Kavindu Sri

Kavindu Sri 👨‍💻 Programmer | 🎥 Content Creator | 🎨Graphic Designer | Curious Explorer ✨

English Based Programming Languages විතරද තියෙන්නෙ ?නෑ නෑ 😊,Non-English Programming Languages පවා තියෙනවා.Examples විදිහ...
14/02/2025

English Based Programming Languages විතරද තියෙන්නෙ ?

නෑ නෑ 😊,
Non-English Programming Languages පවා තියෙනවා.
Examples විදිහට,

1. 易语言 (Yī yǔyán) කියන්නේ chinese programming Language එකක්. මේක 2003 දී beginners ලට හදපු එකක්.

2. なでしこ (Nadeshiko) කියන්නෙ Japanese programming language එකක්. මේකත් beginner friendly වගේම, specially ජපානේ womens ලා target කරලලු හදලා තියෙන්නෙ. 2004 දි තමයි develop කරලා තියෙන්නෙ

3. Рапира (Rapira) කියන programming language එක develop කරලා තියෙන්නෙ, Soviet Union එකෙන් 1980 දි.
ඒක educational procedural programming language එකක්. ඒ කියන්නෙ Russian ළමයින්ට programming ඉගෙන ගන්න හදපු එකක්.

4.Bashkir (Башкорт) – Bashkir (a Turkic language)
5.Visual Prolog – Danish
මේ මන් දන්න උදාහරණ ටිකක් විතරයි.

ඔයාලත් දන්න දේවල් තියෙනවනම් comment එකක් දාගෙන යන්න😎🔥

පහළින් Example Programs දාලා තියෙනවා.

😌අද ඉතින් විශේෂ දවසක් නිසා මන් හිතුවා ඒකට ගැලපෙන මොනා හරි කියන්න ඕනි කියලා.❤️මන් ඔය ආදරේ ගැනනම් දන්නෙ නෑ🫣🤭😌ඒ නිසා මන් වෙ...
14/02/2025

😌අද ඉතින් විශේෂ දවසක් නිසා මන් හිතුවා ඒකට ගැලපෙන මොනා හරි කියන්න ඕනි කියලා.❤️
මන් ඔය ආදරේ ගැනනම් දන්නෙ නෑ🫣🤭

😌ඒ නිසා මන් වෙන දෙයක් ගැන කතා කරන්නම්.
Can AI predict Relationship Success ?
🤔AI වලට පුලුවන්ද ඔයාගෙ relationship එක සාර්ථක වෙයිද කියලා කියන්න. තව
ඔයාට ගැලපෙන කෙනා හොයලා දෙන්න ?

😉 ඔයාලා දන්නවද දැනටමත් AI-powered matchmaking platforms තියෙනවා.
ඒ AI models අති විශාල data sets analyze කරලා train වෙනවා, predict කරන්න success full relationships ගැන.

🤔කොහොමද ඒවා වැඩ කරන්නෙ ?

ඔයාලා දන්නවා ඇතිනෙ Tinder, Bumble සහ eHarmony වගේ dating apps.
ඉතින් මේවත් AI-driven datings apps තමයි. මේ apps, machine learning algorithms use කරනවා user preferences, behavior patterns , Communication styles හොයලා බලලා analyze කරන්න.
ඊට අමතරව past interactions ගැන study කරනවා.
මේ දේවල් වලින් AI එක predict කරනවා success වෙන්න පුලුවන් වැඩිම chance එකක් තියෙන matches මොනවද කියලා

🤔සාමාන්‍යෙන් මේකට AI එක විසින් සලකා බලන Factors මොනවද ?

1. Personality Matching - මේකෙදි, psychometric test සහ natural language processing(NLP) වගේ techniques Use කරනවා ගති ලක්ශන අඳුර ගන්න

2. Behavioral Data - මේකෙදි Swipe patterns, සාමාන්‍ය Massage response time එක, conversation engagement එක ඒ කියන්නේ සාමාන්‍යෙන් ඔයා conversation එකක් කොච්චර වෙලාවක් handle කරනවද වගේ දේවලුත් study කරනවා AI එකෙන්.

3. Emotional Analysis - මේකෙදි වෙන්නෙ, users ලා කරන conversation එකේ use වෙන Words choices, Message frequency එක වගේ දේවල් study කරනවා. ඊට අමතරව use කරන Emojis ගැනත් study කරනවා.

4. Social Compatibility - මේක යටතෙදි, users ලගෙ Hobbies , Interests ගැන බලනවා. තව, relationship goals , religion beliefs, family background , political views වගේ cultural දේවල් ගැනත් learn කරනවා

🤔ඒත් AI එකකට ආදරේ ගැන ඒ විදිහට predict කරන්න පුලුවන්ද ?
🙄Human Emotions කියන්නෙ ගොඩක් සංකීර්ණ දෙයක්. ඒ දේවල් ඇති වෙන process එක ගැන algorithms develop කරනවා කියන්නෙත් සංකීර්ණ දෙයක්.

අනික, long term relationships success වෙන්න නම් chemistry එක, ජීවන තත්වය, එකිනෙකා අතර තියෙන Understanding එක , personal growth factors ඇතුලුව ගොඩක් දේවල් බලපානවා.
😌යම් මට්ටමකට AI , මේ දේවල් ගැන predict කරාට තාම complex emotions තේරුම්ගන්න තරමටම develop වෙලා නෑ.
සමහරවිට ඒ තරමටම develop වෙන කාලය වැඩි ඈතක නොවෙන්නත් පුලුවන්🫢

😏Deep learning , behavior science තව තව advance වෙද්දි AI වලට පුලුවන් වෙයි matchmaking වල මීට වඩා high percentage success rate එකකට යන්න.

ඔයා මොකෝ හිතන්නෙ මේ ගැන. AI එකකට පූලුවන් වෙයිද ඔයාගෙ soulmate ව හොයලා දෙන්න🤭❤️
Comment කරන් යමු.

හැමෝටම Happy valentine's day❤️🥳

මම Kavindu Sri.

⏰ ඔයාට නෝට් වෙලා තියෙනවද Clock Advertisements වල පෙන්නන ගොඩක් Clocks වල time එක 10:10 යි කියලා ?ඉතින් ඇයි මේ ?🤩 10:10 ti...
13/02/2025

⏰ ඔයාට නෝට් වෙලා තියෙනවද Clock Advertisements වල පෙන්නන ගොඩක් Clocks වල time එක 10:10 යි කියලා ?

ඉතින් ඇයි මේ ?
🤩 10:10 time එකේදි clock එකේ සමමිතියක් තියෙන නිසා ඒකට Pleasant look එකක් එනවා.

ඒත් එක්කම brand visibility එකටත් හොඳයිනෙ. Clock brand එකේ logo එකත් හොඳට පේනවා.

සමාන්‍යෙන් 8.20 වගේ වෙලාවල්වලත් සමමිතියක් තිබ්බට , ඒක sad face එකක් වගේනෙ.
හැබැයි 10:10 time එකේදි clock එක Smiley Face එකක් වගේ නේද ?
එතකොට ඒක psychologically effect වෙනව. මොකද ඒක positive impression එකක්නෙ😊

ඔයාලත් දන්න මේ වගේ දේවල් comment කරන් යමු 🔥😎

Elevators වල mirrors තියෙන්නෙ මොකක් නිසා කියලද ඔයාලා හිතන්නෙ ?😇එකක් තමයි psychological comfort, උදාහරණයක් විදිහට, Claust...
12/02/2025

Elevators වල mirrors තියෙන්නෙ මොකක් නිසා කියලද ඔයාලා හිතන්නෙ ?

😇එකක් තමයි psychological comfort,
උදාහරණයක් විදිහට,
Claustrophobia එහෙමත් නැත්තන් tight spaces වල ඉද්දි තියෙන anxiety එක අඩු කරන්න mirrors use කරනවා. මොකද mirror එකෙන් පේන reflection එක නිසා ඇතුලේ ඉඩ වැඩී වගේ පේනවා.

🤩ඒ වගේම, lift එකේ යන කාලෙ අතරතුර passengersලට බලන් ඉන්න දෙයක් හරි තියෙනවනෙ අඩුම තරමෙ,

⭕තව ඉතින් security reason එකක් විදිහටත්,
ඒ කියන්නෙ තමන්ගෙ පිටිපස්සෙ ඉන්න කෙනාව පේනවනෙ, pick pocket ගහන අයගෙන් තියෙන risk එක් උනත් සාමාන්‍ය දුරට අඩු කරගන්න පුලුවන්.

ඔයාලගෙ අදහසුත් පහලින් දාගෙන යමු.😁🔥

Elon musk, plan කරලා තියෙනවලු එයාගෙ starship rockets use කරන්න, ලෝකේ වටේ වේගෙන් යන්න (intercontinental travels වලට), අපි...
07/02/2025

Elon musk, plan කරලා තියෙනවලු එයාගෙ starship rockets use කරන්න, ලෝකේ වටේ වේගෙන් යන්න (intercontinental travels වලට), අපි flight එකකින් රට රටවල් වල යනවා වගේ.
Commercial Airline වලයි, starship වලයි time comparison එක ඔන්න පහළින් දැම්මා


https://youtu.be/GD2FOzSM9wg
11/01/2025

https://youtu.be/GD2FOzSM9wg

🎙️ In this video, I’m unboxing and testing my brand-new microphone, the Fantech Leviosa MCX01! 🔊 Watch as I dive into its sleek design, top-notch features,...

🧇Eating Disorders - ආහාර ගැනීමේ අක්‍රමිකතා( Mental Disorders - Part 3 )🌭🍿🫠Confused ! 🫢මොකක් කෑම කන එකෙත් Psychological S...
24/12/2022

🧇Eating Disorders - ආහාර ගැනීමේ අක්‍රමිකතා( Mental Disorders - Part 3 )
🌭🍿🫠

Confused ! 🫢මොකක් කෑම කන එකෙත් Psychological Side එකක් තියෙනවද කියල ඔයාට හිතෙනවා ඇති. ඔව් අපි කතා කරමු Psychological Disorder වල තියෙන කෑම කන්න බැරි ලෙඩයි , වැඩියෙන් කන ලෙඩයි ගැන.😉

🍞What is an eating disorder situation ?🥯🤯

Eating Disorders කියන්නෙ අපේ සෞඛ්‍යයට අහිතකර ආහාර පුරුදු ඇති වීමට හේතු වන මානසික තත්වයන් වලට. ඒක සිරුරේ බර හෝ සිරුරේ හැඩය ගැන පිස්සු අදහස් වලින් තමා සමහරවෙලාවට පටන් ගන්නෙ.
මේවා සමහරවෙලාවට බරපතල සෞඛ්‍ය අක්‍රමිකතා ඇති වෙන්නත් හේතු වෙනවා. ඒ වගේම ප්‍රතිකාර නොකර හිටියොත් මරණයට පවා හේතු වෙනවා.
ඇත්තටම, ආහාර ගැනීමේ අක්‍රමිකතා මාරන්තික රෝග අතර opioid overdose වලට දෙවැනි වෙනවා.

⭕Eating Disorders තියෙන රෝගින් ගැහැණු පිරිමි භේදයකින් තොර වූවත්, වැඩි වශයෙන් පිරිමි සහ ස්ත්‍රී පුරුශ නොවන පුද්ගලයන් අතර බලාගන්න පුලුවන්.
පෞර්ශ ලක්ශන සහ ජානමය බලපෑම්ද මේ රෝග ඇති වීමට හේතු වෙනවා.

⭕Commonly ගත්තොත් Eating Disorders තියෙන පුද්ගලයන්ගේ රෝග ලක්ශන කිහිපයක් බලාගන්න පුලුවන්.

🟢බර, ආහාර, කැලරි, මේද ආහාර පාලනය ගැන උනන්දු වීම
🟢මලබද්ධය, සීතල නොඉවසීම, උදර වේදනාව, 🟢උදාසීනත්වය
🟢බර වැඩිවීමට හෝ තරබාරු වීමට ඇති දැඩි බිය
🟢කුසගින්න දැනීම ප්රතික්ෂේප කිරීම
🟢නැවත නැවතත් බර කිරා බැලීම
🟢අධික ලෙස ව්‍යායාම කිරීම
🟢අසාමාන්‍ය රසායනාගාර පරීක්ෂණ ප්‍රතිඵල(රක්තහීනතාවය, අඩු තයිරොයිඩ් මට්ටම, 🟢අඩු හෝමෝන මට්ටම, අඩු පොටෑසියම්, අඩු රුධිර සෛල ගණන, මන්දගාමී හෘද ස්පන්දන වේගය)
🟢නින්දේ අක්‍රමිකතා
🟢මානසික අක්‍රමිතා
🟢මාශපේශී වල දුර්වලතා
🟢තුවාල සුවවීම ප්‍රමාදය

වැනි දේවල් ඒවායෙන් කිහිපයකි.

Eating Disorders Common Types ටිකක් ගැනත් මන් කතා කරන්නම්.

1. Anorexia Nervosa🫃

මෙය වඩාත් ප්‍රසිද්ධම Eating disoder එක බවට සලකනවා
බොහෝවිට මේ Type එක තියෙන්නෙ යොවුන් වියේ හෝ තරුණ වැඩිහිටි වියේ අයටයි. ඒ අතරත් පිරිමින්ට වඩා කාන්තාවන්ටයි.

Anorexia සහිත පුද්ගලන්, තමන්ට ඉතා අඩු බරක් තිබුණත්, සාමන්යෙන් තමන්ගේ බර වැඩී බවයි හිතන්නෙ.
ඒ නිසා ඔවුන් සමහර ආහාර ගැනීමෙන් වැළකී සිටී. ඔවුන්ගේ කැලරි ප්‍රමාණය සීමා කිරීමට ඔවුන් බොහෝවිට උත්සහ කරනවා.

2. Bulimia Nervosa🫃

මෙය තවත් ප්‍රසිද්ධ Eating Disoder එකකි.

මෙයත් බොහෝවිට යොවුන් හෝ තරුණ වියේ අය අතර පවතී.
මේ රෝගය ඇති අය අසාමන්‍ය ලෙස විශාල ආහාර ප්‍රමානයක් නිතර අනුභව කරයි. ඒ වගේම ඔවුන් හිතන්නෙ ඔවුන්ට ආහාර ගන්න එක නැවිත්වීමට හෝ තමන් කොපමණ ආහාර ගන්නවාද කියන දේ පිළිබඳව Control එකක් නැති බවයි.

3. Binge Eating Disorder🫃

මෙයත් අධික ලෙස ආහාර ගැනීමේ රෝගයකී. ඒවගේම මේ රෝගය ඇති අය ව්‍යායාම කිරීමට හෝ ඒ ගැන හිතන්නේවත් නැහැ.
මොවුන් ආහාර ගන්නා විට පෝශ්‍යදායි ආහාර තෝරා නොගනී. හෘද රෝග, ආඝාතය, දියවැඩියාව වගේ රෝග අවදානම් පවති.

4.Pica 🫠

Pica යනු ආහාර ලෙස නොසලකන හෝ පෝශ්‍ය ගුණයක් ලබා නොදෙන දේවල් ආහාරයට ගැනීම සම්බන්ද Eating Disorder එකකි.
Pica ඇති පුද්ගලයින් අයිස්, සබන් , හුණු , කඩදාසි , හිසකෙස් , රෙදි වැනි ආහාර නොවන දේවල් වලට කැමැත්තක් දක්වයි.

❇️මීට අමතරව Eating Disorders Types කිහිපයක්,

✴️Rumination Disorder
✴️Avoidant/restrictive food intake Disorder
✴️Purging Disoders
✴️Night Eating Syndrome
✴️Other Specified Feeding or Eating disorder(OSFED)

ඔන්න ඔයත් ඕනිවට වඩා ඇගේ බරයි , හැඩයයි ගැන හිතලා නොකා නොබී ඉන්නවනම් හරි, ඔනිවටත් වැඩිය කනවනම් හරි ඒ Eating Disorder එකක ලක්ශන වෙන්න පුලුවන්.😶
ඉක්මනින් වෛද්‍ය උපකාර ලබාගත්තොත් මේක වළක්වාගන්න පුලුවන් ඉක්මනින්.😋

✅Eating Disoder Treatments ගැන කතා කලොත්,
ඔබ වෛද්‍ය සහය ලබාගැනීම තමා කළයුතු හොඳම දේ, එවිට ඔබට Eating Disorders වලින් ඇති වෙන Anxiety තත්ව වලට ද Treaments ලබාගන්න පුලුවන්.

✅තවද පෝශන උපදෙස් ලබාගන්න පුලුවන් (Nutritional Counseling)

හොඳයි යාලුවනේ මන් මේ ගැන ගොඩක් සරලව අද කතා කලේ .
ඔයාලටත් වැදගත්නම් තව අමතර තොරතුරු මේ ගැන හොයලා බලන්න.
අඩුපාඩු තියෙනවනම් අනිවාරෙන් inform කරන්න.
Part 4 ත් එක්ක ඉක්මනින් හම්බෙමු.❤️

Good Luck !

-Kavindu Sri

😍❤️
23/08/2022

😍❤️

Address

No23, Pahala Halmillawa, Thambuttegama
Anuradhapura

Website

Alerts

Be the first to know and let us send you an email when Kavindu Sri posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Kavindu Sri:

Share