04/12/2025
🌊💔 “හැමදේම ගහගෙන ගියාට පස්සේ… ජීවිතේ විතරක් ඉතුරුවුණාම...”
ගංවතුර බැසගෙන යද්දි ඉතුරු වෙන්නේ මඩ විතරක් නෙවෙයි. ජීවිත කාලෙම හම්බ කරපු ගෙවල් දොරවල්, දේපළ, සමහරවිට තමන්ගේ පණ වගේ ආදරය කරපු අම්මා, තාත්තා, දරුවෝ... මේ හැමදේම වතුරට ගිහින් ඉවරයි.
අපි එළියේ ඉඳන් ලේසියට "මොනවා නැතත් ජීවිතේ හරි බේරුණානේ" 🙏 කියලා කිව්වට, ඒ මනුස්සයා ඉන්නේ ඒක පිළිගන්න පුළුවන් මානසිකත්වයක නෙවෙයි. හැමදේම නැති වුණාට පස්සේ "බින්දුවේ ඉඳන් ආයේ පටන් ගන්න එක" හිතන තරම් ලේසි නෑ. සමහරුන්ට ඒක දරාගන්නම බැරි තැන, ජීවිතේ නැති කරගන්න හිතුණු අවස්ථාත් මේ දවස්වල අසන්නට ලැබෙනවා.
ඒ නිසා, කන්න බොන්න දෙනවා වගේම, ඇඳුම් දෙනවා වගේම, අපි ඒ මිනිස්සුන්ගේ "මානසික සෞඛ්‍යය" ගැන බලන්නම ඕන වෙලාවක් මේක.
මේකට ලොකු ඩොක්ටර් කෙනෙක් වෙන්න ඕන නෑ. ඔයාට කරන්න පුළුවන් වටිනාම දෙයක් තියෙනවා. ඒකට කියන්නේ "මනෝවිද්‍යාත්මක ප්‍රථමාධාර" ලබා දීම.
සරලවම කිව්වොත් මේක "හදවතින්ම කරන මනුෂ්‍යකමක්" 💛🫂.
✨ කොහොමද අපි මේක කරන්නේ;
1️⃣ ආරක්ෂාව සහ රැකවරණය දැනෙන්න අරින්න. කම්පනයට පත් වුණ කෙනෙක් ඉන්නේ දැඩි බයකින්. එයාට මුලින්ම ඕන "දැන් මම ආරක්ෂිතයි" කියන හැඟීම.
කලබල අස්සේ ඉන්නවා නම් එයාව ටිකක් නිස්කලංක තැනකට එක්කන් යන්න. වතුර ටිකක් බොන්න දෙන්න. බය වෙන්න එපා අපි ඔයා එක්ක ඉන්නවා කියන එක වචනයෙන් වගේම ඔයාගේ හැසිරීමෙන් පෙන්නන්න.
2️⃣ "උපදෙස් දෙන්න එපා, අහගෙන ඉන්න". මේක තමයි අමාරුම සහ වැදගත්ම දේ. අපි ගොඩක් වෙලාවට කරන්නේ එයාට උපදෙස් දෙන එක. මේ වෙලාවේ ඒක කරන්න එපා.
"අපෝ ඕවා ගණන් ගන්න එපා", "හිත හයිය කරගන්න", "අර අයට ඊට වඩා වෙලානේ" වගේ දේවල් කියලා එයාව නිහඬ කරන්න එපා. එයා අඬනවා නම් අඬන්න ඉඩ දෙන්න. කෑගහලා දුක කියනවා නම් නිකන්ම අහගෙන ඉන්න. ඔයාට දැනෙන දුක සාධාරණයි කියලා දැනෙන්න දෙන්න. හොඳට ඇස් දිහා බලලා අහගෙන ඉන්න.
3️⃣ "ස්පර්ශය කියන්නේ හොද බෙහෙතක්" : වචන දහසකින් කියන්න බැරි දෙයක් පුංචි ස්පර්ශයක තියෙනවා. එයාගෙ පිටට තට්ටුවක් දාන්න. උණුසුම් hug එකක් දෙන්න. ඒ උණුසුම එයාට ලොකු හයියක්. "මම තනි වෙලා නෑ" කියන එක එයාට දැනෙන්නේ එතකොට.
4️⃣ මූලික අවශ්‍යතා වලට මග පෙන්වන්න. කම්පනය නිසා එයාට හිතාගන්න බැහැ මොකද කරන්නේ කියලා. කෑම බීම ගන්න තැන්, බෙහෙත් ගන්න තැන්, නැතිවුණු අය හොයන්න තොරතුරු දෙන තැන් වලට එයාව යොමු කරන්න. ඒ බර එයාගේ ඔලුවෙන් නිදහස් කරන්න උදව් වෙන්න.
🚨 විශේෂයෙන් සැලකිලිමත් වන්න 🚨
මේ කම්පනය දරාගන්න බැරුව කවුරුහරි කෙනෙක්:
• තනිවෙලා පැත්තකට වෙලා ඉන්නවා නම්,
• කතා කරන්නේම නැතුව ගල් ගැහිලා වගේ ඉන්නවා නම්,
• "ජීවත් වෙලා වැඩක් නෑ" වගේ දේවල් කියනවා නම්,
අනිවාර්යයෙන්ම ඒ කෙනාව තනි කරන්න එපා. එයා ළඟින්ම ඉන්න. වහාම කඳවුරේ ඉන්න වගකිවයුතු නිලධාරියෙක්ට, වෛද්‍යවරයෙක්ට හෝ පවුලේ අයව දැනුවත් කරන්න. ☎ 1926 වගේ මානසික සෞඛ්‍ය උපකාරක සේවාවකට කතා කරන්න උදව් කරන්න
බත් පැකට් එකකින් බඩ පිරෙයි. ඒත් ආදරණීය වචනයකින්, උණුසුම් වැළඳගැනීමකින් පිරෙන්නේ හිතක්. සමහරවිට ඒක එයාගේ ජීවිතේම වෙනස් කරයි.
අපි මේ වෙලාවේ ඒ මනුස්සකම බෙදාගමු. ❤🤝
මේ පණිවිඩය හැමෝටම පේන්න 𝑺𝒉𝒂𝒓𝒆 කරන්න...
👉 මෙතනින් අපේ 𝗪𝗵𝗮𝘁𝘀𝗔𝗽𝗽 𝗖𝗵𝗮𝗻𝗻𝗲𝗹 එකට 𝗝𝗼𝗶𝗻 වෙන්න: https://whatsapp.com/channel/0029Vb6ax3yBVJl9dkFpf33W