Future Technology Android+windows Guru

Future Technology Android+windows Guru දිනපතා අලුත් වන තාක්ශනික ලොකයේ තොරතු?

11/06/2025

2

11/06/2025

Sigiriya in 2250

17/12/2024

Mark 92

මේ තියෙන්නේ චීනයේ කන්දක් ආවරණය වෙන්න හදපු සූර්ය පැනල මිලියන ගාණක සූර්ය බලාගාරයක්. මෙකෙන් අක්කර 10590ක් ආවරණය කරනවා වගේම ...
13/03/2024

මේ තියෙන්නේ චීනයේ කන්දක් ආවරණය වෙන්න හදපු සූර්ය පැනල මිලියන ගාණක සූර්ය බලාගාරයක්. මෙකෙන් අක්කර 10590ක් ආවරණය කරනවා වගේම කිලෝ වොට් බිලියන 1.51 ක් ජනනය කරන්න පුළුවන්.
ලංකාවේ මේ වගේ එකක් හැදුවා නම් ඉතා අඩු මුදලකට විදුලිය මුළු ලංකාවටම දෙන්න තිබුණා.

අපි ගහක් ගලක් ගානෙ පන්සල් පල්ලි කෝවිල් අටව අටව ඉන්නවා 🤷🏽‍♂️

උපුටා ගැනිමක්-:

ඔයාගෙ phone එකත් සැරින් සැරේ චාර්ජ් කරන එක වදයක් නේද, අවුරුදු පනහකට විතර චාර්ජ් කරන්න ඕන නැති බැටරියක් තියන phone එකක් හ...
25/01/2024

ඔයාගෙ phone එකත් සැරින් සැරේ චාර්ජ් කරන එක වදයක් නේද, අවුරුදු පනහකට විතර චාර්ජ් කරන්න ඕන නැති බැටරියක් තියන phone එකක් හම්බුනොත් කොහොමද..?

චීනයෙහි Betavolt technology නම් සමාගමක් විසින් මේ සදහා මුලික පියවර තබමින් ජංගම දුරකථන සදහා න්‍යෂ්ටික බැටරියක් සංවර්ධනය කර තිබෙනවා. මෙහි විශේෂත්වයනම් මේයින් ජංගම දුරකථනයක් වසර 50ක් දක්වා අඛණ්ඩව නැවත චාර්ජ් නොකර භාවිතා කල හැකි වීමයි.

මීට පෙර නිපදවූ න්‍යෂ්ටික බැටරි සාර්ථක නොවුයේ ඒවා ඉතා විශාල විම හා ප්‍රමාණවත් තරම් බලයක් ඒවායින් සැපයිය නොහැකි වු නිසායි. එලෙසම plutonium වැනි redioactive material එකක් යොදාගැනීමත් ඉතා භයානක වුනා.

ඉතින් මේ නිසාම නව පියවරකට යොමු වෙමින් Betavolt සමාගම විසින් අර්ධ සන්නායක ලේයර් එකක් ලෙස ක්‍රියාකරන කෘතිම දියමන්ති ලෙයර් එකක් එහි radionuclide බැටරිය සදහා යොදාගෙන තිබෙනවා.

මෙය ලිතියම් බැටරි වලට වඩා 10 ගුණයක් බලවත් අතර බැටරි ග්‍රෑම් එකක් තුල පැයකින් මෙගාවොට් 3,300ක් ගබඩා කල හැකියි.

මෙහි battery cycle නොමැති බැවින් හායනයකට ලක්නොවන අතරම අහිතකර පරිසර තත්වයන්ගෙන් බලපැමක්ද ඇතිවන්නේ නැහැ.

සමාගම දැනටමත් 15 × 15 ×5 m.m ප්‍රමාණයෙන් යුතු BB 100 නමින් මෙහි වැඩකරන ආකෘතියක් නිර්මාණය කරඇති අතර එයින් මයික්‍රොවොට් 100ක විදුලියක් ජනනය කරනු ලබනවා. එලෙසම ඔවුන් ඉදිරි වසර දෙක තුලදී මෙම තාක්ෂණය පුළුල් කරමින් වොට් 1 දක්වා බලයක් නිර්මාණය කිරීමට අදහස් කර තිබෙනවා.

මෙහි හොද දෙයනම් මෙයින් කිසිදු විකිරණ කාන්දුවක් හෝ විෂ රසායන ද්‍රව්‍යයක් නිපද නොවීමයි.

2023 දෙසැම්බර් 14 නිකුත් වීමට නියමිත Nokia 6600 5G Smartphone එක.🔥 Network Technology: GSM / CDMA / HSPA / LTE / 5G.🔥 SI...
30/04/2023

2023 දෙසැම්බර් 14 නිකුත් වීමට නියමිත Nokia 6600 5G Smartphone එක.

🔥 Network Technology: GSM / CDMA / HSPA / LTE / 5G.

🔥 SIM: Dual Nano-SIM.

🔥 Display: 6.9” Inches Super AMOLED Full Touch Screen Display, which is protected by Corning Gorilla Glass 7.

🔥 Processor: Snapdragon 898 5G Mobile Platform.

🔥 Operating System: Android 13

🔥 Memory: 8/12 GB RAM and 128/256 GB ROM.

🔥 Camera: Quad 108 MP + 20 MP + 16 MP + 5 MP Rear Cameras and a 64 MP Front Camera.

🔥 Battery: Li-Polymer 6900 mAh Non-removable.

🔥 Sensor: Fingerprint, Face ID, accelerometer, gyro, proximity, compass, barometer.

🔥 Fast battery charging (65W Quick Charge 4.0+)

🔥 Wireless Charging Supported.

🔥 USB 4.0

🔥 IP69 certified (up to 2hrs in water 2m deep)

🔥 Audio Jack: 3.5 mm (Active noise cancellation with dedicated mic).

5G වලට වඩා 100 ගුණයක වේගයක් 6G හරහා වාර්තා කිරීමට චීන විද්‍යාඥයන් පිරිසක් සමත්  වේ=========================South China M...
06/06/2022

5G වලට වඩා 100 ගුණයක වේගයක් 6G හරහා වාර්තා කිරීමට චීන විද්‍යාඥයන් පිරිසක් සමත් වේ
=========================

South China Morning Postහි පලවී ඇති වාර්තාවකට අනුව චීනයේ විද්‍යාඥය න් පිරිසක් විසින් දුරකතන සන්නිවේදන ක්ෂේස්ත්‍රයේ විශාල පිම්මක් පැනීමට සමත් වී තිබෙනවා. එම වාර්තාව අනු ව චීනය විසින් තප්පරයට ගිගාබිට් 206.25ක වේගයෙන් radio transmission එකක් සිදු කරමින් ලෝකයේ වාර්තාගත දත්ත සම්ප්‍රේෂණ වේගයක් වාර්තා කිරීමට සමත් වී තිබෙනවා. එම දත්ත සම්ප්‍රේෂන වේගය වාර්තා කිරීමට සමත්ව ඇත්තේ චීන යේ 6G තාක්ෂණය පිළිබඳව පරීක්ෂණ කටයුතු කරමින් සිටි විද්‍යාඥයන් පිරිසක් විසිනි.

මෙම වේගය මේ වන විට ලොව පවතින 5G තාක්ෂණයේ උපරිම වේගය මෙන් 100 ගුණයක වේගයකි. මෙහි ඇති විශේෂත්වය වන්නෙ 5G තාක්ෂණය තවමත් මුළු ලොව පුරාම ප්‍රචලිත වී නැති වාතාවරණයක් යටතේදී පරීක්ෂණ මට්ටමේ පවතින 6G පරීක්ෂණ හරහා වාර්තා වීමයි.

තප්පරයට ගිගා බිට් 206.25ක වේගයක් යටතේ, පැය 59.5ක සම්පූර්ණ දර්ශන කාලයක් හිමි Marvel Cinematic Universe චිත්‍රපටි වල, තේරෙන භාෂාවෙන් කිව්වොත් MCU එකේ චිත්‍රපටි 4K මාදිලියෙන් බාගත කරගැනීමට යම් අයෙකුට වැය වන්නේ තප්පට 16ක් වැනි කුඩා කාලයක් පමණයි.

දකුණු කොරියාවේ වාර්තා වලට අනුව 6G සඳහා වන උපාංග 2030 වර්ෂයේදී වෙළඳපලට නිකුත් කිරීමට දකුණු කොරියාවට හැකියාව පවතින බව තහවුරු කර තිබෙනවා. යම් හෙයකින් 2030 වර්ෂය වන විට දකුණු කොරියාව පවසනවාක් මෙන් 6G උපාංග වෙළඳපලට නිකුත් කිරීමට සමත් වුවහොත් ලොව අඩුම කාලයක් පැවති දුරකතන සන්නිවේදන තාක්ෂණය ලෙස 5G තාක්ෂණය පත් වනු ඇත.

post by androidwedakarayo

17/04/2022

Ultimate Audio Player 17.4V

අපේ රටේ නිපදවූ සුපිරිම Audio Music Player එක

අපි මෙම මෘදුකාංගය ගැන කලින් ලිපියකින් ඔබව දැනුවත්කරා මතක ඇති. ඔන්න එහි අලුත්ම් සංස්කරණය 17.4 නිකුත්කර තිබෙනවා.

දේශිය වශයෙන් මෘදුකාංග නිපදවන පවර්සොෆ්ට් විසින් මෙය නිපදවා තිබෙනවා. පරිගණකයේ Mp3 ගීත අහන්න වගේම Mp3 එකක ඇති Tag වෙනස් කරන්නත් දැන් පුළුවන්. Audio Player එකක තිබුය යුතු මූලිකාංග ඇතුලත් කරලා මෙය නිපදවා තිබෙනවා. බලන්න තිර ඡායාරූප කිහිපයක්.

Mp3 එකක Tag වෙනස් කරන්නත් පුළුවන්.

Music Player එකක නැවතුවම බැරි Equalizer එකකුත් තියෙයි.

මෙතනින් පිවිස මෙම මෘදුකාංගය බාගන්න. මෙය ක්‍රියා කිරීමට පරිගණකයේ netframework 4.5 ඉන්ස්ටෝල් කරන්න ඕනෙ.

Technical Details

Software Name : Ultimate Audio Player 17.4v
File size : 15.5MB
Requirements : Windows All
License : Free
Publisher website : powersoftsl.yolasite.com

*Torrents ගැන සරලව*===============අපි ලග යම් දෙයක් (විඩීයෝවක් හෝ ඔඩීයෝ එකක්/ ෆිල්ම එකක්/ මෘදුකාංගයක් ) තියෙනවා කියලා හිත...
30/08/2021

*Torrents ගැන සරලව*
===============
අපි ලග යම් දෙයක් (විඩීයෝවක් හෝ ඔඩීයෝ එකක්/ ෆිල්ම එකක්/ මෘදුකාංගයක් ) තියෙනවා කියලා හිතමු.අපිට ඔනේ මේක අපේ යාලුවෙක් එක්ක බෙදා ගන්න.එත් එ යාලුවා අපි ලග නෙමේ ඉන්නේ එක නිසා ගිහින් දෙන්නත් බෑ.අපේ රටේ නෙට් ස්ලොව් (slow) නිසා කොහෙට හරි අප්ලොඩ් කරන්න ගියොත් එක complete වෙන කොට අපි නාකි වෙලා ඉදිවි.දැන් මොකද කරන්නේ
----------
ඔන්න දැන් තමා Torrent තියරිය ඇප්ලයි වෙන්නේ
----------
අපි කරන්නනේ මුලින්ම අපි ලග තියෙන අපිට අප්ලොඩ් කරන්න ඔන ෆයිල් එක වෙනුවෙන් එකටම විශේෂ වු ටොරන්ට් ෆයිල් එකක් හදා ගන්නවා.මේකට තමා Torrent එකක් කියන්නේ.මේක අපිට සරල මෘදුකාංලයක් ආධාරයෙන් හදා ගන්න පුලුවන්.මේක බොහෝම පුංචියි.ෆයිල් සයිස් එක කිලෝ බයිට් ගාණයි.මේකේ අඩංගු වෙන්නේ අපි අප්ලොඩ් කරන ෆයිල් එකේ නම/ එ ෆයිල් එකේ විශාලත්වය / ඩවුන්ලොඩ් කරන්න ඔන වෙබ් සයිට් එක වගේ දේවල් ටිකක්.
------------
ඔන්න දැන් මෙහෙම ෆයිල් එකක් හදා ගත්තම මූලික කොටස අහවරයි.දැන් අපි ලග ටොරන්ට් එක තියෙනවනේ.මේ Torrent File එක අපිට බෙදා හරින්න ඕනේ වෙනවා ඉ ලගට.එ මොකද අපි ලග Torrent File එක බෙදා හැරීමට අවශ්‍ය පහසුකම් නැති නිසා.ඔන්න දැන් තවත් අලුත් වචනයක් අපේ ශබ්ද කෝෂෙට එනවා.එ තමයි Tracker කියන වචනේ.හරියටම කිව්වොත් Torrent Tracker.Torrent Tracker එකක් කියලා අදහස් වෙන්නේ Torrent File Upload කරන්නන් හා Download කරන්නන් කලමනාකරනය කිරීම.එහෙම නැතිනම් මේ දෙගොල්ලෝ එකිනෙකාට මුණගස්වලා Download එක complete වෙනකම් මේ දෙගොල්ලෝ අතර සම්බන්ධතාවය පවත්වගෙන කට්ටිය තමා Trackers ලා වෙන්නේ. මේ විදියට Trackers ලා වශයෙන් සේවය සලසන වෙබ් අඩවි බුරුතු පිටින් මේ අපේ අන්තර් ජංජාලේ පුරා තියෙනවා (නොමිලේ සේවා සපයන).
---------------------
ඔයාලා Torrent File එකක් Download කරනකොට Trackersලා එයාලගේ ජොබ් එක පටන්ගන්නවා.
මේ අතරම Torrent File Download කරන්න පුලුවන් මෘදුකාංග ගැනත් කියන්න ඔනේ .මේවා හදලා තියෙන්නෙම Torrent File Download මයි.මේවා බොහෝම සරල මෘදුකාංග ගණයට වැටෙන්නේ.
-------------------
*මේක ක්‍රීයාත්මක වෙන විදිය කෙටියෙන්*
------------------------
*කව්රුහරි එක්කෙනෙක්(A) තමන් ලග තියෙන විඩීයෝවක් වෙනුවෙන් තමන් හැදුව Torrent File එක Tracker සයිට් එකකට අප්ලොඩ් කරනවා.තව කෙනෙක්(B) මේ Torrent File එක එ සයිට් එකෙන් අරගෙන Torrent Download Manager මෘදුකාංගයක් හරහා එම Torrent Download Manager මෘදුකාංගයට මේ Torrent File එක ලබා දිලා කලින් කිව්ව විඩීයෝ ෆයිල් එක Download කරන්න පටන් ගන්නවා.හැබැයි මේ විඩීයෝ ෆයිල් එක බෙදා හරින කෙනා(A) දිගටම මෙක Upload කරනවා එයාගේ Torrent Download Manager හරහා.මේ කියන Upload කරන ක්‍රියාවලිය Torrent භාෂාවෙන් හදුන්වන්නේ Seed (සීඩ්) කරනවා කියලා.එතකොට මේක බෙදා හරින්න මුල් උන පුද්ගලයා හදුන්වන්නේ Seeder(සීඩර්) කියලා.මෙයාට සිද්ධ වෙනවා අනෙක් කෙනා(B) Download කරලා ඉවර වෙනකම් දිගින් දිගටම සීඩ් කරන්න.නැත්නම් Download එක අතරමග නවතිනවා Active Seeds නෑ කියලා.දැන් අපි හිතමු Download කර කර හිටිය කෙනා (B) Download කරලා ඉවර උනා කියලා.ඔන්න එක Download කරලා ඉවර උන ගමන් Torrent Download Manager මෘදුකාංගය කාටත් හොරෙන් ඉබේටම මේක Upload කරන්න (Seed කරන්න ) පටන් ගන්නවා.දැන් එතකොට (A) (B) කියන දෙන්නම කටයුතු කරන්නේ Seeder(සීඩර්)ලා විදියට.දැන් මේ Torrent එකට Seeder(සීඩර්)ලා 2යි.ඔය විදියට මේක 100ක් Download කලොත් එයාලා Download කරලා ඉවර උන ගමන් එයාලගේ මැෂින් වලින් Seed (සීඩ්)කරන්න පටන් ගන්නවා.ඔන්න දැන් Seeder(සීඩර්)ලා 102යි. ඔන්න ඕකයි ස්ටෝරිය*

පරිගණකයේ වේගය වැඩි කරන Disk Defragmentation කියන්නේ මොකක්ද?=========================මුලින්ම කියන්න ඔනේ මේ කතාව අදාල වෙන්...
21/08/2021

පරිගණකයේ වේගය වැඩි කරන Disk Defragmentation කියන්නේ මොකක්ද?
=========================

මුලින්ම කියන්න ඔනේ මේ කතාව අදාල වෙන්නේ Hard Disk Drive (HDD)වලට විතරයි. තව විශේෂ දෙයක් තියෙනවා කවදාවත් SSD එකක් නම් Defragmentation කරන්න යන්න එපා ඒකෙන් වෙන්නේ SSD එකේ Writes ගාන වැඩි වෙලා Life Time එක අඩු වෙන එක විතරයි. ඔයාලට HDD හා SSD ගැන වැඩි විස්තර ඔය ලින්ක් එකට ගිහින් බලාගන්න පුලුවන්
----------------------------------------------------------
Defragmentation ගැන කතා කරන්න කලින් Fragmentation කියන්නේ මොකක්ද කියල කතා කරලා ඉමු. Fragmentation කියන එකේ තේරුම තමා කොටස් වලට වෙන්වීම ඉතින් මේක Hard Disk එකට අදාලවෙන්නේ මෙන්න මෙහෙම, Hard Disk එකේ Data Write කරන්නේ එකේ තියෙන තැටි(platter)උඩනේ. ඉතින් ඔයා File එකක් Edit කරනකොට, Save කරනකොට වෙගේ දේවල් වලදී Hard Disk එකේ Data Write වෙන්නේ තැනින් තැන, පිලිවෙලකට නෙවෙයි.
-------------------------------------------------------
ඉතින් ඒ File එකේ තැන තැන තියෙන කොටස් එකපාර Read කරන්න Hard disk එකට ලොකු මහන්සියක් දරන්න වෙන්වා ඔන්න එතකොට ඔයාගේ PC එක Slow වෙනවා උදාහරණයක් විදියට Fragmentation කියන්නේ හරියට අපිලිවෙලට තියෙන පොත් රාක්කයක් වගේ, ඕන කරන විශයක පොතක් හොයාගන්න ලොකු වෙලාවක් ගතකරන්න වෙනවා

-----------------------------------------------------------------

ඉතින් ඒ අපිලිවෙලට තියෙන පොත් ‍රාක්කේ විශයන් වලට වෙන්කරලා පිලිවෙලකට හදන එක තමා Defragmentation කියන්නේ.ඒකියන්නේ File එකේ තැන තැන තියෙන කොටස් Read කරන්න ලේසි වෙන්න පිළිවෙලකට හදන එක. Disk Defragmentation වලට සිංහලෙන් කියන්නේ 'තැටි ප්‍රතිභාගීකරණය' ඒ වචනෙ පාවිච්චි කරනවද නැද්ද කියන එක තීරණය කරන්න ඔනේ ඔයගොල්ලම තමා. පහල තියෙන gif image එකෙන් ඔයාලට Defragmentation කියන එක තවත් හොඳට තේරුම් යාවි

--------------------------------------------------------------------

Defragmentation කරන්නේ කොහොමද?
මේ වැඩේදී Disk Usage එක සමහර වෙලාවට 99% වගේ යන්වා ඒක නිසා PC වෙන මොනවත් වැඩක් නොකරන වෙලාවකට Defragmentation කරන්න. කාලෙකින් Defragmentation කරල නැත්නම් වැඩේ ඉවර වෙන්න විනාඩි 30කට වඩා යන්න පුලුවන්.
-----------------------------
Windows වලදි නම් 'Defragment and Optimise Drives' කියලා සර්ච් එකක් දාලා අදාල Softwear එක ඕපන් කරගන්න පුලුවන්. ඊට පස්සේ Defragmentation කරන්න ඔනේ Partition එක තෝරලා Optimize කියන එක දෙන්න.
---------------------------------------------

Linux හා MacOs වල තියෙන File Systems එක්ක Defragmentation කරන්න කිසිම අවශ්‍යතාවක් නෑ. ඒත් එතනදි 100% fragmentation නෑ කියල කියන්න බෑ.
--------------------------
එහෙනම් මේ වගේ තවත් තාක්ෂණික ලිපියකින් ආපහු හම්බවෙමු

copy

මොනවද මේ Web Serversවෙබ් ‍සර්වර් එකක් කියන්නේ සරලවම කිව්වොත්, සේවාදායකයන්(Clients) හට වෙබ් පිටු ලබා දෙන වැඩසටහනක්. මේ වෙ...
08/03/2021

මොනවද මේ Web Servers

වෙබ් ‍සර්වර් එකක් කියන්නේ සරලවම කිව්වොත්, සේවාදායකයන්(Clients) හට වෙබ් පිටු ලබා දෙන වැඩසටහනක්. මේ වෙබ් ‍සර්වර් පරිගණකයක් ඇතුළේ වෙබ් අඩවියක් හෝ කීපයක් තියෙන්න පුළුවන්. අන්තර්ජාලය ඔස්සේ මෙවැනි ‍වෙබ් පිටු සේවාදායකයන් හට ලබාදීම සඳහා HTTP නැතහොත් Hyper Text Transfer Protocol නැමති ‍ප්‍රොටෝකෝලය භාවිතා වෙනවා.

සාමාන්‍ය කුඩා ප්‍රමාණයේ වෙබ් අඩවි ස්ථාපනය(Host) කිරීම සඳහා හවුල්(Shared) වෙබ් සර්වරස් භාවිතා වෙනවා. ඒ කියන්නේ එක වෙබ් සර්වර් එකක් තුළ වෙබ් අඩවි කිහිපයක් තැන්පත් කිරීමයි. මේ සඳහා Virtual Hosting නැමති ක්‍රමය භාවිතා වෙනවා. මෙහි ද ප්‍රචලිත උපක්‍රම දෙකක් තිබෙනවා.

Name Based Virtual Hosting

මෙම ක්‍රමයේදී සිදුවන්නේ එක් Server පරිගණකයක විවිධ ‍ඩොමෙයින් නාම(Domain Name) සහිත වෙබ් අඩවි තැන්පත් කිරීමයි.

IP Based Virtual Hosting

මෙම ක්‍රමයේදී එක් Server පරිගණකයකට විවිධ IP Address සහිත වෙබ් අඩවි තැන්පත් කිරීමයි. මෙහිදී එකම පරිගණකය විවිධ IP Address සඳහා වෙබ් සේවාව සපයයි.

එනමුත් විශාල පරිමාණයේ වෙබ් අඩවි ස්ථාපනය කිරීම සඳහා වෙන්කරන ලද(Dedicated) Server පරිගණක භාවිතා කරනවා. ඒවාගේම ඒවායේ සර්වර් ධාරිතාව ඉතා අධික වන අතර අන්තරජාල සබඳතා වේගය(Bandwidth) ද අධික වෙනවා. මෙවැනි ‍අධික Traffic එකක් සහිත වෙබ් අඩවි සඳහා එක් ‍Server පරිගණකයක් පමණක් භාවිතා කිරීමෙන් එහි ප්‍රොසෙසින් ධාරිතාව(Processing Power), මතක ධාරිතාව(Ram Capacity), දත්ත ගබඩා පරිශ්‍රීලන(Database Access) හැකියාව වැනි දෑ ඉක්මවා යාමෙන් සේවාදායකයන් සඳහා නිසි පරිදි සේවාව සැපයීම කළ නොහැකි විය හැකි අතරම එම වෙබ් අඩවිය අකර්මණ්‍ය(Down) විමේ අවදානම වැඩි වෙනවා.

එබැවින් එවැනි වෙබ් අඩවි පවත්වාගෙන යාමේදී තවත් කරුණු කිහිපයක් ගැන සලකා බලනවා.

උපරිම උපයෝජ්‍යතාව(High Availability)

මෙහිදී වෙබ් සර්වරයේ ක්‍රියාකාරීත්වය ගැන විශේෂව සලකා බලනවා. සේවාදායකයන්ට එක දිගටම වෙබ් අඩවිය අකර්මණ්‍ය(Down) නොවී සේවාව ලබාදීම මෙහි අරමුණයි. මෙහිදී වෙබ් සර්වරස් කිහිපයක්, අන්තර්ජාල සබඳතා කිහිපයක් යොදා ගනිමින් එකක් අඩාල වුවහෙත් අනෙක ස්වයංක්‍රීයව හාවිතා වන පරිදි සකස් කර තියෙන්වා.

භාරය තුලනය(Load Balancing)

මෙහිදී මුළු කාර්යභාරය Server පරිගණක කිහිපයකට භාර දෙනවා. ‍මේ Server පරිගණක කිහිපයම එකවර ක්‍රියාත්මක වන අතර ලැ‍බෙන සේවාදායක ඉල්ලීම් (Requests) කිසියම් ඇල්ගොරිතමයකට අනුව මාරුවෙන් මාරුවට Server පරිගණක කිහිපයටම ලබාදෙනවා. ඒ නිසා එක් පරිගණකයකට ලැබෙන භාරය(Load) අඩු වීමෙන් ඒවා අකර්මණ්‍ය වීමේ අවදානම අඩු වෙනවා.

තවද වර්තමානයේ භාවිතා වන ඉහළම කාර්යක්ෂමතාවයක් සහිත වෙබ් සර්වර් තාක්ෂණය NGINX (‍මෙය කියවන්නේ ‘engine X’ ලෙසයි) ලෙස හැඳින්වෙනවා. ‍මෙම තාක්ෂණය සහිත වෙබ් සර්වරයකට දිනකට මිලියන 500 පමණ ඉල්ලීම්(Requests) ප්‍රමාණයකට වෙබ් පිටු ලබාදිය(Serve කල) හැකි යැයි පැවසෙනවා.

සාමාන්‍යයෙන් ඉතා විශාල ප්‍රමාණයේ වෙබ් අඩවි (Facebook,Google), ඒවාට ලැ‍බෙන ඉල්ලීම්(Requests) ප්‍රමාණය අධික නිසාම, තමන්ගේ වෙබ් අඩවිය වෙබ් ‍සර්වර්ස් ගණනාවකම තැන්පත් කර තබා ගන්නවා. එවිට ලැබෙන එක් ඉල්ලීමක්(Request) සඳහා පිළිතුරු සැපයීම සඳහා වෙබ් සර්වරස් ගණනාවක්ම තිබෙන බැවින් සේවාදායකයින්ට ඉහළ සේවාවක් ලබාදිය හැකි වෙනවා.

‍එහෙත් එයද ප්‍රමාණවත් නොවන අවස්ථාවන් වලදී, මෙම වෙබ් අඩවි ලෝකයේ ‍බොහෝ ස්ථාන වල ඇති මෙවැනි වෙබ් සර්වර් ගණනාවකකට ඇතුළත් කරනවා. එය CDN හෙවත් Content Delivery Network එකකට වෙබ් අඩවි ඇතුළත් කිරීම ලෙස හැඳින්වෙනවා. මෙම CDN පහසුකම තුළින් සේවාදායකයන්ට තමාට ආසන්නයේම ඇති ඇති වෙබ් සර්වරයෙන් පිළිතුරු ලබා දෙන බැවින්, ඉතා විශිෂ්ඨ, වේගවත් සේවාවක් ලබා දීමට හැකි වෙනවා. ඒ වාගේම මේ තුළින් ඒ ඒ කලාපයේ වෙබ් ඉල්ලීම් සලකා බලා, ඒ ඒ කලාපයට සරිලන සේ වෙබ් සර්වර් පිහිටුවීමට ද එම ‍වෙබ් සේවා සපයන සමාගම් වලට හැ
කි වෙනවා.

https://video.fcmb6-1.fna.fbcdn.net/v/t42.9040-2/44440317_2121832214515703_2534392233512140800_n.mp4?_nc_cat=106&efg=eyJ2ZW5jb2RlX3RhZyI6InN2ZV9zZCJ9&_nc_oc=AQkxR2skiCGPboT9UCRQyO7PHT7xCAHSgKTNa9n7VLcEqlQSa4sJqTUnUEzmW92FE2M&_nc_ht=video.fcmb6-1.fna&oh=1efb24c93050975315e950a98dafa99d&oe=5D7D0F5C

Address

No 90
Ambalangoda

Alerts

Be the first to know and let us send you an email when Future Technology Android+windows Guru posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share