02/05/2023
වෙසක් සිතුවිලි සිත්තම් කරන කෘතිම බුද්ධියේ නිර්මාණ දැක්ම හා වෙසක් නිර්මාණ තරඟය
අසිරිමත් සම්බුදු තෙමගුල සැමරීම හා කෘතිම බුද්ධිය (Artificial Intelligence) හෙවත් AI තාක්ෂණය රටේ අධ්‍යාපන පද්ධතිය වෙත කාන්දු කිරීමේ අරමුණින් සබරගමු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ඊ-නැණපියස අධ්‍යාපන මෙහෙවර විසින් සංවිධානය කරන ඩිජිටල් වෙසක් කාඩ් පත් නිර්මාණ වැඩසටහනට ඔබටත් නිර්මාණ එවිය හැක.
1. ශ්‍රී ලංකාවේ ඕනෑම පාසල් දරුවෙකුට හෝ ගුරු භවතෙකුට මේ සඳහා සහභාගී විය හැක.
2. වෙසක් පත් නිර්මාණය සඳහා කෘතිම බුද්ධිය මගින් නිර්ණායක මත පදනම්ව සිතුවම් ඇඳීම සිදුකරන
*DALL.E (openai.com)
*Hotpot.ai
*Midrange
*Crayons
යන මෙවලම් වලින් එකක් භාවිත කළ යුතු ය.
3. ඉහත සඳහන් කළ මෙවලම් 4 ට අමතරව ඔබට වෙනත් මෙවලමක් වුවද භාවිත කළ හැකිය. (ඔබේ නිර්මාණ විස්තරයෙහි එම මෙවලම පිළිබඳ විස්තර සැපයිය යුතුය)
4. ඔබේ නිර්මාණයේ අවසන් නිමැවුම JPEG ආකෘතියේ රූපයක් ලෙස අපට එවිය යුතු ය. එහිදී ඔබට එම නිර්මාණය upload කිරීමට ලබා දෙන google form එකෙහි ඔබ භාවිත කළ මෙවලම හා ඔබේ නිර්ණායක text එක සඳහන් කළ යුතු ය.
5. හොඳම වෙසක් නිර්මාණ අපගේ වෙබ් අඩවියෙහි (www.enenapiyasa.lk) හි ඵල කෙරෙන අතර එම නිර්මාණ හිමිකරුවන්ට සබරගමු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් නිකුත්කරනු ලබන වටිනා සහතකියක් හිමි වේ.
6. ඔබේ නිර්මාණය www.enenapiyasa.lk වෙබ් අඩවියේ HOME PAGE හි AI-Vesak අයිකනය මත click කර upload කළ හැක.
7. නිර්මාණ භාරගන්නා අවසන් දිනය 2023-05-12 වේ.
8. නිර්මාණ එළි දක්වීම හා කෘතිම බුද්ධිය භාවිතය පිළිබඳ meet a specialist වැඩසටහන 2023-05-12 දින පැවැත්වේ. මෙම මාර්ගගත සාකච්ඡා වැඩසටහන මගින් කෘතිම බුද්ධිය පිළිබඳ විශේෂඥයෙකුගේ අදහස් බෙදාගැනීමේ අවස්තාව ඔබට හිමි වේ.
9. Ai පිළිබඳ හා Ai සිතුවම් කරණය පිළිබඳ පහත උපකර වීඩියෝව නරඹා දැනුම වැඩිකරගන්න.
AI, එහෙමත් නැතිනම් Artificial Intelligence කියන්නේ පරිගණකයක් ඇතුලේ මොළයක් තියෙනවා වගේ දෙයක්. ඔබේ මොළය ඔබට සිතීමට, ඉගෙන ගැනීමට සහ තීරණ ගැනීමට උපකාර කරන්නේ කෙසේ ද ඒ ආකාරයෙන් AI මගින් පරිගණකයකට සිතීමට, ඉගෙන ගැනීමට සහ තීරණ ගැනීමට උපකාර කරනවා. එය ක්‍රියා කරන්නේ පරිගණකයට එම දත්ත සමඟ කළ යුතු දේ පවසන උපදෙස් මාලාවක් වැනි බොහෝ දත්ත සහ ඇල්ගොරිතම භාවිතා කිරීමෙන්. .
කෘතිම බුද්ධිය ගැන දැනුම් අළුත් කරගමු. එම දැනුම සමාජයේ අනෙක් අයටත් බෙදා දෙමු. මෙවර අපේ සිතුවිලි වලින් අපේ Ai දැනුමෙන් හදපු වෙසක් නිර්මාණ යහළුවන්ට යවමු.
“SEEKING KNOWLEDGE is like OPENING DOORS”