ scratch වලින් හදපු code එකක්. නවීන ලෝකයේ අලුත් අධ්‍යාපන ක්‍රමයක් විදියට computer programming වලට හුරු කරවන්න දැන් ගොඩක් අය visual programming languages භාවිතා කරනවා
magicbit එකේදි මේක මෙතනින් තවත් දුරට අරගෙන ගිහින් ප්‍රායෝගිකව මේ අත්දැකීම ඔබට විදින්න අවස්ථාවක් ලබා දෙනවා. magicbit එකේදිත් scratch කියන visual programming language එක භාවිතා කරන්න පුළුවන්. එතකොට magicbit කියන learning tool එක scratch කියන visual programming language එක ඉගෙන ගන්න පුළුවන් development board එකක් බවට පත් වෙනවා. නිකංම programming code එකක් ලියනවාට වඩා පියවරෙන් පියවර scratch code එක execute කරමින් ඒ එක්කම magicbit එකේ ක්‍රියාකාරීත්වය සසදමින් ප්‍රායෝගික ඉගෙනීමක් තුල programming logic එකක් නිර්මාණය කිරීමේ හැකියාව මේ හරහා ළමයින්ට ලැබෙනවා. ඕනම ලමයෙකුට එතකොට computer programming වලට ආසවක් ඇතිවන එක නවත්තන්න කාටවත් බැහැ.
අපි magicbit එක හදලා තියෙන්නේ ළමයෙකුට, විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙකුට වගේම වැඩිහිටි වුණත් කරන්න දේවල් ගොඩක් තියෙන all in one platform එකක් විදිහට .Magicbit එකෙන් මේ වගේ පුලුවන් වැඩ ගොඩක් තියෙනවා. ඒව මොනවද, කොහොමද කරන්නෙ මේ හැම දෙයක් ගැනම දැනගන්න නම් අපේ magicbit පේජ් එකත් එක්ක, magicbit යූටියුබ් චැනල් එකත් එක්ක එකතු වෙන්න. ඒව වගේම දැනුම සොයන මිතුරන් අතරේ share කරන්නත් අමතක කරන්න එපා.
Buy Now: https://magicbit.cc/magicbit-shop/
Facebook : https://www.facebook.com/magicbit0/
Website : https://magicbit.cc/
YouTube: https://www.youtube.com/…/UCT_2KGwEDxrHxZo0b8CO5lA/playlists