Nenasala - නැණසල - Bogahawatta, Ahangama

Nenasala - නැණසල - Bogahawatta, Ahangama Welcome to Nenasala

06/11/2021

රතන සූත්රය - පදයෙන් පදය අර්ථය දැන ගන්න කැමති ඔබට

නිදාන කථාව හෙවත් දේශනා කිරීමට හේතුව

බුදුන් දවස විශාලා මහනුවර මහා දුර්භික්ෂයක් ඇති විය. ආහාර නොමැතිව කුසගින්නේ විශාල පිරිසක් මිය ගියහ. ඉවත් නොකළ මළමිනී කුණු වී හැමූ දුගඳින් මුළු නුවරම දුර්ගන්ධවත් විය. එහෙයින් අමනුෂ්යයෝ නුවර ආක්රමණය කළහ. මේ නිසා තවතවත් මිනිසුන් මිය යන්නට විය.

අධිකලෙස ගොඩගැසුණු කුණු වී ගිය මෘතදේහ හේතුවෙන් අභිවාතක නම් ඉතාමත් දරුණු රෝගයක් ඇතිවිය. මෙලෙස රෝග, දුර්භික්ෂ, හා අමනුෂ්ය යන තුන්බියෙන් වෙලීගිය නුවර වැසියෝ මේ බව රජතුමාට දැන්වූහ. බුදුන් වහන්සේ මේ නුවරට වැඩම කරවීමෙන් මෙම දුර්භික්ෂය දුරුකරගත හැකිවෙතැයි යන්න රජතුමන්ගේ සහ වැසියන්ගේ තීරණය විය.

පසුව බිම්බිසාර රජතුමන්ගේ අවසරය ඇතිව ලිච්ඡවී රජදරුවන් බුදුන් වහන්සේ හමුවී “ස්වාමීනි භාග්යවතුන් වහන්ස විශාලාවේ තුන්බියෙන් වෙලීගිය ජනතාවගේ හිතසුව පිණිස විශාලාවට වඩින්නැයි” ඉල්ලීමක් කළේය.

සම්බුද්ධ අණසකින් ලක්ෂයක් සක්වල ආරක්ෂාව සිදුවෙතැයි සලකා පන්සීයක් සංඝයාවහන්සේලා සමග විශාලාවට වැඩමකළ බුදුන්වහන්සේ රතන සූත්රය දේශනාකළ සේක. ඒ සමග ඇදවැටුණු මහා වර්ෂාවෙන් මළ සිරුරු සියල්ල ගංඟා වලට ගසාගෙන ගොස් නුවර පිරිසිදු විය.

ආන්නද හිමියන් අමතා තථාගතයන් වහන්සේ රතන සූත්රය ඉගෙන පූජා ද්රව්ය සහිතව ලිච්ඡවී රජදරුවන් සමග විශාලාවේ තුන් පවුරු වටා පිරිත් පැන් ඉසින්නැයි වදාළ සේක. ආන්නද හාමුදුරුවන් ද බුද්ධ පාත්රයට පිරිත්පැන් ගෙන රතන සූත්රය දේශනා කරමින් මුළු නුවරම පිරිත්පැන් ඉස්සාහ. මෙලෙස දින හතක් පුරා රතන සූත්රය දේශනා කිරීමෙන් තුන්බිය දුරුවිය. නුවර වැසියෝ සැනසුනාහ.

මෙම සූත්රය මනාව අවබෝධ කරගැනීමෙන් ආරක්ෂාව සළසා ගැනීමටත් නිවන් සාක්ෂාත් කර ගැනීමටත් ඔබට හැකිය. මෙහි ඇති විශේෂත්වය නම් මෙහි අන්තර්ගත ගාථාවල බුද්ධ, ධම්ම, සංඝ රත්නයන්හි ගුණ ස්වභාවයන් පැහැදිළිව පෙන්වා දී ඒ සත්ය බලයෙන් යහපත උදා වේවායි ප්රාර්ථනා කරමින් සියලුම ගාථා අවසන් කොට ඇති බැවිනි. එබැවින්ම මෙම වටිනා සූත්රය තුන් පිටකයෙන් උකහාගෙන පිරුවාණා පොත් වහන්සේට ඇතුළත් කොට ඇත. ඔබටත් නිවන් අවබෝධය පිණිස මෙම අර්ථ විවරණය මහෝපකාරී වේවා! ලෞකික මෙන්ම ලෝකෝත්තර ආරක්ෂාව අභිවෘද්ධිය සැලසේවා!
සාධු! සාධු! සාධු!


රතන සූත්රය පදයෙන් පදය අර්ථය

යානීධ භූතානි සමාගතානි- භුම්මානි වා යා නිව අන්තලික්ඛේ
සබ්බේව භූතා සුමනා භවන්තු- අථෝ පි සක්කච්ච සුණන්තු භාසිතං

යානි - යම්, ඉධ - මෙහි, භූතානි - අමනුෂ්ය කෙනෙක්, - සමාගතානි - රැස් වූවාහු වෙත් ද, භුම්මානි වා - භූමියෙහි උපන්නා වූ හෝ, යානිව - යම්, අන්තලික්ඛේ - අහසෙහි සිටින, සබ්බේ ව භූතා- ඒ සියලු අමනුෂ්යයෝ, - සුමනා භවන්තු - සතුටු සිත් ඇත්තාහු වෙත් වා. අථෝ පි - තව ද, සක්කච්ච - මනාකොට හෙවත් සකසා, භාසිතං- මාගේ වචනය. සුණන්තු - අසත්වා.

භූමියෙහි උපන්නා වූ හෝ අහසෙහි උපන්නා වූ හෝ යම් අමනුෂ්ය කෙනෙක් මෙහි රැස් වූවාහු වෙත් ද, ඒ සියලු භූතයෝ සතුටු සිත් ඇත්තාහු වෙත් වා. තව ද මාගේ වචනය මනාකොට අසත්වා.

තස්මාහි භූතා නිසාමේථ සබ්බේ මෙත්තං කරෝථ මානුසියා පජාය
දිවා ච රත්තෝච හරන්ති යෙ බලිං තස්මා හි නේ රක්ඛථ අප්පමත්තා

තස්මාහි - එහෙයින්, භූතා - අමනුෂ්යයිනි, නිසාමේථ සබ්බේ - සියල්ලෝම මාගේ ධර්මය අසවු, මෙත්තං කරොථ මානුසියා පජාය - මනුෂ්ය ප්රජාව කෙරෙහි මෛත්රිය කරවු, දිවා ච රත්තෝච - රෑ දාවල්හි, හරන්ති යෙ බලිං - තොපට පූජා ගෙනෙත් ද?, තස්මා හි - එහෙයින්, නේ - ඔවුන්, රක්ඛථ අප්පමත්තා - අප්රමාදීව රකිවු.

අමනුෂ්යයිනි, (යම් කරුණක් සඳහා තෙපි රැස්ව සිටින්නාහුද?) එහෙයින් සියල්ලෝම මාගේ ධර්මය අසවු. මනුෂ්ය ප්රජාව කෙරෙහි මෛත්රිය කරවු. යම් මනුෂ්ය කෙනෙක් රෑ දාවල්හි තොපට පූජා ගෙනෙත් ද? එහෙයින් ඔවුන් රකිවු.

යං කිඤ්චි විත්තං ඉධ වා හුරං වා සග්ගේසු වායං රතනං පණීතං
න නෝ සමං අත්ථි තථාගතේන ඉදම්පි බුද්ධේ රතනං පණීතං
ඒතේන සච්චේන සුවත්ථි හෝතු

යං කිඤ්චි - යම් කිසි, විත්තං - ධනයක් (වේ ද), ඉධ වා- මේ මනුෂ්ය ලෝකයෙහි හෝ, හුරං වා - අවශේෂ ලෝකයෙහි, සග්ගේසු වා - දිව්ය ලෝකයන්හි හෝ, යං රතනං පණීතං - යම් ප්රණීත රත්නයක් වේ ද? න නෝ සමං අත්ථි තථාගතේන - තථාගතයන් හා සමාන වූ ධනයක් හෝ රත්නයක් හෝ නැත්ම ය, ඉදම්පි බුද්ධේ රතනං පණීතං - බුදුරදුන් කෙරෙහි මෙය ද ශ්රේෂ්ඨ වූ රත්න භාවයෙකි, ඒතේන සච්චේන සුවත්ථි හෝතු - මේ සත්ය බලයෙන් සත්වයනට සෙත්වේවා.

මනුෂ්ය ලෝකයෙහි හෝ අවශේෂ ලෝකයෙහි හෝ යම් ධනයක් වේ ද, දිව්ය ලෝකයන්හි හෝ යම් රත්නයක් වේ ද? ඒ කිසි තැනෙක තථාගතයන් හා සමාන වූ ධනයක් හෝ රත්නයක් හෝ නැත්ම ය. බුදුරදුන් කෙරෙහි මෙය ද ශ්රේෂ්ඨ වූ රත්න භාවයෙකි. මේ සත්ය බලයෙන් සත්වයනට සෙත්වේවා.

ඛයං විරාගං අමතං පණීතං යදජ්ඣගා සක්ය මුනී සමාහිතො
න තේන ධම්මේන සමත්ථි කිඤ්චි - ඉදම්පි ධම්මේ රතනං පණීතං
ඒතේන සච්චේන සුවත්ථි හෝතු

සක්ය මුනී - ශාක්ය කුලයෙහි උපන් මුනි තෙම, සමාහිතො - සමාධියෙන් සුපිහිටි සිත් ඇතියේ, ඛයං - කෙළෙස් ක්ෂය වන, විරාගං - රාග දුරු කරන, අමතං - අමෘත, පණීතං - ප්රණීත වූ, යදජ්ඣගා - යම් නිවනක් නුවණින් අවබෝධ කළේ ද, න තෙන ධම්මේන සමත්ථි කිඤ්චි - ඒ නිර්වාණ ධර්මය හා සමාන වූ කිසි රත්නයෙක් නැත, ඉදම්පි ධම්මේ රතනං පණීතං - මෙය ද ධර්මයෙහි ශ්රේෂ්ඨ වූ රත්න භාවයෙකි, ඒතේන සච්චේන සුවත්ථි හෝතු - ඒ සත්ය බලයෙන් සෙත් වේවා.

ආර්ය මාර්ග සමාධියෙන් සුපිහිටි සිත් ඇති ශාක්ය කුලයෙහි උපන් මුනි තෙම රාගාදීන් ක්ෂයවන්නා වූ රාගාදියෙන් වෙන් වූ ප්රණීත යම් නිවනක් නුවණින් අවබෝධ කළේ ද, ඒ නිර්වාණ ධර්මය හා සමාන වූ කිසි රත්නයෙක් නැත. මෙය ද ධර්මයෙහි ශ්රේෂ්ඨ වූ රත්න භාවයෙකි. ඒ සත්ය බලයෙන් සෙත් වේවා.

යං බුද්ධ සෙට්ඨෝ පරිවණ්ණයී සුචිං සමාධිමානන්තරිකඤ්ඤ මාහු
සමාධිනාතේන සමෝ න විජ්ජති ඉදම්පි ධම්මේ රතනං පණීතං
ඒතේන සච්චේන සුවත්ථි හෝතු

යං බුද්ධ සෙට්ඨෝ - බුද්ධ ශ්රේෂ්ඨ තෙමේ, පරිවණ්ණයී සුචිං - ඉතා පිරිසිදු යමක් ප්රශංසා කොට ප්රකාශ කෙළේ ද? , සමාධිමානන්තරිකඤ්ඤ මාහු - (එම ධර්මය) ආනන්තරික සමාධියයි කියති, සමාධිනාතෙන සමොන විජ්ජති - ඒ සමාන වූ අන්කිසි සමාධියක් නැත. ඉදම්පි ධම්මේ රතනං පණීතං - මෙය ද ධර්මයෙහි ශ්රේෂ්ඨ රත්න භාවයෙකි. ඒතේන සච්චේන සුවත්ථි හෝතු - මේ සත්ය බලයෙන් සෙත්වේවා.

බුද්ධ ශ්රේෂ්ඨ තෙමේ ඉතා පිරිසිදු යමක් ප්රශංසා කොට ප්රකාශ කෙළේ ද? එය ආනන්තරික සමාධියයි කියති. ඒ සමාන වූ අන්කිසි සමාධියක් නැත. මෙය ද ධර්මයෙහි ශ්රේෂ්ඨ රත්න භාවයෙකි. මේ සත්ය බලයෙන් සෙත්වේවා.

යේ පුග්ගලා අට්ඨ සතම්පසත්ථා චත්තාරි ඒතානි යුගානි හොන්ති
තේ දක්ඛිණෙය්යා සුගතස්ස සාවකා- ඒතේසු දින්නානි මහප්ඵලානි
ඉදම්පි සංඝේ රතනං පණීතං - ඒතේන සච්චේන සුවත්ථි හෝතු

යේ පුග්ගලා අට්ඨ - යම් අෂ්ටාර්යය පුද්ගල කෙනෙක් වෙත්ද, සතම්පසත්ථා - බුද්ධාදී සත් පුරුෂයන් විසින් පසස්නා ලද, චත්තාරි ඒතානි යුගානි හොන්ති- ඔවුහු යුග සතරක් වෙති, තේ දක්ඛිණෙය්යා සුගතස්ස සාවකා- බුදුන් ගේ ශ්රාවක වූ ඒ ආර්යය පුද්ගලයෝ දක්ෂිණාවට සුදුසු වෙති, ඒතෙසු දින්නානි මහප්ඵලානි - ඔවුන් කෙරෙහි දුන් දානයෝ මහත්ඵල ඇත්තාහු වෙති. ඉදම්පි සංඝේ රතනං පණීතං - මෙය ද සංඝයා කෙරෙහි ප්රණීත වූ රත්නභාවයකි, ඒතේන සච්චේන සුවත්ථි හෝතු - මේ සත්ය බලයෙන් සෙත් වේවා.

බුද්ධාදී සත් පුරුෂයන් විසින් පසස්නා ලද යම් අෂ්ටාර්ය පුද්ගල කෙනෙක් වෙත්ද, පසස්නා ලද යම් ආර්ය පුද්ගල කෙනෙක් වෙත් ද ඔවුහු යුග සතරක් වෙති. බුදුන් ගේ ශ්රාවක වූ ඒ ආර්ය¸ පුද්ගලයෝ දක්ෂිණාවට සුදුසු වෙති. ඔවුන් කෙරෙහි දුන් දානයෝ මහත්ඵල ඇත්තාහු වෙති. මෙය ද සංඝයා කෙරෙහි ප්රණීත වූ රත්නභාවයකි. මේ සත්ය බලයෙන් සෙත් වේවා.

යේ සුප්ප යුත්තා මනසා දළ්හේන නික්කාමිනෝ ගෝතම සාසනම්හි
තෙ පත්තිපත්තා අමතං විගය්හ - ලද්ධා මුධා නිබ්බුතිං භුඤ්ජමානා
ඉදම්පි සංඝේ රතනං පණීතං - ඒතේන සච්චේන සුවත්ථි හෝතු

යේ - යම් රහත් කෙනෙක්, සුප්පයුත්තා මනසා දළ්හේන- මනා කොට යෙදුනාහු ස්ථිර සිතින්, නික්කාමිනෝ - සියලු කෙලෙසුන්ගෙන් නික්මුණාහු, ගෝතම සාසනම්හි - ගෞතම ශාසනයෙහි, තේ - ඔවුහු, පත්තිපත්තා - පැමිණිය යුතු රහත් ඵලයට පැමිණියාහු වෙති, අමතං විගය්හ - නිවනට අරමුණු වශයෙන් බැස, ලද්ධා මුධා නිබ්බුතිං භුඤ්ජමානා- ඵල සමවත් සුවය ලැබ අනුභව කරන්නාහු (වෙති), ඉදම්පි සංඝේ රතනං පණීතං - මෙය ද සංඝයා කෙරෙහි ප්රණීත වූ රත්න භාවයෙකි. ඒතේන සච්චේන සුවත්ථි හෝතු- මේ සත්ය බලයෙන් සෙත් වේවා.

යම් රහත් කෙනෙක් ගෞතම ශාසනයෙහි මනා කොට යෙදුනාහු ස්ථිර සිතින් සියලු කෙලෙසුන් ගෙන් නික්මුණාහු ද, ඔවුහු නිවනට අරමුණු වශයෙන් බැස ඵල සමවත් සුවය ලැබ අනුභව කරන්නාහු පැමිණිය යුතු රහත් ඵලයට පැමිණියාහු වෙති. මෙය ද සංඝයා කෙරෙහි ප්රණීත වූ රත්න භාවයෙකි. මේ සත්ය බලයෙන් සෙත් වේවා.

යථින්ද ඛීලෝ පඨවිංසිතෝ සියා චතුබ්භිවාතේහි අසම්පකම්පියෝ
තථූපමං සප්පුරිසං වදාමි- යෝ අරියසච්චානි අවෙච්ච පස්සති
ඉදම්පි සංඝේ රතනං පණීතං - ඒතේන සච්චේන සුවත්ථි හෝතු


යථින්ද ඛීලෝ- ඉන්ද්රඛීල නම් වූ කණුව යම්සේ, පඨවිංසිතෝ සියා- පොළොව ඇතුළට පිවිස සිටියේ, චතුබ්භිවාතෙහි - සිවු දිගින් හමන සුලඟින්, අසම්පකම්පියො - සොලවාලිය නොහැකි වන්නේ ද? යෝ අරියසච්චානි අවෙච්ච පස්සති - යමෙක් ආර්ය සත්යයයන් නුවණින් බැස දකී නම්, තථූපමං සප්පුරිසං වදාමි- ඒ සත් පුරුෂයා එබඳු ඉන්ද්රඛීලය හා සමාන කොට කියමි. ඉදම්පි සංඝේ රතනං පණීතං - මෙය සංඝයා කෙරෙහි ප්රණීත රත්න භාවයෙකි. ඒතේන සච්චේන සුවත්ථි හෝතු- මේ සත්ය බලයෙන් සත්වයනට සෙත් වේවා.

ඉන්ද්රඛීල නම් වූ කණුව යම්සේ පොළොව ඇතුළට පිවිස සිටියේ සිවු දිගින් හමන සුලඟින් සොලවාලිය නොහැකි වන්නේ ද? යමෙක් ආර්ය සත්යයෙන් නුවණින් බැස දකී නම් ඒ සත් පුරුෂයා එබඳු ඉන්ද්රඛීලය හා සමාන කොට කියමි. මෙය සංඝයා කෙරෙහි ප්රණීත රත්න භාවයෙකි. මේ සත්ය බලයෙන් සත්වයනට සෙත් වේවා.

යේ අරිය සච්චානි විභාවයන්ති ගම්භීර පඤ්ඤෙන සුදේසිතානි
කිඤ්චාපි තේ හොන්ති භුසප්පමත්තා - න තේ භවං අට්ඨමං ආදියන්ති
ඉදම්පි සංඝේ රතනං පණීතං - ඒතේන සච්චේන සුවත්ථි හෝතු

යෙ - යමෙක්, ගම්භීර පඤ්ඤෙන - ගැඹුරු නුවණ ඇති සර්වඥයන් වහන්සේ විසින්, සුදේසිතානි - මැනවින් දේශිත, අරිය සච්චානි - ආර්යය සත්යයන්, විභාවයන්ති - තමනට ප්රකට කෙරෙත්ද?, කිඤ්චාපි තෙ හොන්ති භුසප්පමත්තා- ඔවුහු කිසිසේත් බොහෝ සේ පමා වුවත් - න තෙ භවං අට්ඨමං ආදියන්ති- අටවන භවයක් නම් නොගනියි (හත් වතාවක් තුළ අර්හත් භාවයට පත් වේ. ඉදම්පි සංඝේ රතනං පණීතං - මෙය ද සඞඝයා කෙරෙහි ශ්රේෂ්ඨ රත්න
භාවයකි, ඒතේන සච්චේන සුවත්ථි හෝතු- මේ සත්ය බලයෙන් සෙත් වේවා.

යමෙක් ගැඹුරු නුවණ ඇති සර්වඥයන් වහන්සේ විසින් මැනවින් දේශිත ආර්ය සත්යයන් තමනට ප්රකට කෙරෙත්ද? ඔවුහු කිසිසේත් බොහෝ සේ පමාවූවෝ වෙත්ද, ඔවුහු අටවන භවයක් නම් නො ගනිති. මෙය ද සඞඝයා කෙරෙහි ශ්රේෂ්ඨ රත්න භාවයකි. මේ සත්ය බලයෙන් සෙත් වේවා.

සහාවස්ස දස්සන සම්පදාය තයස්සුධම්මා ජහිතා භවන්ති
සක්කාය දිට්ඨි විචිකිච්ඡිතඤ්ච - සීලබ්බතං වාපි යදත්ථි කිඤ්චි
චතූහපායේහිච විප්පමුත්තො - චඡාභිඨානානි අභබ්බෝකාතුං
ඉදම්පි සංඝේ රතනං පණීතං - ඒතේන සච්චේන සුවත්ථි හෝතු

සහාවස්ස දස්සන සම්පදාය - දර්ශන සමාපත්තිය සමග ම, සක්කාය දිට්ඨි- සක්කාය දිට්ඨිය ද, විචිකිච්ඡිතඤ්ච- විචිකිච්ඡාව ද, සීලබ්බතං වාපි යදත්ථි කිඤ්චි- යම්කිසි සීලබ්බත පරාමාසයෙක් ඇත්නම් එය ද යන,

තයස්සුධම්මා ජහිතා භවන්ති- සංයෝජන ධර්ම තුන ඔහු විසින් හරන ලද්දාහු වෙති. චතූහපායේහිච විප්පමුත්තො - හේ සතර අපායෙන් මිදුනේ ද වේ. චඡාභිඨානානි අභබ්බෝකාතුං- පඤ්චානන්තරිය කර්ම හා අන්ය ශාස්තාවරයකු ඇදහීම ද කරන්නට සුදුසු නො වේ. ඉදම්පි සංඝේ රතනං පණීතං - මෙය සංඝයා කෙරෙහි ශ්රේෂ්ඨ රත්න භාවයෙකි. ඒතේන සච්චේන සුවත්ථි හෝතු - මේ සත්ය බලයෙන් සත්වයනට සෙත් වේවා.

දර්ශන සමාපත්තිය සමග ම සක්කාය දිට්ඨිය ද, විචිකිච්ඡාවද යම්කිසි සීලබ්බත පරාමාසයෙක් ඇත්නම් එය ද යන සංයෝජන ධර්ම තුන ඔහු විසින් හරන ලද්දාහු වෙති. හේ සතර අපායෙන් මිදුනේ ද වේ. පඤ්චානන්තරිය කර්ම හා අන්ය ශාස්තාවරයකු ඇදහීම ද කරන්නට සුදුසු නො වේ.මෙය සංඝයා කෙරෙහි ශ්රේෂ්ඨ රත්න භාවයෙකි. මේ සත්ය බලයෙන් සත්වයනට සෙත් වේවා.

කිඤ්ඤාපි සො කම්මං කරෝති පාපකං - කායේන වාචා උද චේතසා වා
අභබ්බෝ සෝ තස්ස පටිච්ඡාදාය - අභබ්බතා දිට්ඨ පදස්ස වුත්තා
ඉදම්පි සංඝේ රතනං පණීතං - ඒතේන සච්චේන සුවත්ථි හෝතු

සෝ - ඒ සෝවාන් පුද්ගල තෙමේ, කායේන වාචා උද චෙතසා වා - කයින් වචනයෙන් හෝ සිතින්, කිඤ්ඤාපි කම්මං කරෝති - යම් පවක් කෙරේද? සෝ - හෙතෙම, තස්ස පටිච්ඡාදාය අභබ්බො - එය සඟවාලීමට නොහැක්කේ වෙයි. දිට්ඨ පදස්ස - නිවන් දුටුවහු ගේ, අභබ්බතා වුත්තා - පව් සැඟවීමට නො හැකි යැයි කියයි.
ඉදම්පි සංඝේ රතනං පණීතං - මෙය ද සංඝයා කෙරෙහි ප්රණීත වූ රත්න භාවයෙකි. ඒතේන සච්චේන සුවත්ථි හෝතු - මේ සත්ය බලයෙන් සත්වයනට සෙත් වේවා.

ඒ සෝවාන් පුද්ගල තෙමේ කයින් වචනයෙන් හෝ සිතින් යම් පවක් කෙරේද? හෙතෙම එය සඟවාලීමට නො හැකි වෙයි. නිවන් දුටුවහු ගේ පව් සැඟවීමේ නො හැකි යැයි කියයි. මෙය ද සංඝයා කෙරෙහි ප්රණීත වූ රත්න භාවයෙකි. මේ සත්ය බලයෙන් සත්වයනට සෙත් වේවා.

වනප්පගුම්බේ යථා ඵුස්සිතග්ගේ ගිම්හාන මාසේ පඨමස්මිං ගිම්හේ
තථූපමං ධම්මවරං අදේසයි - නිබ්බාණගාමිං පරමං හිතාය
ඉදම්පි බුද්ධේ රතනං පණීතං - ඒතේන සච්චේන සුවත්ථි හෝතු

යථා - යම්සේ, ගිම්හාන මාසේ - ගී්ේරෂ්ම ඍතුවේ පළමු වන බක් මසෙහි, වනප්පගුම්බේ - රුක් ලැහැබ්හි, ඵුස්සිතග්ගේ - පිපුණු අග ඇත්තේ වේ ද? තථූපමං - එබඳු උපමා ඇති, නිබ්බාණගාමිං - නිවනට පමුණුවන, ධම්මවරං - උතුම් ධර්මයක්, පරමං හිතාය - පරම හිත පිණිස, අදේසයි - දෙසී ය. ඉදම්පි බුද්ධේ රතනං පණීතං - මෙය බුදුරදුන් කෙරෙහි ශ්රේෂ්ඨ වූ රත්න භාවයකි. ඒතේන සච්චේන සුවත්ථි හෝතු - මෙම සත්ය බලයෙන් සත්වයනට සෙත් වේවා.

ගී්ුරෂ්ම ඍතුවෙ පළමු වන බක් මසෙහි රුක් ලැහැබ් යම්සේ පිපුණු අග ඇත්තේ වේ ද? බුදුරජ තෙම එබඳු උපමා ඇති නිවනට පමුණුවන උතුම් ධර්මයක් පරම හිත පිණිස දෙසී ය.මෙය බුදුරදුන් කෙරෙහි ශ්රේෂ්ඨ වූ රත්න භාවයකි. මෙම සත්ය බලයෙන් සත්වයනට සෙත් වේවා.

වරෝ වරඤ්ඤු වරදෝ වරාහරෝ අනුත්තරෝ ධම්මවරං අදේසයි
ඉදම්පි බුද්ධේ රතනං පණීතං - ඒතේන සච්චේන සුවත්ථි හෝතු

වරෝ- උතුම් වූ, වරඤ්ඤු - නිවන දන්නා වූ, වරදෝ - නිවන දෙන්නා වූ, වරාහරෝ - නිවන ගෙනදෙන, අනුත්තරෝ - අනුත්තර වූ, ධම්මවරං - උතුම් ධර්මයක්, අදෙසයි- දෙසීය. ඉදම්පි බුද්ධේ රතනං පණීතං - මෙය ද බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශ්රේෂ්ඨ වූ රත්න භාවයෙකි. ඒතේන සච්චේන සුවත්ථි හෝතු - මේ සත්ය බලයෙන් සත්වයනට සෙත් වේවා.

උතුම් වූ නිවන දන්නා වූ නිවන දෙන්නා වූ ශ්රේෂ්ඨ වු බුදුරජාණන් වහන්සේ උතුම් ධර්මයක් දෙසූ සේක. මෙය ද බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශ්රේෂ්ඨ වූ රත්න භාවයෙකි. මේ සත්ය බලයෙන් සත්වයනට සෙත් වේවා.

ඛීණං පුරාණං නවං නත්ථි සම්භවං විරත්ත චිත්තා ආයතිකේ භවස්මිං
තේ ඛීණ බීජා අවිරූළ්හිච්ඡන්දා - නිබ්බන්ති ධීරා යථා යං පදීපෝ
ඉදම්පි සංඝේ රතනං පණීතං - ඒතේන සච්චේන සුවත්ථි හෝතු

ඛීණං පුරාණං - (යම් කෙනෙකුගේ) පුරාණ කර්ම ගෙවී ගියේ ද, නවං නත්ථි සම්භවං - පහළ වන අළුත් කර්මයකුත් නැත් ද, ආයතිකේ භවස්මිං- මතු භවයෙහි, විරත්ත චිත්තා - නො ඇලුණූ සිත් ඇති, තෙ ධීරා - ඒ ධෘතිමත් රහත් උතුමෝ, ඛීණ බීජා - ක්ෂය කළ ප්රතිසන්ධී විඥාන බීජ ඇති, අවිරූළ්හිච්ඡන්දා - වැඩෙන ඡන්දයක් නැති, යථා යං පදීපෝ- යම් සේ මේ නිවුණු පහන් මෙන්, නිබ්බන්ති - පිරිනිවෙති. ඉදම්පි සංඝේ රතනං පණීතං - මෙය ද සංඝයා කෙරෙහි උතුම් රත්න භාවයෙකි. ඒතේන සච්චේන සුවත්ථි හෝතු ¬ මේ සත්ය බලයෙන් සෙත්වේවා.

යම් කෙනෙකුගේ පුරාණ කර්ම ගෙවී ගියේ ද, පහළ වන අළුත් කර්මයකුත් නැත් ද, මතු භවයෙහි නො ඇලුණූ සිත් ඇති ක්ෂය කළ ප්රතිසන්ධී විඥාන බීජ ඇති වැඩෙන ඡන්දයක් නැති ඒ ධෘතිමත් රහත්හු මේ නිවුණු පහන් මෙන් පිරිනිවෙති. මෙය ද සංඝයා කෙරෙහි උතුම් රත්න භාවයෙකි. මේ සත්ය බලයෙන් සෙත්වේවා.

යානීධ භූතානි සමාගතානී භුම්මානි වා යානිව අන්තලික්ඛේ
තථාගතං දෙව මනුස්ස පූජිතං - බුද්ධං නමස්සාම සුවත්ථි හෝතු

යානි - යම්, ඉධ - මෙහි, භූතානි - අමනුෂ්ය කෙනෙක්, - සමාගතානි - රැස් වූවාහු වෙත් ද, භුම්මානි වා - භූමියෙහි උපන්නා වූ හෝ, යානිව - යම්, අන්තලික්ඛේ - අහසෙහි හෝ (ඒ අපි), තථාගතං - තථාගතයන් වහන්සේ, දේව මනුස්ස පූජිතං - දෙව් මිනිසුන් විසින් පුදනලද්දේය, බුද්ධං නමස්සාම - බුදුන්ට නමස්කාර කරමු- සුවත්ථි හෝතු - මේ සත්ය බලයෙන් සෙත්වේවා.

පොළොවෙහි උපන් හෝ අහසෙහි උපන් හෝ අමනුෂ්ය කෙනෙක් මෙතැන්හි රැස්ව සිටිත්ද, ඒ අපි දෙව් මිනිසුන් විසින් පුදනලද බුදුරදුන් වඳිමු. (මේ සත්ය බලයෙන්) සෙත්වේවා.

යානීධ භූතානි සමාගතානී භුම්මානි වා යානිව අන්තලික්ඛේ
තථාගතං දෙව මනුස්ස පූජිතං - ධම්මං නමස්සාම සුවත්ථි හෝතු

යානි - යම්, ඉධ - මෙහි, භූතානි - අමනුෂ්ය කෙනෙක්, - සමාගතානි - රැස් වූවාහු වෙත් ද, භුම්මානි වා - භූමියෙහි උපන්නා වූ හෝ, යානිව - යම්, අන්තලික්ඛේ - අහසෙහි හෝ (ඒ අපි), තථාගතං - තථාගතයන් වහන්සේ, දේව මනුස්ස පූජිතං - දෙව් මිනිසුන් විසින් පුදනලද්දේය, ධම්මං නමස්සාම - ධර්මයට නමස්කාර කරමු- සුවත්ථි හෝතු - (මේ සත්ය බලයෙන්) සෙත්වේවා.

පොළොවෙහි උපන් හෝ අහසෙහි උපන් හෝ යම් අමනුෂ්ය කෙනෙක් මෙතැන්හි රැස්ව සිටිත් ද? ඒ අපි දෙව්මිනිසුන් විසින් පුදන ලද තථාගත දේශිත ධර්මය වඳිමු.

යානීධ භූතානි සමාගතානී භුම්මානි වා යානිව අන්තලික්ඛේ
තථාගතං දෙව මනුස්ස පූජිතං - සඞඝං නමස්සාම සුවත්ථි හෝතු

යානි - යම්, ඉධ - මෙහි, භූතානි - අමනුෂ්ය කෙනෙක්, - සමාගතානි - රැස් වූවාහු වෙත් ද, භුම්මානි වා - භූමියෙහි උපන්නා වූ හෝ, යානිව - යම්, අන්තලික්ඛේ - අහසෙහි හෝ (ඒ අපි), තථාගතං - තථාගතයන් වහන්සේ, දේව මනුස්ස පූජිතං - දෙව් මිනිසුන් විසින් පුදනලද්දේය, සංඝං නමස්සාම - සංඝරත්නයට නමස්කාර කරමු- සුවත්ථි හෝතු - (මේ සත්ය බලයෙන්) සෙත්වේවා.

පොළොවෙහි උපන් හෝ අහසෙහි උපන් හෝ යම් අමනුෂ්ය කෙනෙක් ;ම තැන්හි රැස්ව සිටිත් ද, ඒ අපි දෙවි මිනිසුන් විසින් පුදන ලද ශ්රාවක සඞඝයා වහන්සේ වඳිමු.

15, 16, 17 ශක්රදේවේන්ද්රයා විසින් කියන ලද ගාථා තුනකි. උදේ සවස උවදුරු දුරු කර ගැනීම සඳහා භාවිත කළයුතු උතුම් සෙත් පිරිතකි. රතන සූත්රෙය් ඒ ඒ කොටස් ගෙන මැතිරීමෙන්, ජප කිරීමෙන් සතුරු කරදර, රෝග පීඩා, අණ වින, වසංගත රෝග, යක්ෂ ප්රේත භය දුරු වේ. සතුන්ගෙන් හා කෘමීන්ගෙන් වගාවන්ට සිදුවන හානි වැළකේ.

ඔබට උතුම් තුණුරුවන් ආනුභාවයෙන් සෙත් වේවා!
සාධු සාධු සාධු !!!

රාජකීය පණ්ඩිත පූජ්ය දෑරංගල කුසලඤාණ හිමි
කථිකාචාර්ය- ශ්රී ලංකා ජාත්යන්තර බෞද්ධ විශ්ව විද්යාලය

උපුටාගැනීම :- ( බුදුසරණ අන්තර්ජාල කලාපය )

මේ පින් අප සෑම සියලු දෙනාට උතුම් නිවන් අවබෝධය පිණිස හේතු වේවා..තෙරුවන් සරණයි

"Youtube Monetization" එනම් යූටියුබ් ඔස්සේ මුදල් ඉපයීම ශ්‍රී ලංකාවට නිල වශයෙන් නිකුත් කර තිබේ.මෙවන් වටිනා තාක්ෂණික හා අධ...
05/12/2020

"Youtube Monetization" එනම් යූටියුබ් ඔස්සේ මුදල් ඉපයීම ශ්‍රී ලංකාවට නිල වශයෙන් නිකුත් කර තිබේ.

මෙවන් වටිනා තාක්ෂණික හා අධ්‍යාපනික තොරතුරු රැසක් සමගින් ඔබ වෙත එන සොෆ්ට්වෙයාර් ගුරු ලංකා වෙබ් අඩවිය වෙත පිවිස වෙනස අත්විඳින්න.

http://softwaregurulanka.blogspot.com/?m=0

Get  LKR 3,700.06 !
05/09/2020

Get LKR 3,700.06 !

Your bonus is waiting to be activated.

1 වසර සිට 13 වසර දක්වා සියලුම විෂයයන් නිවසේ සිට ඉගෙන ගන්න. දත්ත ගාස්තු අය නොකෙරේ.
26/03/2020

1 වසර සිට 13 වසර දක්වා සියලුම විෂයයන් නිවසේ සිට ඉගෙන ගන්න. දත්ත ගාස්තු අය නොකෙරේ.

Software Guru Lanka is a technology magazine comes with latest free softwares, games and online tools for Windows or Android.

02/11/2015
02/11/2015

This video directed by Udaya Dharmawardhana is the theme song of ICTA CREDITS: DOP: Chinthaka Somakeerthi, EDITOR: Rangana Prasad & Chandana Sadakalum GRAPHI...

Address

Nenasala Center, Siri Pemarathana Pirivena, Bogahawatta
Ahangama
80650

Telephone

091-2283569

Website

Alerts

Be the first to know and let us send you an email when Nenasala - නැණසල - Bogahawatta, Ahangama posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Nenasala - නැණසල - Bogahawatta, Ahangama:

Share