17/07/2020
කොරෝනා වලට තාක්ෂණික විසදුමක් නැද්ද ?
කොරෝනා ලෝකයේ සීග්‍රයෙන් පැතිර යනකොට අපිට තාක්ෂණික අතින් ගන්න කිසිම විසදුමක් නැද්ද ?, ඒ පිලිබදව කෙරෙන කතාබහකි මේ.
ආශ්‍රිතයින් හදුනා ගැනීමේ ඇප් එක නොහොත් Contact Tracing App කොරෝනා සදහාම ලෝකයේ බොහෝ රටවල සාර්ථකව අත්හදා බලපු ඇප් එකක් වෙන අතර එමගින් කොරෝනාව පාලනයට සමත්වී තිබෙනවා.
මෙය ක්‍රියාතමක වෙන්නේ කොහොමද?
මෙම ඇප් එක හැමෝම ඉන්ස්ටෝල් කරගත යුතුයි..හැමෝම මේ ඇප් එක ඉන්සෝටෝල් කරගත් පසු තමන්ට සම්මුඛ වෙන අනෙත් දුරකතන සමග බූලූටූත් මාර්ගයෙන් සම්බන්ද වී ඔවුන්ට හමු වූ අයගේ සාමාන්‍ය තොරතුරු ( නම සහ ප්‍රදේශය වැනි) ගබඩා කර තියා ගන්නවා..මෙම ක්‍රියාව දිගටම දිගටම ක්‍රියාත්මක වෙන අතර සාමාන්‍ය ජනතාව සාමාන්‍ය පරිදි ආරක්ෂක විදිවිධාන අරගෙන ජීවත් වෙනවා.
යම් හෙයකින් පුද්ගලයෙක්ට PCR පරීකශනයක් හරහා කොරෝනා රෝගය වැලදී ඇති බව දැන ගතහොත් ඔහු හෝ ඇය සම්මුඛ උන පිරිස් හදුනා ගැනීමට වෙසෙසින් උත්සාහයක් ගැනීමට අවශ්‍ය නැත..ගම්නියම් ගම් පීරීමට අවශ්‍ය නැත...මෙම ඇප් එක මගින් ගබඩා කරගත් දත්ත රජය විසින් අවශ්‍ය අංශ්‍ය වලට දෙන අතර එමගින් ඒ අවශ්‍ය පුද්ගලයින් ලෙහෙසියෙන් හදුනා ගත හැක..
මෙය සාමාන්‍ය පරිදි කිරීමට ගියානම් මතුවන ගැටලුව නම් එම රෝගියාට සම්මුඛ වූ ආගන්තුක පිරිස් වල අනන්‍යතාව රෝගියා දන්නේ නැතිකමයි..සමහර විට ඔහු ගියපු කඩයක් අමතකවීමට හැක..එම මොහොතේ එම කඩේ සිටියේ කවුද යන්න කඩ හිමියා දන්නේද නැත..මෙමෙ ඇප් එක මගින් පමණක් තත්කාලීන දත්ත (වෙලාව සහ ජියෝග්රැපිකල් ලොකේශන් එක ) ගබඩා කරගන්නා බැවින් අවශ්‍ය දත්ත නිරවද්‍යව සහ පහසුවෙන් සොයා ගත හැක..
ඊට අමතරව නිරෝගී පුද්ගලයෙක් නිරෝදායනට ලක් කල නිවසක් හෝ පුද්ගලයෙක් අසලට ලංවුවහොත් ඔහුගේ දුරකතනයට එවලේම අනතුරු හැගවීමේ සංඣාවක් නිකුත් කරන ලබන අතර එමගින් මෙම රෝගය වැලදීම සහ ව්‍යාප්තිය වළක්වා ගත හැක.
මෙයට අමතරව PCR පරීකශන වලට අමතරව මෙමෙ ඇප් එක මගින් කොරෝනාව වැලදීමට ඇති වියහැකියාව පුරෝකතනය කර හැකිය..
ඒ කොහොමද ?
ආර්ටිෆිශල් ඉන්ටලිජන්ස් නැතහොත් කෘතීම බුද්ධිය භාවිත කර මෙම ඇප් එක මගින් එම පුද්ගලයාගේ එදිනෙදා වැඩ කටයුතු, පාවිච්චි කරන ප්‍රවාහන සේවය, ගමන් කරන ප්‍රදේශය ( නගරබදද?, ගම්බදවද ) , වයස ආදී වශයෙන් බොහෝ නිර්නායක භාවිතා කර ඔහුට එම රෝගය සෑදීමට ඇති වියහැකියාව පුරෝකතනය කර ඔහුව දැනුවත් කිරීම මගින් ඔහුට ඇති අවදානම අඩු කරගනීමට උදව් කරයි.
මේ අතර එකිනෙකාගේ දුරකතන වල දත්ත ගොනුවක් ලෙස රැගෙන ආරිට්ෆිශල් ඉන්ටලිජන්ස් භාවිතයෙන් දත්ත විශ්ලේශකයින් මගින් වැඩිදුර විශ්ලේෂණය කරන අතර කොරෝනාව පැතිරීමේ වැඩිපුර අවධානමක් ඇති ප්‍රදේශ, වැඩිපුර PCR පරීකශණය කල යුතු ප්‍රදේශ, ලොක්ඩවුන් කිරීමට සිදුවිය හැකි ප්‍රදේශ ආදී වශයෙන් හදුනාගෙන අවදානම අඩු කර ගත හැක.
මෙම ඇප් එක මේ වන විට ලෝකයේ බොහෝරටවල භාවිතා කරන අතර මෙමගින් යහපත් ප්‍රතිඵල නෙලාගෙන ඇත..මෙම ඇප් එකෙහි ඇති සංකීර්ණ බව මෙන්ම ඇති ප්‍රයෝජනය නිසාම සෑදීමට සහ නඩත්තු කිරීමට සැළකිය යුතු මුදලක් වැයවේ..එනමුදු ශ්‍රීලාංකාවේ දිනක දළ ජාතික නිශපාදනය කෝටි 80 ක් වෙන අතර දවසක් ලොක් ඩවුන් කර තැබීමෙන් වෙන පාඩුව සමග සසදා බලන කල මෙම ඇප් එකට වියදම් කරන මුදල නොගිණිය හැකිය.
මේ ඇප් දාගන්න හැමෝටම කෝ ස්මාර්ට් ෆෝන් ?
ඔව් ලංකාවේ හැමෝටම ස්මාර්ට් ෆෝන් නොමැති බව සත්‍යයකි එනමුදු මෙම 2020 ජනේරුව වනවිට 31.8 මිලියන දුරකතන ග්‍රාහකයින් සංඛාවක් ශ්‍රීලාංකාව තුල සිටිනවා..මෙය සමස්ත ජනගහනයටත් වඩා වැඩි සංඛාවක් වෙන අතර මෙම අතරින් සැළැකිය යුතු ප්‍රමානයක් ස්මාර්ට් ෆෝන් හිමියන් ලෙස උපකල්පනය කල හැක..අදුරට ශාප නොකර හැකි පමනින් එක පහනක් හෝ දැල්වීම ඇවසි මොහොතකි මේ.
එතකොට දත්ත වල ආරක්ශාව ?
මෙම ක්‍රියාවලිය සදහා රජය මැදිහත්වීම අනිවාර්ය වෙන අතර මෙම දත්ත වල රහස්‍ය භාවය රැකීම රජයට අනුබද්ධිත හෝ රජය විසින් පාලනය කරන විශේෂ දැනුමක් ඇති පුද්ගලයින් විසින් මෙහෙය විය යුතු වේ.
මෙය සෑදීමට අවශ්‍ය තාකශණය සහ මානව සම්පත් අප රෙටෙහිම ඇති අතර අප රටෙහි ඉංජිනේරුවන්ට අවශ්‍ය ප්‍රතිපාදන මෙනම අවශ්‍ය සහාය රජය මගින ලබා දෙන්නේනම් මෙය සබෑවක් කර කොරෝනාවට නවීන තාක්ශණයෙන් වැට බැදිය හැක..අවශ්‍ය බලධාරීන්ගේ අවදානය යොමු වේවා.