Beauty Art Production

Beauty Art Production Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Beauty Art Production, Kandewihara Road, Aluthgama.

25/10/2025

“ශ්‍රී දළදා මාලිගාවේ තායි රාජා ඇතා සහ කැළණිය රජමහා විහාරය හිමි කණ්ඩුල යන හස්තීන් දෙදෙනා නැවත ශ්‍රී ලංකාවෙන් ආපසු ගෙන්වා ගැනීම සඳහා සාකච්ඡා ආරම්භ කර ඇති බව ස්වභාවික සම්පත් හා පරිසර අමාත්‍ය සුචාර්ට් චොම්ක්ලින් තහවුරු කර ඇත” - පුවතක්

අලි ඇතුන්ට ආදරේකරන අප සියලු දෙනා එක්ව සිට ගතයුතුව ඇත…
තායි රාජා සහ කණ්ඩුල කිනම් දේශයක උපත ලැබූවද ඔවුන් දැන් අපේය…

Our Hearts Beat for Them, Always Sri Lankan, Always Ours ❤️
Thai Raja | Kandula 💫


Elephant Heaven : Stories of Sri Lankan Elephants 💫

24/10/2025

When I asked a friend if I wanted to play in a place where there were elephants, 😂😅

මහරජ කාවන්තිස්සට පෙරමුණේ රැකවරණය සලසන සෙන්පති රඝූ 💝🍀☘️🍃.මහරජ කාවන්තිස්සට පෙරමුණින් මහරජුව රැකගෙන පෙරමුනෙන් ගමන් කරන රණශූ...
20/10/2025

මහරජ කාවන්තිස්සට පෙරමුණේ රැකවරණය සලසන සෙන්පති රඝූ 💝🍀☘️🍃.

මහරජ කාවන්තිස්සට පෙරමුණින් මහරජුව රැකගෙන පෙරමුනෙන් ගමන් කරන රණශූරයා හදුනාගත්තද. ඔව් ඒ අපේ දකුණු දල සහිත රඝූ ඇත් රජු.

නමුත් මෙහි පිරවිය නොහැකි අඩුවක් ඇත😢. වෙනදාට කාවන්තිස්සට පසුව තවත් අයෙක් පැමිනියා. ඔව් ඒ අපේ චණ්ඩි 💔 රඝූ විසින් මහරජු කාවන්තිස්සට ඉදිරිපස ආරක්ශාව සලසන විට කාවන්තිස්සගේ සෙවනැල්ල මෙන් ඔහුට පිටුපසින් සෙන්පති චණ්ඩි පැමිණියා.

නමුත් අද කාවන්තිස්සගෙ පිටුපස කවුරුත් නැත . නමුත් ආදර චණ්ඩි ඔබ අහසේ තරුවක් වී මහරජුව තවමත් රකින බව දන්නවා. ආදරනීය රඝූ, කාවන් ඔබ දෙපලටම නිදුක් නීරෝගීමත් දිවියක් Protect Elephants World Global Association අප ප්‍රාර්ථනා කරන්නෙමු.

ස්තූතියි 💝
දළදා සමිදු පිහිටයි 🙏

General Raghu, who provides protection to King Kavantissa at the front 💝🍀☘️🍃.

Did you recognize the warrior who is protecting the king at the front of tusker Kavantissa? Yes, that was our right-tusked Raghu, the tusker king.

But there is a gap here that cannot be filled😢. As usual, another gem came after Kavantissa. Yes, that was our Chandi 💔 When Raghu provided protection to king Kavantissa at the front, General Chandi came behind him like Kavantissa's shadow.

But today there is no one behind Kavantissa. But dear Chandi, you are a star in the sky and we know that you are still protecting the kng.Dear Raghu, Kavan, we wish you both a happy and healthy life.

Thank you 💝
May triple Gems bless you 🙏

📷 belongs to its talented photographer Merenchi's photo journey

කාවන්තිස්ස ඇතාට වෙඩි පහරක් ? සොයාබැලීමේ කටයුතු වලට නැවතත් පශුවෛද්‍යවරයා හරස් වෙයි ! මීට සති කීපයකට පෙර වාර්ෂික මද සමය නි...
20/10/2025

කාවන්තිස්ස ඇතාට වෙඩි පහරක් ? සොයාබැලීමේ කටයුතු වලට නැවතත් පශුවෛද්‍යවරයා හරස් වෙයි !

මීට සති කීපයකට පෙර වාර්ෂික මද සමය නිමවා සුපුරුදු ප්‍රදේශ කරා ගොස් සිටි කාවන්තිස්ස ඇතා නැවතත් ගල්ගමුවට ආසන්න ප්‍රදේශක සැරිසරන බවත් ඇතාගේ මුහුණ ප්‍රදේශයේ තුවාලයක් දක්නට ලැබෙන බවටත් අපට ලැබුණු තොරතුරක් මත ස්වේච්ඡාවෙන් ඒ පිළිබඳව සොයා බැලීම සඳහා දුෂ්කර ගමනකින් අනතුරුව අප එම ප්‍රදේශයට අද උදෑසන ගිය අතර කාවන්තිස්ස ඇතාවද දැකගන්නට ලැබිණි.

විශේෂයෙන්ම ඇතාගේ මුහුණ ප්‍රදේශයේ පවතින බව සැලවූ තුවාලය පිළිබඳව විමසා බැලීම සඳහා අප විසින් ඇතාගේ මුහුණ ප්‍රදේශයේ සමීප ඡායාරූපයක් ලබාගැනීමට, අනතුරුදායක ලෙස වැව් ජලයේ පවා බැසගෙන උත්සාහ කළ නමුත් ඇතා අප දෙස හැරී නොබැලීම හේතුවෙන් අපට ලබාගත හැකිවූයේ පහත ආකරයේ ඡායාරූප කීපයක් පමණි.මෙම ඡායාරූප වලද ඇතාගේ හොඬය ඉහල ප්‍රදේශයේ අලුත ඇතිවූ තුවාලයක් දක්නට ලැබෙන නමුත් එය සම්පූර්ණයෙන් නොපෙනෙන හෙයින් එම තුවාලය ඇතාට අනතුරුදායක තත්වයක පවතීදැයි නිශ්චිතවම කිව නොහැක.

ඒ හේතුවෙන් අප නැවතත් ඇතාගේ ඉදිරිපස ඡායාරූපයක් ලබාගැනීමේ බලාපොරොත්තුවෙන් ඇතා ගමන් කළ කැළයේ ඇති එළිමහන් ප්‍රදේශයකට ඇතා පැමිණේවිදැයි බලාපොරොත්තුවෙන් එම ප්‍රදේශය පෙනෙන දුරකින් රැඳී සිටින අතරතුර එම ස්ථානයට පැමිණි මීගලෑව වනජීවී කාර්‍යාලයේ නිළධාරීන් අප එම ප්‍රදේශයේ රැඳී සිටීමට හේතු විමසූ අතර,අප විසින් ඇතාට කරදර කරන බවට ලැබුණු තොරතුරු මත එසේ පැමිණි බව පැවසීය.

දැනගන්නට ලැබුනු ආකාරයට අප එම ප්‍රදේශයට පැමිණ සිටින බවට ප්‍රදේශයේ සිටින වන්දිබට්ටයෙකු මාර්ගයෙන් දැනගත් වනජීවී පශුවෛද්‍යවරයා අපව අත්අඩංගුවට ගැනීම සඳහා මීගලෑව වනජීවී කාර්‍යාලයේ නිළධාරීන්ව එම ස්ථානයට එවා ඇත.

නමුත් අප විසින් ඇතාට කිසිදු කරදරක් සිදු නොකළ අතර ඊට සාක්ෂි අප සතුව පවතී.නමුත් මීගලෑව වනජීවී කාර්‍යාලයේ නිළධාරීන් අපට එම ස්ථානයෙන් ඉවත්වන ලෙස දැනුම් දුන් අතර අප එතනින් ඉවත් වී ආපසු පැමිණියේය.ඒ හේතුවෙන් ඇතාගේ තුවාලය පිළිබඳව නිවැරදි තොරතුරක් ලබාගත නොහැකි විය.

කාවන්තිස්ස ඇතාගේ පවතින මෙම තුවාලය පිළිබඳව අප විසින් මීගළෑව වනජීවී කාර්‍යාලයේ නිළධාරීන්ගෙන් විමසීමේදී ඔවුන් ප්‍රකාශකලේ එය පැරණි තුවාලයක් බවත් වැඩිපුර ජලයේ බැස සිටීම නිසා එය අලුත් තුවාලයක් ලෙස පෙනෙන බවත්ය.නමුත් මීට සති කීපයකට පෙර කාවන්තිස්ස ඇතාගේ ලබාගත් ඡායාරූපයක්ද මෙහි අවසානයට දක්වා ඇති අතර මෙම අලුත් තුවාලය පවතින ස්ථානයේ කිසිදු තුවාලයක සළකුණක් එම ඡායාරූපයේ දක්නට නොලැබේ.

මේ හේතුවෙන් මෙම තුවාලය අලුත ඇතිවූ තුවාලයක් බව පැහැදිලි වන අතර එය වෙඩි තුවාලයක් හෝ ඇතෙකුගේ දළ පහරක් නිසා ඇතිවූ තුවාලයක් විය හැකිය.එසේම ඇතැම් විට එය ඇතාට අනතුරුදායක නොවන ඉබේම සනීපවන තුවාලයක් විය හැකිය.නමුත් එය නිශ්චිතවම අපට පැවසිය නොහැකි නිසා පශුවෛද්‍ය වරයාම මෙම ස්ථානයට ගොස් ඇතාට සමීප වී මේ පිළිබඳව සොයාබලා ඒ පිළිබඳව ක්‍රියාමාර්ගයක් ගැනීම වඩා සුදුසු අතර වනජීවී දෙපාර්තුමේන්තුව හරහා ඒ පිළිබඳව තොරතුරු ඉදිරියේදී අපට දැනගැනීමට හැකිවනු ඇත.

ලංකාවේ සිටින වටිනාම හස්තිරාජයෙක් වන කාවන්තිස්ස ඇතාගේ දැක්නට ලැබුනු මෙම තුවාලය පිළිබඳව අප විසින් මේ වනවිට 1992 වනජිවී හදිසි ඇමතුම් අංකයටද දන්වා ඇති අතර ප්‍රදේශය බාර මීගැලෑව වනජීවි කාර්‍යාලයද දැනුවත් කර ඇත.එබැවින් මේ පිළිබඳව හැකි ඉක්මනින් ක්‍රියාකිරීම ප්‍රදේශය බාර වනජීවී පශුවෛද්‍යවරයාගේ වගකීමක් වන අතර වනජීවී දෙපාර්ථමේන්තුවෙන් සහ නිකවැරටිය වනජීවී පශුවෛද්‍ය කාර්‍යාලයෙන් ඒ පිළිබඳව විමසා බැලීම කාවන්තිස්ස ඇතාට ඇලුම් කරන සැමගේත් වගකීමකි.

එසේම කාවන්තිස්ස ඇතා ඇතුළු අලි ඇතුන් පිළිබඳව ස්වේච්ඡාවෙන් සොයා බැලීම් සිදුකරන වනජීවී ඡායාරූප ශිල්පීන්ට සාවධ්‍ය චෝදනා එල්ල කර ඔවුන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමට වනජීවී නිළධාරීන් පෙළඹීම තුළින් ඉදිරියේදී මෙවන් වටිනා අලි ඇතුන් පිළිබඳව සොයා බැලීමේ කටයුතු වලින් ඔවුන් ඉවත්වීමට බොහෝවිට ඉඩකඩ පවතින අතර එසේ සොයාබැලීම් සිදුනොකර මෙම කාවන්තිස්ස ඇතා ඇතුළු වටිනා අලි ඇතුන්ගේ ජීවිත අනතුරේ වැටුනහොත් එහි සම්පූර්ණ වගකීම එම වනජීවී කාර්‍යාල වල නිළධාරීන් සහ එවන් බාධාකිරීම් සිදුකරන වනජීවී පශුවෛද්‍ය වරුන් පිටම පැටවෙන බවද අවධාරණය කර සිටින්නෙමු.

© Pathum Bandara | PathumS WILD

19/10/2025

"Happy Little Elephants Having Fun" 🐘 🥰

💫ගැඹුරු දියඹේ විස්මිත මාතෘ ප්‍රේමය! 🐋💙💫තල්මසුන් ක්ෂීරපායින් බව ඔබ අප කවුරුත් දන්නවා. නමුත් ඔවුන්ගේ පැටවුන්ට කිරි දෙන ආකා...
19/10/2025

💫ගැඹුරු දියඹේ විස්මිත මාතෘ ප්‍රේමය! 🐋💙💫

තල්මසුන් ක්ෂීරපායින් බව ඔබ අප කවුරුත් දන්නවා. නමුත් ඔවුන්ගේ පැටවුන්ට කිරි දෙන ආකාරය කොතරම් අසාමාන්‍යදැයි ඔබ දන්නවාද?
මෙය ඇත්තෙන්ම සොබාදහමේ විශිෂ්ට නිර්මාණයකි:
තල්මස් කිරි සාමාන්‍ය කිරි වගේ නොවේ! එහි මේදය (Fat) 50% ක් පමණ අඩංගුයි! එම නිසා, එය ක්‍රීම් හෝ දත් බෙහෙත් (ටූත්පේස්ට්) වගේ ඝනකමක් සහිතයි. මෙම ඝනකම නිසා එය මුහුදු ජලයේ දියවී යාම වළක්වන අතර, පැටවාට එක බිඳක්වත් අපතේ නොයවා ගිල දැමීමට හැකි වේ.

ගොඩබිම ක්ෂීරපායින් මෙන් පැටවාට මවගේ තන පුඩුවෙන් උරා බීමට නොහැක. ඒ වෙනුවට, මව විශේෂ මාංශ පේශී භාවිතයෙන් ඝනකම් කිරි සෘජුවම පැටවාගේ කට තුළට මුදා හරින (inject කරන) බව විශ්වාස කෙරේ. පැටවා තම දිව නළයක් මෙන් නවාගෙන එය ලබා ගනී.

මෙම අධික මේදය සහ පෝෂණය නිසා තල්මස් පැටවුන් පුදුම සහගත ලෙස වේගයෙන් වර්ධනය වේ. නිල් තල්මස් පැටවෙකුට දිනකට කිලෝග්‍රෑම් 90කට (රාත්තල් 200කට) වඩා වැඩි ප්‍රමාණයක් බරින් වැඩි විය හැකිය!
තල්මස් මවකට, ජලය යට සිටිමින් මෙවැනි පෝෂණයක් ලබා දීම යනු අතිවිශාල කැපකිරීමකි!

උපුටා ගැනීමකි ⚡
මිත්‍රවරුනී..මගේ පේජ් එකත් Follow කරලා සපෝට් එකක් දෙන්න..👉 Beauty Art Production 🫶💖

Address

Kandewihara Road
Aluthgama
12080

Telephone

+94721106788

Website

Alerts

Be the first to know and let us send you an email when Beauty Art Production posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share