IT Signature

IT Signature We are a professional IT firm that specialize in Web Design, Web Development, Software Development and E-mail marketing.

31/08/2026

ශ්‍රී ලංකාවේ Tuition අධ්‍යාපන ආයතන වෙනුවෙන්ම Student Smart Cards 22,000ක් අරගෙන ඇවිල්ලා තියෙනවා, එක මාසයක් ඉවර වෙන්නත් කලින්. IT Signature අපි හා සම්බන්ධ වුණු ගුරුවරුන්ට සහ අධ්‍යාපන ආයතනවලට අපේ හදපිරි ප්‍රණාමය.

29/08/2026

"මම අනිවාර්යයෙන්ම IT Signature ආයතනය Guarantee කරනවා, මොකද ඔයවගේ ඊට කලින් වෙන වෙන ආයතනවල ප්‍රශ්න එනවා කියලා මම අහලා තියෙනවා. ඒ අතින් බැලුවාම ඇත්තටම මම Guarantee කරනවා මේ IT Signature ආයතනය. මොනවා හරි අපිට Issue එකක් ආපු තැනක් හරි තිබ්බොතින් අපි Call කරන සැණින් අනිවාර්යයෙන් එයාලගේ Staff එකේ කවුරු හරි කෙනෙක් සම්බන්ධ වෙනවා. අපිට ඒ දේ ඕනම වෙලාවක, ඒ කියන්නේ අපි රෑකට Call ගත්තත්, Class ඉවර වෙන Time එකක් බලලා Call ගත්තත්, එයාලා ගෙදරක හිටියත්, අනිවාර්යයෙන් අපිට ඒ පහසුව ලබා දෙනවා. අපි ගන්න ඕනම වෙලාවක Phone එක Answer කරලා අපිට උදවු කරනවා කියලා මම Guarantee කරනවා. ඕන කෙනෙක්ට බය නැතුව මේ System එක ගන්න පුළුවන්. ඕනම ආයතනයකට සහ ඕනම ගුරුවරයෙක්ට පෞද්ගලිකව වුණත්."
හොරණ සිනේරා අධ්‍යාපන ආයතනයේ කාර්යය මණ්ඩලයේ ඩිලානි මෙනවිය IT Signature අපි සමඟින් Class Fees Management System (CFMS) එක ගැන එතුමියගේ අත්දැකීම් බෙදාහදා ගත්තා. අපි ඔබතුමියට හදවතින්ම ස්තූතිවන්ත වෙනවා.

27/08/2026

“අපි මුලින් Smart Classroom වලට ගියා. ඊට පස්සේ අපිට මේකට System එකක් ඕන වුණා. එතකොට තමයි අපේ මේ මිතුරා ෆයිසාන්ව අපිට මුණගැහෙන්නේ. ෆයිසාන් ඇවිල්ලා මාත් එක්ක පැහැදිලි කිරීම් කළා. අපිට ඇත්තටම මේ System එකක් කියන එකේ ලොකු අවබෝධයක් තිබුණෙත් නැහැ… ඒ Smart Card එකම දරුවන්ට හරි ආකර්ෂණයක් ගෙනල්ලා දුන්නා. Smart Card එක හදනකොටත් ෆයිසාන් සහ මම හැමතිස්සේම දුරකතනයෙන් සම්බන්ධ වෙලා කොහොමද අපි ඒක නිර්මාණය කරන්නේ, කොහොමද අපි ඒක ළමයින්ට ලස්සනට කරන්නේ කියලා කතා වුණා. ෆයිසාන් හැමතිස්සේම අපි එක්ක ඒ Conversation එක Phone එකෙන් ‘හරි මං ඉක්මනට බලන්නම් Sir…’ කියලා තියාගත්තා. හරි Helpful ආයතනයක් ඔයාලගේ ආයතනය ඇත්තටම බැලුවාම.”
පිළියන්දල Stanford අධ්‍යාපන ආයතනයේ අධිපති තරංග අතුකෝරල මහතා IT Signature අපේ Class Fees Management System (CFMS) එක ගැන එතුමාගේ අත්දැකීම් බෙදාහදා ගත්තා. IT Signature අපි ඔබතුමාට හදවතින්ම ස්තූතිවන්ත වෙනවා.

25/08/2026

හැමදාම IT Signature අපිව බලන්න එද්දී රසම රස කෑම ගොඩක් අරන් එන සර්ට බොහොම ස්තූතියි!

23/08/2026

"අපි දැන් Smart Class ගැන කතා කරනකොට IT Signature ආයතනය උඩින්ම කතා කරන්න වෙනවා, මොකද System එකක්නේ තියෙන්නේ. මම සම්බන්ධ වෙන්නේ මීට අවුරුදු 6කට වගේ කලින්. ඒ කියන්නේ 2020 වර්ෂයේදී. ප්‍රසාන්තන් සර් එක්ක කතා කළාම තමා දන්නේ System එක කොච්චර වටිනවාද කියන එක. System එක හරහා අපිට ලැබිච්ච බොහෝ දේවල් තියෙනවා. Smart Card එකක් දරුවෝ හරි ආසාවෙන් තියන් ඉන්නවා. ඒක පළවෙනි කාරණාව සහ Smart Card එකේ තියෙන පහසුකම් ටික. දරුවෝ පන්තියට ආවාද නැද්ද කියන එක සහ Payment කළාද කියන එක තහවුරු කරගන්න ඔයාලගේ තියෙන SMS Facility එක ඉතාමත් වටිනවා. අපේ Class එකේ තිබ්බ Value එක ඊට වඩා ඉතා ඉහළ ප්‍රමාණයකින් වැඩි වුණා, මේ System එකත් එක්ක. අපි තාමත් අවුරුදු 6ක් පුරාවට System එකත් එක්ක යනවා... ඔයාලගේ Service එකත් ඉතාමත් හොඳයි සහ ඕන වෙලාවක ප්‍රසාන්තන් සර්ට කතා කළාමත් ඉක්මනින් අවශ්‍ය දේවල් කරලා ඒ වෙලේම Solution දෙනවා. ගොඩක් තැන්වල ඒක වෙන්නේ නැහැ, ඒක තමා විය යුත්තේ..."
කොටිකාවත්ත ප්‍රදේශයේ සියෝසිප් අධ්‍යාපන ආයතනයේ අධිපති, සාමාන්‍ය පෙළ ඉංග්‍රීසි භාෂා දේශක, ප්‍රසන්න බානගල ගුරුතුමා IT Signature අපේ Class Fees Management System (CFMS) එක ගැන එතුමාගේ අත්දැකීම් බෙදාහදා ගැනීමට අප හා සම්බන්ධ වුණා. ඔබතුමාට IT Signature අපි බෙහෙවින්ම ස්තූතිවන්ත වෙනවා.

21/08/2026

"දරුවෙක් මේ Class එකට Attend වුණා කියන එක, දරුවන්ගේ දෙමව්පියන්ට Message එකක් මගින් යනවා. එතකොට දෙමව්පියන්ට ලොකු විශ්වාසයක් ඇති වෙනවා දරුවා ආරක්ෂිතව පන්තියට ආවා කියන එක සම්බන්ධව. ඉතින් ඒක ඇත්තටම දෙමව්පියන්ගේ පැත්තෙන් වටිනා දෙයක්. විශේෂයෙන්ම ගුරුවරුන්ට විශ්වාසනීය Pay Sheet එකක් දෙන්න අපිට පුළුවන් වෙලා තියෙනවා. ඒ හේතුව මත System එකේ ගැටලු නැහැ."
කිරිබත්ගොඩ Chapters අධ්‍යාපන ආයතනයේ කළමනාකාරිණිය, කල්පනී නිසංසලා මහත්මිය IT Signature අපිත් සමඟ Class Fees Management System (CFMS) එක ගැන එතුමියගේ අදහස් දැක්වූවා. IT Signature අපි ඔබතුමියට හදවතින්ම ස්තූතිවන්ත වෙනවා.

දොඩම්ගොඩ තිළිණ උසස් අධ්‍යාපන ආයතනයත් ඔන්න IT Signature අපි සමඟින් එකතු වෙලා ළමයින්ට Smart Cards හඳුන්වලා දුන්නා…        ...
17/08/2026

දොඩම්ගොඩ තිළිණ උසස් අධ්‍යාපන ආයතනයත් ඔන්න IT Signature අපි සමඟින් එකතු වෙලා ළමයින්ට Smart Cards හඳුන්වලා දුන්නා…

15/08/2026

"ප්‍රසාන්තන් ඉතාමත් දක්ෂ ව්‍යවසායකයෙක්. මේ රටට අලුත් දෙයක් හඳුන්වලා දුන්නු, අපේ ක්ෂේත්‍රයට අලුත් දෙයක් හඳුන්වලා දුන්නු දක්ෂ නිර්මාණශීලී ව්‍යවසායකයෙක් විදිහට තමයි මම දකින්නේ. අපේ සෙත්මින් අධ්‍යාපන ආයතනයේ වැඩ කටයුතු බොහොම සාර්ථක කරගන්නට වගේම කාර්යක්ෂම කරගන්නට මේ පද්ධතිය අපිට උපකාර වෙලා තිබෙනවා. අපිට විතරක් නෙමෙයි... දරුවන්ට, ඒ වගේම දෙමව්පියන්ට විශාල සේවාවක් IT Signature පද්ධතිය හරහා ඉටු වෙනවා."
ඇල්දෙණිය ප්‍රදේශයේ සෙත්මින් අධ්‍යාපන ආයතනයේ අධිපති, උසස් පෙළ ව්‍යාපාර අධ්‍යයනය විෂය සහ සාමාන්‍ය පෙළ ව්‍යාපාර හා ගිණුම්කරණය විෂය උගන්වන සනේෂ් නිවන්ත ගුරුතුමා IT Signature අපි සමඟ Class Fees Management System (CFMS) එක ගැන එතුමාගේ අත්දැකීම් බෙදාහදා ගත්තා. අපි ඔබතුමාට හදවතින්ම ස්තූතිවන්ත වෙනවා.

13/08/2026

"මම IT Signature Brand එක නෙමෙයි මුලින්ම දැනගත්තේ, ප්‍රසාන්තන් කියන Brand එක. ඉතින් ඒකත් එක්ක තමයි IT Signature එකේ මේ Card System එක Epsilon Institute එකට අපි තෝරා ගත්තේ. අපි Card System එක IT Signature එකෙන් Purchase කරලා දැන් අවුරුදු 6ක් විතර වෙනවා. මාසෙකට සැරයක් මටත් Call එකක් එනවා... 'System එක කොයි වගේද? අඩුපාඩු තියෙනවාද?’ කියලා අහනවා. සෑහෙන්න වැඩ ලේසි වෙනවා, ඔයාලගේ System එකත් එක්ක වැඩ ටික කරගෙන යද්දී..."
වත්තල Epsilon අධ්‍යාපන ආයතනයේ අධිපති, උසස් පෙළ සංයුක්ත ගණිතය දේශක, සුධීර පීරිස් ගුරුතුමා IT Signature අපේ Class Fees Managemenet System (CFMS) එක ගැන අදහස් දැක්වීමට සම්බන්ධ වුණා. ඔබතුමාට අපි බෙහෙවින්ම ස්තූතිවන්ත වෙනවා.

Address

1, Deanston Place, Colombo 03
Colombo
00300

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 15:00

Telephone

+94114848988

Website

Alerts

Be the first to know and let us send you an email when IT Signature posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share