30/08/2012
ඔන්න අද මම ඔයගොල්ලන්ට කියන්න යන්නේ අපේ ලංකාවේ electronics සහ robotics කරන අයට බොහොම හොද ආරංචියක්. ලංකාවේ මේ වෙනකන් Electronics වලට අදාළ මොනයම් හෝ උපාංගයක් මිලදී ගන්නවනම් අපිට දුර නොබලා පිටකොටුවේ පලවෙනි හරස් වීදියටම එන්න උනානේ. ඒ විතරක් නම් මදැයි පිට කොටුවේ අවු කාස්ටකේ කරවෙවී කඩෙන් කඩේට ඇවිදගෙන යන්නත් එපැයි. ඒ වගේම ඔය robotic experiments කරන අයට ඕනි උපාංග හුගක් වෙලාවට ලංකාවේ හොයා ගන්න අමාරුයි. විකුනන්න ඔය සේරම තියන එක තැනකින් අපට ගෙදරටම බඩු ගෙන්න ගන්න තිබුනානම් කොහොමද යාලුවනේ. කාලය වගේම මුදලුත් ඉතිරියි.
ඔන්න දැන් තියනවා ඔය හැම දේටම විසදුමක්. LANKATRONICS TRADING (PVT ) LIMITED කියන ආයතනයෙන් පටන් අරන් තියනවා lanakatronics.com කියල වෙබ් සයිට් එකක් . ඔන්න ගිහින් බලන්නකෝ . මෙන්න LINK එක.
http://www.lankatronics.com/
Capacitors , Resistors , ICs විතරක් නෙවි Robot Chassis , Microcontrollers , Development boards වගේ ලංකාවේ හොයාගන්න ටිකක් අමාරු උපාංග ගොඩක් තියනවා මේ වෙබ් සයිට් එකේ. මේ සයිට් එක හරහා ඇණවුම් කරන ඕනෑම උපාංගයක් ගෙදරටම ගෙන්වා ගන්නත් පුළුවන් වැඩි ගණනක් වැය කරන්නේ නැතිව. අද ඇනවුම් කලොත් අනිවාර්යයෙන්ම හෙට වෙද්දී ලංකාවේ ඕනෑම තැනකට ගෙනත් දෙන්න LANKATRONICS ආයතනය වග බලා ගන්නවා. CREDIT CARD තියන අයට කෙලින්ම තමන්ගේ CREDIT CARD එකෙන්ම තමන්ගේ ඇණවුමට මුදල් ගෙවන්නත් පුළුවන්. CREDIT CARD නැති කෙනෙකුට උනත් තමන්ගේ උපාංග ඇනවුම් කරන්න පුළුවන් Dialog Ez cash වලින් අදාල මුදල් ගෙවීම මගින්. ඒ වගේම තමයි සම්පත් බැංකුවේ තිබෙන ලන්කාට්‍රොනික්ස් ආයතනයේ ගිණුමට මුදල් බැර කිරීම මගිනුත් ඕනෙම කෙනෙකුට තමන්ගේ උපාංග සදහා මුදල් ගෙවන්න පහසුකම් සලසා දීල තියනවා.
මූණු පොතේ පිටුවට මෙතනින් යන්න .
https://www.facebook.com/LankaTronics