Global Connect Phone Shop - Sri lanka

Global Connect Phone Shop - Sri lanka පෙර ගෙවුම් සහ පසු ගෙවුම් සිම් සඳහා

අයිසේ හිරු, මොන කොරියාවක් ගැනද මේ කියන්නේ 🤷‍♂
04/09/2026

අයිසේ හිරු, මොන කොරියාවක් ගැනද මේ කියන්නේ 🤷‍♂

කොරියාවේ E-9 විදේශ සේවකයන් සඳහා අලුත් රැකියා අවස්ථා 12,357ක්..කොරියානු 고용노동부 (කම්කරු අමාත්‍යාංශය) විසින් 2026 වසරේ සිව්ව...
04/09/2026

කොරියාවේ E-9 විදේශ සේවකයන් සඳහා අලුත් රැකියා අවස්ථා 12,357ක්..

කොරියානු 고용노동부 (කම්කරු අමාත්‍යාංශය) විසින් 2026 වසරේ සිව්වන වාරයට අදාළ E-9 විදේශ සේවකයන් බඳවාගැනීම සඳහා නව 고용허가 (Employment Permit) අයදුම්පත් භාරගන්නා බව නිල වශයෙන් දැනුම් දී තිබේ.

අයදුම්පත් භාරගන්නා කාලය සැප්තැම්බර් 14 සිට සැප්තැම්බර් 29 දක්වාය. මෙවර මුළු බඳවාගැනීමේ කෝටාව සේවකයන් 12,357ක් වන අතර, එයින් වැඩිම අවස්ථා ගණනක් වන 9,020ක් නිෂ්පාදන ක්ෂේත්‍රයට වෙන් කර ඇත. එසේම කෘෂිකර්ම හා සත්වපාලන ක්ෂේත්‍රයට 1,906ක්, ධීවර ක්ෂේත්‍රයට 897ක්, ඉදිකිරීම් ක්ෂේත්‍රයට 394ක් සහ සේවා ක්ෂේත්‍රයට 140ක් වෙන් කර තිබේ.

E-9 සේවකයන් බඳවාගැනීමට කැමති කොරියානු සමාගම්, දින 7ක කොරියානු සේවක සෙවීමේ ක්‍රියාවලිය අවසන් කිරීමෙන් පසු, ප්‍රදේශීය කම්කරු කාර්යාලයට හෝ Work24 වෙබ් අඩවිය හරහා අයදුම් කළ හැකිය.

අයදුම් ප්‍රතිඵල ඔක්තෝබර් 16 දා නිකුත් කිරීමට නියමිතය. නිෂ්පාදන හා පතල් ක්ෂේත්‍ර සඳහා අවසරපත් ඔක්තෝබර් 19 ~ 23 අතරත්, අනෙකුත් ක්ෂේත්‍ර සඳහා ඔක්තෝබර් 26 ~ 30 අතරත් නිකුත් වේ. ඊළඟ, පස්වන වාරයේ අයදුම්පත් නොවැම්බර් මාසයේදී භාරගැනීමට නියමිතය.

GLOBAL CONNECT

වැඩ කරාට පඩි දුන්නේ නැද්ද? කොරියාව පුරා ආයතන 8,000ක් පරීක්ෂාවටවිදේශික සේවකයන්ටත් අදාළ විශේෂ මෙහෙයුම සැප්තැම්බර් 1 සිට 23...
01/09/2026

වැඩ කරාට පඩි දුන්නේ නැද්ද? කොරියාව පුරා ආයතන 8,000ක් පරීක්ෂාවට

විදේශික සේවකයන්ටත් අදාළ විශේෂ මෙහෙයුම සැප්තැම්බර් 1 සිට 23 දක්වා

රැකියා ස්ථාන වල සිදුවන වැටුප් නෙගෙවීම වලට මුහුණ දෙන සේවකයින් වෙනුවෙන් කොරියානු රැකියා හා කම්කරු අමාත්‍යාංශය විශේෂ පියවරක් ගෙන තිබේ. අගෝස්තු 31 වැනිදා කළ නිවේදනය අනුව, සැප්තැම්බර් 1 සිට 23 දක්වා නොගෙවූ වැටුප් සම්බන්ධ විශේෂ පරීක්ෂණයක් රට පුරා ක්‍රියාත්මක වේ.

මෙවර ආයතන 8,000ක් පමණ පරීක්ෂා කිරීමට නියමිතය. එය 2025ට වඩා ආයතන 2,000ක වැඩිවීමකි. නැවත නැවත පැමිණිලි ලැබුණු සේවා ස්ථාන, ඉදිකිරීම් ක්ෂේත්‍රය සහ වැටුප් නොගෙවීමේ අවදානම වැඩි ආයතනවලට ප්‍රමුඛත්වය හිමිවේ.

විශාල මුදලක් නොගෙවූ හෝ සේවකයන් රැසක් පීඩාවට පත් වූ බරපතළ සිදුවීම්වලදී ප්‍රාදේශීය කම්කරු ප්‍රධානීන්ට ස්ථානයටම පැමිණ මැදිහත් විය හැකිය. හිතාමතා සහ නැවත නැවත වැටුප් රඳවාගන්නා හාම්පුතුන්ට අත්අඩංගුවට ගැනීම ඇතුළත් දැඩි විමර්ශනවලට මුහුණ දීමට සිදුවිය හැකිය.

පැමිණිල්ලක් කිරීමට පෙර රැකියා ගිවිසුම, වැටුප් පත්‍රිකා, බැංකු වාර්තා, සේවා වේලාවන් සහ සේවක ප්‍රදානීන් සමඟ හුවමාරු කළ පණිවිඩ එකතු කර තබාගැනීම වැදගත්ය.

මෙම ආරක්ෂාව කොරියානු සේවකයන්ට පමණක් නොව විදේශික සේවකයන්ටද අදාළය. ඔබගේ වැටුප නොලැබුණේ නම්, සාක්ෂි සමග 1350 අංකයෙන් කම්කරු අමාත්‍යාංශය අමතන්න.

මූලාශ්‍රය: කොරියානු රැකියා හා කම්කරු අමාත්‍යාංශය

GLOBAL CONNECT

#

📣 සිම් එකක් ගන්න ID එක යවපු කාලේ ඉවරයි! 🔐📱දැන් PASS App එක හරහ ඔයා කැමති පැකේජ් එකක් රෙජිස්ටර් කරගැනීමේ පහසුකම අපි ලබා ද...
31/08/2026

📣 සිම් එකක් ගන්න ID එක යවපු කාලේ ඉවරයි! 🔐📱

දැන් PASS App එක හරහ ඔයා කැමති පැකේජ් එකක් රෙජිස්ටර් කරගැනීමේ පහසුකම අපි ලබා දීලා තියෙනවා 😍✨

🔥 5G සුපිරිම පැකේජ් එක
📶 185GB + 5Mbps UNLIMITED
📞 Calls Unlimited
💰 ₩32,000 Monthly

💚 බජට් පැකේජ් එක
📶 41GB + 1Mbps UNLIMITED
📞 Calls Unlimited
💰 ₩21,250 Monthly

❌වයස 35 ට අඩු අය සඳහා මෙම ඩේටා පැකේජ් ලබාගත හැකි අතර, 35 ට වැඩි අය වෙනම විමසන්න 🙏

🎁 සිම් එකත් එක්ක gift එකක් 🥳🎉
අදම අපිත් එක්ක CONNECT වෙන්න 😘

SMART වෙමු, PASS ඇප් එකෙන් සිම් රෙජිස්ටර් කරමු!

📲 GLOBAL CONNECT
☎️ 010-9695-5517

💬 Package එක ලබාගන්න දැන්ම Call / Message / WhatsApp කරන්න!

24/08/2026

හැමෝම අහනවා අයි ඩී එවන්නේ නැතුව සිම් ගන්න ඇත්තටම පුලුවන්ද කියලා...

ඇත්තටම පුලුවන් තමයි 🥰

සිම් එකක් ගන්න අයි ඩී එක යවන්න ඕනි නිසා කනස්සල්ලෙන්ද?🥲දැන් ඔයාගෙම නමට සිම් එකක් රෙජිස්ටර් කරන්න අයි ඩී යවන්නම, ශොප් එකකට...
22/08/2026

සිම් එකක් ගන්න අයි ඩී එක යවන්න ඕනි නිසා කනස්සල්ලෙන්ද?🥲

දැන් ඔයාගෙම නමට සිම් එකක් රෙජිස්ටර් කරන්න අයි ඩී යවන්නම, ශොප් එකකට යන්නම ඕනි නෑ කියලා දන්නවද? 🥰🥰

PASS CERTICATE මාර්ගයෙන් ඔයාගේ නමටම සිම් එකක් ගැනීමේ පහසුකම අපි දැන් ඔයාලට ලබා දීලා තියෙනවා.

✅අලුත් නම්බර් එක්කට
✅තියෙන නම්බර් එකටම

KTM වෙතින් ඔයාට ගැලපෙන සිම් පැකේජ් වර්ග රාශියක් අතරින් ඔයාට ගැලපෙනම සිම් එක තොරගන්න අපිට කතා කරන්න.

🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

📣LTE ඩේටා 35 gb පසු 1mbps අන්ලිමිටඩ්
📣 කෝල්ස් අන්ලිමිටඩ් (010 number සඳහා)
📣 මාසෙටම වොන් 22,900.
( miss call alert පහසුකම සඳහා වොන් 880 ක් අමතරව බිල් එකට එකතු වේ.

🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

📣LTE ඩේටා 22 gb පසු 1mbps අන්ලිමිටඩ්
📣 කෝල්ස් අන්ලිමිටඩ් (010 number සඳහා).
📣 මාසෙටම වොන් 18,400.
( miss call alert පහසුකම සඳහා වොන් 880 ක් අමතරව බිල් එකට එකතු වේ.

මීට අමතරව පහත සිම් පැකේජ් ද ලබා ගත හැක.

🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

📣 ඩේටා 400 kbps අන්ලිමිටඩ්
📣 කෝල්ස් අන්ලිමිටඩ් (010 number සඳහා).
📣 මාසෙටම වොන් 9,900.
( miss call alert පහසුකම සඳහා වොන් 880 ක් අමතරව බිල් එකට එකතු වේ.

🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

📣LTE ඩේටා 2.2 gb පසු 1mbps අන්ලිමිටඩ්
📣 කෝල්ස් මිනිත්තු 100.
📣 මාසෙටම වොන් 13,900.
( miss call alert පහසුකම සඳහා වොන් 880 ක් අමතරව බිල් එකට එකතු වේ.

🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

📣LTE ඩේටා 25 gb පසු 3mbps අන්ලිමිටඩ්
📣 කෝල්ස් මිනිත්තු 100
📣 මාසෙටම වොන් 26,400 පමණි.
( miss call alert පහසුකම සඳහා වොන් 880 ක් අමතරව බිල් එකට එකතු වේ.

🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

📣LTE ඩේටා 120 gb පසු 5mbps අන්ලිමිටඩ්
📣 කෝල්ස් අන්ලිමිටඩ්
📣 මාසෙටම වොන් 39,900 පමණි. (010 number සඳහා).
( miss call alert පහසුකම සඳහා වොන් 880 ක් අමතරව බිල් එකට එකතු වේ.

🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁

අලුතින් ආපු අයට පාස්පෝර්ට් එකට සිම් ගන්නත් පුලුවන්

🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤

වසර ගණනාවක විස්වාසය සමග
GLOBAL CONNECT
010-9695-5517

වීසා එක D2 නම් වාසි ගොඩයි... 🥰🥰🥰පොඩි කාලයයි තියෙන්නේ මේ ප්‍රොමොශන් එක Lg එකෙන් 85,000 won වටින මේ පැකේජ් එක 22,750won වල...
22/08/2026

වීසා එක D2 නම් වාසි ගොඩයි... 🥰🥰🥰
පොඩි කාලයයි තියෙන්නේ මේ ප්‍රොමොශන් එක
Lg එකෙන් 85,000 won වටින මේ පැකේජ් එක 22,750won වලට පාවිච්චි කරන්න පුලුවන් ඔයාලට...

අලුත් නම්බර් එකකට ගන්නත් පුලුවන්. පාවිච්චි කරන නම්බර් එකටමත් පුලුවන්...
ස්පීඩ් ලිමිට් එකක් නැතුව ඩේටා සම්පූර්ණයෙන්ම නොමිලේ...
010 නම්බර් වලටටත් කෝල් සම්පුර්ණයෙන්ම නොමිලේ..
හොට්ස්පොට් 70gb දක්වා..

ඔයාගේ ඉන්න කැම්පස් යාලුවව මෙන්ශන් කරන්න 🤍

✅ඩිස්කවුන්ට් සිම් එක්ක නිසා වර්ශයක් පාවිච්චි කල යුතු වේ..
වැඩි විස්තර වලට ගන්න කෝල් එකක් අපිට
010-9695-5517 See less

Address

Gimhae

Telephone

+821096955517

Website

Alerts

Be the first to know and let us send you an email when Global Connect Phone Shop - Sri lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Global Connect Phone Shop - Sri lanka:

Shortcuts

Share