05/08/2026
======================
U-Turn එකක් සඳහා ඔබට ආරාධනාවක්
======================
ආදරණීය සිසු දරුවනි,
2004 වසරේ සිට ගත වූ වසර 22 පුරා, Earth University College ගොඩනැගී ඇත්තේ එක් ප්රධාන අරමුණක් වටාය. ඒ ශිෂ්යයා පරිවර්තනය කිරීමයි (Transformation).
අපගේ අරමුණ කිසිවිටෙකත් දැනටමත් අධ්යාපනික වශයෙන් ඉහළ මට්ටමක සිටින සිසුන්ට පමණක් ඉගැන්වීම නොවීය. GCE උසස් පෙළ විභාගයේදී අපේක්ෂිත ප්රතිඵල ලබාගැනීමට නොහැකි වී FIT මාර්ගය ඔස්සේ පැමිණි සිසුන් ඇතුළුව, විවිධ මට්ටම්වල සිටින සිසුන්ගේ දැනුම, කුසලතා, ආත්මවිශ්වාසය සහ වෘත්තීය හැකියාවන් වර්ධනය කර, ඔවුන් කිසිදා අපේක්ෂා නොකළ මට්ටමේ Software Industry රැකියා අවස්ථා කරා ගෙන යා හැකි අධ්යාපනික වේදිකාවක් නිර්මාණය කිරීම අපගේ අරමුණ විය.
අපට වැදගත් වූයේ A/L අවසන් වන විට ශිෂ්යයා සිටියේ කොතැනද යන්න නොව, Earth University College වෙත පැමිණීමෙන් පසු ඔහුට හෝ ඇයට කොතැනට ළඟා විය හැකිද යන්නයි.
Earth University College ආරම්භයේ සිටම, අධ්යාපනය විකිණීමෙන් ලාභ උපයා ගැනීම පමණක් අරමුණු කරගත් සාමාන්ය අධ්යාපන ආයතනයක් ලෙස නිර්මාණය වූයේ නැත.
මා වෛද්ය පීඨයේ අධ්යාපනය ලබමින් සිටි කාලයේ සිටම මා තුළ තිබූ අරමුණ වූයේ විද්යා හා තාක්ෂණ පර්යේෂණ කේන්ද්රීය ආයතනයක් නිර්මාණය කිරීමයි. විශේෂයෙන් IT වැනි ශීඝ්රයෙන් වර්ධනය වන තාක්ෂණික ක්ෂේත්ර තුළ ශ්රී ලංකාවේ රාජ්ය අධ්යාපන පද්ධතිය තවදුරටත් ශක්තිමත් කිරීමට දායක විය හැකි වේදිකාවක් නිර්මාණය කිරීම එහි මූලික අදහස විය.
වසර 22කට පසුවත් Earth University College සහ මම එම අරමුණ වෙනුවෙන් තවමත් කටයුතු කරමින් සිටිමු. දැන් එම දිගුකාලීන සිහිනය එහි අපේක්ෂිත ගමනාන්තය කරා ගෙන යා හැකි තීරණාත්මක අවධියකට අප පැමිණෙමින් සිටින බව මම විශ්වාස කරමි.
අපගේ පැරණි ක්රමයෙන් ඉගෙනගත් පාඩම
--------------------------------
වසර ගණනාවක් පුරා, විශාල අධ්යාපනික හා වෘත්තීය සංවර්ධනයක් අවශ්ය වූ සීමිත සිසුන් පිරිසක් (Demo Students) පරිවර්තනය කිරීම සඳහා අතිවිශාල අවධානයක් සහ සම්පත් ප්රමාණයක් යොදවන ක්රමයක් මම පෞද්ගලිකව අනුගමනය කළෙමි.
එම පරිවර්තනය සිදුකිරීම සඳහා බොහෝ අවස්ථාවල මූල්ය ස්ථාවරත්වය, පරිපාලන පහසුව, ආයතනික වර්ධනය, අලෙවිකරණ කීර්තිය සහ පද්ධති හා රහස්ය ආයතනික සම්පත් ආරක්ෂා කිරීම පවා දෙවන තැනට තබමින් අපගේ මෙහෙවරට ප්රමුඛත්වය ලබා දුන්නෙමි.
එවැනි කැපකිරීම් මා පිළිගත්තේ, එම සිසුන් දිනෙක සාර්ථක වී Software Industry එකට පිවිසුණු පසු, ඔවුන්ව එම තත්ත්වයට ගෙන ආ වේදිකාව තවදුරටත් ශක්තිමත් කිරීමේ කොටස්කරුවන් බවට ඔවුන් පත්වනු ඇතැයි මා විශ්වාස කළ නිසාය.
මගේ අපේක්ෂාව වූයේ ඔවුන්,
1. Earth University College හි දිගුකාලීන පැවැත්මට සහාය වීමයි. විශේෂයෙන් Software Industry තුළ ඉහළ වැටුප් සහිත වෘත්තීය තත්ත්වයකට පැමිණීමෙන් පසු, මෙම වේදිකාවේ විශාල මූල්ය බර පවත්වාගෙන යාම සඳහා යම් දායකත්වයක් ලබා දීම.
2. EUC හි දැඩි අධ්යාපනික ක්රමවේදයේ වටිනාකම නියෝජනය කිරීමයි. BIT උපාධිය හුදෙක් කඩදාසි සහතිකයක් නොව, Software Engineering ක්ෂේත්රයේ රැකියාවක් ලබාගෙන එහි සාර්ථක විය හැකි සැබෑ වෘත්තීයවේදියෙකු නිර්මාණය කළ යුතු බව තමන්ගේම සාර්ථකත්වයෙන් පෙන්වා දී එවැනි විශ්මයක් කල Earth University College හි දිගුකාලීන පැවැත්මට සහාය වීම.
3. තමන්ගේ සමකාලීන සහ බාල පරම්පරාවට සහාය වීමයි. තම දැනුම, අත්දැකීම්, මඟපෙන්වීම සහ සාර්ථකත්වය ඔවුන් සමඟ බෙදාගෙන, තමන් මෙන්ම තවත් පරම්පරාවකට මෙම පරිවර්තනය අත්විඳීමට උපකාර කිරීම.
නමුත් අත්දැකීම් මට ඉගැන්වූ වැදගත් පාඩමක් තිබේ.
-------------------------------------------
අධ්යාපනික වේදිකාවක අනාගතය, එයින් සාර්ථක වූ සීමිත පුද්ගලයන් පිරිසකගේ (Demo Students) යහපත් ගති ගුණ (කෘතවේදීත්වය) මත රඳා නොපවතින බවයි.
සමහර අවස්ථාවල EUC විසින් ලබාදුන් අවස්ථා, සම්පත්, විශ්වාසය සහ කැපකිරීම් තුළින් විශාල ප්රතිලාභ ලබාගත් සිසුන්ගෙන්, එම සහයෝගය නැවත ආයතනයට හෝ තමන් පසුපස එන පරම්පරාවට ලැබුණේ නැත.
ඇතැම් අවස්ථාවල එම විශ්වාසය අනිසි ලෙස භාවිත වසර 22ක් පුරා ඉතා දුක් මහන්සිවී ගොඩනගාගත් Member Base සත්‍යය අසත්‍යයෙන් යටපත් කොට ඉතා පහසුවෙන් මංකොල්ල කන ලදී.
එම අවබෝධය අපව වැදගත් වෙනසක් කරා ගෙන ගොස් ඇත. එය ඔවුන්ගේ ගුණවත් කම මත රදා නොපවතී බුද්ධියෙන් හා නීතියෙන් ඔවුන් සමග ගනුදෙනු කිරීමයි
අපි නැවතත් වේදිකාව ගොඩනගමින් සිටිමු
-----------------------------
පුද්ගලයන්ගේ (Demo Students) ගුණවත් කම මත රඳා සිටීම වෙනුවට, අපි දැන් Earth University College වඩාත් ශක්තිමත්, තිරසාර සහ නිසි ලෙස ආරක්ෂිත අධ්යාපනික වේදිකාවක් ලෙස නැවත ගොඩනගමින් සිටිමු.
ආයතනය, එහි පද්ධති, බුද්ධිමය සම්පත්, රහස්ය තොරතුරු, අධ්යාපනික ක්රමවේද සහ දිගුකාලීන පැවැත්ම නිසි ලෙස ආරක්ෂා කරනු ඇත.
ඒ සමඟම, අපගේ සම්පත් තෝරාගත් සීමිත සිසුන් කිහිපදෙනෙකු වෙනුවෙන් අසමානුපාතික ලෙස යෙදවීම වෙනුවට,
නව EUC ආකෘතියේ අවධානය, කැපවීමෙන් ඉගෙනගැනීමට සූදානම් සියලුම සිසුන්ට අවස්ථාව ලබාදීම කෙරෙහි යොමු වනු ඇත.
මෙය වසර 22ක ගමන තුළ මා ඉගෙනගත් වැදගත්ම පාඩම්වලින් එකකි.
එහෙත් අපගේ මූලික දැක්ම කිසිසේත් වෙනස් වී නැත.
අධ්යාපනයේ අරමුණ හුදෙක් උපාධියක් හෝ සහතිකයක් ලබාදීම නොව, ශිෂ්යයෙකුගේ අනාගතය පරිවර්තනය කිරීම බව අපි තවමත් විශ්වාස කරමු.
BIT උපාධිධාරියෙකු, Software Industry එකට අවශ්ය දැනුම, කුසලතා, විනය සහ වෘත්තීය හැකියාවන් සමඟ පිටවිය යුතු බව අපි තවමත් විශ්වාස කරමු.
එමෙන්ම, සැබෑ පරිවර්තනයක් අවශ්ය සිසුන් සඳහා Earth University College— ඔවුන්ගේ අනාගතය ගොඩනගාගත හැකි සුවිශේෂී වේදිකාවක් විය හැකි බව අපි තවමත් විශ්වාස කරමු.
--------------------------
ඔබට U-Turn එකක් ගැනීමට ආරාධනා කරමි
--------------------------
එබැවින්, අප සමඟ දැනට සිටින සහ මීට පෙර අප සමඟ සිටි සියලුම සිසුන්ට, Earth University College දෙසට නැවත U-Turn එකක් ගෙන, අපි අනාගතය සඳහා ගොඩනගමින් සිටින මේ වඩාත් ශක්තිමත් වේදිකාවේ කොටස්කරුවන් වන ලෙස මම ආදරයෙන් ආරාධනා කරමි.
අද අප සමඟ සිටින දෙවන සහ තෙවන වසර සිසුන් අතර ඉතා ඉහළ GPA ප්රතිඵල සමඟ ශක්තිමත් තාක්ෂණික කුසලතා පෙන්වන විශිෂ්ට සිසුන් පිරිසක් සිටීම පිළිබඳව අපි ආඩම්බර වෙමු.
මීට පෙර අප සමඟ අධ්යාපනය ලබා අදාළ පාඨමාලා සඳහා ගෙවීම් සිදුකර ඇති සිසුන්ට, නැවත අපගේ වැඩසටහන් සමඟ එක්වීමේදී 60% දක්වා විශේෂ වට්ටම් ලබාගත හැකිය.
දැනට විවෘත වැඩසටහන්:
• BIT Semester 1
• BIT Semester 3
• BIT Semester 5
• BIT Project Program
නැවත එන්න. U-Turn එක ගන්න.
අධ්යාපනිකව ශක්තිමත් වන්න. සැබෑ Industry Skills ගොඩනගා ගන්න.
Earth University College සමඟ නැවතත් ඔබේ ඉදිරි ගමන ආරම්භ කරන්න.
ස්තූතියි.
දිමුතු සුරංග
Earth University College
======================