27/02/2024
ව්‍යාපාරයක් හිමි ඔබට ඩිජිටල්කරණය තුලින් ලබාගත හැකි වාසි.....
=====================================
අද අපි කතා කරමු ව්‍යාපරයක් කරන කෙනෙක් විදියට ඔයාට ඔයාගෙ ව්‍යාපාරය ඔයාගෙ අරමුණු කරා ගෙන යන්න ව්‍යාපාරයට තාක්ෂණය එකතුකරගන්න විදිය සහ ඒකෙන් ව්‍යාපාරයක් ඔයාට නොදැනිම දියුණු වෙන විදිය.....
ලංකාව වැනි රටක තවමත් සාම්ප්‍රදායික ලෙස ව්‍යාපාර කරන පිරිස නූතන තාක්ෂණය සමග මුහුවී ව්‍යාපාර කරන පිරිසට වඩා අඩු අගයකි....එයට ප්‍රධානම හේතුව වී ඇත්තේ ලංකාවේ සිටින ජනතාව තාක්ෂණය පිලිබදව පැහැදිලි අවබෝධයක් නොමැතිවීම සහ විශ්වාසයකින් තොර වීමයි.නමුත් අද වන විට ලෝකයේ සෑම වෙලද ව්‍යාපාරයක්ම තමන්ගේ ව්‍යාපාර සාර්ථක කරගෙන තිබෙනුයේ නූතන තාක්ෂණය ව්‍යාපාරයන් තුලට රැගෙන ඒම නිසාය...
දැන් අපි බලමු ව්‍යාපාර වර්ගයන් අනුව තාක්ශනය සම්බන්ධ කර ගත හැකි අකාර මොනවද යන්න...
භාණ්ඩ හෝ ද්‍රවය අලෙවි ව්‍යාපාරයක් - විකුණුම් ලක්ෂ්‍ය පද්ධතිය (POSSYSTEM),ප්‍රචාරණය සඳහා ඩිජිටල් මාර්කටින්,ආරක්ෂක පද්ධති,ඩිලිවරි පද්ධති
විවිධ සේවා අලෙවි කරන ව්‍යාපාරයක් - මානව සම්පත් කලමණාකරන පද්ධති,ඩිජිටල් මාර්කටින්,ගිණුම් පද්ධති,පාරිභෝගික කළමණාකරන පද්ධති
පොදුවේ ව්‍යාපාරයන්ට තාක්ෂනික වශයෙන් යොදා ගනිමින් ව්‍යාපාරයන්ගේ දියුනුව උදෙසා භාවිතා කල හැකි පද්ධතිසහ මෙවලම් කිහිපයක් ඉහත ඉදිරිපත් කරන ලදි.
තාක්ෂණය ව්‍යාපාරයන්ට එක් කර ගැනීම තුලින් මානව සම්පත කළමණාකරනය කිරීමේදී පැන නගින ගැටලු මග හරවා ගත හැකිවීමත්,ව්‍යාපාරයේ සියලු කටයුතු පිලිබදව ඉහල නිරවද්‍යතාවයකින් යුත් දත්ත ලබා ගත හැකි වීම තුලින් ව්‍යාපාරයේ වර්තමාන තත්වය පිලිබද විෂ්ලේශණාත්මක නිවැරදි නිගමනයන්ට පැමිනීමට හැකියාව ලැබීමත්,වැඩි පාරිභෝගිකයන් පිරිසක් කරා තම ව්‍යාපාරය රැගෙන යමින් ඉතාමත් ගුණාත්මකතාවයකින් යුත් සේවාවකින් පාරිභෝගිකයන් තෘප්තිමත් කල හැකිවීමත්,ව්‍යාපාරයක පවතින අනවශ්‍ය වියදම් අවම කරවීමත් යන කරුණු නිසා තාක්ශණය මුහුවූ ව්‍යාපාර දිනෙන් දින තම සාර්ථකත්වය කර වේගයෙන් ගමන් කරයි.....
පරණ ක්‍රම්වේද පසෙකලා ඔබත් සාර්ථක ව්‍යාපාරකයෙකු වීමට නිදහසේ ඔබෙගේ ව්‍යාපාරය සාර්ථකත්වය කරා ගෙනයන්න ඔබේ ව්‍යාපාරය අදම ඩිජිටල්කරණය කරගන්න......