Global Mobile Phone Shop - Sri lanka

Global Mobile Phone Shop - Sri lanka පෙර ගෙවුම් සහ පසු ගෙවුම් සිම් සඳහා

අලුත්ම වාසිය 😍😍📣
17/01/2026

අලුත්ම වාසිය 😍😍📣

12/01/2026

ශීත කාලය කියන්නේ Jeju Island වලට 귤 (ජේජු ටැන්ජරින්) රජ කරන කාලය 💛 ❄️🍊

එකත් එක්කම ලෝකප්‍රසිද්ධ 한라봉 (Hallabong) කියන්නෙත් ජේජු වලටම විසේශ පළතුරක්. මේ පලතුරේ උඩින් තියෙන විශේෂ bump එක Hallasan කන්දට සමාන නිසා එහෙම නම ලැබුණා කියලා තමයි කියන්නේ.

ඔයාත් ජේජු වලට වින්ටර් එකේ යන්න හිතන් ඉන්නවා නම් මේ ජේජු ටැන්ජරින් 귤 ගැන මේ දේවල් දැනගෙනම යන්න.

1️⃣ කොරියාවේ 귤 වල 90%ට වඩා වගා කරන්නේ ජේජු වල. ඒ කියන්නේ කොරියන් 귤 කියන්නේ ජේජු 귤ම තමයි

2️⃣ ජේජු දූපතේ ගිනිකඳු මැටි තියෙන නිසා ඒකෙන් මේ 귤 වලට වැඩි රසයක්, හොඳ සුවඳක් සහා ලස්සන හැඩයක් ලැබිලා තියෙනවා.

3️⃣ 귤 නැතිනම් ජේජු ටැන්ජරින් කියන්නේ Vitamin C බහුල පලතුරක්. ශීත කාලයේ සීතලට ඔරෝත්තු දෙන්න මේ පලතුර ස්වාබාවික ප්‍රතිශක්තියට ලොකු උපකාරයක් කරනවා.

4️⃣ හල්ලපොං වල රසවත් ගතිය වැඩි, පොත්ත ඉවත් කරන්න ලේසි සහා Juice ගතිය වැඩි. මේ නිසා මේ පලතුර කොරියාවේ තැගි දෙන්න හොඳ පළතුරක් ලෙසත් ප්‍රසිද්දයි 🎁

ජේජු වල ලස්සන 귤 වත්තක්
📍 Location: Jocheon-eup, Jeju-si, Jeju-do
📷 Photo Credit: Korea Tourism Organization (Kim Jiho, Lee Bumsu)

ඔයාලත් බලන්න ගියපු ලස්සන 귤 වත්තක ෆොටෝ තියෙනවා නම් අපිටත් බලන්න දාන්න.. 🩷🩷

08/01/2026

වසර අවසාන බදු තුලනය කිරීම ගැන ඔබ දැනගත යුතු දේ...
❇️ 연말 정산 2025 ❇️

දකුණු කොරියාවේ සේවය කරන විදේශීය සේවකයින් 2025 දී උපයන ලද ආදායම සඳහා වසර අවසාන බදු පියවීම සම්පූර්ණ කළ යුතුය. ජාතික බදු සේවය (NTS) විසින් විදේශීය සේවකයින් දැනගත යුතු වැදගත් කාලසීමාවන් සහ ප්‍රතිලාභ ප්‍රකාශයට පත් කර ඇත.

1. වැදගත් කාලසීමාවන්

සරල කරන ලද ලේඛන සේවාව භාවිතා කිරීමට කැමති විදේශීය සේවකයින් ජනවාරි 15 ​​වන දිනට පෙර ඔවුන් ලියාපදිංචි කරන ලෙස තම සේවායෝජකයාගෙන් ඉල්ලා සිටිය යුතුය.
සේවායෝජකයින් 15 දින වන විට HOMETAX වෙබ් සයිට් හී මෙම ලියාපදිංචිය සම්පූර්ණ කළ යුතුය.

✅ ජනවාරි 17 සිට ලියාපදිංචි සේවකයින්ට බදු ලේඛන ඉදිරිපත් කිරීම ආරම්භ කළ හැකිය.
✅ HOMETAX ලියාපදිංචි වී නොමැති වුවද, සේවකයින්ට ජනවාරි 17 වන දින සිට Hometax වෙතින් බදු වාර්තා ලබාගත හැකි අතර, ජනවාරි 20 වන දින සිට යාවත්කාලීන තොරතුරු ලබා ගත හැකිය.
✅ අවසාන බදු ඉදිරිපත් කිරීමේ අවසාන දිනය සේවායෝජකයා මත රඳා පවතී, නමුත් සියලුම අයදුම් කිරීම් පෙබරවාරි අවසානය වන විට සම්පූර්ණ කළ යුතුය.

විදේශීය සේවකයින් 700,000 ක් පමණ මෙම ක්‍රියාවලිය සම්පූර්ණ කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.

2. වසර අවසාන බදු පියවීම යනු කුමක්ද?

වසර අවසාන බදු පියවීම යනු ඔබ විසින් 2025 වසර තුළ ඔබගේ අදායමට සාපේක්ශව නිවැරදි ලෙස බදු මුදල ගෙවා ඇත්දැයි පරීක්ෂා කරන ක්‍රම වේදයකි..
❇️ ඔබේ වැටුපෙන් වැඩිපුර බදු අඩු කර ඇත්නම්, ඔබට මුදල් ආපසු ලැබෙනු ඇත.
❇️ ඔබ අඩුවෙන් බදු ගෙවා ඇත්නම්, ඉතිරි මුදල ගෙවිය යුතුය.

ගණනය කිරීම පදනම් වී ඇත්තේ:
❇️ ඔබේ මුළු ආදායම
❇️ දැනටමත් ගෙවා ඇති බදු ( මාසික පඩිය මගින් , ක්‍රෙඩිට් හා ඩෙබිට් කාර්ඩ් පත් මගින්, ඔප්පු කල හැකි කරන ලද සියලුම වියදම් මහින්)
❇️ ඔබ සුදුසුකම් ලබන සියලුම අඩු කිරීම් ( යැපෙන්නන් සිටීද යන වග)

විදේශීය සේවකයින් සඳහා, මෙම ක්‍රියාවලිය කොරියානු සේවකයින් සඳහා වන ක්‍රියාවලියට බොහෝ සෙයින් සමාන වේ.

3. බදු ගොනු කළ යුත්තේ කවුද?

විදේශීය සේවකයින් කොරියාවේ බදු පදිංචිකරුවන් ලෙස සලකනු ලබන්නේ:
✅ඔවුන් දින 183 කට වඩා වැඩි කාලයක් කොරියාවේ රැඳී සිටියේ නම්, හෝ
✅ඔවුන්ට ලියාපදිංචි කොරියානු ලිපිනයක් තිබේ නම් වේ.

4. විදේශීය පදිංචිකරුවන් සඳහා නව ප්‍රතිලාභ (2025)

🏠 නිවාස ඉතුරුම් අඩු කිරීම (නව රීතිය)

මෙම වසරේ සිට, කොරියානු පුරවැසියන් සමඟ විවාහ වූ විදේශිකයන්ට නිවාස මිලදී ගැනීමේ ඉතුරුම් ගිණුම් සඳහා බදු අඩු කිරීම් ලබා ගත හැකිය. මීට පෙර, විදේශිකයන්ට මෙම ප්‍රතිලාභයට ප්‍රවේශ විය නොහැකි වූයේ එයට පුරවැසියන් නොවන අයට ලබා ගත නොහැකි නීතිමය තත්වයක් තිබු බැවිනි.

5. දක්ෂ විදේශීය වෘත්තිකයන් සඳහා විශේෂ බදු ප්‍රතිලාභ

විශේෂයෙන් තාක්ෂණ ක්ෂේත්‍රවල ඉහළ කුසලතා ඇති විදේශීය සේවකයින්ට 50%ක ආදායම් බදු අඩු කිරීමක් ලැබිය හැකිය.

සුදුසුකම් ලබන්නේ කවුද?
✅ නිල ගිවිසුම් යටතේ තාක්ෂණික සේවා සපයන වෘත්තිකයන්, හෝ
✅ විද්‍යා හෝ ඉංජිනේරු උපාධියක් සමග විදේශීය පර්යේෂණ සහ සංවර්ධන අත්දැකීම් ඇති සේවකයින්

අතිරේකව, කොරියාවේ අධි තාක්‍ෂණික කුසලතා නීතිය යටතේ “කැපී පෙනෙන විදේශීය දක්ෂතා” ලෙස පිළිගත් සේවකයින්ට 2025 පෙබරවාරි 28 සිට උපයන වැටුප් මත මෙම ප්‍රතිලාභය ලබා ගත හැකිය.

ඔබ කල යුත්තේ සරලවම

❇️ ඔබගේ සේවායෝජකයා හමුවන්න.
❇️ ඔවුන් මෙම සේවාව සඳහා ඔබව ලියාපදිංචි කර ඇත්දැයි තහවුරු කර ගන්න
❇️ අමතර බදු ගෙවීම හෝ මුදල් ආපසු ගෙවීම් මග හැරීම වළක්වා ගැනීම සඳහා සියලු අඩු කිරීම් ප්‍රවේශමෙන් පරීක්ෂා කරන්න.
❇️ ඔබගේ නමට කොරියාව තුල 임대계약 එකක් පවති නම්, ඔබ විදින් ඔබගේ නිවාස භිමිකරුට මාසික කුලිය 2025 වර්ශයේ ගෙවා තිබේ නම්, එයද ඇතුලත් කල හැකිය.
❇️ ඔබගේ සියලුම බැංකු එකවුන්ට් ඔබගේ කොරියානු රෙසිඩන්ස් කාර්ඩ් පතට ( 외국인 등록증) රෙජිස්ටර් කර ඇති බවට තහවුරු කරගන්න.

කොරියානු බදු ක්‍රමය තේරුම් ගැනීම විදේශීය සේවකයින්ට මුදල් ඉතිරි කර ගැනීමට සහ බදු තුලනය කිරීමේදි සිදු වන වැරදි වළක්වා ගැනීමට උපකාරී වේ.

කොරියන් ඩයරි

අලුත් අවුරුද්දේ අලුත් වාසි.ඔයාට ගැලපෙනම  සිම් එක ලබා ගන්නඅපිට කතා කරන්න
06/01/2026

අලුත් අවුරුද්දේ අලුත් වාසි.
ඔයාට ගැලපෙනම සිම් එක ලබා ගන්න
අපිට කතා කරන්න

20/10/2025

දකුණු කොරියාවේ 7 වන විශාලතම නගරය වන උල්සාන් නගරය මිලියන 1.1 ක ජනතාවක් ජීවත් වන කොරියාවේ පොහොසත්ම කලාපයකි.

🩷ලොව විශාලතම මෝටර් රථ එකලස් කිරීමේ කම්හල (හුන්ඩායි මෝටර් සමාගම),
🩷ලොව විශාලතම නැව් අංගනය (හුන්ඩායි හෙවි ඉන්ඩස්ට්‍රීස්)
🩷ලෝකයේ තුන්වන විශාලතම තෙල් පිරිපහදුව (SK එනර්ජි)

සහිත උල්සාන් කොරියාවේ කාර්මික බලාගාරය ලෙස හැඳින්වේ.

උල්සාන් නගරයේ අහසේ ආධිපත්‍යය දරණ Lotte Department Store හි විශාල ෆෙරිස් රෝදය (Ulsan Grand Wheel) විසින් නගරයට අමුතුම චමත්කාරයක් එක් කරයි. මීටර් 75.6 ක විෂ්කම්භයකින් යුත් එහි උපරිම උස මීටර් 106 කි.

අපේ උල්සාන් වල ඉන්න අය මෙතනට ගිහින් ගත්ත ෆොටෝ තියෙනවා නම් දාන්න බලන්න. 🩷🩷

චායාරූප - අන්තර්ජාල උපුටාගැනිමකි

කොරියන් ඩයරි

#උල්සාන් #කොරියා #හයුන්ඩායි

05/10/2025

Mage yaluwo tika nam mehemai. Oyaget ehemada 😌

04/10/2025

දකුණු කොරියාවේ 경주 නගරය, Agoda වෙබ් අඩවියේ හි පයින් ගවේෂණය කිරීමට ගැළපෙනම ආසියානු නගර ලැයිස්තුවේ මුල් නගර 6 ට ඇතුලත් කර ඇත. 경주 යන්නම වටින නගරයක් වෙන්නේ මේ නිසායි.

🌸 1. ඓතිහාසික වැදගත්කම

✳️ "බිත්ති නොමැති කෞතුකාගාරය" ලෙස හැඳින්වෙන සිල්ලා රාජධානියේ (ක්‍රි.පූ. 57 - ක්‍රි.ව. 935) අගනුවර 경주 විය.
✳️යුනෙස්කෝ ලෝක උරුම ස්ථාන බොහෝ ප්‍රමාණයක් එහි ලඟ ලඟම ඇති නිසා නගරය හරහා ඇවිදීම අතීත කාලයට ආපසු යාමක් මෙන් දැනේ.

🏯 2. සංස්කෘතික උරුම ස්ථාන
✳️불국사 පන්සල සහ 석굴암 නගරයේ ඉතා ආසන්නයේ පිහිටා ඇත.
✳️ආසියාවේ පැරණිතම තාරකා විද්‍යා නිරීක්ෂණාගාරය වන 첨성대 නිරීක්ෂණාගාරය, ඇවිදීමට සුදුසු විශාල විවෘත උද්‍යාන ප්‍රදේශයක පිහිටා ඇත.
✳️ටුමුලි උද්‍යානය (대릉원 고분군 / 투무리 공원) සංචාරකයින්ට හරිත පැහැයෙන් වට වූ පුරාණ රාජකීය සොහොන් අතර ඇවිදීමට ඉඩ සලසයි.

🌳 3. දර්ශණිය සොබාදහම
✳️බොමුන් විල (보문호 ) චෙරි මල් පිපෙන වසන්තයේ හා කොළ පාට වන සරත් සෘතුවේ මන්ස්කාන්ත දර්ශනයක් ඉදිරිපත් කරයි.

🎭 4. සංස්කෘතික වීදි
✳️ 황리단길: සාම්ප්‍රදායික හැනොක් නිවාස කැෆේ, බුටික් සහ කලා සාප්පු ඇති වීදියකි.
✳️ රාත්‍රියේදී, 동궁 මාලිගය සහ 월지 පොකුණ අලංකාර ලෙස ආලෝකමත් කර ඇත.

ඔයා ගාවත් 경주 වල ගහපු ලස්සන ෆොටෝ තියෙනවා නම් පේන්න දාන්න..😍😍

කොරියන් ඩයරි

#경주

02/10/2025

ඔක්තෝම්බර් 03 ට යෙදෙන 개천절 හෙවත් National Foundation day හි කතාව දන්නවාද?

කොරියාවේ පළමු රාජදානිය වන ගෝජොසොන්හි ආරම්භය පිලිබඳ කොරියානුවන් තුල ඇති විස්වාසය කෙසේදැයි බලමු. මුල්ම කොරියානු රාජධානිය පිහිටුවූයේ ක්‍රිස්තු පූර්ව 2333 වසරේදිය. මේ පිළිබඳ ඔවුන්ගේ ඇති රසවත් කථාව මෙසේය.

අකාසයෙන් පහළ වූ හ්වානුං ( 환웅 ) මිනිස් ලෝකය පාලනය කරමින් සිටියදී වලසෙකු සහ කොටියෙකු ඔහු වෙත පැමිණ මිනිසුන් වීමට ඉඩ දෙන ලෙස ඉල්ලා සිටියේය.
හ්වානුන්ග් පැවසුවේ මග්වෝර්ට් සහ සුදුළූණු පමණක් අනුභව කර දින 100ක් හිරු එළියෙන් වැළකී සිටියහොත් ඔවුන්ට මිනිසෙකු විය හැකි බවයි. කොටියාට මෙය කල නොහැකි වුවත් දැඩි විස්වාසයෙන් සිටි වලසාට, හ්වානුං පැවසූ පරිදි කාන්තාවක් බවට පත් වීමට හැකි විය. අවසානයේ ඇය හ්වානුං සමඟ විවාහ වී, ඔවුන් දෙදෙනා අතර උපත ලැබූ දංගුන් වංගොම් (단군왕검), ගෝජොසොන් රාජධානිය ආරම්භ කළේය.

ඉහත කථාවේ පවසන පරිදි, වලසා ඇත්තටම මිනිසෙකු බවට පත් වූවාද? කොරියානුවන්ගේ මුතුන් මිත්තන් වලසුන් ද?

කොරියානු ඉතිහාසයේ ආරම්භය වන ගෝජොසොන් ආරම්භ කිරීමේ කතාව පහත පරිදි අර්ථකථනය කෙරේ.

මැන්චූරියාවේ සහ කොරියානු අර්ධද්වීපයේ වලසුන්ට නමස්කාර කළ ගෝත්‍ර සහ කොටින්ට නමස්කාර කළ ගෝත්‍ර සිටියහ. නව ශිලා යුගයේ අවසානය වන විට, ස්වර්ගයෙන් පැවත එන්නන් යැයි කියාගත් හ්වානුං ගෝත්‍රය කොරියානු අර්ධද්වීපයට සංක්‍රමණය විය. ලෝකඩයෙන් සාදන ලද උසස් ආයුධ තිබූ හ්වානුංගේ ගෝත්‍රය, වලසුන්ට නමස්කාර කරන ගෝත්‍රය සමඟ එකතු වී කොටියාට නමස්කාර කරන ගෝත්‍රය පරාජය කළේය. හ්වානුං ගෝත්‍රය සහ වලසුන්ට නමස්කාර කරන ගෝත්‍රය විවාහය හරහා එකක් බවට පත් වූ අතර දංගුන් වංගොම් එහි පාලකයා ලෙස නව ගෝත්‍රයක් නිර්මාණය කළහ. පසුව, දන්ගුන් වංගොම් විසින් කොරියානුවන් විසින් ආරම්භ කරන ලද පළමු රට වන ගෝජොසොන් නමින් රටක් ආරම්භ කරන ලදී.

කෙසේ නමුත් මෙම ගෝජෝසොන්හි විශාල කොටසක් වර්තමානයේ පවතින්නේ උතුරු කොරියාව යටතේ ඇති ප්‍රදේශය තුලයි.

인천 පළාතේ 강화 දූපතේ ඇති 마니산 හි පිහිටි 참성단 යනු දංගුන් වංගොම් (단군왕검) ස්වර්ගයට යන චාරිත්‍රයක් සිදු කළ බවට කතාව කියැවෙන ස්ථානයයි. ක්‍රි.පූ. 2333 ඔක්තෝබර් 3 වන දින ගෝජොසොන් ආරම්භ කරන ලද බවට වන වාර්තාව මත පදනම්ව, කොරියාව ඔක්තෝබර් 3 වන දින ජාතික නිවාඩු දිනයක් ලෙස 개천절 ('අහස විවෘත වූ දිනය' යන අර්ථය) ලෙස නම් කළේය. 개천절 දිනයේදී, 참성단 හිදී 단군왕검 වෙනුවෙන් අනුස්මරණ සේවාවක්ද පවත්වනු ලැබේ.

ඉන්චොන් අවට ඉන්නවා නම් මෙතනට එක පාරක් ගිහින් බලන්න.

✍කොරියන් ඩයරි

වයස 34 ට අඩු අයට LGU+ වෙතින් ගජ වාසියක්185GB + 5 mbps unlilitedCalls unlimitedමාසෙකට 32,500135GB + 3 mbps unlilitedCalls...
27/09/2025

වයස 34 ට අඩු අයට LGU+ වෙතින් ගජ වාසියක්

185GB + 5 mbps unlilited
Calls unlimited
මාසෙකට 32,500

135GB + 3 mbps unlilited
Calls unlimited
මාසෙකට 30,500

110GB + 1 mbps unlilited
Calls unlimited
මාසෙකට 29,500

70GB + 1 mbps unlilited
Calls unlimited
මාසෙකට 27,500

41GB + 1 mbps unlilited
Calls unlimited
මාසෙකට 25,500

🔴1 year contract

කොරියන් ඩයරි
01096955517

Address

가락로94번길
Gimhae

Telephone

+821096955517

Website

Alerts

Be the first to know and let us send you an email when Global Mobile Phone Shop - Sri lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Global Mobile Phone Shop - Sri lanka:

Share