0712221327 akesha electrical .0776123679

0712221327 akesha electrical  .0776123679 Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from 0712221327 akesha electrical .0776123679, Electronics Company, Colombo.

wevolte Holding is one of the leading Security Systems and electronic device company in Sri Lanka, providing CCTV Surveillance camera systems, Any kind of wiring, Vehicle tracking and alarm systems, and Employee time attendance management systems, Burglar

One of  's successful Electrical Solution Accuracy - 100% Customer satisfaction - 100%Clean and Neat - 100%අපගේ සාර්ථක ව...
18/07/2024

One of 's successful Electrical Solution
Accuracy - 100%
Customer satisfaction - 100%
Clean and Neat - 100%

අපගේ සාර්ථක විදුලි ව්‍යාපෘතියක්
පාරිභෝගික තෘප්තිය - 100%
නිවැරදිබව - 100%
පිරිසිදු හා පිළිවෙල - 100%
2021/07/18 boralasgamuwa

One of  's successful Solution Accuracy - 100% Customer satisfaction - 100%Clean and Neat - 100%අපගේ සාර්ථක ව්‍යාපෘතියක්...
17/07/2024

One of 's successful Solution
Accuracy - 100%
Customer satisfaction - 100%
Clean and Neat - 100%

අපගේ සාර්ථක ව්‍යාපෘතියක්
පාරිභෝගික තෘප්තිය - 100%
නිවැරදිබව - 100%
පිරිසිදු හා පිළිවෙල - 100%
# nugegoda Camara 06.2024/07.17

One of  's successful Solution Accuracy - 100% Customer satisfaction - 100%Clean and Neat - 100%අපගේ සාර්ථක ව්‍යාපෘතියක්...
15/07/2024

One of 's successful Solution
Accuracy - 100%
Customer satisfaction - 100%
Clean and Neat - 100%

අපගේ සාර්ථක ව්‍යාපෘතියක්
පාරිභෝගික තෘප්තිය - 100%
නිවැරදිබව - 100%
පිරිසිදු හා පිළිවෙල - 100%
# Makubura CCTV camera and electrical full complete 2024/07/15

One of  's successful Solution Accuracy - 100% Customer satisfaction - 100%Clean and Neat - 100%අපගේ සාර්ථක ව්‍යාපෘතියක්...
13/07/2024

One of 's successful Solution
Accuracy - 100%
Customer satisfaction - 100%
Clean and Neat - 100%

අපගේ සාර්ථක ව්‍යාපෘතියක්
පාරිභෝගික තෘප්තිය - 100%
නිවැරදිබව - 100%
පිරිසිදු හා පිළිවෙල - 100%
2024/07/12

24/01/2023
13/04/2022

සුභ අලුත් අවුරුද්දක් වේවා!!!
Wish You Happy New Year!!!

ඔබ කියවිය යුතු  ලිපියකි අකුණු🌩️🌩️🌩️🌩️🌩️🌩️🌩️      තවමත් අකුණු හා අකුණු අනතුරු ගැන අපේ රටේ මිනිස්සුන්ට ලොකු අවබෝධයක් නැති ...
06/06/2021

ඔබ කියවිය යුතු ලිපියකි අකුණු🌩️🌩️🌩️🌩️🌩️🌩️🌩️


තවමත් අකුණු හා අකුණු අනතුරු ගැන අපේ රටේ මිනිස්සුන්ට ලොකු අවබෝධයක් නැති නිසයි මේක ලියන්න හිතුවෙ.

සරලවම කිව්වොත් අකුණක් කියන්නෙ වළාකුළක තියෙන ආරෝපණ භූගත වීමක්. ඒත් වළාකුලකට කොහෙන්ද ආරෝපණ? මතකද පොඩි කාලෙ පෑනක් හිසකෙස් වල පිරිමැද්දම ඇතිවන ස්ථිති විද්‍යුත් ආරෝපණය? ඒ වගේම ස්ථිති විද්‍යුත් ආරෝපණ වලින් තමයි වළාකුලත් චාජ් වෙන්නෙ.

ඒක හුළඟින් ඇතිවන ඝර්ෂණය නිසා ඇතිවෙන්නත් පුළුවන් වළාකුළු 2ක් එකිනෙක ඇතිල්ලීගෙන යද්දි ඇතිවෙන ඝර්ෂණයෙන් වෙන්නත් පුළුවන්. තවත් හේතුවක් තියෙනවා. අහල ඇතිනෙ රත්වූ වාතය / ජලය එහෙම ඉහළ යනවා, සීතල දේවල් පහළට එනව කියල. ඔය තියරියම වළාකුල ඇතුලෙත් සිද්ධවෙනවා.

වළාකුලේ යට හරියෙ තියෙන්නෙ සාපේක්ෂව උණුසුම් ජල වාෂ්ප. වළාකුලේ උඩ හරියෙ තියෙන්නෙ ඉතාම සිසිල් ice crystals. ඉතින් කලින් කිව්වා වගේ ජල වාෂ්ප උඩට යනවා, අයිස් ස්ඵටික යටට එනවා. ඒ එන අතරමගදි මේ දෙගොල්ලො එකිනෙක ඇතිල්ලීගෙනයි එන්නෙ. ඉතින් ඒ ඇතිවෙන ඝර්ෂණය නිසාත් ස්ථිති විද්‍යුත් ආරෝපණ හටගන්නවා.

ආරෝපණ කිව්වම ධන (+) ආරෝපණ සහ ඍණ (-) ආරෝපණ 2ම වළාකුලේ විසිරිලා තියෙනවා. මේ විසිරුණු ආරෝපණ වලින් ධන අරෝපණ ටික වළාකුලේ ඉහළට ගිහින් ඍණ ආරෝපණ ටික පහළට ඇවිත් වළාකුල දෙකට බෙදනවා හරියට බැටරියක උඩ පැත්ත ධන හා යට පැත්ත ඍණ වගේ.

ඇයි වළාකුලේ පොළොවට ලඟ යට පැත්තම ඍණ වෙන්නෙ? මොකද පෘථිවි පෘෂ්ඨය වළාකුලට සාපේක්ෂව ධන ආරෝපිතයි. ධන කෙනා ලඟට ආකර්ෂණය වෙන්නෙ ඉතින් ඊට විරුද්ධ ඍණ කෙනානෙ. හැබැයි මේ ආරෝපණ බෙදීම නිශ්චිතවම වෙන හැටි ගැන තාමත් හොයාගෙන නෑ.

අකුණු වළාකුලක් කිට්ටු වෙද්දි පොළොවෙ තියන ධන ආරෝපණ ටිකත් යකා නටන්න ගන්නවා. මොකද එයත් කැමති සෘණ අයටනෙ. ඉතින් ඒ ධන ආරෝපණ ටිකත් ගස් උඩට, ඇන්ටනා වලට, වහලවල් උඩට, අකුණු සන්නායක උඩට වගේ වළාකුලට ලඟම තැන් වලට පුළුවන් තරම් එකතු වෙනවා. විශේෂයෙන් උල් හා දාර ඇති සන්නායක තුඩු වලට. ගිහින් අර වළාකුලේ තියෙන සෘණ ආරෝපණ තමන් ලඟට එනකල් ආසාවෙන් බලන් ඉන්නවා.

හැබැයි යන්නෙ "පොළොවට සම්බන්ධ" සන්නායක දිගේ.

උදාහරණ : යකඩ දිගේ, කඳු උඩට,

ගස් දිගේ (ගස් ඇතුලෙ වතුර තියෙනවනෙ. වතුර හොඳ සන්නායකයක්),

මිනිස්සු දිගේ (අපේ ශරීරයෙනුත් 70%ක් විතර ජලයනෙ).

අකුණු වළාකුලකට වෝල්ට් "මිලියන" 100කට වඩා වැඩි විභවයක් තියාගන්න පුළුවන්. ඒ වගේම කූලෝම් 5ක 15ක වගේ සෘණ ආරෝපණයකුත් තියෙනවා.

ඉතින් මේ සෘණ ආරෝපණත් අර ඇන්ටනා උඩට වෙලා තමන් එනතුරු බලන් ඉන්න ධන ආරෝපණ ටික දැක්ක ගමන් ඉක්මණට එයාල ලඟට පනිනවා (ප්‍රභල අකුණකට සැතපුම් කිහිපයක් දුරට පනින්න පුළුවන්).

ඕකට තමයි සරළව අකුණක් කියන්නෙ.

අකුණක් හටගන්නෙ එක්කො වළාකුළු 2ක් අතර (එක වළාකුලක සෘණ පැත්ත හා තව වළාකුලක ධන පැත්ත අතර පනින පුළිඟුවක් හෙවත් spark එකක් ලෙස). නැත්තං වළාකුලක් හා පොළොව අතර.

>දැන් ටිකක් කතාවෙ ගැඹුරට යමු.

අකුණු සැරයක උෂ්ණත්වය සෙල්සියස් 20000ට වැඩියි. ඒ උෂ්ණත්වය නිසා අකුණ ගහද්දි ඒ අවට වාතය ක්ෂණිකව ප්‍රසාරණය වෙනවා. ඒක තමයි අපිට අකුණක සද්දෙ විදියට ඇහෙන්නෙ.

ඇයි අකුණක් zigzag ආකාරයට ගමන් කරන්නෙ? මේකත් සිදුවන හැටි තාම හොයාගෙන නෑ. හැබැයි වෙන්නෙ මේකයි. අකුණ ඉතාම ප්‍රභල වුණාට මොලේ කළඳක් නෑ. අකුණ ටික දුරක් පහළට එනවා. ඇවිත් තත්පරයෙන් 1/20000ක පමණ කාලයක් ඔළුව කස කස වටපිට හොයල බලනව කොහෙද පොළොවට සම්බන්ධ ළඟම ධන ආරෝපණය (පොළොවට යන ලේසිම පාර) තියෙන්නෙ කියල. ඒ කාලයෙ තමයි zigzag එකේ තිරස් ඉර හැදෙන්නෙ. ගමනාන්තය හොයාගන්න බැරිවුණොත් ආපහු ටික දුරක් පහළට ඇවිත් ලැජ්ජ නැතුව තව තත්පරයකින් 1/20000ක කාලයක් කස කස හොයනව පොළොවට යන ලේසිම පාර කොහෙද කියල. ඔන්න දෙවනි zigzag එකත් හැදුනා. ඕක පාර හොයාගන්නකන්ම වෙනවා.

ඒ වගේම අකුණක් ගහක මුල් පද්ධතිය වගේ අතු බෙදෙනවා. බෙදිල ගිහින් හොයනව කොහෙද පොළොවට යන ලේසිම පාර කියල. ඒක නම් හැමෝම දැකල ඇතිනෙ.

තව ප්‍රශ්නයක්.. කලින් කිව්ව වගේ වළාකුලෙන් පොළොවට එන්නෙ සෘණ ආරෝපණ. ඒ කියන්නෙ ඉලෙක්ට්‍රෝන. ඒත් ධාරාව (current) ගමන් කරන්නෙ ඉලෙක්ට්‍රෝන ගමන් කරන දිශාවට විරුද්ධ දිශාවටනෙ. එහෙම නම් ඇත්තටම අකුණ වදින්නෙ අහසින් පොළොවටද? නැත්තං පොළොවෙන් අහසටද?

>Return Stroke

අතු බෙදිලා zigzag හදල ඔක්කොම වැඩ දාලා අකුණ කරන්නෙ පොළොවට තියෙන ළඟම පාර හොයාගන්න එකයි. කොහොමහරි කරල පාර හොයාගෙන ගමනාන්තයට ආවම පොළොවත් වළාකුලත් අතර සෘජු සම්බන්ධයක් හැදෙනවා. දැන් ඉතාම දීප්තිමත් අති ප්‍රභල විදුලි ධාරාවක් (ඇම්පියර් 30000 පමණ) පොළොවේ අකුණ වැදුණු තැන සිට වළාකුලට ඉතාම කෙටි කාලයක් තුල අතු නොබෙදී ගමන් කරනවා. ඉතින් ගෙවල් දොරවල් අළු නොවී තියෙයිද?

>Trip Switch

"අපේ ගෙදර trip switch එක නියමෙට වැඩ. පොඩි අකුණක් ගැහුවත් ඕෆ් වෙනවා" ඕක ඕන තරම් අය කියනවනෙ. කියන්න කණගාටුයි මිත්‍රවරුනි ට්‍රිප් ස්විච් එකේ රස්සාව කිසිසේත්ම අකුණු වලින් පරිපථ බේරාගැනීම කියන දේ නම් නෙමෙයි.

එයා කරන්නෙ මෙහෙම වැඩක්. හිතන්න ඔයාගෙ ගෙදර toilet එකක් නෑ :P . දැන් ඔයාගෙ ගෙදරට ටැප් ලයින් එකෙන් "එන වතුර ලීටර් ගානයි" නාලා රෙදි හෝදල කානුවෙන් "යන වතුර ලීටර් ගානයි" අතර වෙනස බැලුවොත් ඒ වෙනසින් එන්නෙ ඔයා බීපු වතුර ලීටර් ගාන නේද? ඔයා අධිකව වතුර බිව්වොත් ඔයාට මොකක්හරි ලෙඩක් හැදෙයි කියල බයට water board එකෙන් ඔයාගෙ ගෙදරට එන water supply එක කපනවා.

ඕකම තමයි ට්‍රිප් ස්විච් එකෙන් වෙන්නෙත්. ගෙදර ඇතුලට Live එකෙන් යම්කිසි ඇම්පියර් ගානක විදුලියක් ගිහින් ගෙදරින් එළියට Neutral එක දිගේ එන්නෙ ඊට අඩු ගානක් නම් ඒ කියන්නෙ කාගෙහරි ඇඟ හරහා විදුලිය භූගත වෙලා (කාටහරි කරන්ට් එක වැදිලා).

ඉතින් Live එකයි Neutral එකයි අතර වෙනස (කරන්ට් එක වැදුනු කෙනා හරහා යන ධාරාව) මිලිඇම්පියර් 30ක් වෙච්ච ගමන් මුළු ගෙදරටම දෙන විද්‍යුත් සැපයුම ක්ෂණිකව විසන්ධි කරනවා. ට්‍රිප් ස්විච් එකේ රස්සාව ඔය ගණන් හැදිල්ල කරල අනතුරකදි ඕෆ් වෙන එක මිසක් අකුණු වලින් බේරන එක නම් නෙමෙයි පුතී.

හත්ඉලව්වේ ඒ වුනාට අකුණු ගහද්දි ට්‍රිප් ස්විච් එක ඕෆ් වෙනවනෙ. ඔව් ඉතින් අකුණු ගහද්දි ලොකු විද්‍යුත් චුම්භක ක්ෂේත්‍රයක් අවට පරිසරයේ පැතිරෙනවනෙ. ඒ ක්ෂේත්‍රය නිසා අපේ ගෘහස්ථ විදුලි පරිපථයෙ එක එක තැන් වල ධාරාවන් ප්‍රේරණය වෙන්න ගන්නවා. මේ ට්‍රිප් ස්විච් එක හරහා ගේ ඇතුලට ආපු CEB එකෙන් දීපු ධාරාවක් නෙමෙයිනෙ. දැන් ඉතින් කොහොමත් ගෙදරට ආපු ප්‍රමාණයයි පිටවෙන ප්‍රමාණයයි වෙනස් වෙනවනෙ. ඉතින් ට්‍රිප් ස්විච් එක ඕෆ් වෙනවා.

ඉතින් ට්‍රිප් ස්විච් එකට අදාල නැති රාජකාරියක් බාරදීලා අකුණු ගහන වෙලාවට TV, Computer දාගෙන ඉන්න අය දැන් වත් පරිස්සම් වුණොත් හොඳයි. CEB line එක දිගේ එන අකුණකින් බේරෙන්න ඕන නම් එක්කො අකුණු ගහද්දි ප්ලග් ටික ගලවල main switch එක/ circuit breakers off කරන්න. නැත්තං SPD (Surge Protection Device) එකක් ස්ථාපනය කරගන්න.

>Phone එකටත් අකුණු වදිනවද?

වයර් එකකින් connect වුණු ඒ කියන්නෙ Land phones වලට අකුණු වදිනවා. මොකද පාරෙ තියෙන telephone line එකට අකුණක් වැදුනොත් ඒක ශෝක් එකට වයර් දිගේ අපේ ගෙදර ෆෝන් එකටත් එනවනෙ. ඒ නිසා අකුණු ගහද්දි ඒව විසන්ධි කරන්න.

Mobile phone වලට අකුණු වදින්නෙ charger එකට ගහල තියෙන වෙලාවට ගෙදරට හෝ පාරෙ power line එකකට අකුණක් වැදුනොත් විතරයි. Charger එකෙන් ගලවගෙන හිටියට කිසිම ප්‍රශ්නයක් නෑ. මොකද රේඩියෝ තරංග හරහා අකුණු එන්නෙ නෑ. එහෙම එන්න පුළුවන් නම් ගෙදරට current එක දෙන්න වයර් මොකටද? රේඩියෝ තරංග වලින්ම කරන්ට් එකත් දෙනවනෙ.

>හරකුන්ට වැඩිපුර අකුණු වදින්නෙ ඇයි?

කොහෙහරි තැනකට අකුණක් වැදුනම එහි ප්‍රභලතාවය අඩුවෙමින් අවට භූමිය පුරාම වලල්ලක් වගේ පැතිරෙනවා. හරියට භූමි කම්පාවක් වගේ. භූමි කම්පාවෙ කේන්ද්‍රයට තමයි වැඩිම බලපෑම (අකුණ වැදුන තැන වගේ. අපි හිතමු එතන වෝල්ට් 100000 කියල).

කේන්ද්‍රයේ ඉඳල ටිකක් දුරින් පිහිටි ලක්ෂ්‍යයකට භූමිකම්පාව දැනෙන්නෙ කේන්ද්‍රයට වඩා ටිකක් අඩු ප්‍රභලතාවයකින් (අකුණත් එහෙමයි. වැදුණු තැන ඉඳල මීටර් 10ක් දුරින් ලක්ෂ්‍යයක වෝල්ටීයතාවට වෝල්ට් 50000 වෙන්න පුළුවන්.)

අකුණ වැදුන තැනින් තවත් ටිකක් දුරට ගියොත් වෝල්ටීයතාවය තවත් අඩුයි. හරක් වගේ සත්තුන්ගෙ ඉස්සරහ කකුල් 2යි පිටිපස්සෙ කකුල් 2යි අතර සැලකිය යුතු දුරක් තියෙනවනෙ. ඉතින් ඉස්සරහ කකුල් 2 තියෙන්නෙ එක වෝල්ටීයතා කලාපයක, පිටිපස්සෙ කකුල් 2 තියෙන්නෙ තවත් වෝල්ටීයතා කලාපයක.

සරලවම කිව්වොත් හරකගෙ කකුල් අතරෙ විභව අන්තරයක් (Voltage Difference) ඇතිවෙලා. සන්නායකයක් හරහා විභව අන්තරයක් ඇතිවුණාම ඒ හරහා ධාරාවක් ගමන් කරනවනෙ. ඉතින් හරකගෙ ඇඟ හරහා කරන්ට් එකක් ගමන් කරලා ඌව පිළිස්සිලා මැරෙනවා.

කකුල් ලං කරගෙන තියාගන්න පුළුවන් සතෙක්ට මේ ප්‍රශ්නෙ නෑ.

සංවෘත වාහනයක හිටියොත්

වාහනයක් කියන්නෙ Faraday Cage එකක්. ඒ කියන්නෙ සන්නායකයකින් සංවෘත වූ ප්‍රදේශයක්. ෆැරඩේ කුටීරයක ඇතුලෙ තියෙන ආරෝපණ ඔක්කොම මතුපිට පෘෂ්ඨයට යනවා. ඒ නිසා ඇතුලෙ ඉන්න අයට කිසිම බලපෑමක් නෑ.

ඒ නිසා අකුණු ගහද්දි පුළුවන් නම් ගෙදර විදුලි /දුරකථන සැපයුම් ඔක්කොම විසන්ධි කරල සංවෘත වාහනේකට වෙලා හිටියත් කමක් නෑ (බයික් එකේ නෙමෙයි)

21/04/2021

මාස දෙකක් පරක්කු වෙලා ආවම light bill එක කොහොමද හැදෙන්නෙ ගොඩක් අය අහන නිසා ..🤔🤔🤔

0-30 7.85
31- 60 7.85
61-90 10 ස්තාවර 90
91-120 27.75 ස්තාවර 480
121-180 32 ස්තාවර 480
180 වැඩ් 43 ස්තාවර 540

ඔය තියෙන්නෙ එක එක block ඒකක වල අයකිරීම්...

ඔයාලට පේනව ඇති යුනිට් block කඩල තියෙන්නෙ 30න් 30ට කියල ඒ කියන්නෙ දවස් 30 ක් කියන එක ඒ කියන්නෙ ගෙදර බිල දෙන්නෙ හරියටම දවස් 30 න් ආව කියල හිතල....

ඒ උනාට විවිද හේතුනිසා ⛈️🌩️⛈️දවස් 30න් බිල දීගන්න බැරි වෙනවා අන්න එතකොට මොකද වෙන්නෙ...අපි හිතමු දවස් 30 න් එන්න බැරි වෙලා දවස් 34 ආව කියල එතකොට මොකද වෙන්නෙ... එතකොට ඔය block ඊට අනු රූපව
0 - 34
35 - 68
69 - 102
103 - 136
විදියට වෙනස් කරගෙන අර කලින් සදහන් කරල තියෙන මිලගණන් වලට බිල හදනවා....දැන් එතකොට දවස් පහුවෙලා ආව කියල ගොඩක් අයට ප්‍රශ්නයක් වෙන යුනිට් 90 පනින ප්‍රශ්නෙ විසදෙනව නේද...බලන්න දවස් 34න් ආවොත් යුනිට් 90 නෙවෙය් 102ක් පනින්න ඕනි යුනිට් එකක් රු.27.75 වෙන්න.....ඒවගේම තමා දවස් 30ට කලිම් ආවත් ඒ විදියට දවස් ගානට තමා units block හදන්නෙ...කොහොමවත් අවාසියක් වෙන්නෙ නෑ.....

දැන් බලමු මේදවස් වල දවස් 60කින් විතර බිල ආවම මොකද වෙන්නෙ කියල...

පහත දාල තියෙන බිල ඇවිත් තියෙන්න දවස් 64න් දැන් බලමු units block කැඩෙන හැටි....

0 - 64 රු 7.85
65 - 128 රු 7.85
129 - 192 රු 10.00 ස්ථාවර රු 90.00
193- 256 රු 27.75 ස්ථාවර රු480.00
257 - 320 රු 32.00 ස්ථාවර රු 480.00
320වැඩි රු 45.00 ස්ථාවර රු540.00

දැන් ඒ බිල් එකේ බාවිතාකරන ලද යුනිට් ගාන 252ක්

0 - 64 (64* 7.85) =502.4
65-128(64*7.85) =502.4
129- 192(64*10) =640.00
193-252(60*27.75) =1665.00

දැන් බලමු ස්ථාවර ගාස්තු යුනිට් ගාන 252 ක් නිසා ස්ථාවර ගාස්තු එන්න ඕනි 193- 256 units block එකට අදාල 480ක්...🙄🙄

දැන් එතකොට මේ බ්ල් එක දෙන්නෙ මාස දෙකකට පස්සෙ ඒක නිසා කලින් බිල නොදුන්න මාසෙ ස්ථාවර ගාස්තුවකුත් මේකට එකතු වෙන්න ඕනි...එතකොට මේකට තව 480ක් එකතු වෙන්න ඕනෙ මාස දෙකටම අදාල ස්ථාවර ගාස්තු දෙක...

ඒ උනට මෙහෙම දෙයක් වෙනව ඔය අතරෙ කලින් මසෙ බිල් එක නිකුත් නොවීම නිසා system එක ස්වයංක්‍රියව රු30ල් බිලට එකතු කරනව ඒක මුද්‍රනය වෙලා එනව (බිල් එකේ මෙම දිනට ශේෂය කියන තැන, කලින් ඇරියස් එකක් තිබුනොත් ඒකට එකතුවෙලාම තමා පෙන්නන්නෙ)..

හරි දැන් රැ 30 එතන තියෙන් නිසා ස්ථාවර ගාස්තු දෙක මාස දෙකට 480+480-30 =930(කෙනෙක්ට හිතෙන්න පුලුවන් අපි මොකටද කලින් මසෙටත් 480ක ස්ථාවර ගාස්තුවක් ගෙවන්නෙ කියල මොකද කලින් මාසෙ හරියට බිල ආවනම් අපි 480 සීමවට යන්නෙ නෑනෙ කියල....දවස් 64 ---252 යුනිට් නම් ඒක දෙකෙන් බෙදුවම දවස් 32කට යුනිට් එනව 126ක් ඒ කියන්නෙ එක මාසෙට යුනිට් එතකොට බලන්න 32 unit block වලට කඩල ඒත් එන්නෙ 480 සීමවටම තමා🙂🙂🙂)

දැන් බලමු බිල යුනිට් ගානට එන අගය සහ ස්ථාවර ගාස්තු 930 එකතුව තමා මුලු බිල
502.4 + 502.4 + 640.00 + 1665.00 + 930 .00 = 4239.80

තේරුනා කියල හිතනවා...🙏

Address

Colombo
10280

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Telephone

0776123679

Website

Alerts

Be the first to know and let us send you an email when 0712221327 akesha electrical .0776123679 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to 0712221327 akesha electrical .0776123679:

Share