Hiru sadu

Hiru sadu ◄◄ https://www.facebook.com/hiru.sadu.►►

⊱✿ LIKE ✿ ⊰⊱ ✿ SHARE ✿ ⊰⊱ ✿ COMMENT ✿⊰

07/09/2022
සුන්දර ඉවසීමඑක්තරා නිවසක මරණයක් ..... මියගියේ සැමියා. ඔහුට දරුවන් හතර දෙනෙක් සහ බිරිඳක් සිටියා. මේ පුද්ගලයා මිය ගියේ වසර...
11/11/2021

සුන්දර ඉවසීම

එක්තරා නිවසක මරණයක් ..... මියගියේ සැමියා. ඔහුට දරුවන් හතර දෙනෙක් සහ බිරිඳක් සිටියා. මේ පුද්ගලයා මිය ගියේ වසර ගණනක් අංශබාගයෙන් පීඩා විදීමෙන් අනතුරුවයි. ඒ කාල සීමාවේ ඔහුගේ කැත කුණු අතගාමින්, දරුවන් ගැනත් සොයා බලමින් වතුපිටි ආදායම ගැනත් කල්පනා කරමින් බිරිඳ නොවිදිනා දුක් වින්දා. ඉන්න තැනම මළ පිට කරන එක, මුත‍්‍රා පිට කරන එක අන්තිමට මේ ගෙදර සාමාන්‍ය දෙයක් බවට පත් වුණා. නිවසට කෙනෙක්ට එන්න කියන්න බැරි කරමට දුර්ගන්ධයක් හමනකොට සියලූ වැඩ නවත්වලා බිරිඳට නිවස පිරිසුදු කරන්න සිදුවුණා. ඒ ගඳ මැකිලා යයි කියලා හිතෙන කල් අත් ගෙවෙන තුරු ඇය බිම මැද්දා. රෙදි හේදුවා, අව්වේ වැනුවා. අවසානයේ දි එක් රාත‍්‍රියක ඔහු මිය ගියා.

එදා මරණයේ අවසාන දවස. බිරිඳ සිය සැමියා වෙනුවෙන් මරණයට ආ අයට ස්තුති කථාව කරන්න සුදානම් වුණා. ඇය බොහොම ගෞරවයෙන් සියලූ දෙනාටම ස්තුතිවන්ත වුණා. අවසානයේදී ඇය සැමියා වෙනුවෙන් කථා කරන්න පටන්ගත්තා.

‘ "‘මට මුණගැසෙනකොට ඔහු බොහොම කඩවසම් තරුණයෙක්. ඉතින් මම ඔහුට එක පයින් කැමති වුණා. දෙවරක් හිතන්නේ නැතුවම. අපි විවාහ වුණා. ආලිංගනයේ යෙදුනා. දරුවන් හැදුවා. නමුත් ඔහු එක්ක විවාහ වුණු දා ඉදලා කවදාවත් මම හොඳින් නිදාගත්තේ නැහැ. මොකද ඔහු මහා හයියෙන් ගොරවනවා. ඒක මහ පුදුම ගෙරවීමක්. ඒ හැම ගෙරවීමකදිම මම කේන්තියෙන් ඔහුව අවදි කරනවා. ඔහු ආයෙම නින්දට වැටෙනවා. ආයෙත් ගොරවනවා. මේ වදය මම අවුරුදු 35 ක්ම වින්දා. දැන් මට අවුරුදු 55 ක්. අවුරුදු 20 ඉදලා අවුරුදු 55 ක්ම හරියටම නින්දක් නැතිව මම දුක් වින්දා. ඒක මහ පුදුම වදයක්. කිසිම ගැහැණියෙක් ඒ වදය ඉවසන්නේ නැහැ.

අවසානෙදි ඔහු රෝගි වුණා. පුරුදු විදියට හැම රෑකම ඔහු ගෙරෙව්වා. ඒ ගෙරවීම මට අරගෙන ආවේ පුදුම සැනසීමක්. ‘‘ඔහු තාමත් ජීවත් වෙනවා’’ කියලා මම දැනගත්තේ ගෙරවීමෙන්. ගෙරවීම පොඩ්ඩක් හරි නැවතුනා නම් මම ගැස්සිලා නින්දෙන් ඇහැරුනා. ඔහුගේ ගෙරවීම ඇහෙන මානෙක මිස වෙන තැනක මට නින්ද ගියේ නැහැ. ගෙරවීම නැවතුන ගමන් මම ඇහැරලා ඔහුව හොලවලා අවදි කලා. නහයට අත තියලා හුස්ම ගන්නවද කියලා බැලූවා.
දැන් ඔහු මිය ගිහිල්ලා. අදින් පස්සේ ඔහු කවදාවත් ගොරවන්නේ නැහැ කියලා දැනෙනකොට ඇතිවෙන වේදනාව මට දරාගන්න බැහැ. ආයේ කවද්ද මම ඒ සද්දේ අහන්නේ කියලා හිතෙනකොට මට මහ වේදනාවක් දැනෙනවා. හරියට හැමදේම හොරු අරගෙන ගිහිල්ලා වගේ......

ඉතින් මම ඔබට කියනවා අපි ආදරය කරන මිනිස්සුන්ගේ සමහර පුංචි පුංචි දුර්වලකම් එක කාලෙක දී අපිට මහ කරදරයක් වුණත් ඒ දුර්වලකම් මොන තරම් සුන්දර ද කියලා හිතෙන්නේ ඒ මිනිස්සු අපිට අහිමි වුණාමයි. සමහර විට අපිට තරහා යන ඒ සුන්දර දුර්වලකම් දවසක අපිට අපූරු මතකයක් වේවි. ඒ නිසා මම ඔබෙන් ඉල්ලනවා ඔවුන්ගේ පුංචි දුර්වලකම් වලට සමාව දෙන්න. ඒවාට ඉඩ දෙන්න. ඒ දුර්වලකම් සුන්දරව විදින්න. ඔබට මහ පුදුම සැහැල්ලූවක් අවසානෙදි දැනේවී..." කියා ඇය ඇගේ කතාව අවසාන කළා.

ඔබේ සැමියා පිඟාන සෝදන්නේ නැති වෙද්දි, තේ බිව්ව කෝප්පේ තිබ්බ තැනම තියලා යද්දි ඔබට එන කේන්තිය සාධාරණයි. ඒත් කවදාහරි දවසක ඒ කරදරකාරයා ඔබව දාලා යන්නම යන දවසට, හරියට මුලින් මම කිව්ව කතාවේ වගේ ඔබට ඒ දුර්වලකම් හරිම සුන්දර මතකයක් වේවි. හදිසියට කතා කළාට කවදාවත් හෙලෝ කියන්නේ නැති ඔබේ පෙම්වතාගේ අපූරු දුරකථනයට ‘‘කෝල් කළාම කතා කරන්න බැරිද’’ කියලා කේන්තියෙන් අහනවා වෙනුවට ‘‘ෆ්‍රී වුණාම ගන්නවද’’ කියලා අහන්න තරම් ඔබේ මනස දියුණු වුණොත් ඒ බැඳීම් මඟහැරුනත් ඔබට අපුරු මතකයන් ඉතිරි වේවි. ඔහුටත් ඔබ වැනි ඉවසිලිමත් කාන්තාවක් මඟහැරුනු එක ගැන යම් වේදනාවක් දවසක දැනේවි.

ඒවා දුර්වලකම් නෙවෙයි. අවස්ථාවන් පමණයි. අපි ප‍්‍රාර්ථනා කරන සර්ව සාධාරණ ලෝකය අපිට නොලැබුණත් ලැබෙන ලෝකය ඇතුලේ අපිට සතුට හොයාගන්න පුළුවන් නම් සාර්ථක වෙන එක මහ ලොකු රාජකාරියක් නෙවෙයි. හැමදාම කෑ ගහලා රණ්ඩු වෙලා ඔබේ සතුටත් පවුලේ සතුටත් නැති කරගෙන ජීවිතය නීරස කරගන්නවාට වඩා ඒ පුංචි දුර්වලකම් සතුටින් විදීම ඔබේ ජීවිතය සුන්දර කරාවි. හැමදාම කුස්සියට වෙලා තරහට වගේ එකම දේවල් උයනවාට වඩා විවිධ විවිධ කෑම හදමින් සැමියා සතුටින් තියමින් හොඳ බිරිඳක් වෙන්න ඔබට පුළුවන් වෙන්නේ අන්න එතකොටයි.

ගැහැණුකමත් එක්ක උරුම වෙන සමහර දේවල් දුර්වලකම් නෙවෙයි. ඒ දේවල් හරිම සුන්දරයි.... මොකද හැම ගැහැණියක්ම වොන්ඩර් වුමන් කෙනෙක්.. අපි අලුතෙන් හිතමු....

(Wonder Women සගරාවෙන් උපුටා ගැනීමකි)

ටැටූ කෙල්ල ....අටවන අදියර එදා හොදටම හිම වැටෙන දවසක් දෝණි ...ජනවාරි මාසේ මැද හරියේ කියන්නේ සයිප්‍රස් වලට හොදටම සීතල පුතේ....
04/10/2021

ටැටූ කෙල්ල ....

අටවන අදියර

එදා හොදටම හිම වැටෙන දවසක් දෝණි ...ජනවාරි මාසේ මැද හරියේ කියන්නේ සයිප්‍රස් වලට හොදටම සීතල පුතේ....අනේ මට තිබුන එකම ජැකට් එක...ඒක ජැකට් එකක් කිවුවට තද සීතලට ඔරොත්තු දෙන්නේ නෑ මැනික ....

පනයියා මූ මම්මා(මගේ දෙයියනේ අම්මේ)

ඔවු මැනික ඒ වෙද්දී මං දැනන් උන්නේ නෑනේ ඒ රට ගැන විස්තර .....

මං ඒ සර් පස්සෙන් ගිහින් කාර් එකට නැග්ගා...කොහෙට යයිද කොහොම වෙයිද කියන්න මං දන්නේ නෑ පුතේ.....

මගේ අතේ තිබුනේ පොඩි නොකියා පෝන් එකක්....ඒකත් කැඩිලා තිබුනේ පුතේ ....රුපියල් දෙදාහක් ඇති ඒ පොඩි පෝන් එක...මං ගෙදර ඉද්දී ඒකේන් අර ස්නේක් ගේම් එක ගැහැව්වේ ....

මං සයිප්‍රස් ආවා කියලා කියන්න කෝල් කරන්නේ කාටද....අයියට කෝල් කරලා ආයෙමත් මං වදයක් වෙන්නේ කොහොමද ..එයාටත් මාව ප්‍රශ්නයක් වෙලා තියෙද්දි ...කමක්නෑ මං පෝන් එක හීමීට තිබුන හෑන්ඩ් බෑග් එකට දාගත්තා ....දැන් ලංකාවේ සිම් එක කොහොමත් වැඩ කරන්නේ නෑනේ .....

නිහඩතාවය බිදිමින් ඔන්න පුතේ සර්ගේ පෝන් එකට කෝල් එකක් එනවා....

මොනවද මංදා ග්‍රීක් බාසාවෙන් කියවලා මගේ අතට පෝන් එක දුන්නා ...ඒත් මට කවුරු කෝල් කරන්න ද...අනික මේ සර්ගේ පෝන් එකට....

හෙලෝ.....

දූ මං ෂෙරින් ආංටීගේ යාලුවා ...ඔයා ආවා කියලා සර් කිවුවා ...බයවෙන්න එපා ඔයාව ගෙදර එක්කන් යන්නේ ...පරිස්සමෙන් වැඩ කරන්න ...මං පුලුවන් වෙලාවක බලලා යන්න එන්නම්...ඔයාගේ අතේ තමයි තියෙන්නේ දැන් ඉතුරු වැඩටික....මං ෂෙරින්ට කියන්නම් ඔයා කරදරයක් නැතිව ආවා කියලා ...පනිවිඩයක් තිබුනොත් සර්ට කියලා කෝල් එකක් ගන්න ....එයා කියෝගන කියෝගන ගියා....මට මොකුත්ම කියන්න ලැබුනේ නෑ එයා පෝන් එක තිබ්බා .....

මං සර්ට පෝන් එක දීලා කාර් එකේ විදූරු අතරින් අවට බැලුවා ...හරි ලස්සනයි ...රාත්‍රිය නිසාද මංදා අවටින් පෙනුනේ හරි ලස්සනට ......බිල්ඩින් වගේම කඩ සාප්පු රෙස්ටුරන්ට් මැක්ඩොනල්ඩ් අවන්හල් පීසාහාට් එක එක ගොඩනැගිලි ඇස ගැටුනා....හිත සන්සුන් නම් මේවගේ රස විදින්න තිබුනා කියලා මගේ හිත කිවුවා ....

කැතරිනා ආප්ට ටෙන් මිනිට්ස් වී ආ හෝම්.....

සර් කිවුවේ තව විනාඩි දහයෙන් ගෙදර කියලා මට තේරුනා....සර්ට උනත් ඉංග්‍රීසි කතාකරන්න බෑ...වයස හැටක් විතර ඇති....මං හිතුවේ එයාලා ඉන්නේ ටයි කෝට් දාලා කියලා ...අනේ නෑ සර් ඇවිත් හිටියේ අත්දිග ස්වීටර් වර්ගයේ ටී ෂර්ට් එකට ලොකු ජැකට් එකක් දාගෙන අයිස් තොප්පියක් දාගෙන හිටියා ....ඩෙනිම් කලිසමක් ඇදලා ලොකු බූට්ස් සපත්තු දෙකකුත් දාගෙන හිටියේ ..ඒ සීතලට ඔරොත්තු දෙන්න නිසා වෙන්නැති ...කර වටේ රෙද්දක් වගේ ඔතාගෙන හිටියා මට මතකයි ....එහෙම දකිද්දී මං මේ ඇදගෙන හිටියේ මොකක්ද කියලා හිතුනා මැනික .....

මමී කොහොමද සීතල ඉවසුවේ ....

කාර් එක ඇතුලේ හරි රස්නෙයි මැනික ...හීටර් දාන්න ඇති....මට සීතල දැනුනේ නෑ...හිතේ බය නිසා වෙන්නැති .....

පාර දිගේම තිබුන ගමන් මාර්ග සදහන් කරපු බෝඩ් කියවන්න මං ට්‍රයි කලා....ඉන්ග්ලිස් වචන නම් කියෙවුවා ...ඒත් මං දන්නවා අපි යන්නේ නිකෝශියා කියන්න ...මොකද සර් කිව්වේ නිකෝශියා කියලා ....

විනාඩි හතලිස් පහක් යන්න ඇති....සර් කොහොමහරි ඇවිත් නිකෝශියා වලින් අපේ ගමනාන්තය අවසන් කලා....බෝඩ් එකේ නම් තිබුනේ කයිමක්ලි කියලා ....මැක්ඩොනල්ඩ්ස් අවන්හලක් පහුකරගෙන ආවා මතකයි මැනික .....

මමී හෙට අපි මැක් යමු....

කෙල්ලට මේ වෙලාවේ උනුවෙන්ම මැක්ඩොනල්ඩ්ස් කන්න යන්න තිබුනා නම් කියලා හිතෙන්න ඇති....

යමු මැනික ....

හරි ඉතින් කියන්නකෝ.....

ඔන්න කොහොමහරි ඇවිත් සාමාන්‍ය ගෙයක් ඒක...තට්ටු නම් නෑ...තනි තට්ටුව ....කාර් දෙකක් තිබුනා....සර්ගේ කාර් එකයි තුනයි.....හිමීට ලැගේජ් එකත් අරගෙන සර් මට ඉස්සර වෙන්න කියලා ගේට්ටුව ඇරගෙන ඇතුලට ආවා.....

ඉස්සෙල්ලාම දැක්කේ ටිකක් නපුරු පාට ආච්චි කෙනෙක් ...මගේ කකුල් දෙකේ ඉදලා උඩඩම එයා බැලුවා .....

පනයියා මූ පනයියා මූ.....එයා මාව දැකලා එකපාරටම එහෙම කියද්දී මාත් බය උනා.....

(මගේ දෙයියනේ ...මගේ දෙයියනේ )එයා එහෙමයි කියලා තියෙන්නේ ....

බොල්ලී ක්‍රියාදා....(ගොඩාක් සීතල යි) කොහොමද ඔහොම ඉන්නේ ඔයා ලෙඩ වෙයි ඉක්මනින් කාමරේට යන්න ...ඒ මැඩම් එහෙම කිවුවේ කියලා මට තේරුනා ....අනේ සර් මාව වෙනම හදලා තිබුන කාමරේකට එක්කන් ගියා....කාමරේ රස්නේ වෙන්න පොඩි හීටරයක් හරියට අපේ පෑන් එකක් වගේ දාලාතිබුනා....පරන කාමරයක් ඒක....පොඩි ඇදක් කබඩ් එකක්...පුංචි බාත් රූම් එකක්....පොඩි මේසයක් උඩ පුංචි ලිප්දෙකක ගෑස් ලිපක් තිබුනා.....ආ තව පුංචි ශීතකරණයක් එහෙමත් තිබුනා....

දැන් නම් මාව වෙවුලනවා පුතේ....මේ කාමරේ ඇතුලේ මං මේ අසරණ වෙලා කියලා මට හිතුනා.....

ඊට පස්සේ මමී....

ඔන්න දැන් මැඩම් ආවා....එයාට කොහොමත් ඉන්ග්ලිස් බෑ...කොහොම මං එයාව තේරුම් ගන්නද.....මට රෙදි වගයක් අල්මාරියේ දාලා තිබිලා ඒවා නාලා ඇදගෙන උඩට එන්න කිව්වා වගේ තේරුනා.....

දැන් මට මමීගේ කතාව අහන්නම ඕනා යාන්තමින් ඇස් පියවේගන එනවා....

මැනික හෙට අහමු නේද ඉතුරු ටික....දැන් යමු....මමී හිමීට කියන්නම්.....

ඕකේ මමී....කලි නිත්තා(සුබ රාත්‍රියක් )
----===-----=====-----
මට උදවුවක් ඕනේ බං.....මට උදවු කරපන් ආයෙමත් සයිප්‍රස් යන්න ....මට මෙහෙම ඉන්න බෑ
මගේ ජිවිතේ තියෙන්නේ එහේ...ඇයි බං උබටවත් මාව තේරෙන්නේ නැද්ද ....

ඉරාක්ලීස් තේරුම් ගනින් උබ මැරි කරලා ඉන්නේ මගේ නංගිව....අපි දැන් ඉන්නේ බොට්ටුවේ....

ඒත් ඇයි උඹත් තේරුම් ගන්නේ නැත්තේ....දැන් අවුරුදු දහ අටක් මට තාමත් නිදහසේ ඉන්න නෑ...උඹලා හිතන්නේ මං හිතක් පපුවක් නැතිව ඉන්නවා කියලද....

ඒත් මචන් මාවත් තේරුම් ගනින් ....

උඹේ නංගීට මං කවදාවත් ආදරේ කෙරුවේ නෑ....ඒකිත් එහෙම වෙන්නැති ....අපිට ලයිෆ් එකක් තිබ්බද බං.....නන්දියා කියන්නේ
පාඩුවේ ඉන්න කෙල්ලෙක් ...ඒකීට ඕනා කාලා බීලා ලයිෆ් එක එන්ජෝයි කරන්න ..ඒකීට පවුල් ජීවිතයක් කොහෙද බං .......ගායිකාවක් වෙච්ච උබේ නංගී තාමත් ගෙදර හිටියේ කවද්ද බං .....

උබ කියන්නේ ඇත්ත වෙන්නැති ...ඒත් උඹ ඒකීගේ හස්බන්ඩ් නීතියෙන් ....මේ කතාවෙන්නේ කවුද ලමයි ...පුලුවන් නම් ඔයාලා කතාව ගැන කියන් යන්න ...ඔන්න අද කොටස් දෙකක් දුන්නා .....

තවත් වෙනස්කම් ගොඩාක් එකක් අමුතුම කතාවක් වෙයි මේ ටැටූ කෙල්ල .....

කතාව බලන්න මාව Fallow කරන්න

මං නිල්නෙතු තාරකා

ටැටු කෙල්ල හත්වන අදියර එහා මෙහා දගකාරකම් කරනමගේ පුංචි හිත් පොඩියට ඇස්වහක් වැදිලද මේ හැටි  මේනොසන්සුම......කතාකරන ඇස් ආරා...
29/09/2021

ටැටු කෙල්ල

හත්වන අදියර

එහා මෙහා දගකාරකම් කරන
මගේ පුංචි හිත් පොඩියට
ඇස්වහක් වැදිලද මේ හැටි මේ
නොසන්සුම......
කතාකරන ඇස් ආරාධනා කලාදෝ මට
හීන දිගේ යන්න දුරකට.....
තව චුට්ටක් ඉන්නද මං
අපේ අම්මගේ මැනික ලෙසට...

ස්ටෙපනි මිහයිලිඩු 😘😘😘

තරූන් ටිකක් ඉස්සරහ ටේබලය බලපන් . ..අර සුදු උස බෝයි කෙනෙක් ඉන්නේ ඒ කිට්ටුව ....

කෝ බං මොකුත් නෑනේ ....

අනේ මෝඩයෝ උඹ නම් ....ඔවු ඉතින් උඹට ඕවගේ ගානක් නෑ තමයි කෙල්ලෝ දහස්ගනන් ඉන්න ක්ලාස්වල උඹ උන්ගේ සිහින කුමාරයනේ....

මං දැහැමින් සෙමින් මචන් ...තරූන් විහිලුවක් කරන්නේ කොල්ලෝ ටික හිනස්සමින්.....

කෝ දැන් උබ මොකක්ද පෙන්නන්නේ....

අර තඹ පාට කෙල්ල .....

මොකක්.....කෝ බං එහෙම කෙල්ලෙක් ....

නෑ නෑ අර ටැටූ කෙල්ලෙක්.....

මහේෂ් ඒ නම කියද්දී මට මතක් උනේ අලුත් ක්ලාස් එකට ආපු ටැටූ කෙල්ල ...කොල්ලෝ ටික පිස්සුවෙන් වගේ ඒකීට .....

කොල්ලා දැක්කා එයාව.....හිත සැලුනේ නෑ කිවුවොත් බොරු ...ඒ ඇස් ක්ලාස් එකේදී .....

තරූන් .....

ඒ ගර්ල් මං දන්නවා බං ....මගේ ක්ලාස් එකේ.....

අනේ කොල්ලෝ කියන තැනකට වදින්නම්...දැන් මං සීන් එකේ ඉන්නේ මට ඒකී සෙට්කරපන්කෝ ප්ලිස් ....

මහේෂ් ඒ මගේ ගෝලයෙක් ....සර් කියන්නේ කවුද කියලා උබට මං කියන්න ඕනද....

ඒ කියන්නේ උඹට බෑ.....

තේරුම් ගනින් කොල්ලෝ .....

හරි එහෙනම් යමන් ඒ පැත්තට ටිකක් කතාකරන්න ...මං කොහොමහරි සේප් එකක් දාගන්නම්.....

දෙයියනේ මං කොහොමද එහෙම ඒ කෙල්ල ලගට මූව එක්කන් යන්නේ ...අනික ඒ ඉන්නේ එයාගේ අයිතිකාරයා වගේ....මමී එයත් ඇති ...මං එච්චර ස්මාර්ට් විදිහට ඉද්දී ලගට ගිහින් මූට මගේ කෙල්ල සෙට් කරන්නේ කොහොමද ....නෑ එහෙම කරන්න බෑ....මං මගේ හිතට තීරණයක් දුන්නා ....එයා මගේ ක්‍රෂ් එක.....

තරූන් යමන්කෝ .....

උඹ මූත් එක්ක යමන් ....මට බෑ මගේ ගෝලයෙක් ලගට යන්න ....

අඩෝ උඹ එහෙමයි එහෙනම් නේද ....අර බලපන් එයා වටේ ඉන්න උන් කෙල්ල ගිලින්න වගේ...මං මේ දැක්කමයි එච්චර ස්වීට් ඒන්ජල් කෙනෙක් ....

ඇත්තමයි ඒ තඹ පාට කොන්ඩේ ...ස්කින් කලර් එක මික්ස්....ගෝල්ඩන් ....නෑ කියන්න තේරෙන්නේ නෑ...මේ නම් අමුතුම සුන්දරත්වයක්.....

කොල්ලෝ දෙයක් අහන්නද....

මං දන්නවා මුං දෙන්නා දැන් මාව අමාරුවේ දාන්න යන්නේ කියලා ...

ඇත්තමයි උඹට මේ කෙල්ල ගැන හිතුනේ නැද්ද .....

වයි නොට්.....

මට කියන්න හිතුනෙම එහෙම ...කොහොමද මං මුං දෙන්නා ලග එහෙම කියන්නේ ...

කියපන් තරූන් උඹත් සීන් එකේ නේද .....

නෑ කියන්නේ කොහොමද .....

මහේෂයා ඩිනර් ගමුද ....බඩගිනිබං......

මේකා බලපන්කෝ ලිස්සලා ගිය අපූරුව.....

සර් මාව දකින්න ඇති .....සුදු අයියා ඩිනර් අරන් ඉවර නම් ටිකක් ඒ පැත්තට යන්න පුලුවන් ....ඒත් මං සර් ගාවට ගිහින් ....නෑ එක්කෝ ඕන නෑ....

--------===----===------

නිලූ ආංටී මාවයි මමීවයි හොටෙල් එකට දාලා ගියේ ටිකක් වෙලා අපිත් එක්ක කතාකරලා ....

මේ හොටෙල් එකක් කිවුවට සුන්දරව නිමවුනු ලස්සනට ගෙයක් .....මොන හේතුවක් නිසාද මන්දා මං එතනට කැමතියි ....ලංකාවට ආපු දවසේ ඉදලා මෙතනම ඉන්න තිබුනා නම් කියලා හිතුනා....ඒ තරම්ම නිස්කලංකව ඒ නවාතැන තිබුනා.....ඒක බලාගත්තේ මැදිවියේ කාන්තාවක්...පෙනුම නම් රට ඉදලා ආපු කෙනෙක් වගේ.....ඒ ඇරෙන්න එයාගේ මහත්තයා වෙන්නැති ...වැඩට ඉන්න හතර පස් දෙනෙක් ඉන්නවා ...ඊට අමතරව හිටියේ ලස්සන ගර්ල් කෙනෙක් ....

ටිකක් රෑ උනා එන්න ....දුව මෙතනට කැමතියි ඒකයි සතියකට ඇරේන්ජ් කලේ....

මිසිස් කැතරිනා ඔයාලගේ පැමිණීම සතුටක්....ඒ ආංටී සුහදශීලිව අපි පිලිගත්තා ....

ටී කොපී එහෙම ඕන උනොත් කියන්න ....රූම් එකේ පෝන් එක තියෙනවා .....

තැන්කිවු මිසිස් ජනී....

-------=-=--------------

මමී දුකින්ද .....

නෑ මැනික දැන් මමීට ඕවා පුරුදුයි ....

නිදි මත නැත්නම් අපි ටිකක් කතාකරමු මමී....කෙල්ල දැන් ඉන්නේ ජිවිතේ ඇත්ත දැනගන්න වයසේ....ඒත් මං කොහොමද මේ පුංචි හිතට දුකක් එකතු කරන්නේ ...සැහැල්ලුවෙන් හදපු ජිවිතේ දුකින් පුරවන්නේ .....

ගෑනු ලමයෙක් ජිවිතේ දරාගන්න පුරුදු වෙන්න ඕනා තමයි ...ඒත් ස්ටෙපනි තාමත් මට මගේ පොඩි එකී.....

මමී මං ආයෙමත් කැමතියි මමීගේ ජිවිතේ අහන්න ...හැබැයි අඩන්න ඔට්ටු නෑ...මෙතන ඉන්නේ ඔයාගේ දූ....මං අකමැතිම මමීගේ කදුලු දකින්න ....

හරි මං කියන්නම් පුතේ ....ඔයා දැනගන්නම ඕනා....

එදා මං ලංකාවේ එයාර්පෝර්ට් එකෙන් ගියේ ආපහු ලංකාවට එන්නේ නෑ කියලා ....

ඒත් මමී....මේ ඔයාගේ රට...

මට ෂෙරින් ආංටී ඔක්කොම එපා කලා....අයියා දාලා යන්න දුකයි ...ඒත් අයියා හිටියෙත් ෂෙරින් ආංටීගේ පැත්තේ එදා...එයත් මාව සැකකලා මං ෂෙරින්ගේ මල්ලි එක්ක.....

අනේ මමී......

ඔවු මැනික .....මමීට ඕන උනේ ඉක්මනින් යන්න ...ඒත් එක්කම ෂෙරින්ට ඕන උනේ මගෙන් නිදහස් වෙන්න ...එයාට මං ඉන්න එක වදයක් වෙන්නැති ...

මං එදා ලංකාවෙන් ගියේ මට තිබුන එකම රටත් හිතින් අමතක කරලා ...සීයා නැති උනාට පස්සේ මට මොකුත්ම නෑනේ මැනික ...

ඔය ඉතින් මමී අඩනවනේ.....

ආයේ අඩන්න ඇස්වලට කදුලු කොහෙන්ද ....

කොහොමහරි එදා මං ප්ලයිට් එකට නැගලා හූල්ල හූල්ල අඩනවා....ආපහු මං හැරුනේ මට ආයේ මේ මගේ රටේ කවුරුත් නෑනේ කියන දුකින්....

යාන්තමින් ඒ ලෙවල් පාස් කරලා හිටියේ පුතේ...තව දුරටත් උගන්නන්න ෂෙරින් ආංටී අයියට ඉඩ දුන්නේ නෑ....මට ඕන උනෙත් කීයක්හරි හොයාගන්න මොකක්හරි රක්ෂාවක් කරන්න ....ඉතින් මං එදා ලංකාවෙන් ආවා..ඇවිත් ලර්නකා එයාර්පෝර්ට් එකෙන් බැස්සේ ඇස්වල කදුලු ඔක්කොම පිහිදානගමන්.....

නෑ මෙතන ඉදලා මං ආයේ අඩන්නේ නෑ...මං මගේ හිතට පොරොන්දුවක් දුන්නා මැනික ....

මමී එතන ඉදලා ඔයාකොහොමද .....

ඔවු මැනික දැන් මං එයාර්පෝර්ට් එකෙන් බැහැලා තව සයිප්‍රස් එන ආංටීලා දෙන්නෙක් හිටියා ...මං එයාලා පස්සෙන් ගියා...ගිහින් මගේ බෑග් එකත් අරගෙන එතන ඔක්කොම චෙක් කරලා පිටවෙලා යන්න එලියට ආවා...මාව එක්කන් යන්න ටිකක් වයසක සුද්දෙක් ඇවිත් තිබුනා....මගේ නම ගහපු බෝඩ් එකක් එයාගේ අතේ තිබුනා....අනේ මං ගියේ එයා ලගට .....

ඊට පස්සේ මමී.....

ආයෙමත් ඇස්වල කදුලු ...නොදන්න කෙනෙක් ලග මං කොහොමද ජිවිතේ පටන්ගන්නේ...කොහොමහරි ජිවිතේ දිනනවා හිතට හයිය ආවා....

යාසු කොරී..(ආයුබෝවන් කෙල්ලේ ) ඒ සුද්දා එහෙම කියන්න ඇති....මං මොනවා දන්නවද......

මගේ බෑග් එකත් ඒ සුද්දා ගත්තේ මට ඉස්සර වෙන්න කියලා වගේ.....

නෑ මං පස්සෙන් ගියා.....

ආර් යූ ඕකේ...සුද්දා යාන්තමින් එක වචනයක් කිවුවා ....

මං යර්ස් කියලා විතරක් කිව්වා මට මතකයි ....

යුවර් නේම්....සුද්දා මහාලොකු ඉංග්‍රීසි දන්නේ නෑ කියලා තේරුනා .....

ඒත් මං මයි නේම් ඊස් රොෂානා කිවුවා ......

නෝ නෝ....යුආ....කැතරිනා .....සුද්දා එදා මට එහෙමයි ඒ නම තිබ්බේ ......

මං හිනාවෙලා ඕකේ කිව්වා ...

කැතරිනාගේ කතාව අහන්න නම් ලයික් කමෙන්ට්ස් ඕනා....ගොඩාක් කමෙන්ට්ස් තිබුනොත් හවස්වෙලා තව කොටසක් අනිවාර්යයෙන් දෙනවා

මං නිල්නෙතු තාරකා

ටැටු කෙල්ල හයවන අදියර රොෂාන් මේ මගේ දේවල් ....ඔහේටත් ඉන්න බැරිනම් යන්න පුලුවන් ...ෂෙරින් රොෂාන් ලගට එන්නත් කලින් කටින් ග...
28/09/2021

ටැටු කෙල්ල

හයවන අදියර

රොෂාන් මේ මගේ දේවල් ....ඔහේටත් ඉන්න බැරිනම් යන්න පුලුවන් ...ෂෙරින් රොෂාන් ලගට එන්නත් කලින් කටින් ගහලා ඉවරයි ......ඊටත් එහා මේ අයියයි නංගී තවත් මොනවා කියන්න ද....

ෂෙරින් මේ මගේ ඩැඩීගේ දේවල් ...ඔවු උබ බලෙන් අල්ල ගත්තා ....උඹට හෙන ගහනවා යකෝ....රොෂාන් කියන්නේ හිතේ වේදනාවෙන් ....

මමී ....

දුක්වෙන්න එපා....මං මොකුත් හිතන්නේ නෑ....

මැනික ඔයා යන්න උඩට ....අපි ඩිනර් ගන්න එලියට යමු....මං නිලූ ආංටීට කියන්නම් සුදු පුතා එක්ක එන්න කියලා ....

හරි මමී අපි අන්කල්වත් එක්කන් යමුකෝ ....

මං කතාකරන්නම් දූ...ඔයා දැන් යන්න රෙස්ට් කරන්න .....................................................
ගෙදර සීනුව නාද වෙන්නේ ඊලග තත්පරෙත් කැතරිනාට හිත් රිදවීමක්ද.....

නංගී ඉන්න මං බලන්නම්.....

අයියා ....

ෂෙරින් මීට් වෙන්න එන අය තමයි බං එන්නේ මට කවුද ඉන්නේ උඹ මිසක් .....

හෙලෝ පුතා.....කාලෙකින් නේද ....ඒ ඇහෙන්නේ කාලයක් තිස්සේ අහන්න අකමැති වෙලා තිබුන කටහඩක් ...ගමේ ඉන්න ලොකුකමින් අහංකාරකමින් ඉන්න මහින්ද මුදලාලි ...ඉස්සරත් මං කැමති නෑ...දැන් කියලත් එහෙම තමයි කැතරිනා කල්පනා කරන්නේ මේ ආවේ ඇයි කියලා ....

එන්න අන්කල් .....

කෝ පුතා ෂෙරින් දූ.....මං පනිවිඩයක් කිව්වා දුව කියන්න ඇතිනේ....

නෑ අන්කල් එයාට අමතක වෙන්න ඇති ...ඉන්න මං කතාකරන්නම්.....

නෑ නෑ මං ආවේ ඔයාවයි නංගිවයි මීට් වෙන්න ....

පොඩ්ඩියේ වරෙන්කෝ ටිකක් ....අයියා මට කතාකෙරුවේ ඉස්සර විදිහටමයි....

අප්පච්චීගේ එකම දූ රොෂානා විජේවර්ධන එකම අයියා රොෂාන් විජේවර්ධනගේ නංගී ....දැන් කැතරිනා වෙලා ...ඔක්කොටම පුදුම ඇති...ඒත් පුදුම වෙන්න දේකුත් නෑ...

අයියා මං දැන් දූ එක්ක ටිකක් එලියට යනවා...මං ඒ මිනිහට කතාකරන්න කැමති නැති නිසාම ඇතුලේ ඉදලා කෑගැහැවුවා ....

ටිකක් වරෙන් පොඩ්ඩියේ ....

ආ...නංගී එන්න අර මං කිවුවේ මහින්ද අන්කල් එයා ඇවිත් ඉන්නේ ...ෂෙරින් ආවේ හරි කලබලෙන් වගේ....

නංගී යං එන්නකෝ....

අක්කා යමු මං එන්නම්.....

ෂෙරින් මෙච්චර ඉක්මනට වෙනස් වෙන්නේ කොහොමද ...එහෙම පුලුවන් ද....

ආ....මේ ඉන්නේ දුව.....අම්මෝ අවුරුදු විස්සක් විතර දැක්කේ නෑනේ දුවව....

ඔවු අන්කල් මං ලංකාවට ආවේ මේ දුවගේ ස්ටඩීස් වලට...හරි ඉක්මනින් අපි ආපහු යන්න ආවේ...කැතරිනා කිව්වේ ඔහු ආව හේතුවක් ඇත්නම් ඒක වලක්වන්න ....

ඔය කිවුවට නංගී යන්නේ නෑ අන්කල් ...එයා මෙහේ ඉන්නවා ...ගියා කියලා මොනවා කරන්න ද......

වට්....

ස්ටෙපනි ඔයා උඩට යන්න ..මෙතන ලොකු අයගේ කතාවක්....

ආංටී මේ මෙතන ඉන්නේ මගේ මමී ඉතින් මාත් මමී ලගින් ඉන්න ඕනා....ඔවු මමී කිවුවා වගේ අපී ආයෙමත් යනවා...මගේ ඩැඩී ඉන්නේ එහේ....ඉතින් අපිට එහේ යන්නම වෙනවා....නේද මමී....

හරි මැනික ඔයා ලෑස්ති වෙන්න අපි දැන් යනවා.....

මමී ලේට් නොවී එන්න ....

හරි ඩාලින් .....

අන්කල් ආවේ....මං කතානොකර බැරි නිසා ඇහැව්වා ....

පොඩ්ඩියේ මගේ ඔලුව රිදෙනවා බං මං යනවා උඹ පරිස්සමෙන් ...අයියා යන්න ගියේ එයාට මේ මිනිහා එක්ක කතාකරන්න උවමනාවක් නෑ වගේ.....

මාත් යනවා අක්කා ....මං නැගිටලා යන්න හැදුවා ඒත් ෂෙරින් මට යන්න දුන්නේ නෑ....

අන්කල් මෙයා මේ යාලුවෙක් එක්ක ඩිනර් අවුට් යන්න ලෑස්ති වෙලානේ ...ඒකයි හදිස්සිය මේ....

ඒත් අපිට කතාකරන්න මොකුත් නෑ නේද අන්කල් ....

දුව කතාකරන්න දෙයක් තියෙනවා ...ඒකමයි මං ආවේ....ඔහොම වාඩිවෙන්න ටිකක් ....

මේ මාත් එක්ක ....

දුව මං කෙලින්ම කතාකරන්නම්...ෂෙරින්ට නම් කියලා තියෙනවා මං මේගැන....

ඒත් අක්කා මොකුත්ම කිවුවේ නෑ අන්කල් ...හරි කියන්නකෝ...

අපේ පුතා තාමත් දුව ගැන බලාගෙන ඉන්නවා ....ඉස්සර මං ඔයාගේ ඩැඩීට නම් කියලා තිබුනේ ...ඒත් ඩැඩීට ඒවා ඔයාට කියන්න වෙලාවක් ආවේ නෑ...අනික ඔයා දිහෑ බලාගෙන එයා හිටියා ඒත් ඔයා එකපාරටම ලංකාවෙන් ගියා ...

ඉතින් අන්කල් එයා මැරි කරා නේද .....

ඒ මගේ කරදරේ නිසා රොෂානා....

අන්කල් දැන් කොහොමද කියන්නේ එයාට මාව මැරි කරන්න කියලා ......

දැන් එයා ඩිවොස් වෙලා .....අවුරුදු ගානක්....ඔයත් ඉන්නේ තනියම ....ආයෙමත් ඔයාට ජිවිතේ ගොඩයන්න නම් මේකට උත්තරයක් දෙන්න ...දුව ගැන හිතන්න එපා එයා දැන් ලොකුයි....අපිට ඒක ප්‍රශ්නයක් නෙවෙයි ....

අන්කල් මං මගේ මහත්තයා ලගට යනවා....දුවට එයාගේ ඩැඩී ඉන්නවා ....ඔවු රත්තරං මනුස්සයෙක් මං වෙනුවෙන් ඉන්නවා .....

නංගී පිස්සු කියෝනවා අන්කල් ...මං හිමීට තේරුම් කරලා දෙන්නම්...අන්කල් ඉන්නකෝ...

ෂෙරින් එහෙනම් ඔයා බලලා තීරණයක් දෙන්න ...නැත්නම් පස්සේ ඔයාලටම දුක්වෙන්න වෙයි.....

නෑ අන්කල් මගේ තීරණයේ වෙනසක් නෑ ඔයා ආයේ එන්න එපා....

රොෂානා දැන් කලබල නොවී උඩට යනවා....මෙතන ප්‍රශ්න ඇති නොකර ....

අක්කා ඔයත් මතක තියාගන්න මං ගැන තීරණ ගන්නේ මම මිසක් ඔයා නෙවෙයි ....මං ඉවසලා බැරිම තැන එහෙම කියාගෙන නැගිටලා යන්න ගියා .....

-----===--===----====--
මමී .....

මැනික ....

අපි දෙන්නා අද ෂෙරින් ආංටීලාගේ ගෙදර නොයා ඉමු....
ඩිනර් අරන් අපි අර එදා නැවතුනේ ලංකාවට ආපු දා....එහෙට යමුද .....

හරි මැනික මාත් කැමතියි ටිකක් නිදහසේ ඉන්න ....එහෙනම් අපි සතියකට යමු...ඉන්න මං කෝල් කරලා ඇරේන්ජ් කරන්නම්....ඔයාට ටිකක් නිදහසේ ඉන්න පුලුවන් නේ....

එෆ් කරිස්තෝ මම්මා(ගොඩාක් ස්තූතියි අම්මා )

ඒ සැනසීම මං දූගේ මූනෙන් දැක්කා .....

එහෙනම් පුතේ ඇදුම් ලෑස්ති කරගන්න ...දැන් නිලූ ආංටී එයි...එයාට කියලම අපි හොටෙල් එකට දාගමු....

-----------------------

තරූන්......

මං ඒ හඩට හැරුනේ ඉබේටම වගේ.....

අපිට පිටිපස්සෙන්ම ඒ හඩ ඇහුනා.....

තරූන් වරෙන්කෝ බං මොනාද ඕඩර් කරන්නේ .....

කෝ කවුරුත් නෑ....මං වට පිට බැලුවා .....

ස්ටෙපනි .....

සුදු අයියා .....

මොනාද අනේ හොයන්නේ .....

නෑ මේ නිකන් බැලුවේ .....

මොනවද ඩිනර් ගන්න කැමති ...ඉන්දියන් රෙස්ටුරන්ට් එකකට ඩිනර් ගන්න යමු කිවුවේ නිලූ ආංටී .....මමී නම් ඕන දෙයක්ඔට්ටුයි .....මට නම් පීසා කෑල්ලකුත් ඇති...ගෙදර බෝරින් නිසා ආව මිසක් මට ඕනි උනේ මමීගේ හිත හදන්න ....

මොනාද ස්ටෙපනි අද විෂේස ඕන.....

හ්ම්....නාසිගුරන්....තව....මං ඔහේ කටට ආවට කියාගෙන මිසක් ඩිනර් ගන්න තරම් මානසික මට්ටමක මායි මමීයි හිටියේ නෑ.....

කැතරිනා මොකක්හරි අවුලකද ඩාලින්......

නිලු.....සයිප්‍රස් ඉදලා අපිත් එක්කම වගෙයි ලංකාවට ආවේ...මහලොකු යාලුකමක් නැතත් සුදුපුතා දූගේ යාලුවා ...ඒ නිසාම තමයි තාමත් මේ යාලුකම ....

නිලූ ඉක්මනින් අපේ ගෙදරට යන්න ඕනා....ෂෙරින් එක්ක ඉදලා ප්‍රශ්න දාගන්න බෑ.....

අනේ බං මං කොච්චර නම් කිවුවද අපේ ගෙදර ඉමු කියලා ....ගෙදර වැඩ ඉවර වෙනකම් අපිත් එක්ක ඉන්න පුලුවන් හෙටම වරෙන් .....

ලබන සතිය වෙද්දී පුලුවන් වෙයි කෙල්ලේ අලුත් ගෙදරට යන්න ...ඒත් අයියා දාලා යන්න බෑ...එයා ඉන්නේ සතුටින් නෙවෙයි බං මං හිතන්නේ ....

ඔය ෂෙරින් ගැන මං දන්නේ පොඩිකාලේ ඉදලා ...උබලගේ ඩැඩී රැවටුනානේ...අපරාදේ අයියා .....

හ්ම්......

තරූන් අර අතනට යමුකෝ ....

ආයෙමත් ඒ නම.....

සර් එයා කොහෙද මෙහේ....මටත් පිස්සු සර් සර්....එයාට විතරද තරූන් කියලා නම් තියෙන්නේ .....

මං ආයෙමත් හැරුනා.....

ඔවු ඒ සර් තමයි .....

ඒත් මං කොහොමද කතාකරන්නේ ......

මං එයාගේ ගෝලයෙක් ....සර් කියන්නේ මගේ ගුරුවරයා....ඒත් මේ වෙලාවේ නාසිගුරන් රෙස්ටුරන්ට් එකේ එයා....

බලමු තරූන් ටැටු කෙල්ල දකීවිද කියලා ....හෙට කොටස කියවන්නම වෙනවා ලමයි ....

තවත් කොටසකින් හමුවෙමු ...ඊටත් කලින් ලියන්නම දෙයක් තියෙනවා ...කෙනෙක් ඉන්බොක්ස් ඇවිත් කියනවා මේ ටැටු කෙල්ල නමින් තවත් කතාවක් තියෙනවලු....ඔයාට ප්‍රශ්න එයිලු ඒ නිසා...හරි එක නමින් කතා තියෙන්න බැරිද....අද කතාවට සාදාරනයක් මං අතින් උනේ නෑ ඔය හේතුව නිසා...මට ලියන්න එපා උනා...ඒත් කතාවට ආදරේ අය නිසා ලිවුවා ...ඔයාලම කියන්න මේ කතාවට මං සාදාරනයක් කරන්නේ නැද්ද ...මං ලියන්නේ කාගෙන්වත් කොපි කරලවත් එක දශමයක් දේ හොරකම් කරලවත් නෙවෙයි ...මං එක්ක ඉන්න අය දන්නවා මං ලියන රටාව...ඔයාලට බාරයි තීරණය ...එපාම උනොත් නොලියා ඉන්නවා....බුදුසරණයි

මං නිල්නෙතු තාරකා

ටැටු කෙල්ල පස්වන අදියර හායි ඒන්ජල් ....අපිත් ඔය කන ඒවා කනවා නේද මචන් රිෂී ....සදරු මගේ අතින් පොප්ක්‍රෝන් එක උදුර ගත්තේ  ...
24/09/2021

ටැටු කෙල්ල

පස්වන අදියර

හායි ඒන්ජල් ....අපිත් ඔය කන ඒවා කනවා නේද මචන් රිෂී ....සදරු මගේ අතින් පොප්ක්‍රෝන් එක උදුර ගත්තේ රිෂීට ඇහැක් ඉගිමරමින් ....කොල්ලා හිටියේ පුදුමයෙන් ....මේ වෙලාවෙ ග්‍රීන් ගාඩ්න් පාක් එකේ මාව දකිද්දී ඒ ඇස් පුදුම ව්න්නැති...ඊටත් වැඩියෙන් මං ....අපේ ක්ලාස් එකේ කෙල්ලන්ගේ සිහින කුමාරයා.....ටානියා උනත් ඉන්නේ කොල්ලට ඇහැගහගෙනමයි .....

කොහෙද මේ වෙලාවේ තනියම මේ ඇවිදින්නේ......රිෂීගේ මුනේ තිබුනේ එහෙම ඉරියවුවක්....

මං හිනාවුනා......කොල්ලට අහන්න ඕන උනේ ඒ ටික කියලා මං දන්නවා ....

ඔයාලා කොහෙද මෙහේ....

මේ සදරූ එකක් ආවා නංගී ....ඒත් ඔයා තනියම ....

දන්නවා එයාට අහන්න උනේ ඒක....

මං ගොඩාක් දවස්වලට මෙහෙම එනවා රිෂී අයියා ...මං ආසම මෙහෙම සැහැල්ලුවෙන් ඉන්න ...

ඒත් ලමයෝ ...ලස්සන ගෑනු ලමයෙක් ඔහොම තනියම ඇවිදින්න යනවද....අනික මේ පාක් එකේ....බලන්න කොව්චර නිදහස් උනත් තනියම එනවට නම් ....කොල්ලා කිවුවේ එච්චරයි ....

නංගී තව පොප්ක්‍රෝන් එකක් කමුද ...මේ මේක ඉවරයි හලෝ...දඩබ්බරයෝ ටික ඒකට වැඩේ දීලා ....

කමක්නෑ අයියා මං යද්දී එකක් අරගෙනම තමයි යන්නේ ...රෑට පාඩම් කරද්දී මට මොනවාහරි හපන්න ඕනා...එහෙමයි පාඩම් මතක හිටින්නේ....

කෙල්ල හරි අහිංසකයි කියලා කොල්ලගේ යාලුවෝ ටිකත් තේරුම් ගන්නවා....

ටැටු කෙල්ල නරකමත් නැ නේද බං....එකෙක් කනට කරලා කියනවා කෙල්ලට මේවා ඇහෙනවා....ඒත් මං ඒ නමට කැමතියි ....

නංගී මේ ටැටු එක ලස්සනයි ....

එකෙක් කෙල්ලට කියනවා....

තැන්ක්ස් අයියා .....

මේ කොල්ලෙක් වෙලත් අපේ අම්මා එක්ක බෑනේ ආසාවට ටැටු එකක් ගහන්න ...ඒත් ඇත්ත කතාව ඊට වඩා වෙනස් හරිද මචන්ලා ....

කෙල්ලට දැන් අහගන්න ඕනා මොකක්ද මෙයාගේ ඇත්ත කතාව කියලා ....

මිලානයා මොකක්ද ඉතින් ඇත්ත කතාව ...

මේකයි සදරුවෝ මං බයයි බං ටැටු ගහලා රිද්දගන්න ....කොල්ලෝ ටික ඔක්කොම හිනාඋනා....

නැතුව මේ උබ අම්මට බයේ නෙවෙයිද ....

පිස්සු ද බං සල්ලි දීලා රිදවගන්නේ මොකටද ....මේ නංගී ඔයාට රිදුනේ නැද්ද හලෝ...අම්මා බැන්නේ නැද්ද ....

අයියා ටැටු කියන්නේ කලාවක්...විලාසිතාවක් ....මේ මගේ විදිහ....ලංකාවේ මිනිස්සු හිතන විදිහයි වෙනස්....

එතකොට ඔයා.....

ඔවු සදරු අයියා මං ලංකාවේ නෙවෙයි ඉපදුනේ ...මං යුනිවර්සිටි ඉන්නේ එහේ...ඒත් අම්මා ලංකාවට ආවා හදිසියේ ...මේ මෑතකදී තමයි අපි සයිප්‍රස් ඉදලා ආවේ....

ඕ....හෝ....ඒකයි මේ මෙයා සුද්දියෙක් වගේ ඉන්නේ ....

රිෂී උබලා දෙන්නා එහෙනම් ඔහොම හිටපන්කෝ ....අපි ගිහින් කන්න මොකුත් අරන් එන්නද...සදරූට ඕනා උනේ අපි දෙන්නා තනිකරලා යන්න ...ඒත් මං ආසයි මේ දගකාරයා එක්ක කතාකරන්න .....

ඉතින් ඒන්ජල් .....

කොල්ලා එහෙමයි ...කතාකරන්නේ ඒන්ජල් කියලා ...කෙල්ල ආසයි එහෙම ...ඇත්තමයි කෙල්ල ඒන්ජල් කෙනෙක් තමයි ....

මං කතාකෙරුවට කමක්නැද්ද නංගී .....

අනේ මං කොච්චර කැමතිද කතාකරන්න මට එහෙම කියන්න පුලුවන් උනානම් ....

වාවු ස්වීට් .....

දගකාර කොල්ලෝ රෑනක් එතනින් ගියේ එහෙම කියාගෙන...හැබැයි රිෂී නම් ටිකක් කලබල වෙලා මාව ලගට ඇදලා ගත්තේ කොල්ලෝ ටුක මාව අරන් යයි වගේ....

ඔය පේනවනේ නංගී ...මං හිටියේ නැත්නම් ඔයාට මේ කොල්ලෝ මොනවා නොකියයිද....අනික ඔයා තනියම ...

එහෙම උනා නම් මං මගේ පාඩුවේ ඉන්නවා අයියා ...වෙනදටත් ඕන තරම් අය මට විහිලු කරන් යනවා...මං මේ බුක් එක රීඩ් කරන්න ගත්තාම ආයේ ඔලුව උස්සන්නේ ඒක බාගයක් ඉවර කරලා ...යාන්තමින් ඉර බැහැගෙන යද්දී මං හිමීට ගෙදර යන්නේ මමී දන්නවා මං එන ටයිම් එක....කාගෙන්වත් කරදරයක් නෑ අපි අපේ පාඩුවේ නම් .....

කෙල්ල හිතුවට වඩා දියුණුයි කියන්න මේ කතාකරපු විනාඩි ගානට කොල්ලට දැනුනා ....

ෂෙරින් ආංටී .....

කෙල්ල දැක්කා ඈතින් එන ෂෙරින් ආංටිවයි එයාගේ යාලුවෝ වෙන්නැති අනිත් අය...ඒත් දැන් මෙතන මොනවා කියයිද .....

ස්ටෙපනි .....

ආංටී .....

මෙතන මොකද.....

මං ඉතින් හැමදාමත් එනවනේ ආංටී ....මේ මගේ යාලුවෙක් ක්ලාස් එකේ ....

රිෂී මේ මගේ ආංටී ෂෙරින් ....

හෙලෝ ආංටී ...කොල්ලා කතාකෙරුවත් ෂෙරින් ගානකට ගත්තේ නෑ....

කවුද ෂෙරින් මේ ස්වීට් ඒන්ජල් ....

ඒ ආංටී නම් මං දිහෑ බැලුවේ උඩ ඉදලා පහලට වගේ....

රොෂාන්ගේ නංගිගේ දූ නීෂා....

වට්.....

යර්ස් හර් ඩෝටර්....

හවු.....

දැන් අහන්න යන ප්‍රශ්න මොනවද කියලා කෙල්ලට තේරෙනවා ...ෂෙරින් ආංටී කොහොමද උත්තර දෙන්නේ කියලා දැනගන්න මට ආසාවක් ආවා....

ඔවු නිෂා එයා ස්ටඩි වලට ලංකාවෙන් ගියානේ ඒ දවස්වල ..එහෙදි මැරිකරානේ...යං මං යනගමන් කියන්නම්කෝ...ෂෙරින් ආංටී ලස්සනට උත්තරේ ගොතාගත්තා...

ප්ලීස් ගෝ හෝම් ඩාලින් නවු...ෂෙරින් ආංටී එහෙම කියාගෙන යන්න ගියේ රිෂී දිහාවත් නොබලා....

ඒ ආංටී දැන් ....මටත් වැඩිය රිෂී හිටියේ කලබලෙන් ....

මේ වගේ බෝයිස්ලා එහෙදි ඕන තරම් මගේ යාලුවෝ ...ඒත් මගේ මමී දන්නවා එයාගේ දුව කවුද කියන්න ...ඒක නිසා අයියා කලබල වෙන්න එපා....

කෙල්ල සැහැල්ලුවෙන් කියනවා...ඒත් කොල්ලට බයයි තමන් නිසා ප්‍රශ්නයක් උනාද කියලා....

කෙල්ල එක්ක දිගටම කතාකරන්න ඒ ඇස් බලකරනවා...ඒ හිත දැනගන්න කොල්ලට ආසයි....

ඒත් මේ අද ඒකට දවස නෙවෙයි ...මෙච්චර ලං උන කෙල්ල එකපාරටම නැතිවෙලා යයි කියලා කොල්ලට බයයි ....

------------------------

නංගියේ .....

ටිකක් කතාකරන්න ඕනා බං ..ඒත් මේ අයියට නිදහසේ කතාකරන්න පුලුවන් වෙන්නේ අර ගෑනි ගෙදර නැති වෙලාවට විතරනේ.....

මං දන්නවා අයියා ඒත් දැන් අයියා පහුගිය දේවල් හිතලා දුක්වින්දා ඇති...දැන්වත් සැනසීමේ ඉන්න ...මං දැන් පිලිවෙලට ඉන්නවනේ...මට දැන් දුව ඉන්නවා ...ඒ ඇති අයියා ..තවත් මොකුත් හිතන්නේ නෑ....

නංගියේ උබ ගියා ගියාමයි මේ අයියා උබට මොකද උනේ කියලා බැලුවද...ඒත් උබ එහෙමද ....උබ මං ගැන හොයලා බැලුවා උබේ දුක හන්ගන් ....උබත් මාව අතහැරලා හිටියා නම් මට දුකක් නෑ....ඒත් මට දුක උබ එහෙම කෙරුවේ නෑනේ ....

අයියා කොහෙද ගියේ මේ ටිකට....

මං දැන් මේ බීමට ඇබ්බැහි වෙලා බං ...මෙහෙම නැතිව මේ ගෙදර ඉන්න බෑ නංගී ....

අපේ ගෙදර සතුට නැති උනාට පස්සේ කොහොම හිටියත් මොකද බං .....

අයියා දැන් මං ඉන්නවා ඔයාට ... කාත් කවුරුත් නැති විදිහට ඔහොම කියවන්න එපා....

නංගියේ කියපන් උබට මේ අයියාගෙන් මොනාද වෙන්න ඕනා....උබ ඉල්ලන්නේ මොනාද මං කොහොමහරි උබට ඉල්ලන දේ දෙනවා....ඒත් ඒත් මට බැරි උනානේ.....

අයියා නංගීට ඔයා ඉන්නවනේ මෙහෙම අසරණ උනාම මං කොහොමද අයියා අඩන්නේ නැතිව ඉන්නේ .....

මමී කෝ ඔයා.....

කොරි මූ......(මගේ දූ) ඉමේ කුසීනා මසී තියෝස් සූ එල්ලා මේසා(මං කුස්සියේ ඉන්නේ ඔයාගේ අන්කල් ඉන්නවා එන්න ඔයත් ඇතුලට )

මමී....

මැනික ආවද...අන්කල් ඔයාට පේර ගේනවා අර අර ගොඩාක් ගෙනාවා.....

අන්කල් අනේ තැන්කිවු .....

මගේ මැනික මොනාද ඕනා අන්කල් ගෙනත් දෙනවා...ඔයා මගේ රොස මලනේ.....

ඔවු ඔවු මේ රෝස මල් කරන ඒවා බලන්න අර ගාඩ්න් එකට ගියා නම් .....

මේ ගෑනිට පිස්සුද නංගී .....

රොෂාන් ෂටප්.....

මෙතන අම්මලා දුවලා නාඩගම් නටනවා මගේ යාලුවන්ට මං මොනාද කියන්නේ ....

මොනාද ෂෙරින් ආංට් ඔයා මේ නිතරම කියවන්නේ ....මං හැමදාමත් නිහඩ වෙලා හිටියා ..ඒත් තවත් මමීට මොකුත්ම කියන්න දෙන්න බෑ....

කියවන්නේ නේද එහෙනම් අහනවා රොෂාන් මේ දෝනියැන්දා පාක් අස්සේ කොල්ලෝ එක්ක කියොනවා....ලැජ්ජයි මට

ෂෙරින් නවත්තනවා ඕක.....රොෂාන්ට ඉවසන්න බැරිව යන්නැති ....එහෙම්මම නැගිටලා ආවේ ෂෙරින් ලගට ...

අයියා .....

නංගී කටවහන් ඉන්නවා මං අද මෙයත් එක්ක විසදගන්නම්....

ඊලග කොටසින් බලමු මොකද වෙන්නේ කියලා ....

කතාවට සාදාරනයක් වෙන්න නම් කතාව ගැන අදහසක් ලියන් යන්න ...බුදුසරණයි

මං නිල්නෙතු තාරකා

ටැටු කෙල්ල හතරවන අදියර මමී ආයේ අඩන්න එපා....මං ආයෙමත් හිත රිද්දන්නේ නෑ ප්‍රොමිස් මමී.....නෑ මැනික මං ඔයාව මේ තරම් ලස්සනට...
20/09/2021

ටැටු කෙල්ල

හතරවන අදියර

මමී ආයේ අඩන්න එපා....මං ආයෙමත් හිත රිද්දන්නේ නෑ ප්‍රොමිස් මමී.....

නෑ මැනික මං ඔයාව මේ තරම් ලස්සනට හැදුවේ කොහොමද කියලා හිමීට කියන්නම්... ඔයා දැන් දැනගන්නම ඕනා....

දෝණි එන්න මං මේ ඔයාට බූන්දි ගේනාවා....

මමී අන්කල් ඇවිත් මට රයිස් එපා....ප්ලීස් අයිස් කොපි එකක් හදලා දෙන්න බූන්දි කන්න ඕනා....

කෙල්ල කැමති එහෙම කන්න ...එහෙදි උනත් හදලා දුන්න සැන්විච් පෙත්ත කාලා පාඩුවේ ඉන්නවා ...දූ වදයක් දුන්නේ නෑ....

හරි එහෙනම් පස්සේ කමු....මං හදලා දෙන්නම් අයිස්කොපි එක....

නංගී ඔය දරුවට ඕවා දීලා ලෙඩ හදවන්න එපා....ෂෙරින් ආවේ එහෙම කියාගෙන ....

ඒ එයා පුරුදු වෙලා ඉන්න හැටිනේ අක්කේ....

ඒ පුරුදු මෙහේ කරන්න ගියොත් ඔයාට සල්ලි ලොරියක් තිබුනත් මදි වෙයි...ෂෙරින් තාමත් ඉන්නේ කැතරිනා එක්ක ඊරිසියාවෙන් ....

අක්කා මං එයාට ඕන කරන ඔක්කොම අරන් ආවා...බැරිම උනොත් අපි ආපහු යනවා...දුව ඉපදුනේ එහෙනේ...එයාට එහේ ඉන්න පුලුවන් ....

අප්පෙක් නැතිව හැමදාමත් අනුන්ගේ රටවල්වල ඉන්න බෑනේ නංගී ....

ඒ කතාවට නම් කැතරිනාගේ හිත රිදුනා....

ෂෙරින් .....

රොෂාන් කෑ ගැහැව්වේ කියපු කතාව ඇහුන නිසා....

මං කියන්නේ ඇත්ත රොෂාන් ...නංගිට තාමත් තේරුම් ගන්න බෑ ඇත්ත....

එයාට දැන් ඕවා තේරුම් කරන්න එයා පොඩි දරුවෙක් නෙවෙයි අවුරුදු හතලිහක අම්මා කෙනෙක් ෂෙරින් ....

ෂෙරින් ගස්සගෙන ගෙට ගියේ කැතරිනාගේ ඇස්වල කදුලු පිරෙද්දී ....

නංගී අයියට සමාවෙයන් බං....උඹට ලංකාවට ඇවිත්වත් සැනසීමක් නෑ නේද .....

අපි දෙන්නා ඉක්මනින් යන්නම් අයියා ....මං නිසා අයියා අක්කා එක්ක රන්ඩු වෙන්න එපා....

ගෙවුනු අවුරුදු ගානම ගෙවුනේ සතුටින් නෙවෙයි නංගී ...මට උබව හරියට මතක් උනා...ඒත් ඇත්ත තේරුම් යද්දී අපි ඔක්කොම පරක්කු වැඩි වෙලා...
උඹට ඔහොම උනෙත් මං නිසා...මේ අයියට බැරි උනානේ උඹ බලාගන්න ...උඹ ලස්සනට හිටියා ....මං තමයි උඹට මේ අපරාදේ කලේ අර ගෑනිත් එක්ක එකතුවෙලා ...

අයියා දැන් අපි ඒවා අමතක කරමු....

කොහොම අමතක කරන්න ද නංගියේ උඹ ලංකාවේ එයාර්පෝට් එකට දාලා එදා මං ගෙදර ආවේ හොදටම බීලා...ඊට පස්සේ ගෙවුන හැම දවසක්ම මං ගෙවුවේ එහෙම ....ඇත්තමයි නංගියේ ....

ෂෙරින් කියන්නේ අපිව රවටලා මේ දේවල් ලියාගන්න ආපු ගෑනියෙක් ...අපේ ඩැඩීගේ කීමට කැමති උනා මිසක් මං මේ කැමැත්තෙන් ඉන්නවා නෙවෙයි නංගී ....

අයියා දැන් ගිය දේවල් ගියා...අක්කා එක්ක සතුටින් ඉන්න හෙට අනිද්දා අපි අලුත් ගෙදරට යනවනේ....

මං අර ගුනවතී නැන්දට කිව්වා නංගී උබ ලගට යන්න කියලා ...එයා කැමතියි ඔයාලගේ වැඩක් කරගෙන ගෙදර නවතින්න ....එහෙම උනොත් මාත් එනවා උබ ලගට ....

අනේ අයියා .....

ඔවු බං මේ ජිවිතේ මට දැන් මහන්සියි ....අනික ෂෙරින් උනත් අකමැති වෙන එකක් නෑ....

ඒ කිවුවේ අයියා ....

එයා කියන්නේ අපිට දරුවෝ නැත්තේ මගේ වරදක් කියලා ...ඒකට එයා ඉන්නේ කේන්තියෙන් ....

අයියා .....

ඔවු බං නංගී මං මේවා කියාගන්න කෙනෙක් නැතිව විදෝනවා ....

ඩොක්ට කෙනෙක් බැලුවේ නැද්ද ....

ගියා බං නොකරපු දෙයක් නෑ..හැබැයි ඩොක්ට නම් කිවුවේ නෑ මට එහෙම ප්‍රශ්නයක් කියලා ....

එහෙනම් කොහොමද අක්කා එහෙම කියන්නේ ....

එයා ඉතින් ඔහේ කියන්න ඕන දේ කියලා දානවනේ.....

අයියා ඉන්නේ කොච්චර දුකින්ද කියලා කැතරිනා දන්නවා ...ඒත් එයාලගේ ප්‍රශ්න වලට මැදිහත් වෙලා බෑ....එදා මේ ගෙදරින් ගියේ ආයේ කවදාවත් මෙහේ එන්නේ නෑ කියලා ...ඒත් සහෝදරයා අමතක කරන්න පුලුවන් ද....

මමී......

මැනික .....

මං ටිකක් ඇවිදින්න යනවා....කැන් යු කම් විත් මී....

නෝ ඩාලින් ටේක් කෙයාර් ....

ලවු යූ මමී ....එච්චරයි මං ඒ දෙන්නගේ කතාවට බාදාවක් උනේ නෑ....

අන්කල් බායි.....

ඔය පේනවානේ ඔහේ ආගිය අතේ ගෑනු ලමයි යවනවා....

ෂෙරින් ප්ලීස් එයාලට පාඩුවේ ඉන්න දෙන්න .....

රොෂාන් මෙහේ මිනිස්සු අහන ඒවට උත්තර බදින්න ඕනා මං ...

අක්කා කලබල වෙන්න එපා දුව කොහොමත් පරිස්සමෙන් ඉන්න දන්නවා ...ඒකයි මං එයාට නිදහසේ ඉන්න දීලා තියෙන්නේ ...එයා යන්නේ අර පාක් එකට ඇවිදින්න ...නැත්නම් එහා පැත්තේ ලයිබ්‍රියට...

රොෂාන් මෙයා ගැන මොනාද කතාකරන්න මහින්ද අන්කල් එනවා කිව්වා ...ඔයා ඉන්න වෙලාවක එන්නම් කියලා තමයි කිවුවේ ....

මොකක්ද අක්කා මං ගැන එයාලට තියෙන කතාවක් ...ඉස්සරත් කතාවක් අපිට එයාලා එක්ක නෑ....දැනුත් එහෙම ඕන නෑනේ අයියා ....

නංගී දරුවෙක් එක්ක අනික ඇහැට කනට පේන දරුවෙක් එක්ක ඔයාට තනියම ජීවත් වෙන්න අමාරුයි ....

අක්කා දුවගේ තාත්තා එනවා කවදාහරි ...මං බලාගෙන ඉන්නවා ....

ඔය සුද්දෝ එන්නේ නෑ ලංකාවට උබ හොයාගෙන ....දැන් මෙන්න මෙහෙට වෙලා වෙන දෙයක් බලාගෙන කෙල්ල ගැනත් කල්පනාවෙන් ඉන්න ...හීන මවන්නේ නැතිව ...

ෂෙරින් කටවහන් ඉන්නවා ....මං කිව්වා නංගිට පාඩුවේ ඉන්න දෙන්න කියලා ....

අයියලා නංගිලා තාමත් ඉන්නේ හීන ලෝකවල...ඒකනේ මේ කරුමේ තාමත්...ආයෙමත් ෂෙරින් බැන බැන යනවා...ඔය යන පාර එන්නේ රෑ ජාමේ නංගී ...උබ ඕවා හිතන්න එපා...

අයියා .....

මං හින්දා ආයෙමත් සැනසීමක් නෑ නේද ....

නැ බං මට දුක උබ ගැන ....මං අයියා වෙලත් තාමත් මං උඹට මොකද උනේ කියලා අහන්න මේ අයියට හයියක් නෑ බං....

රොෂාන් හිටියේ කැතරිනා ලග අසරණ වෙලා .....
----------------------

රිෂී......

දෙයියනේ එයා.....

මං මේ දකින්නේ හීනයක් ද.....

නෑ අර ඉන්නේ එයාගේ යාලුවෝ ටිකත්....

මං හිටියේ පොප්ක්‍රෝන් එකකුත් අතේ තියාගෙන ...රුපියල් සීයයි...උනුවෙන්ම පොප්ක්‍රෝන් ගොට්ටක් ගත්තේ මං ආසම නිසා...මමී ඉස්සර හැමදාමත් හවසට හදලා දුන්නා ...බටර් ටිකක් රත්වෙන්න දාලා...ඒකට දාලා බදින පොප්ක්‍රෝන් එක කන්න මං හරි ආසයි ...

මං හිතන්නේ අර නපුරු කොල්ලා මාව දැක්කා ....ලයිබ්‍රියෙන් ගත්ත පොතත් පෙරලන් මං එතනින් වාඩි උනේ නිදහසේ ඉන්න ...

අර බලපන්....රිෂී....

අඩෝ....අර.....

ටැටූ කෙල්ල .....

වාවු එයාම තමයි ....

නෑ බං ඒ වෙන කවුද .....

පිස්සු ද මෝඩයෝ අර පේනවද ටැටු එක....

ඔවු දකින්න ඇති මං ඇදන් හිටියේ කොට ටයිට් ස්කර්ට් එකට ස්කිනර් එකක්...ඒ මං ආසම ඇදුම...රබර් ස්ලිපර්ස් දෙකට මං ඊටත් වඩා කැමතියි ....

ඒ කොන්ඩේ .....

එහෙම කොන්ඩේ උඩින් බදින්නේ අර ටැටු එක පේන්න වෙන්නැති ...පිටුපස හැරිලා ඉන්න මට ඒ ඔක්කොම ඇහෙනවා ....

එහෙම උන් හොද එවුන් නෙවෙයි බං රිෂී....

සදරූ දන්නවා එහෙම කිවුවාම කොල්ලට යන තරහා...ඒ නිසාමයි සදරූ රිෂීට විහිලු කරන්නේ ...කෙල්ල අහිංසකයි කියන්නත් සදරූ දන්නවා ....

කෝ අර ඒකිගේ නැට්ට නැද්ද ....

එයා ඉන්නේ ක්ලාස් එකේදී විතරයි ...මං හිතන්නේ එච්චර යාලුකමක් දෙන්නා අතර නෑ....

ඔවු මං ටානියා එක්ක එහෙම ලග යාලුකමක් නෑ තමයි ...ඒත් ෂෙරින් ඇංටිගේ යාලුවෙක්ගේ දුවක්...ඔක්කොම කේලම් එයා කියනවා ඇති...ඒකනේ ෂෙරින් ආංටී උනත් අපිට අකමැති ....

තවත් කොටසක් ඉක්මනින් අරන් එන්නම්...ලමයි අසනීපයෙන් ඉන්නේ ....බුදුසරණයි

මං නිල්නෙතු තාරකා ....

කතාව බලන්න නම් මාව Fallow කරන්න 😘😘

Address

Colombo

Telephone

+94779669629

Website

Alerts

Be the first to know and let us send you an email when Hiru sadu posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Hiru sadu:

Share