28/02/2024
Today we will see the points to consider before installing a CCTV system.
Before installing a CCTV camera, you need to determine the minimum and maximum height of the camera. High-height cameras (16", 12") and low-height cameras (4") are difficult to achieve the intended purpose. For example, high-height and low-height cameras can make it very difficult to recognize human faces. suitable height for CCTV camera installation is considered to be between 6" and 10".
Another thing to be careful about when installing a CCTV camera is that a very large beam of light cannot fall on the lens of the camera. If too much light falls on the camera, the quality of the images coming from the camera can be greatly reduced. So, for this reason, before installing a CCTV camera, try to avoid places where there is a lot of sunlight and big lights and install the CCTV.
Another thing to be especially careful about when installing a CCTV system is the camera mounting angle (75^, 50^, 26.2^) and the focal length (3.6mm, 4mm) of the lens used for the camera. These two factors affect the quality of the views and the distance that the views can be obtained. We will post more details on this later.
Another thing to be careful about is that the objects in front of the camera should be non-reflective. For example, if there is a reflective object in front of the camera, the quality of the images coming from the camera may decrease if the object reflects sunlight or some light.
Today we talked about some things to consider before installing a CCTV system. If you want to install a CCTV system like this with responsibility, reliability, and the best quality for your business, call us.
Follow our page to know more such valuable details.
අද අපි බලමු CCTV පද්ධතියක් සවි කරන්න කලින් බලන්න ඕනි කරුණු මොනවද කියලා.
CCTV කැමරාවක් සවිකරන්න කලින් ඒ කැමරාව සවිකරන අවම උස සහ උපරිම උස තීරණය කරගන්න ඕනි. අධික උසකින් සවිකරන කැමරා (16", 12") සහ අධික පහතින් සවිකරණ කැමරාවලින් (4") අපේක්‍ෂිත අරමුණු ඉටු කරගන්න අපහසුයි. උදාහරණයක් ලෙස අධික උසකින් සහ අධික පහතින් සවි කරන කැමරාවලින් මිනිසුන්ගේ මුහුණු හඳුනා ගැනීම ඉතා අපහසු විය හැකිය. CCTV කැමරාවක් සවිකිරීමට සුදුසු උස ලෙස සැලකෙන්නේ 6"-10" අතර ප්‍රමාණයයි.
CCTV කැමරාවක් සවිකිරීමේදී තවත් සැලකිලිමත් විය යුතු කාරණයක් තමයි කැමරාවේ Lens එකට ඉතා විශාල ආලෝක කදම්බයක් වැටෙන්න බෑ කියන එක. අධික ආලෝක කදම්බයක් කැමරාවට වැටුණොත් එම කැමරාවෙන් එන දර්ශන වල ගුණාත්මකභාවය ඉතාමත් අඩුවෙන්න පුළුවන්. ඉතින් මේ හේතුව හින්දා CCTV කැමරාවක් සවි කරන්න කලින් විශාල ලෙස ඉර එළිය වැටෙන ස්ථාන, විශාල ආලෝක පහන් ඇති ස්ථාන මගහැරලා සීසී ටීවී සවි කරන්න කටයුතු කරන්න.
CCTV පද්ධතියක් සවිකිරීමේ දී තවත් විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න ඕන දෙයක් තමයි ඒ කැමරාව සවිකරන Angle (75^, 50^, 26.2^) එක සහ එම කැමරාවට භාවිතා කරන Lens එකේ Focal length (3.6mm, 4mm) එක පිළිබඳව. මෙම කරුණු දෙක දර්ශනවල ගුණාත්මකභාවයට සහ දර්ශන ලබාගත හැකි දුර ප්‍රමාණයට බලපානව. මේ පිළිබඳ වැඩිදුර විස්තරයක් අපි පසුව පලකරන්නම්.
තවත් සැලකිලිමත් වෙන්න ඕනි කාරණයක් තමයි කැමරාවට ඉදිරියෙන් තියෙන වස්තූන් පරාවර්තනය නොවන වස්තූන් තියෙන්න ඕන. උදාහරනයකට කැමරාව ඉදිරියෙන් පරාවර්තනය වෙන වස්තුවක් තිබුනොත් එම වස්තුවට ඉර එළිය හෝ යම්කිසි ආලෝකයක් වැටි පරාවර්තනය වුවහොත් කැමරාවෙන් එන දර්ශන වල ගුණාත්මකභාවය අඩුවෙන්න පුළුවන්.
අද අපි කතා කළේ CCTV පද්ධතියක් සවි කරන්න කලින් බලන්න ඕනි කරුණු කිහිපයක් පිළිබඳව. ඔයාගේ බිස්නස් එකටත් වගකීමක් සහිතව, විශ්වාසවන්තව, හොඳම ගුණාත්මකභාවයෙන් මේ වගේ CCTV පද්ධතියක් සවිකර ගන්න අවශ්‍ය නම් අපිට කතා කරන්න.
තවත් මේ වගේ වටිනා විස්තර දැනගන්න අපේ page එක Follow කරන්න.