06/03/2026
Inband Management – Network Engineers සඳහා සම්පූර්ණ විස්තරය 💻🔧
අද දවසේ Network Infrastructure, Data Centers, Enterprise IT Systems, සහ Cybersecurity Environment වැනි ක්ෂේත්‍රවල Network Devices, Servers, Firewalls, Storage Systems වැනි උපකරණ නිසි ලෙස manage, monitor, සහ troubleshoot කිරීම ඉතාමත් වැදගත් කාර්යයක් වේ. Network එකක් හොඳින් operate වෙන්න නම් ඒක configure කරන administrators ලාට reliable management access එකක් තිබිය අනිවාර්යෙන්ම යුතුය.
Network devices manage කිරීම සඳහා IT industry එක තුළ භාවිතා කරන ප්‍රධාන management methods දෙකක් තිබේ. ඒවා:
01. Inband Management
02. Out-of-Band Management
මෙම දෙකම network administration සඳහා භාවිතා වන නමුත් architecture, security, reliability සහ implementation cost වැනි කාරණා අනුව වෙනස් වේ. මේ article එකෙන් මම විස්තරාත්මකව බලන්නේ Inband Management කියන concept එක ගැනයි. මෙය Network Engineers, System Administrators, Cybersecurity Professionals සහ IT students සඳහා වැදගත් topic එකක් තමා මම මේ කථා කරන්නේ.
✅Inband Management කියන්නේ මොකක්ද?
Inband Management කියන්නේ network devices, servers, firewalls, switches, routers වැනි IT infrastructure components manage කිරීම සඳහා same production network path එක භාවිතා කරන management method එකක් වේ.
එනම්, network එක තුළ users data traffic travel කරන path එකම භාවිතා කරමින් administratorලා devices access කර configure කරනවා නම් එය Inband Management ලෙස හඳුන්වයි.
සාමාන්‍යයෙන් network එක තුළ data packets travel වෙන network infrastructure එකක් තිබෙනවා:
User PC → Switch → Router → Firewall → Server
මෙහි users data traffic travel කරන path එකෙන්ම administratorලා devices manage කරනවා නම් ඒ system එක Inband Management architecture එකක් වේ.
✅Inband Management System එක ක්‍රියා කරන ආකාරය
Inband management system එකකදී management traffic සහ production traffic දෙකම same network infrastructure හරහා flow වෙනවා.ඒ කියන්නේ ගමන් කරනවා
Example scenario එකක් බලමු.
Administratorge workstation hari devices එක network එකට connect වෙලා device management access කරනවා කියලා හිතන්නකෝ
එතකොට Network path එක:
Administrator PC
↓
Access Switch
↓
Core Switch
↓
Router / Firewall
↓
Managed Device (Switch / Server)
මෙහි administratorගේ management packets users data traffic යන path එකෙන්ම travel කරනවා.
ඒ නිසා Inband Management network architecture එක simple සහ cost-effective එකක් වේ.
✅Inband Management සඳහා භාවිතා වන Protocols
Network device management සඳහා IT industry එක තුළ widely used protocols කිහිපයක් තිබෙනවා. Inband management system එකකදී මෙම protocols production network හරහා operate වෙනවා.
1. SSH (Secure Shell)
2. HTTPS Web Management
3. SNMP (Simple Network Management Protocol)
4. API Based Management
✅Automation සහ Inband Management
Modern IT infrastructure වල automation integrate වෙලා තියෙනවානේ ඉතින් Automation traffic production network හරහා travel වෙන නිසා මෙම automation part එකත් Inband Management model එකට අයත් වේ.
Automation tools:
💡 Ansible
💡 Terraform
💡 Python automation
💡 Network orchestration platforms
මෙම tools network devices API හරහා access කර configuration automate කරනවා.
🚀Inband Management කියන්නේ network infrastructure manage කිරීම සඳහා production network path එකම භාවිතා කරන management method එකක් කියලා අපිට දැන් තේරෙනවනේ.. ඉතිං මෙය implement කිරීම simple, cost-effective සහ scalable solution එකක් වන අතර small to medium networks සඳහා widely used වේ.
🚀නමුත් network failure scenario එකක management access එකත් අපිට නැතිවෙනවා කියලා මතක තියා ගන්න ඕනි. ඉතිං එහෙම දෙයක් උනොත් නම් critical environments වල Out-of-Band Management solution implement කිරීම recommended වේ.