24/06/2026
අසිරිමත් ස්වර චාරිකාවක මතක ආවර්ජනය: "දසබලධාරී ගීත මංගලී"
දේශීය සංගීත කලාව පෝෂණය කරන්නට මහඟු මෙහෙවරක් කළ ප්රවීණ සංගීතවේදී ආර්. ඒ. චන්ද්රසේනයන්ගේ 46 වැනි ගුණ අනුස්මරණ උලෙළ පසුගියදා, ( ජූනි 06 ) බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතාගේ ප්රධානත්වයෙන් ශ්රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ආනන්ද සමරකෝන් මැදිරියේදී උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.
ශ්රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති, මහාචාර්ය උදිත ගයාෂාන් ගුණසේකර මහතා සහ ප්රවීණ කලාකරුවෝ රැසක් මෙම "දසබලධාරී ගීත මංගලී" ප්රණාම සැඳෑවට එක්ව සිටියහ. එහිදී අමාත්යවරයා, ආර්. ඒ. චන්ද්රසේන මහතාගේ කලා දිවිය පිළිබඳ සංවේදී මතක සටහන් රැසක් අවදි කළේය.
උත්සවයේ සුවිශේෂ අවස්ථාක් සනිටුහන් කරමින් ආර්. ඒ. චන්ද්රසේන කලායතනයේ සංගීත ශිල්පීන් විසින් එතුමන් නිර්මාණය කළ ගීත රැසක් ගායනා කරන ලද අතර, එම ප්රාසාංගික ඉදිරිපත් කිරීම් එදින රැස්ව සිටි සැමගේ සිත් බැඳගන්නා සුලු අංගයක් විය.
විශේෂ ආරාධිත ගායකයන් ලෙස
තිසර බණ්ඩා, තරංග නෙල්සන් ලංකා රාජිනී ගුණසේකර,
සුණිල් ධර්මවර්ධන,ශිරාන් රත්නායක,නලින් සංජය ඉදිරිපත් වූ අතර ඔවුන්ට චන්ද්රසේන අනුස්මරණ කලායතනයේ ගෞරවනීය ස්තූතිය.
මේ සඳහා මා සමග ඉදිරිපත්වූ
ආර්. ඒ.චන්ද්රසේන කලායතනයේ සංගීත ශිල්පීන් ගේ නාම ලේඛනය
නාම ලේඛනය
කිංස්ලි බර්ට්රම්,ලක්ෂ්මී අල්මේදා
දිල්රුක්ෂි විජේසිංහ,දිශානි මොහොට්ටි,රංජනී මැණිකේ
බුද්ධිමිත් ධනුද්ධර,ඉන්ද්රානි ගමගේ,රොමේෂ් දිල්පහන්
කාංචනා උදලාගම,සුලෙයිහා සුලෙයිමන්,දයානී නානායක්කාර
චතුර පතිරණ,චරිත් කුලතිලක
මුදිතා විමලසූරිය,වින්සි ඉවෝන්
සීතා චාන්දනී,පාරමී සංදීපනි,
මණුළි සූහරා ,මංජුලා අමරසිංහ
චූලා තේනුවර,තරුෂි රත්නායක
යෝශිකා රත්නායක ,සනොරා රත්නායක.