07/08/2021
"Facebook එක හැක් වෙලා අරන් දෙන්න" ,
දවසට inbox එන msg වලින් ගොඩක් තියෙන්නේ ඕක.
ෆිල්ම් වල TV series වල දැකපු දේවල් දැකල විනාඩියෙන් කාගේ හරී PC එකකට ලොග් වෙන්න (ඒවා ෆිල්ම් වලට විතරයි) ඉගෙනගන්න ගොඩක් අය ආසයි. සමහරු කෙල්ලගේ Facebook එකේ වෙන්න හැකින් ඉගෙනගන්න ඕන වෙලා ඉන්නවා.
එහෙම කෙනෙක් "හැකින් දන්නා කෙනෙක් කියල දෙන්න" කියල පොස්ට් එකක් දානවා, අවංකව ඉගෙනගන්න ආසාවට නැත්නම් කාට හරි කරදරයක් කරන අදහසින්.
ඉතින් ඔහොම ඉද්දි Anonymous logo එක නැත්නම් Anonymous mask එක profile picture දාගත්ත කෙනෙක් හැකින් කියල දෙන්නම් කියල reply දානවා නැත්නම් inbox msg කරනවා. ඇත්තටම එහෙම msg දාන කෙනා කවුද ඇත්තටම මොන අදහසින් එනවද දන්නේ නෑ. ඔයාටත් ඕනි හැකින් ඉගෙනගන්න ඉතින් එයා කියන ඕන දෙයක් පිලිගන්නවා follow කරනවා.
ගොඩක් වෙලාවට ප්‍රතිපලය
1)වැරදි දෙයක් ඉගෙනගන්නවා නැතනම්
2)Facebook account එක නැති කරගන්නවා.
විශේෂයෙන්ම කියන්න ඕනි දේවල් ටිකක් තියනවා.
එතිකල් හැකින් ඉගෙනගන්න ආසයි කියල වැරදි අයට සෙට් වෙන්න එපා. නිවැරදි ගුරුවරු යටතේ ඉගෙනගන්න. කාගේ හරි course එකක් internet එකෙන් අරගන එකේ තියෙන්නේ මොනාද වෙන්නේ මොනදවත් නොදැන විකුණන අය ඉන්නවා ඕනි තරම්. එහෙම අයට නම් අහුවෙන්න එපා. එහෙම දේවල් follow කරලා "මම හැකර්" කියන මනසිකත්වේ ඉදල නම් වැඩක් නැහැ.
"Facebook එක හැක් වෙලා අරන් දෙන්න" කියන අයට සහ Facebook, email භාවිත කරන අයට දෙන්න තියන විශේෂම උපදෙස තමයි "Strong password" එකක් දාගන්න. "kamal123" නැත්නම් ඔයාගේ උපන්දිනේ වගේ දේවල් password විදියට දාගන්න එපා. මේක ඔයාගේ Facebook ,email හැම දේටම අදාලයි. එකම password එක හැම දේටම භාවිතා කරන්නත් එපා.